Pages

Wednesday, July 30, 2014

අපූරු ලැට් එක


                      ඔන්න එක ගමක  වන්දනා නඩයක් අටමස්ථානේ වැඳපුදාගන්න ගියාලු. කට්ටිය වන්දනාවේ ගිහිල්ලා එලිමහනේ කූඩාරම් ගහගෙන තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ. ඔන්න ඔය අතරේ රෑ දෙගොඩහරියේ මේ නඩේ හිටපු එකෙකුට බොග සෙට් උනාලු. දැන් ඉතින් මේ වෙලාවේ ලැට් හොයන්නේ කොහෙන්ද? පොර නඩේ හිටපු තව දෙතුන්දෙනෙකුට එයාගේ උවම්නාව කියලා බොගේ දාගන්න දිහාවක් හොයන්න ගියාලු කට්ටියත් එක්ක. ගෙනාපු බාල්දියකට අහල පහල වැවකින් වතුර ටිකකුත් අරන් ඒ ලඟම තිබුන කැලේ ටිකක් ඇතුලට ඇතුලට ගිහිල්ල තරමක් එලිමහන් තැනකට කට්ටිය ඇවිත් අර බොග සෙට් වෙච්ච යාළුවට වතුර බාල්දියත් දීල අනෙක් කට්ටිය ටිකක් ඈතට වෙලා මුර කරනවලු කවුරුත් ඒ පැත්තට එනවද කියලා බලන්න.
                    අර යාළුව වැඩේ කරගෙන ඇවිල්ල අනෙක් සගයෝ ටිකට කිවුවලු අපරාදේ කියන්න බෑ ගෙදර ලැට් එකේ වගේ බොග දාන්න තැනක් සෙට් උනා කියලා. කට්ටියට දැන් මේක ප්‍රෙහෙලිකාවක්ලු කොහොමද මේ කැලෙයක් ලඟ කක්කුස්සියක්  තියෙන්නේ කියලා. වැඩේ තේරුනේ උදේ පාන්දර අහල පහල වෙනත් වන්දනා නඩයක ගෑනු කෙනෙක් මහා සද්දෙන් කාටදෝ බනිනව ඇහෙද්දි. එයා බැනල තියෙන්නේ බොග දාපු එකෙකුට. බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි. අර බොග සෙට් වෙච්ච එකා කලින් දවසේ රෑ යාළුවෝටිකත් එක්ක බොග දාන්න ගිහින් ගෙදර ලැට් එකේ වගේ බොග දැම්මා කියලා කියලා තියෙන්නේ අර ගෑනු කෙනා උදේට උයන්න ලෑස්ති කරල ගඩොල් කැට කීපයක් තියල හදපු ලිපකට බොගේ පාත් කරලා. ඇයි ඉතින් ලැට් එකේ වගේ කකුල් දෙක තියන්න ගල් දෙකත් තිබිලනේ. කොහොමෙන් කොහොමෙන් හරි අර බොග දාපු එකයි යාළුවෝ සෙට් එකයි මොනවත් කතා නොකර ඉඳලා නඩේ පිටින්ම හෙමීට එතනින් මාරු වෙලා ගියාළු.

5 comments:

  1. වන්දනාවේ ගිහිල්ල ඔය වැඩේ කරගන්න තැනක් නැතිවෙන එකත් එක කරුමයක් තමයි.

    ReplyDelete
  2. බෙට්ට තද වෙලා දාගන්න බැරි උනාම ආතල් එක පට්ට පට පට තමයි

    ReplyDelete
  3. කතාව පට්ටය........................

    ReplyDelete