Pages

Sunday, February 28, 2016

විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම


ආචාර්ය අජන්තා රණසිංහ යනු අප කවුරුත් හඳුනන ප්‍රවීන සාහිත්‍යධරයෙකි. ඔහු සංගීතඥ්ඥයෙකු මෙන්ම විශිෂ්ඨ ගීත රචකයෙකි. ඔහු විසින් රචිත ගී පද මාලා රස නොවිඳි කෙනෙක් අපේ රටේ නොමැති තරම් යැයි කීවොත් මා නිවැරදිය. එහෙත් ඔහුගේ ගී පද වැල් වල රසය විඳි ඔබ අප සියළු දෙනා අවාසනාවන්ත වුනේ මේ අසහාය ගීත රචකයා ඊයේ දිනයේ සිය දිවියෙන් සමුගැනීමත් සමගයි. අප ආදරය කරන ගරු කරන කාගෙන් වුවද අපට කෙදිනක හෝ වෙන් වීමට සිදු වීම නියත දෙයකි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවාගේ වියෝවෙන් ශෝකයට පත් ඔබ අප සියළු දෙනා වෙනුවෙන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Wednesday, February 3, 2016

එන්සිනාට නිවන් සුව අත්වේවා...!


පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.