Pages

Monday, June 27, 2016

ඉංගිරිසින්ගේ ජාතික තීන්දුව හා යුරෝපය


පෙරේදා එනම් 2016 ජූනි 23 වනදා බ්‍රිතාන්‍යට තීරනාත්මක දිනයක් විය. ඒ එදින බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටියයුතුද නැද්ද කියන කාරනයට ජනමත විචාරනය පැවැත්වූ බැවිනි. එහි ප්‍රතිඵලය දෙස ලෝක ජනමාධ්‍ය සියල්ල දෑස් විදහා බලා සිටියේය. අවසානයේ ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරය එරට යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බවට තීරනය කිරීමයි. එහිදී චන්ද ප්‍රතිඵල අනුව 51.9%ක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බවට පක්ෂ වී ඇති අතර තවදුරටත් යුරෝපා සංගමය තුල බ්‍රිතාන්‍ය රැඳී සිටිය යුතු බවට පක්ෂ වී ඇත්තේ 48.1%කි. ස්කොට්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේ බහුතරයක් යුරෝපා සංගමයේ රැඳී සිටිමට වැඩි කැමැත්තක් දක්වා ඇති බව දකින්නට තිබූ අතර සෙසු ප්‍රදේශ වල බහුතරයක් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වැඩි කැමැත්තක් දක්වා තිබුණි. තවත් විශේෂිත සිද්ධියක් වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය තරුන පිරිසගෙන් බහුතරයක් තම රට තව දුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තීරනය කර තිබීමත් වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට තීරනය කිරීමත් යන සිද්ධියයි.
                           යුරෝපා සංගමය යුරෝපා මහද්වීපයේ රටවල් අතර ආර්ථික දේශපාලන හා ආරක්ෂක කරුනු ඇතුළු තවත් කාරනා ගනනාවක් සම්බන්ධයෙන් පොදු එකඟතාවයන් යටතේ ක්‍රියාත්මක වන සංගමයකි. යුරෝපා සංගමයේ ඉතිහාසය දෙවන ලෝක යුධ සමය දක්වා අතීතයකට දිව යයි. මෙහි ආරම්භය්යේදී මූලිකම අභිප්‍රාය වී ඇත්තේ රටවල් අතර යුධ ගැටීම් වැලැක්වීමයි. පසුව රටවල් අතර ආර්ථික සහයෝගීතාවයන් ඇතුළු අනෙකුත් කරුනු අනුව සහයෝගීතාවයන් වර්ධනය කර ගනිමින් යුරෝපා සංගමය ඉදිරියට ඇදී ගියේය. අපේ අවධානය යොමු වියයුතු සුවිශේෂ සිද්ධියක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම තුල තිබේ. ඒ ගැන කතා කරන්නට පෙර යුරෝපා සංගමය තුල රටවල් වල දේශපාලන තත්වය හා යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති ගැන පොඩි සැසඳීමක් අවශ්‍ය වේ. ජාතික රාජ්‍ය ලෙස යුරෝපයේ එකකින් එකක් වෙනස් වන අනන්‍යතාවයන් අනුව ගොඩනැගී තිබූ රටවල් ආර්ථික සහයෝගීතාවය මත පොදු එකඟතාවයන් වලට යන විට ඒ ඒ රටවල ජාතිකත්වයන්ට වෙන් වෙන්ව තිබූ බලය දුර්වල වී වාමාංශික සමාජවාදී හා ලිබරල් මතවාදයන් යුරෝපා සංගමය තුල ඉදිරියට පැමිණියේය. ඒ තුල ධනවාදය නැතුවා නොවෙයි. නමුත් සමස්ථයක් වශයෙන් තනි තනි රටවල ජාතිකත්වයන්හි ලක්ෂණ අභිබවා ජාතිකත්වයන්ගෙන් වෙන් වූ මගක යන වාමාංශික හා ලිබරල් ලක්ෂණ ඉදිරියට පැමිණීමක් මේ තුල ක්‍රමයෙන් වර්ධනය විය.
                            


යුරෝපා සංගමයේ කොන්දේසි හා සම්මුතීන් වලට බැඳී සිටීමේදී එක් එක් රටවලට තම රටේ ජාතිකත්වය අනුව කටයුතු කිරීමේදී සීමාවල් ඇතිවනවා පමණක් නොව ඒ ඒ රටවල ස්වාධීනත්වයද යම් ප්‍රමාණයකට අඩු වන බව පැහැදිලි දෙයකි. මේ ගැටළුව වාමාංශික සමාජවාදීන්ට හෝ පෞද්ගලිකත්වය වැඩි වශයෙන් ඉස්මතු කරන ලිබරල් වාදීන්ට ගැටළුවක් නොවන්නේ ඔවුන් ජාතිකත්වයෙන් පරිභාහිර ගමන් මගක යන බැවිනි. එතැනදී යුරෝපා සංගමය තුලද සියළු රටවල ඔවුන් වැනිම කොටස් ඒකරාශීව ඉදිරියට යෑම සිදු වුනත් ඒ ඒ රටවල ජාතිකත්වයන් අනුව ක්‍රියා කරන කොටස් වලට එලෙස එක් වීමේ හැකියාව අඩුය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බලපෑ මූලික සංසිද්ධියද මේ පරස්පරතාවයන් අතර ඇති ගැටුම්කාරී තත්වය බව පෙනේ. එහිදී බ්‍රිතාන්‍ය ජනයා බහුතරයක් තම රටේ ජාතිකත්වය තුල සිටිමින් ක්‍රියා කර ඇති බව පැහැදිලිය. යුරෝපා සංගමය තුල රැඳී සිටිමින් එහි සම්මුති වලට එකඟව කටයුතු කර ආර්ථික හෝ වෙනත් ප්‍රතිලභ ලැබීමට වඩා තම රටේ ස්වාධීනත්වය හා ජාතිකත්වය ඉදිරියට ගෙනයෑම වැදගත් බව සැලකීම බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරය තම රට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂව ගත් තීන්දුව තුල ඇත.
                              

                                    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීන්දුව අපටද ගත යුතු දේ ඇත. බ්‍රිතාන්‍ය ජනමත විචාරනයේදී එරට තරුණ පිරිසගෙන් වැඩි හරිය තම රට යුරෝපා සංගමය තුල රැඳෙනවාට කැමැත්ත ප්‍රකාශ කර ඇති නමුත් වැඩිහිටි පිරිස ඊට විරුද්ධ මතය ජයග්‍රහනය කරවා ඇත්තේ බ්‍රිතාන්‍ය තරුණ පිරිසට යම් පාඩමක්ද කියා දෙමිනි. ඒ අනුන්ගෙන් කෑමට වඩා තම රට ස්වාධීනව තම ජාතික අනන්‍යතාවය යටතේ ඉස්සරහට යෑම වැදගත් යන පාඩමයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේදී ඇතිවන ආර්ථික බලපෑම් ඊට පක්ෂව කැමැත්ත ප්‍රකාශ කළ බහුතරන දැනගෙන සිටියාටද සැකයක් නැත. යුරෝපා සංගමයේ කොන්දේසි වලට යට නොවී තම රටේ ජාතිකත්වය හා ස්වාධීනත්වය රැකගෙන ආර්ථිකය ගොඩනගා ගත හැකි බවට ඔවුන්ට විශ්වාසයක් තිබෙන්නටද ඇත. එහෙත් එරට තරුණ පිරිසගෙන් බහුතරය ඒ විශවාසය අනුව ආත්ම ශක්තියකින් ක්‍රියා කිරීමට අපොහොසත් විය. එහෙත් වැඩිහිටි පරපුර ඔවුන්ට නිසි පාඩම කියා දී තිබේ. අපේ ශ්‍රී ලංකාවේද තරුණ පිරිසගෙන් විශේෂයෙන්ම නගරබද පිරිස රටේ ජාතිකත්වයට ඒ තරම් සමීප නැත. ඔවුන් බොහොමයක් විජාතිකත්වයට බරය. අතිශය තීරනාත්මක චන්දයකින් 2015 ජනවාරි 8 විජාතික කණ්ඩායමේ ඉත්තා වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කරවීමට වැඩිපුර දායක උනේ මේ තරුණ පිරිසයි.
                     බ්‍රිතාන්‍ය තරුණ පිරිසද වැඩි කල් නොයා වැඩිහිටියන් ඉගැන්වූ පාඩම තේරුම් ගනු ඇත. ලෝකයේ ජාතික රාජ්‍ය සක්‍රීය නොවන බවත් ඒවා ජරාජීර්න වී ඇති බවත් කියවන පණ්ඩිතයන්ට හොඳ අතුල් පහරක් වැදී තිබේ. බ්‍රිතාන්‍ය වැසියන්ගේ තීන්දුව වෙනස් කිරීමට අපේ රටේ ගොන් සිරාටයි උගේ අගමැතිටයි උන් දෙන්නට හිතවත් බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවටයි බැරි උනේ ධෛවයේ සරදමකටම විය. යුරෝපා සංගමය තුල සිටින අනෙකුත් රටවලටද තම තමන්ගේ රටවල ජාතිකත්වයන් තුලට යෑමට අවශ්‍ය මග ඉදිරියේදී නිර්මානය වනු ඇත. විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති මත සිටිමින් පරිසරය රකින්නට බැරි බවත් එකිනෙකට නොපෑහෙන මතවාද එක් විට කරපින්නා ගත නොහැකි බවත් බටහිර රටවල ජනයා තේරුම් ගනු ඇත. පෞද්ගලිකත්වය ඇදහීම වෙනුවට සමූහ වගකීම් වල වටිනාකමද ටිකෙන් ටික හෝ තේරුම් ගැනීමට බටහිර ජනයා උත්සහ කරනු ඇත. සම්ප්‍රදායික නූතන ආදී බෙදීම් සීමා මායිම් නිවැරදි දැයි සොයා බැලීමටද බටහිර රටවල ජනතාව පෙළඹෙනු ඇත. කාල් මාක්ස්ගේ විප්ලවීය ඉගැන්වීම් වලට වඩා යුරෝපයේ ජනතාව තම තමන්ගේ රටවල නිවැරදි ජාතික වැදගත්කම් හා වටිනාකම් විශ්වාස කිරීමටද ක්‍රියා කරනු දක්නට ඉඩ තිබේ. අනුන්ගෙන් කා බී රටේ ජාතිකත්වයට එරෙහි බලවේග වලට වුවත් සේවය කිරීම හොඳ ඇයි අතිශය තීරනාත්මක අවස්ථාවක වුවත් හිතන අපේ බොහෝ තරුණ කොටස් වලටත් සමහරක් උගතුන්ටත් මෙයින් පාඩම් ඉගෙනගන්නට නුදුරු අනාගතයේම ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත.

Friday, June 17, 2016

සාලා පද පේලි


දඩබඩ චට පට හතර වටේටම සාලාවේ වෙඩි        පත්තු උනා
හිටි අඩියෙම උන මේ වින්නැහියට සාලාවම ගිනි   පත්තු උනා
අවි ගබඩාවක් සාලාවේ ඇති බව කාටත්               සිහියට ආවා
යුධ පිටියේ පය නොගහපු අයටත් මොහොතින් යුධ අසිරිය දැනුනා

උනේ මොකද්දැයි තේරුම් බේරුම් නැතිව රටම       තබ්බීරි උනා
සුපුරුදු විදිහට මාජ්ජ කපුටෝ සාලාවම වට             කොර ගත්තා
විපත්තියේ අල මුල වැල ගිය තැන් හාර          අවුස්සන්නට ගත්තා
හානිය ගැන මිස හේතුව ගැන නම් හොයන්න කාටත්   බැරිම උනා

පත්තර බලන්න බැරුවද කොහෙදෝ ලොක්කත් නෑ දැන්   කතා හිටං
පත්තර මල්ලිට රජවාසල පැත්තට යන්නට බැරි              වෙලා හිටං
කට ඇරියොත් පච වෙන එක නියතයි ලොක්කා කට වහ  ගත්ත හිටං
ලොක්කගෙ දෙවනිය ඉස්සරහට පැන වැඩේට කට       දැම්මාය හිටං

හරි හරි දැන් හරි ඔක්කොම දැන් හරි පරිස්සනේ              අපි පවත්තනෝ
පවත්තලා අපි මේ ගැන තොරතුරු මාජ්ජෙට දෙන්න          පොරොන්දු වෙනෝ
මගේ පොලීසිය මට විස්සාසයි හමුදා බුද්ධිය                       අපට එපෝ

ලොක්කගෙ දෙවනිය කොටිඒජන්තයො වෙනුවෙන් දැන්      උත්තර බැන්දෝ

කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි       ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන්  අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ           පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි                  
   අපි කියනෝ

පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන්       මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව                    ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල     දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට්   එක පෙන්නන්නේ

සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට    බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම    කියා ගත්තේ
ප්‍රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට     මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ           යන්නටයි ගියේ