Pages

Saturday, December 5, 2015

මේ වගේ පට්ට ආතල් වැඩ ජීවිතේට වෙලා තියෙනවද ?


ඔබ දවල් හීන මවන්න දකින්න දක්ෂද? එහෙනම් හැබැයි ජොබ් එක කරද්දී රාජකාරි වෙලාවෙනම් පරිස්සමින්. හිත එහෙ මෙහෙ දුවනවනම් මෙහෙම අකරතැබ්බ වෙන්න පුළුවන්.

Sunday, November 22, 2015

පන පලයන් පෙරේදට කිවුවලු


ඔන්න අද උදේ අන්තර් ජන්ජාලයෙන් රට තොටේ විස්තර බලන අතරේ පස්චාත්බාගයෙනුත් හිනා යන කතාවක් දැක්කා ඕං. මේ දවස් වල ඉතින් මාධ්‍ය පුරාවටම තියෙන්නේ බජට් එකේ විස්තරනේ. ඔන්න මේ නිවුස් එක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රටටම කිවුවයි කියන බඩට දැනෙන වෙනස්කම් ගැන නෙවෙයි රටට දැනෙන වෙනස්කම් ගැන හිතන්න කියලා අළුත් බජට් එක ගැන කියපු කතාව. එතුමා එහෙම කියල තියෙන්නේ ගාල්ලේ ඉමදූව පලාතේ පැවති උත්සවයකට සහභාගී වෙන අතරෙලු. ඒ කියන්නේ බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතන්න කියලා තමයි එතුම කියල තියෙන්නේ. මෙතන ඔය කතාව අහන කාටත් අධෝමුඛයෙන් හිනා යන සිද්ධිය වෙන මොකක්වත් නෙවෙයි මෙයාව බලයට ගේන්න කැප වෙලා වැඩ කළේම රට ගැන හිතනවට වඩා කවදත් බඩ ගැන හිතන එවුන්  යහපාලන බේගල් විශ්වාස කිරීම කියන එක.
                       සිරිසේන උන්නැහේ මේ කතාව කියල තියෙන්නේ සිංහල භාශාවෙන් නිසා එතුමා සිංහල බහුතරයකට විශේෂයෙන් ආමන්ත්‍රනය කරපු බවත් පැහැදිලියි. ඔය කතාව එක අතකට දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයි පුළුවන්නම් අරාබි භාශාවෙනුයි කිවුවනම් බඩ ගැන හිතනවට වඩා තම තමන්ගේ මනෝ රාජ්‍ය ගැන හිතන දෙමළ මුස්ලිම් ජාතිවාදී බෙදුම්වාදියෝ ටිකට හොඳට තෙරෙන විදිහට ඔවුන්ව අමතන්න පුළුවන්කම තිබුණා. ඇයි ඉතින් ජනවාරි 8 වෙනිදා මේ සේරම බෙදුම්වාදී පිසාච්චයෝ ටික උන්ගේ මනෝ රාජ්‍ය සිහිනය සැබෑ කරගන්නනේ සිරිසේන මහත්තයව ජනාධිපති කරගන්න කැප වුනේ. එච්චරක්යෑ උන් සේරම බඩට වෙන වෙනස් කමයි අනාගතේ තමන්ට රටෙන් පැත්තක් ලියාගෙන කරගන්න වෙනසයි ගැනත් හොඳට දැනගෙන හිටියනේ.
                       මෛත්‍රීපාල මහත්තයා ඔය කතාව සිංහලෙන් කියලා බහුතරයක් සිංහල මිනිස්සුන්ට ආමන්ත්‍රනය කරන්න හිතනවනම් ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජනවාරි 8 වෙනිදාත් බඩ ගැන හිතනවට වඩා රට ගැන හිතපු සිංහල බහුතරයක් එතුමගෙ යහපාලනේට විරුද්ධවයි චන්දේ දුන්නේ. බඩට දැනෙන වෙනස්කම් වලට වඩා කවදත් රටට දැනෙන වෙනස්කම් ගැන හිතන මිනිස්සු හැමදාම හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව බලයට ගෙනාපු විජාතික බලවේග වලට එරෙහිව ජාතික බලවේග පැත්තේ. රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතපු සිංහල සුළුතරයක් තමයි දෙමළ මුස්ලිම් ජාතිවාදී බහුතරයක් එක්ක එකතු වෙලා සිරිසේන මහත්තයට චන්දේ දුන්නේ. ඒ අතින් බැලුවත් සිරිසේන මහත්තයට වැඩි සහයෝගයක් තියෙන්නේ රට ගැන හිතනවට වඩා බඩ ගැන හිතන අයගෙන්. සිරිසේන මහත්තය දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ගේ මනෝරාජ්‍ය පැත්තෙන් හිතලනම් කතාව කිවුවේ ඒ අයගේ පැත්තෙන්නම් කතාව හරි. අනේ ඉතින් ඔබතුමා කියන විදිහට ජනවාරි 8 වෙනිදත් අර බඩට වෙන වෙනස්කම් ගැන හිතලා ඔබතුමාට චන්දේ දීපු සිංහලයො ටික රට ගැන හිතල චන්දෙ දීල තිබුණනම් ඔබතුමා අද ජනාධිපති නෙවෙයිනේ. සිරිසේන මහත්තයෝ තමුන්ව බලයට ගෙනාවෙම රට ගැන නොහිතා බඩ ගැන හිතන සිංහල සුළුතරයකගේ මෝඩ ගතිය කියල දැනගෙනත් මේ වගේ නොගැලපෙන කතා කියන එක හරිද?අදටනම් හැබැයි බඩටත් කෙලවෙලා රටටත් කෙලවෙනව කියල ඔබතුමාට චන්දේ දීපු බඩ ගැන හිතන කට්ටියගෙනුත් වැඩි හරිය තේරුම්ගෙනයි තියෙන්නේ.

Wednesday, November 11, 2015

ආරියසේන ඇදුරුතුමාට උනා කියන ඇබැද්දියක්


ආරියසේනගේ නම් තැබීම ගැන යකාගේ අඩවියේ ලිපියක් කියෙවුවට පස්සේ ඔන්න මටත් මෙතුමට උනාය කියන ඇබැද්දියක් ගැන පුංචි රස කතාවක් මතක් උනා. කතාවනම් බොහොම පොඩි එකක්.ගැඹුරු අරුත් ඇති නම් තැබීමට හපන් අපේ මේ ඇදුරුතුමා සිංහල භාශාව පිළිබඳ හසල දැනුමක් ඇති ඉතිහාසය ගැන අරුම පුදුම දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මෙතුමා තරුණ කාලේ දවසක්දා පාරේ යන අතරතුරේදී එක්තරා වයසක ආච්චි කෙනෙක් ලියුමකුත් කවරෙක දාගෙන එනව හම්බ වෙලා තියෙනවලු. ඒ ආච්චි ලඟපාතක තැපැල් කන්තෝරුවක් තියෙනවද කියලා හොය හොයා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වයසක කාන්තාව අපේ මේ කතාවට සම්බන්ධ ඇදුරුතුමාගෙන් අහල තියෙනව තැපැල් කන්තෝරුව තව දුරද කියලා. ඇදුරුතුමා ඕනෑකමින් ඒ මේ අත බලද්දී තැපැල් කන්තෝරුව ඈතින් පේනවලු. ඒක දැකපු එතුමා අර වයසක ආච්චිට ගැඹුරු සිංහල භාශාවෙන්ම ඇයට අවශ්‍ය පිළිතුර දීල තියෙනවා. ඒ මෙහෙමයි. "මෑණියනි තෙල පෙනෙනුයේ පහින හලයි, ඔබ එහි ගොස් ඔබේ පහිනය පහින්න" ඒ කියන්නේ "අරතියෙන්නේ තැපැල් කන්තෝරුව, ඔබ එහි ගොස් ඔබේ ලියුම තැපැල් කරන්න" කියලා. පහිනය කියන්නේ තැපැල්පත හෝ එවැනි තැපැල් කරන ලියවිල්ලක්. කොහොම හරි මේක අහපු ආච්චිය යක්ෂයා ආවේස වෙලා කිවුවලු උඹට මම කිවුවයි කියල හිතාපිය කියලා. ආච්චි හිතලා තියෙන්නේ ඇදුරුතුමා ගැඹුරු සිංහලෙන් පැහැදිලි කරපු දේ ආච්චිට කරපු නොමනා විහිළිවක් කියලා. කාලෙකින් මතක් වෙච්ච කතාව ඔන්න බ්ලොග් එකටත් පෝස්ට් කළා.

Saturday, November 7, 2015

කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.

                   

රටේ තවත් ජනප්‍රියම චරිතයක් වූ පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන් අපවත් වී ඇත. මේ ප්‍රවුර්තිය අසන්නට ලැබුණේ අද උදෑසනයි. සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය. එහෙත් පසකාලීනව මෑතක් දක්වා සෝභිත හිමියන්ගේ දේශපාලන කටයුතු ආදිය ජනතාවට ඒ තරම් රට ජාතිය පැත්තෙන් හිතකර නොවීය. එබැවින් උන්වහන්සේ මෑතක සිට ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ පෙර මෙන් රටට ජාතියට ආගමට ඒ තරම් වැඩදායක හිමි නමක් ලෙස නොවේ. ඊට හේතුව උන් වහන්සේට රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් වඩා තමන් සහය දැක්වූ දේශපාලන කණ්ඩායමට තිබූ ඇල්මදෝයි විටෙක සිතේ. කෙසේ කුමක් සිදු වූවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙර කල රටට සමාජයට කළ ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. උන්වහන්සේ බොහෝ ජාතික ගැටළු වලදී රටේ ජාතිකත්වය පැත්තේ සිටියේය. සෝභිත හිමියන් රටේ සමාජය බෞද්ධ සදාචාරාත්මක ගුනයන්ගෙන් පෝෂණය කරන්නට මනා කාර්යභාරයක් කළේය. දහම් අධ්‍යාපනයයේ උන්නතිය වෙනුවෙන්ද උන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කර ඇත. මේ සියල්ල සලකා බලන විටනම් උන් වහන්සේගේ අපවත් වීම රටටත් සමාජයටත් පාඩුවක් මෙන්ම ශෝකජනක සිද්ධියකි.
                                           පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කියනට තවත් පැත්තකින් වෙනත් කරුනු කීපයක්ද ඇත. ඒවා පෙර කී කාරනා වලට හාත් පසින් වෙනස් හා ප්‍රතිවිරුද්ධ දේවල් වේ. ඒ වැඩි හරිය උන්වහන්සේගේ එතරම් ප්‍රසිද්ධ නොවූ දේශපාලන ක්‍රියාකාරකම්ය. එකක්නම් රටට හෙන වැද්දූ අන්ත විජාතික ගැති කොටි ත්‍රස්තවාදයටත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුන් චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය ජනාධිපතිනිය බවට පත් කිරීමට එකළ කැප වී වැඩ කටයුතු කිරීමයි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ පැකේජ් නාඩගමටත් විජාතික ගැතිකමටත් එරෙහිව උන්වහන්සේ පසුව හඬක් නැගුවේය. එහෙත් එහි අර්ථය උන් වහන්සේ චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට දැක්වූ සහය අනුව කුමක්දැයි සාධාරන ප්‍රශ්නයක් විය. මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ එක්සත් ජාතික පක්ෂයද සමස්ථයක් ලෙස දැක්වූ විජාතික ගැතිකම නිසයි. සෝභිත හිමියන් පහුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් කැප වෙමින් නැවතත් පෙර චන්ද්‍රිකා කුමාරතුන්ග මහත්මිය ජනපති කිරීමට ක්‍රියා කළ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමටද කැප වුනි. උන්වහන්සේ වරක් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටද සූදානමක් තිබුනු බව කවුරුත් දනී. අද මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරගනිමින් විජාතික ගැති දේශපාලන ගමනක් යන ආකාරය පැහැදිලිය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලනය ගැන පසුව කලකිරුනද ඒ එහි විජාතික ගැතිකම නිසා නොවීය. අවසන් කාලයේ සෝභිත හිමියන් රටේ ජාතික ගැටළු වලදි පෙර මෙන් ජාතිකත්වය පැත්තේ සිට ජාතික මෙහෙවරද නොකළේය. ඒ අනුව බලන කළනම් උන්වහන්සේගේ අපවත් වීම ගැන ජාතිකත්වය පැත්තෙන් බලන කළ විශේෂ කනගාතුවක්ද නැත.
                                          එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වුන කල්හි මෙරට අති විශාල ජනකායක් උන්වහන්සේගේ අපවත් වීම ගැන ශෝක වූයේ උන්වහන්සේ රටට ජාතියට බුද්ධ ශාසනයට ඇති අභියෝග ගැන නිතර ජනතාව අවධි කරමින් නොවෙනස් ජාතික ආගමික මෙහෙවරක් සිදු කළ නිසාය. එහෙත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුලදී සද්භාවයෙන් ජාතික ආගමික මෙහෙයක් කළ පසුව වැරදි දේශපාලනයක් අප්‍රකට ලෙස කරමින් විජාතික ගැති බලවේග සමග එක්ව කටයුතු කළේය. උන්වහන්සේ අපවත් වී ඇති මේ මොහොත වන විට ජනතාවගෙන් වැඩි හරියකට ඇත්තේ මේ ගැන දුක් වනවාද නැත්නම් සතුටු වනවාද කියන ගැටළුවයි. ඇත්තටමනම් වැඩි දෙනෙකුට ඇතිවන්නේ කිසිම දුකක්වත් කිසිම සතුටක්වත් නැති මධ්‍යස්ථ හැඟීමකි. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් කළ කී දෑ අනුවයි. කොහොම උනත් උන්වහන්සේට නිවන් නිවන් සුව අත් වේවායී ප්‍රාර්ථනා කරමි.

Wednesday, October 28, 2015

කනගාටුව ප්‍රකාශකළාම ඔක්කොම හරිද ආයිබොවන්?


අපේ රටේ දැන් දැන් සිද්ද වෙන්නේ ලෝකේ කිසිම රටක සිද්ද නොවන වර්ගයේ අමුතුම සිදුවීම්ය. මේවා බොහොමයක් ලංකාවටම ආවේනිකද කියා විටෙක අපට හිතේ. මේ ලඟකදී අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් අප ජීවත් වන අරුම පුදුම රටේ ජනතාවගේ ඒ තරම් කැමැත්තක් නැති අගමැතිවරයා විසින් විරුද්ධවාදීන්ගෙන් පලිගැනීමට පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ අංශයට කැඳවා ප්‍රශ්න කර තිබේ. ප්‍රශ්න කිරීමට හේතුව සියල්ලන් දන්නා කාරනයක් බැවින් එහි සැබෑව විස්තර කරන්නට යෑමෙන් පලක් නැත. වඩාත් සිනහවට කරුන වන්නේ සිද්ධියෙන් පසුව අපේ අරුම පුදුම රටේ අරුම පුදුම රාජ්‍ය නායකයා වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒබව තමා නොදැන සිටි බවත් තමා ඒ ගැන දැනගත්තේ ජන මාධ්‍ය මගින් බව හා තමාගෙන් නොවිමසා රනවිරුවන්ගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම ගැන තමා කනගාටු වනබව ප්‍රකාශ කිරීමත් වේ. මෙහි ඇති අනෙක් සිනහවට කාරනය වන්නේ මෙසේ කියන අපේ ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවටද අනුව ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයා වීමයි.
                              

    මතුපිටින් බලනකොටනම් මේ සිද්ධිය සිනාසෙන්නට හැකි විහිළුවක් උනත් ඒ තුල සිනහවෙන් එහා යන බරපතල හා කනගාටුදායක තත්වයක් තිබේ. ඒ රටේ නිල රාජ්‍ය නායකයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියාගේ අනුදැනුමෙන් තොරව ආරක්ෂක හමුදාවේ ඉහලම නිලධාරීන් අගමැතිවරයා ඇටවූ පලිගැනීමේ පොලිස් ඒකකයේ ගොදුරක් වීමය. වඩා බරපතල කාරනය රටේ රාජ්‍යනායකයා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාණියා ලෙස ජනාධිපතිවරයා ඒ නොදැන සිටීමට අමතරව ඔහු විසින් මේ සිද්ධියේ ව්‍යවස්ථානුකූල බව සාධාරණත්වය හා හේතු හොයා බලනවා වෙනුවට සිද්ධිය ගැන තම කනගාටුව ප්‍රකාශ කර ඇඟ බේරා ගැනීමය. ත්‍රිවිධ හමුදාවේ ඉහලම නිලධාරීන් අතින් යම් යම් වැරදි අකටයුතුකම් සිදු වී ඇත්නම් හා එසේ සිදුවනවානම් සියල්ලට පෙර ඒ ගැන නිසි අවධානය යොමු කළයුත්තේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයායි. අනෙත් කාරනයනම් ත්‍රිවිධ හමුදාවේ වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෙනම ඒ ඒ හමුදා අංශ වල පොලීස් ඒකක වෙන් වෙන් වශයෙන් තිබීයදී ඒ සියල්ලට උඩින් අගමැතිවරයාගේ පලිගැනීමේ පොලිස් ඒකකය ක්‍රියාත්මක උනේ කෙසේදයන්නයි.
                              
     මේ සිද්ධියේදී ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී සේනාධි නායක හැටියට රටේ ජනාධිපතිවරයා හැසිරුනු ආකාරය හරිද? මෙතැන පොලිස් මූල්‍ය අපරාධ අංශයේ ප්‍රශ්නකිරීමට ලක් උනේ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ තීරනාත්මක සටනේදී ඊට නායකත්වය දුන් ඉහලම නිලධාරීන්ය. හමුදාවේ කිසිදු වැදගත් වැඩක් නොකර රනිල් චන්ද්‍රිකා රටේ ඉහලම නායකත්වයන් හෙබවූ යුද්ධය වවාගත් කාලයේ වංචා මූල්‍ය අක්‍රමිකතා සිදුකර නිලධාරීන් නොසිටියේද? එකළ එවැන්නන් අල්ලා දඬුවම් කරන්නට නොතිබුනු උවමනාවක් රට කොටියාගෙන් බේරාගෙන අවසන් වූ මොහොතක රට වෙනුවෙන් වගකීම් අකුරට ඉටු කළ නිලධාරීන් පසුපස පොලීසිය එවා ඔවුන්ගේ වැරදි සෙවීමට දැන් තිබෙන්නේ කෙසේද? එක් පැත්තකින් කොටි ත්‍රස්තවාදය ප්‍රදවා ජාතියට නිදහසේ හුස්මගන්නට බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්නට අවස්ථාව සලසා දුන් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇගයීම වෙනුවට ඔවුන්ට යුධ අපරාධ චෝදනා එල්ල වෙමින් තිබේ. මේය ඔවුන්ගේ පමණක් නොව ඔවුන්ගේ කැප කිරීමට පින් සිදුවන්නට නිදහසේ ජීවත්වන රටේ සියළුදෙනාගේ අවාසනාවකි.
                              
     මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හැසිරීම හා ඔහු කරන ඔල්මොරොන්දම් ප්‍රකාශ දකින විට අපේ රටේ රාජ්‍ය නායකයා මෙවැන්නෙකු උනේ කුමන අවාසනාවකටද කියා නොසිතෙන කෙනෙක් මේ වෙනකොට නැතිව ඇති. මේ සිද්ධියේදීත් හමුදා ප්‍රධානීන්ට සිදු වූ දේ මම දන්නේ නෑ, මට කනගාටුයි ආදී ප්‍රකාශ කර සිරිසේන මහතාට ඇඟ බේර ගතහැකිද? ඔහුට කෙලින්ම සම්බන්ධ ප්‍රශ්නයක් මෙතැන තිබේ. එකක්නම් ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන්ගේ වැරදි ඇත්නම් ඒ සම්බන්ධ පරීක්ෂණ මුලින්ම යොමු කළයුත්තේ කොහාටද යන්න සේනාධිනායකයා නොදැනීමට හේතුවක් නොතිබීමයි. අඩුම තරමින් ඒ වික්‍රමසිංහ මහතාගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නොවන බව හෝ ජනාධිපතිවරයා දැනගත යුතුව තිබුණි. එහෙත් උනේ වෙනමම සිද්ධියකි. ත්‍රිවිධ හමුදා වල පොලිස් ඒකක වලටත් පිටින් සේනාධිනායකයාගේ අනුදැනුමත් නැතිව හමුදා නිලධාරීන්ගෙන් රටේ කිසිවෙක් නොඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය පෞද්ගලික උවමනාවට පිහිටුවාගත් පොලිස් ඒකකයක් විසින් ප්‍රශ්න කර තිබේ.
                              
       සියල්ල සිදුවූ පසු ජනාධිපතිවරයා කියා තිබුණේ තමන් ඒ ගැන දැන නොසිටි බව හා ඒ සම්බන්ධයෙන් කනගාටු වන බවයි. රටේ රාජ්‍යනායකයා  හැටියට ඔහුට තිබෙන බලය ගැනද යම ගැටළුවක් පැන නැගේ. සිද්ධිය දැන නොසිටියද ජනාධිපතිවරයාට සේනාධිනායකයා ලෙස තමන්ගේ හමුදා ප්‍රධානීන්ට සිදු වූ දෙය ගැන සොයා බලා ඔවුන්ගේ වැරදි ඇත්නම් ක්‍රියා කළයුතු ආකාරය කුමක්දැයි අගමැතිටත් ඔහුගේ පොලිස් ඒකකයටත් පෙන්වාදීමට තිබුණි. අප දන්නා පරිදේ අගමැතිවරයා මේ පොලිස් මූල්‍ය අපරාධ අංශය පිහිටවූ අවස්ථාවේද ජනාධිපතිවරයා කිය තිබුණේ තමන් ඒ ගැන දැන නොසිටි බවකි. මේ රට ගැන තීන්දු ගන්නා රාජ්‍ය නායකයා මෛත්‍රීපාල ජනාධිපතිද නැත්නම් අගමැති රනිල්ද කියා තවත් ගැටළුවක් නිතැතින් ඇති වේ. තමන් සේනධිනායකයා වූ හමුදාවේ ත්‍රස්ත මර්ධනය වෙනුවෙන් කැප වී ක්‍රියාකළ විරුවන් පසුපස පොලිස් ඒකක පන්නද්දී ඒගැන නොදන්නා ජනපති ජාතියේ සතුරු පාර්ශව සතුටු වන අයුරින් බොරු යුධ අපරාධ චෝදනා මත අපේම හමුදා අංශ වලට දඬුවම් කිරීමට ජාත්‍යන්තරයේ සපථ කරයි. ජාතික වගකීම් අකුරට ඉටුකළ හමුදා නිලධාරීන්ට හිටි අඩියේ එල්ලවන චෝදනා හා ප්‍රශ්නකිරීම් වල සාධාරනත්වයක් ඇත්දැයි සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගෙන මම දන්නේ නෑ, මට කනගාටුයි වැනි ඇඟ බේරාගැනීමේ ප්‍රකාශ නිකුත් කරන රාජ්‍ය නායකයෙකුගෙන් රටට ඇති වැඩේ මොකද්ද? මොන ජාතික අනතුරක් ඉදිරියේ වුව මම දන්නේ නෑ, මට කනගාටුයි වැනි ප්‍රකාශ නිකුත් කිරීමක් හැර මෙවැන්නෙකුගෙන් වෙන යමක් බලාපොරොත්තු විය නොහැක.

Sunday, October 25, 2015

පරමාණු බෝම්බයක ක්‍රියාකාරිත්වය


පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වයට අදාල ප්‍රමාණු න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය සිද්දාන්තමය පැහැදිලි කිරීමක්.
පරමාණු බෝම්බයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන ආකෘතිමය පැහැදිලි කිරීම.

පරමාණු බෝම්බයක් ක්‍රියා කරන්නේ යුරේනියම් වැනි විකිරණශීලී මූලද්‍රව්‍ය වල විකිරණ මගින් ශක්තිය පිටකර ස්ථාවරත්වයකට පත්වීමේ ක්‍රියාවලිය සිද්ධාන්තයක් ලෙස ගෙනයි.

Friday, October 2, 2015

මෝඩයාට ආශ්චර්ය ගෙන දෙන එල්ලුම් ගස

කාලයෙන් කාලයට ලංකාවේ එක එක ප්‍රදේශ මහත් ප්‍රසිද්ධියට පත් වේ. මෝදර කාක දූපත රත්නපුරේ කොට කෙතන මීට උදාහරන වේ. දැන් මහත් ප්‍රසිද්ධියට පත්ව කාගේත් කතා බහට ලක් වී ඇත්තේ මිනුවන්ගොඩ කොටදෙනියාවයි. හේතුව කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් 5 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්ව අමානුෂික ලෙස මිය යෑමයි. සිද්ධිය ගැන බොහොමයක් තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය උනේ කාගේ කාගේත් හදවත් කම්පා කරවමිනි. මේ හෙන ගහන අපරාධය හයක් හතරක් නොතේරෙන කුඩා දැරියකට කිරීමෙන් එය කළ තැනැත්තා බලාපොරොත්තු වූයේ කුමක්ද? එයින් ඒ පාපතරයා යම් සතුටක් ලැබුවේද? මේවා මිනිස් හැඟීම් ඇති කිසිවෙකුට හිතාගන්නටවත් බැරි දේවල් වේ. අපරාධකාරයා ගැන තොරතුරු තවමත් එන්නේ වටින් ගොඩින්ය. දැන් මෙහි ප්‍රධාන සැකකරු වන දුනේෂ් නොහොත් කොණ්ඩයා ඔහු එම අපරාධය කළ ආකාරය කියමින් පාපෝච්චාරනය කළ බව සැලයි. දුනේෂ් නොහොත් කොණ්ඩයා මේ සැකකරුවන් කණ්ඩායමේ අන්තිමයායි. මීට පෙර එම දැරිවියගේ පියා සීයා මෙන්ම අසල්වැසි පාසල් සිසුවෙකු දෙදරු පියෙකු හා තවත් ප්‍රදේශයෙන් පලා ගිය කෙනෙකුද සැකකාර ලයිස්තුවේ වූහ. නමුත් ඔවුන් ගැන ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා දෝ පොලීසිය ඔවුන් ගැන සෙවීම අතහැර තිබුණි. මේ සිද්ධිය ගැන රටම කම්පා උනා පමණක් නෙවෙයි අපරාධකාරයාට දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන මතයේද සිටියා. අපි කියන්නේත් මේ සිද්ධියට වරදකරු වන පුද්ගලයාට තරාතිරම් නොබලා දඬුවම් කළයුතුය කියන කාරනය විතරක් නෙවෙයි මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදු නොවීමටද වගබලා ගත යුතු බවයි.
                  


මේ අතර දැන් හරි අපූරු දෙයක් මේ සිදුවීම ඇසුරෙහි නිර්මාණය වෙමින් පවතී. ඒ මෙම අපරධය කළ පුද්ගලයා එසේ කළේ ඇයි, මෙවැනි පුද්ගලයන් රටට සමාජයට බිහි උනේ කාගේ වරදින් මොන කරුමයකටද, මෙවැනි කරුමක්කාරයින් රටට සමාජයට නැවත බිහි නොවන්නට ක්‍රියා කිරීමේදී අප කාට කාටත් තිබෙන වගකීම් මොනවාද යන දේවල් සොයා බලනවාට වඩා වැරදිකාරයාට දෙන දඬුවම විස්තර කරමින් පිරිසක් යම් ආශ්වාදයක් ලැබීමයි. මේ අය බොහෝ දෙනා නැවතුනේ එල්ලුම් ගස ක්‍රියාත්මක කර අපරාධකරු එල්ලා මරා එම දර්ශනයද රටට ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් සමාජය බිය වද්දා මෙවන් අපරාධ මැඩ පැවැත්විය යුතුයි යන තැනය. එසේ සිතා එල්ලුම් ගස ඉල්ලමින් උද්ඝෝෂණය කළවුන් දැඩි උද්දාමයකින් එසේ කළේ එක් අතකට සමාජයේ වීරයන් ලෙස කැපී පෙනෙන්න උත්සහ කරන අතර ඒ තුලින් අපරාධ අඩු වී ප්‍රශ්න විසඳෙනවා කියා ප්‍රභල විශ්වාසයක්ද ඇති කරගෙනයි. ඇතම් පිරිස් එල්ලුම් ගස වෙනුවෙන් දැඩි උද්‍යෝගයකින් එකට එක්ව උද්ඝෝෂණ කරන අයුරුත් රූපවාහිනියේ හා පත්තර වල මෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි වලද පළවිය.
                              දැන්නම් මේ සිද්ධිය හරහා පිරිසක් අතරින් මතු වූ එල්ලුම් ගස් උමතුව සමාජයම අන්ධ භාවයට පත් කරමින් තිබෙන බව බොහොම පැහැදිලිය. මීට තල්ලුව ලැබෙන්නේ චාරයක් නැති ජනමාධ්‍ය යැයි කියාගන්නා ජඩ මාධ්‍ය වලිනි. එල්ලුම් ගස වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් උද්ඝෝෂණ මෙහෙයවන පිරිස දෙස බැලීමේදී මේ අය අතර යම් අධ්‍යාපන මට්ටමක් සහිත උගත් බුද්ධිමත් කිසිවෙකුත් නොසිටින බව ඉතා පැහැදිලිව පෙනේ. මේ අය ගෙනෙන එකම හා ප්‍රධාන තර්කය වන්නේ එල්ලුම් ගසට බිය වැද්දා රටේ අපරාධකරුවන් අපරාධ කිරීමට මැලි වී අපරාධ වලින් තොර නීතිගරුක පිරිසිදු සමාජයක් හැදිය හැකි බවයි. මේ එල්ලුම්ගස්වාදීන් ඉතා දරදඬු ලෙස තම මතයේ එල්බ ගන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්නට ගිය කළ පොලීසියේත් නීති රීති වලත් අධිකරණවලත් දුර්වල පැත්තක් නැත යන උපකල්පනයේ සිටයි. මෙහි එල්බගන්නා ඇතැම් අන්තවාදීන් කුමන දුර්වලතාවයක් තිබුණත් හරි හෝ වැරදි හෝ මොකෙක් හෝ සැකකරුවෙකු වරදකරු කර එල්ලුවද එය හරි කියන තැනට මොළේ කුරුවල් කරගෙන ඇත. එවැන්නන් සමග එල්ලුම් ගහේ අනිසි ඵල විපාක ගැන කතා කිරීමටත් බැරිය. එසේ වන්නේ එක් අතකට එල්ලුම් ගස ඇසුරෙන් මොවුන් යම් වින්දනයක් ලබන බැවිනි. එතරම් බුද්ධි මට්ටමක් නැති මේ පිරිස එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න්ට බල කිරීම වීර ක්‍රියාවක් ලෙසද සලකයි. 
                                 

අවංකවම මේ එල්ලුම් ගස පන ගන්වන්නට වෙර දරන මිනිසුන් ගැහැනුන් දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන්ද අපරාධකාරයෙකු එල්ලුම් ගසේ එල්ලන්නට බල කරන්නේ අපරාධවල පසුබිම හෝ නොතකා ඒවායේ වග උත්තර කරුවන් කෙරෙහි දැඩි ද්වේශයකින් බවයි. මේ අය මනුස්සයෙකු එල්ලා මරන ආකාරය දෙස බලා සියුම් වින්දනයක් ලබති. ඇතැම් විට අපරාධය කළ තැනැත්තා සමාජයේම වරදින් ඒ තත්වයට පත් උනා වන්නට පුළුවන. නමුත් තමන් මහ ලොකු වීරයන් යැයි සිතන නූගත් රස්තියාදුකාර මෝඩයන් වැරදි කිරීමට කෙනෙකුට අනුබල දෙන තම තමන්ගේම ඇතැම් කෙරුවාවල්  වසන් කර ගනිමින් යම් චිත්ත පීඩනයක් මුදාහැරීමට වරදක් කළ කෙනෙකුට දඬුවම් කරන හැටි රටට ඇසෙන්නට කියා කෑමොර දෙති. පොඩි උදාහරනයක් ලෙස ගතහොත් කෙනෙකු තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතා තවෙකෙකුගේ සියළු දේපලත් තමන් වෙත වංචාවෙන් පවරාගෙන ඔහුට සිය යැපුම් මාර්ගයද අහිමි කරමින් ඒ සියල්ල හොඳින් දැනගෙන ඔහුව තලා පෙලා දමයි නම් මෙලෙස පීඩාවට පත්වන කෙනා පීඩකයාගෙන් පලි ගැනීමට ක්‍රියාකිරීම සඳහා යම් කිසි සම්භාවිතාවයක් තිබේ. එවැනි සිද්ධියක් මිනී මැරුමකින් කෙළවර වන්නටද හැකියාව ඇත. එසේ වුවහොත් බොහෝ දුරට සිදුවන්නේ මිනීමරුවා ඔහුව ඒ තත්වයට පත් කළ පීඩකයාගේ සියළු කුපාඩිකම් පසෙකින් තිබියදී අපරාධකරුවෙක් වීමයි. නීතියේ ඇති අඩුපාඩුව අපට මගහරින්නට බැරිය. කෙනෙකුගෙන් තව කෙනෙකුට පීඩාවක් නොවන සමාජ තත්වයක් පැවතීමට ඉවහල් වන වැදගත් සදාචාරාත්මක සම්මුතීන් ආරක්ෂා කිරීමට නීතිය බොහෝ විට බැඳී නොසිටියි. නමුත් එලෙස සදාචාරයන් බිඳ වැටීම තුල අපරාධයකට යොමු වන තැනැත්තාට දඬුවම් කිරීමට නීතිය බැඳී ඇත. මෙය ගැටළුවකි.

                                                  නීතියේ පොලීසියේ උසාවියේ අඩුපාඩු ගැනනම් කතා නොකර ඉන්නට කොහොමත් බැරිය. මීට කලිනුත් කී ලෙසටම මිනිසුන්ට මිනිසුන් ලෙස සමාජගත වී එකිනෙකාට ගරු කරමින් ජීවත් වීමට හුරු කරන වටිනා සාරධර්මයන් රකින්නට නීතිය ඉදිරිපත් නොවන අතරම තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතමින් එකෙකුට එකෙක් නැති තන්හාවෙන් මසුරුකමෙන් ආත්මාර්ථකාමීත්වයෙන් අසීමිත ධනය හා සැප සම්පත් පසුපස හඹා යෑමට එක් එක් කෙනාට ඇති පුද්ගලික අයිතිය වෙනුවෙන් නීතිය පෙනී හිටී. අපරාධය හා අපරාධකරුවා නිර්මාණය වීමට මේ කාරනයම විවිධ මට්ටම් වලින් හේතු වේ. ලංකාවේ පොලීසිය ගැනනම් කියලා වැඩක් නැත. අපරාධ ගැන මූලික විමර්ශන කරන ආකාරය සැකකරුවන් තීන්දු කරන ආකාරය සැකය හා සාක්ෂි තහවරු කිරීම මරේ මරුය. මිනී මැරුමක් ගැන හරි ළමා අපචාරයක් ගැන හරි විමසුම් බුද්ධියෙන් සාක්ෂි හොයනවා වෙනුවට පවුලේ අය සැක කිරීම අසල්වාසීන් සැක කිරීම ආදී වැඩ කටයුතු සිනා පහලවන සුළුය. පොලීසි වල සිදුවන දූෂිත වැඩ කටයුතු දෙස බලන විටනම් සාධාරන පරීක්ෂණ ගැන විශ්වාසය තැබිය හැකිද යන්නත් ප්‍රශ්නාර්ථයකි. රිය අනතුරක් සම්බන්ධ සාක්ෂි වෙනස් කර වරද කරු බේරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට තැත් කර පොලිස් නිලධාරීන් ගැන පහු ගිය කාලයේ අසන්නට ලැබුණි. මිනී මැරුමක සාක්ෂි අනික් පැත්ත හරවන්න මෙවැනි දූෂිත නිලධාරීන් කීයක් විතර අය කරනු ඇත්දැයි අප දන්නේ නැත. යම් යම් වැරදි වලට පොලීසිය විසින් දුප්පත් අහින්සකයන් සැක පිට අත්ඩංගුවට ගෙන වද දී බලෙන් වරද පටවා ඇත්තම වරද කාරයා නිදැල්ලේ යැවීම වැනි දේවල් වලටද යම් කිසි ඉඩකඩක් පැහැදිලිව ඇත. වඩාත්ම කතාබහ කළයුතු කාරනේ මෙතැන කෙනෙකු තවෙකෙකුගෙන් අසාධාරණයට හා පීඩාවට පත් වීම වලක්වන පොදු සදාචාරාත්මක වටිනාකම් වනසන්නට ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කරලියට එද්දී නීතියද ඒ වෙනුවෙන්ම ක්‍රියා කිරීමයි. මෙය සමාජ පීඩකයන් හා පීඩිතයන් නිර්මාණය කිරීමට ඉවහල් වන අතරම පීඩකයාට රිසි සේ පීඩිතයන් තලා පෙලීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමකි. පීඩකයා වත් පොහොසත් අයෙකු වී පීඩිතයා දුප්පත් කෙනෙක් වන විට පීඩිතයා නීතිය ඉදිරියේද අනාරක්ෂිතය. ඒ අසාධාරණය රජ කරන කාලකන්ණි සමාජයේ හැටිය. අද බොහෝ දෙනෙක් කට්ට කා ඉගෙනගන්නේත් අනාගතයේ පීඩිතයන්ගේ ගොඩට නොවැටී පීඩකයන්ගේ ගොඩට එක් වීමටයි. එය හිතා මතා නොවන්නට පුළුවන් උනත් වත්මන් තුච්ච කාලකන්ණි සමාජ ක්‍රමය තුල ස්වභාවයෙන් සිදු වන්නේ එයයි.
                               

කොටදෙනියාවේ ඛේදවාචකය අභිමුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක උන ආකාරය අන්ත අප්‍රසන්න එකක් වූවා පමණක් නොව සිද්ධිය හමුවේ ජනමාධ්‍ය පිස්සු බල්ලන කුනු ගොඩක් අවුස්සා පලාතම ගඳ ගස්සවන ආකාරයට වැරදි නැති මිනිස්සුන්ගේ පවා ආත්ම ගරුත්වය වනසමින් කරුනු නොදැන පොලීසිය ආවට ගියාට කරන ප්‍රකාශ රටට බෙදමින් හැසිරුනු ආකාරයත් ඉතා අශික්ෂිතය. පොලීසිය සිද්ධියට සැකපිට පාසල් සිසුවෙක් අත්ඩංගුවට ගත්තේ කිසිදු සාධාරණ සාක්ෂියක් නැතුවයි. පසුව පොලීසිය බේරුමට කීවේ ඔහුගේ ලැප්ටොප් එකේ අසභ්‍ය දෑ තිබූ බවකි. මෙය සිනා උපදවන කාරනයක් වේ. මේ තර්කය මත පිහිටා සැක කළොත් එක් පැත්තකින් අසභ්‍ය දේ නැති ලැප්ටොප් සොයාගන්නට තරමක් අමාරුවනවා පමණක් නොව අසභ්‍ය දේ ඇති ලැප්ටොප් හිමි කරුවන් සියල්ලන් ලිංගික අතවර කාරයන් වේ. එවිට පොලිස් කාරයන් කීයක් ඔය ගොඩේ ඉඳීවිද කියන එකත් හොයන්නම වෙන අපූරු සිද්ධියක් වනවා නොඅනුමානයි. මේ සිද්ධියටම ප්‍රදේෂයේ තවත් දෙදරු පියෙකු සැක පිට අතඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ හදිසි කොණ්ඩය හා රැවුල කැපීමේ උවමනාවත් සේයාගේ අවමගුලට සහභාගී නොවී තම සහෝදරියගේ නිවසට ගොස් එහි නතර වීමත් කියන කාරනා සැලකිල්ලට ගෙනයි. මෙයත් මහ අපබ්‍රංශයකි. මේ අනුව අහල පහල අපරාධයක් වූ විට කොණ්ඩය රැවුල කැපීමද අනතුරු දායකය. දැන් දැන් දැනගන්නට ලැබෙන කරුනු වලට අනුව මෙලෙස සැකපිට අත් අඩංගුවට ගත් මේ අයට නිරුවත් කර පහර දෙමින් පොලීසිය ඔවුන්ගේ මානුෂීය අයිතීන් බරපතල ලෙස උල්ලංගනය කර ඇත. අවසානයට තමන් වරද කළා යැයි පාපෝච්චාරණය කළ දුනේෂ් නොහොත් කොණ්ඩයාට උනේත් මේ ටිකද කියා සැකයක් දැන් කාටත් ඇතිවේ. කොණ්ඩයාගේ කැරැට්ටුවේ හැටියට සැකකාර ලිස්ට් එකේ අවසානයට හිටි ඔහුට පොලීසියේ සංග්‍රහය සමග අවාසනාවේ ටිකට් එකත් ඇදුනාද? වෙච්ච දේවල් වල හැටියට අපිට මේ ප්‍රශ්නනම් පැනනගින එක නොවැලැක්විය හැකියි.

                          අපි කවුරු කවුරුත් මොහොතකට දැන් සිතා බැලිය යුත්තේ අපරාධ වලට පුද්ගලයන් පොළඹවන අවලම් සමාජ තත්වයක් එක් පැත්තකින් තිබෙද්දී අනික් පැත්තෙන් පොලිස් පරීක්ෂණ වල ජඩ කමත් තිබෙන විට එල්ලුම් ගසත් ක්‍රියාත්මක උනොත් වෙන්නේ කුමක්ද කියන එකයි. කොටදෙනියාවේ ඛේදවාචකයට පසුව හදිසියේ වීරයන් වී එල්ලුම් ගස ඕනෑ බව කියමින් කෑ ගැසූ අයගේ එල්ලුම් ගසට ඇති අවංක ලවු එක මල ඉලවුවක් වෙන්නේ අසාධාරන චෝදනාවකට ලක්වී පොලිස් ආදරවන්තයන්ගෙන් සංග්‍රහ ලබා තමන්ගේම බෙල්ලට තොන්ඩුව වැටුන දාටයි. අප කවුරු කවුරුත් එනිසා නොපමාව කළ යුත්තේ මේ අපරාධ වලට මෙන්ම අසාධාරන පොලිස් පරීක්ෂණ වලටද එරෙහිව සංවිදානය වෙන අතරතුර අපරාධ වලට අනුබල දෙනු ලබන දූෂිත විෂම සමාජයෙන් ගැලවී කෙනෙක් තවත් කෙනෙකුගේ සතුරෙකු නොවන පීඩකයන් හා පීඩිතයන් අතර ගැටුම් නිර්මාණය නොවන්නා වූ සාධාරණ සමාජයක් ඇතිකරගනිමින් ප්‍රශ්න නිරාකරනය කර ගැනීමය. ඒ ටික නොකර අසාධාරනය අයුක්තිය රජකරවා දූෂිත සමාජයක් බිහි කර ඒ තුලම තෙම්පරාදු වී පුද්ගලයන්ට වැරදි කිරීමට අනුබල දෙමින් කෙනෙක් අපරාධකරුවකු වෙන තෙක් බලා ඉඳ ඔහුව එල්ලා මරන ආකාරය දෙස බලමින් සතුටු වීමද හෙන වදින අපරාධයක් බව කාටත් සිහි ගැන්විය යුතුයි.


Monday, August 31, 2015

වී අර්බුදය හා මතක් කර ගතයුතු අතීතය

මෑතක ඇතිවූ වී අර්බුදය මාධ්‍ය බොහොමයක ප්‍රධාන මාතෘකාව වෙලා. ඒ අතර පහුගියදාක අපට රූපවාහිනී ප්‍රවුර්තියකින් දැනගන්න ලැබුණා වී මිලදී ගැනීම කඩිනම් කරමින් අර්බුදය නිමා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නු බවක්. ඒ වගේම අගමැති උපදෙස් මත වී අලෙවි මණ්ඩලය ලහි ලහියේ වී මිල දී ගැනීමට කටයුතු කරන බවක්ද පුවත මගින් පෙන්නුම් කළා. එහිදී මාධ්‍ය මගින් පෙන්වා දෙන්නට උත්සහ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවනින් හා දක්ෂතාවයෙන් වී ප්‍රශ්නය සමතයකට පත් වන බවකුයි. මෙය පිටතින් බැලූ කලනම් අපටත් තේරුම් යන්නේ එය ඒ ආකාරයෙන්මය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකලාපය ගැන ටිකක් සොයා බැලූ විටනම් ඔහු විසින් මේ දැන් ගොවි ජනතාව ගැන ඇතිකරගෙන තිබෙන මහා අනුකම්පාව නිසා වී අර්බුදයට හදිසි විසඳුම් ලබා දීම වීරකමකට වඩා සිනහ උපදවන කාරනයක් වේ.
                      

පළමුවැන්න වී විකුනාගැනීමට නොහැකිව අසරන වූ ගොවියන්ට වී කිලෝව සඳහා රුපියල් 50 කෙසේ වෙතත් සහතික මිලක් වත් නැතිව රුපියල් 20 - 30 අතර මිලකට විකුනා දැමීමට සිදුවීමයි. එහෙත් මේ කතාවනම් ප්‍රවුර්ති වල උජාරුවට නොකිවුවේ වී කිලෝවට රුපියල් 50 සහතික මිල චන්ද පොරොන්දුවක්ව තිබූ බව ජනමාධ්‍ය බොහොමයක් දන්නා නිසාදැයි අපට නිකමට හැඟේ. ඒ මේ වෙනකොටත් බොහෝ ජනමාධ්‍ය එක්සත් ජාතික පක්ෂ හිතවතුන් වී සිටින ආකාරය දකින විටයි. කෙසේ වෙතත් වත්මන් පාරිශුද්ධ අගමැතිවරයාගේ අවංක හා දූෂිත බවෙන් තොර කම වැඩි නිසාදෝ මහ බැංකුවටද මහා පරිමාණ පාඩුවක් සිදු වී ඇති වාතාවරනයක් තුල මේ යලටයි මහටයි වපුරන ගොවියො ටිකකට පාඩුවක් වෙන එක ගනන් ගන්නට දෙයක්ද හිටං එක අතකට. ඕව කියන්න යන්න ඕන නෑ. ඔන්න ඔහේ අගමැතිතුමාගේ නියමයෙන් ගොවීන්ගේ වී ටික මිලට ගන්න වී අලෙවි මණ්ඩලය කටයුතු කළා කියල මාධ්‍ය වලින් රටට කිවුවහම ඇති හිටං.
                         
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අන පරිදි වී අලෙවි මණ්ඩලය අසරණ ගොවියන්ගේ වී මිලට ගෙන ඔවුන් සනසාලූ ප්‍රවුර්තිය ඇහෙනකොට අපිට නිකමට මතක් උනේ මීට කලින් රනිල් මහත්තය අගමැති වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්ම වී අලෙවි මණ්ඩලය අහෝසි කර වසා දැමූ ආකාරයයි. මොන කරුමෙකට හරි මේක අපේ මෙමරියෙන් ඩිලීට් කරන්න බැරුව ඉතිරි වෙලා තිබුණා. ජල කලමනාකරනයද මොකද්ද මගඩියක් හරහා වතුරත් විකුණන ගමන් සල්ලි වලට ගෙදර ලිඳටත් බද්දක් අයකරන්න අන පනත් ගේන්න ගොවියන්ට ආදරේ ඇති රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙලා හිටපු ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම ලෑස්ති වෙලා හිටිය කියලත් මෙමරියේ කොහෙ හරි තිබිල එලියට පැන්න ඩිලීට් කරන්න බැරිවෙලා තිබිල. යටත්විජිතවාදයේම ගෝලයෙක් වෙච්ච වික්‍රමසිංහ මහත්තය අතීත වැඩ කිඩ සේරම අමතක කරල හදිස්සියේම වී අලෙවි මණ්ඩලයට ගොවියන්ගේ වී ටික මිලට ගන්න නියෝග දීල මාධ්‍ය සන්දර්ශනයක් දාගෙන වීරකමක් කරපු වෙලාවේ අපටනම්  පස්චාත් භාගයෙනුත් හිනා ගියා හිටං.

Friday, August 28, 2015

අමුතුවෙන් ලියන්න දෙයක් නෑ සංගෝ

මේ සටහන තබන්නේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතමයාගේ සමුගැනීම වෙනුවෙනි. ඒ ගැන යමක් නොකීවොත් අඩුවක් මෙන්ම ක්‍රිකට් රසිකයන් වන අප එක්තරා අතකට යුතුකමක් පැහැර හැරියා වෙනවා. ඉතින් සංගා ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ කියලයි මට පෙනී යන්නේ. ඒ ඔහුව ලංකා වාසී සියල්ලෝම හොඳින් හඳුනන නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුගේ දක්ෂතා ගැන නියම තක්සේරුවක් ඔවුන් සියළු දෙනාට තිබෙන නිසාත්ය. වසර 2000 සිට 2015 සමුගන්නා තෙක් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැක. මීට ටික කලකට පෙර මෙලෙසම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වූ  මහේල ජයවර්ධන ක්‍රිකට් වලින් සමු ගත්තේය. එහිදීද ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිරවීම ඉතා අපහසු හිඩැසක් නිර්මාණය විය . දැන් සංගාගේ නික්ම යෑමද එවැනිම හිඩැසක් නිර්මාණය කර තිබේ. කෙසේ වෙතත් එවැනි දස්කම් ඇති නවක ක්‍රීඩකයින් ඉක්මනින් බිහි වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
                                    

සංගාගේ තරඟ වාර්තා දෙස බැලුවොත් ඔහු මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරඟ 134ක්ට ක්‍රීඩා කර ලකුණු 12400ක් ලබාගනිමින් 57.40ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන තිබෙන්නේ ඔහු සතු විශිෂ්ඨත්වය මැනවින් විදහා පාමිනි. ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ඔහු ලබාගත් වැඩිම ලකිණු ප්‍රමාණය වන්නේ 319ක් බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි. මේ අනුව ඔහු ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ත්‍රිත්ව ශතක ලාභීන් ගොඩටද අයත් වේ. සංගාගේ එක් දින තරඟ වාර්තා අනුව ඔහු තරඟ 404කදී ලකුණු 14234ක් ලබා ගනිමින් ලකුණු 41.98ක දල වේගයක් රඳවාගෙන තිබෙනවා. එක්දින තරඟ වලදී ඔහු ලබා ඇති ඉහලම ලකුණු සංඛ්‍යාව 169කි. එදා මෙදා තුර ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් ලබා ඇති ටෙස්ට් ශතක වාර්තා අතර පළමුවැන්නා සංගක්කාරයි ඔහු ටෙස්ට් ශතක 38ක් හා ටෙස්ට් අර්ධ ශතක 52ක් ලබා ඇත. ඔහු ලබා ඇති එක් දින ශතක සංඛ්‍යාව 25ක් හා අර්ධ ශතක ගනන 93කි.
                         ඉතින් සංගෝ ඔබේ දැකුම්කළු පහරවල් ක්‍රිකට් පිටියේ අපට ආයෙමත් දකින්න බැරි වෙයි. ඒත් එවන් විශිෂ්ඨයෙකු කෙදිනක හෝ බිහි වෙයි කියන එකත් සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවක් වෙනවා ඇති. සංගෝ ඔබට හද පිරි ගෞරවය පුද කරන අතරම ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු. 

Monday, July 6, 2015

NGO කාරයා දුටු සිහිනය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවට බටහිර රටවල් වල මහා අනුකම්පාව හා ආදරය හිමි වෙලාය. අසල්වැසි ඉන්දියාවද ශ්‍රී ලංකාව ගැන පුදුම විදිහට පැහැදිලා.මොකද අප්පේ ඒ? ඇයි යහපාලනයනේ දැන් තියෙන්නේ මෛත්‍රිය පතුරුවන.

මෛත්‍රිය පිරි යහපාලනයේ නියමුවාට රනිල් වික්‍රමසිංහ නම් ජාතික වීරයා අගමැති කරවන පොරොන්දුව නොදුන්නානම් දිනන්නට බැරි වෙන්න තිබුනා නොවැ. එහෙනං, ඒකනේ ඒ වීරයව අගමැති කළේ හිටං.

ඔන්න ඉතිං බටහිර රටවලයි ඉන්දියාවෙයි ශ්‍රී ලංකාවට තියෙන ආදරේ වැඩි කමට දෙන වටිනා ගුරු හරු කම් මැද්දේ මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව සාර්ථක දින 100 පහු කරනකොට ජනතාව ආන්ඩුව විසුරුවන්න එපා කියමින් මෛත්‍රී රනිල් නායක දෙපල ලඟ දනින් වැටෙයි. වන් මෝ.... වන් මෝ..... කියමින් දින ගනන වැඩි කරගන්න ජනතාව බල කරයි. 


යහ පාලනය හෙනට නැගල ගිහිල්ලාය. ජනතාවට හෙන ආතල්ය. එහෙන් ජාතික විරු රන්ජා හිටපු දේශද්‍රෝහී මහ රජාගේ හොරකම් හිටු කිආ අල්ලනවාය. අල්ලාගත් හොර බඩු බැංකු ගිනුම් වල සල්ලි එහෙම රටටම කන්ඩ දෙන්න පුළුවන් සයිස් එකට ගොඩ ගහගතු ඒවලු. ජනතා ඇසිපිය නොහෙලා බලාහිටියි.

යහපාලනේට බාධාකරන විපක්ෂය ගැන තීන්දුවක් ගන්න වෙලාය. ඔන්න අපේ යහපාලන ලොක්කා කවදත් රටට උදවු උපකාර කරන ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුවත් කරලා එහෙම රනිල් ලොක්කගෙනුත් අහලා ආන්ඩුව විසිරුවා හැරලා. දැන් ජනතා ඉස්පාසුවක් නැතුව බලා ඉන්නව රනිල් ලොක්කව අගමැති කරන්න.


යහපාලනයේ දුෂ්ඨයා මහින්ද නම් හිටපු මහරජායි. මහරජා බංකොලොත්ය. මහරජාට ඇත්තේ පන්සල් යෑම පමණකි. ඔහුට කර කියාගත හැකි වෙනත් දෙයක් නැත. මහරජා වටේ සිංහ කොඩි අතින් ගත්තු ජාතිවාදියෝ ටික දෙනෙක් ඉන්නවාය. උන්ට මහින්ද අගමැති ඕනෑය. ජාතිවාදීනටනම් මෙදාපොටේ ඉඩක් නැත.

චන්ද සටන ඇරඹිලාය. රට පුරාම ඇත්තේ කොළ පාට කොඩි වැල් පමණකි. ජනතාව එක හඬින් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ ජාතික වීරයායි. රනිල්ගේ රැස්වීම් වලට යන්නට ඔහු කියන වටිනා වදන් වැකි අසන්නට ජනතාව රෑ නිදි මරමින් ලකලෑස්ති වෙති.

රනිල් වික්‍රමසිංහ වීරයා පැරකුම්බා නිරිඳුන් මෙන් මහත් තේජසින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවට අවතීර්ණ වේ. එසැනින් ජනතාව ඔල්වරසන් දෙනු ලැබේ. රනිල්ගේ කතාව අසාගන්නට ජනතාවට ඉස්පාසුවක් නැත. ජාතික වීරයා කතාව පටන් ගනියි. අත්පුඩි ජය ඝෝෂා එකයි.කොළ කොඩි වැනේ ඒ අතර තැනින් තැන මහා පරිමාණයෙන් දේදුණු වර්ණ කොඩිත් ලෙළදෙයි.

දුෂ්ඨ මහින්දගේ රැස්වීම වලට සෙනග නැත. මහින්ද වේදිකාවට නගින විටත් ජනතාව හූ කියයි. හොරා හොරා කියමින් මින්සුන් මහින්ද හිටපු මහ රජාට විරෝධය දක්වති. සිංහ කොඩි ගත් ජාතිවාදීන් පමණක් මහින්ද වටේ ඇත. ඒ ඉතා සුළු පිරිසකි. මහජනතාව ජාතිවාදයට විරුද්ධය.

මේ අතර සිංහල බෞද්ධ මහජනතාව ජාතිවාදය ගැනත් සිංහල ඉතිහාසය ගැනත් කලකිරී ඇත. ඔවුන් කොපමණ කලකිරී ඇත්දැයි කීවොත් මහා වංශය ගිනි තැබියයුතුයැයි කියති. බහුතර සිංහල බෞද්ධයන් ජාතිවාදය අත්හැර බහුවාර්ගික වීම සඳහා වික්‍රමබාහු කරුනාරත්න පඬිවරයාගේ සති අන්ත වැඩමුළු වලට සහභාගී වෙති. වැඩමුළුව අවසානයේ ජාතික කොඩියේ සිංහයාටත් මිනිස්සු බණිති.

රටේ මහජනතාව ඇමරිකාවේ සියළු ප්‍රාන්ත වල සමලිංගික විවාහයන් පිළිගැනීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පසුවෙති. ශ්‍රී ලංකාවේද එසේ වියයුතුයැයි බහුතරයක් කියති. සියළු දෙනා පවතින ජාතික කොඩිය වෙනස් කළයුතුයැයි කියති. ඒ එහි සිංහයෙකු සිටීම නිසා උතුරේ සහෝදර දෙමළ ජනයාගේ හිත රිදෙයි කියාය.

බහුතරයක් සිංහල බෞද්ධයන් දැන් මහින්දට බනින්නේ ප්‍රභාකරන් ඇතුළු කොටි විමුක්තිකාමීන් මරා අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ ද්‍රෝහිකම සිහි කරමිනි. ඒ දවස් වල චන්ද්‍රිකා කියපු විදිහට පැකෙජය දී ෆෙඩරල් විසඳුමක් දී තිබුණානම් අද වන විට ඊලම හදාගන්න අපේ සහෝදර මිස්ටර් ප්‍රභාකරන්ට ඉඩ නොදීම ගැන සින්හලයෝ කනස්සලු වෙති. ඒ වීසා පාස්පෝට් නැතුව දැන් වගේ උතුරට නොයා වීසා පාස්පෝට් පෙන්නා කොටි කොඩියට ගරු කර යාපනේ සංචාරය කිරීමේ අවස්ථාව අහිමි වන නිසාලු.

ඔන්න ඉතින් චන්ද පොරයත් පටන්ගෙන පක්ෂ ගනනාවක්ම වේදිකා උඩ තමන්ගේ කියුම් වනනවලු හතර වටේ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එක්සත් ජාතික පක්ෂයට තරම් ප්‍රසාධයක් වෙන කාටවත් නෑ. එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට මිනිස්සු කිරිඇල්ල මහත්තය ගාව දනින් වැටෙනවලු. ඒ තරමට හිටපු ජාතිවාදීන්ගේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා.

මහින්ද මහත්තය දිනවන්න කියලා චන්ද සටන ගෙනයන කිසිම කෙනෙකුට ජනතා ප්‍රසාදය නෑ. විමල්ට මිනිස්සු ගල් මුල් වලින් ගසති. ගම්මන්පිල හැංගිලාය මහින්දට හූ කියති. යන යන තැන මහින්ද චකබ්ලාස්ය. ජනතාව ප්‍රවුර්ති දැනගන්නේද රාජ්‍ය නොවන සංවිධාන මගිනි. ඒ ඔවුන් ජාතිවාදයට පක්ෂ නැති නිසා ඇත්ත කියන හින්දලු. සිරසත් ගජරාමෙට වැඩය. ඒ රනිල් දිනවන්නට ඒකපාක්ෂිකවය. එය ඇත්තෙන්ම සාධාරනයි කියා මහජනතාවත් හිතාගෙන ඉන්නේ රනිල් වගේ හොරකම් නොකරන ජාතිවාදී නැති කාන්තාවන්ට අතවර නොකරන කෙනෙක් ගැන ඇති පැහැදීම නිසාළු ඕං

ඔන්න ඉතින් අගෝස්තු 17 උදා වෙනවා. මිනිස්සු  දැඩි උද්‍යෝගයකිනුයි චන්දය දෙන්නේ.අහන අහන කෙනා යූඇන්පී. මාර ආතල්. ඔන්න රෑ වෙනකොට චන්ද ප්‍රතිඵල දෙන්න පටන් ගත්තා.පළමු තැපැල් චන්දයම එ.ජා.පය උඩින් දිනුම් ආයේ නෑ මහින්දගේ පිලට චන්ද 10යි.මුළු ලංකාවෙම ප්‍රතිඵලය එනකොට එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනල. යූ.ඇන්.පී ආසන 150යි දෙමළ සන්ධානය දෙවනියට ඉන්නේ ආසන30යි සිරිසේනගේ අත ලකුනට ආසන 20යි මහින්ද මහත්තයගේ පක්ෂෙට ආසන10යි ඉතිරිය මුස්ලිම් කොන්ග්‍රස් ජේ.වී.පී ආදී කුඩා පක්ෂ වලට.

ඔන්න ඉතින් රනිල් අගමැතිවරයාගේ යටතේ අළුත් යූ.ඇන්.පී ආණ්ඩුව පත් උනා. හකීම් මහත්තයත් ආණ්ඩුවට මුක්කුවක් ගහලා. රිෂාඩ් බදුර්ඩීන් උන්නැහෙත් එහෙමයි. අළුත් ආණ්ඩුවේ ප්‍රභලම ඇමතිකම් හම්බ වෙලාතියෙන්නේ මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන මහ්ත්වරුන්ටයි. ඊට අමතරව රන්ජන් රාමනායක රාජිත සේනාරත්න රෝසි සේනානායක යන අයත් ලොකු පුටු වල. සිරිසේන ජනාධිපති තුමා යහපාලන මොළය මෙහෙයවලා උප අගමැති තනතුරක් හදලා ඕං ඒක දෙනව චන්ද්‍රිකා නෝනට. ජාතික විධායක කමිටුව පත්කරලා ඒකේ ඔක්කොම් ඉන්නේ විදේශ තානාපතිවරු නම්කරන පුද්ගලයන්. 

අළුත් ආන්ඩුව ගැන ලෝකයම පැහැදිලාය. ලොව හතර දෙසින් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ එ.ජා.ප ආන්ඩුවට සුබපැතුම් ගලා එයි. විරමසිංහයන් මංගලද කැටුව බටහිර රටවල් ගනනාවකම සංචාරය කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවද වික්‍රමසිංහයන් සාදරයෙන් පිළිගනියි. ගුරුහරුකම් ලබා දෙයි. ජාත්‍යන්තර විචාරකයන් ජනමාධ්‍ය මේ අළුත් ප්‍රවණතාවය ගැන දැඩි උද්දාමයකින් කතා කරති. වික්‍රමසිංහයන් ඉන්දියාවේද සංචාරයක් කරයි. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා බැහැදකී. වටිනා ගුරුහරුකම් ලබාගනී. රුසියාව හා චීනය සමග තිබෙන සම්බන්ධතා ඇනහිටී. බටහිර රටවල් සතුටින් පිනා යයි.

දැන් සිරිසේන ජනාධිපතිත් රනිල්ට යටය. බටහිරට පොරොන්දු වූ පරිදි සිරිසේන විධායක බලතල අත්හැර රනිල් වික්‍රමසිංහයන්ට පවරා ඇත. මහින්දට යන එන මං නැත. වැඩ බලන අගමැති චන්ද්‍රිකාය. ජාතික විධායක සභාවට සිංහලයන් එකෙක්වත් නැත.

මහින්දයි සන්ධාන ආන්ඩුවයි හොරාකාපුවා වංචා කරපුවා සොයන්නට බාරදී තිබෙන්නේ අතිගරු රන්ජාටයි. ඔහු හම්බන්තොටින් ගෙයක් අරන් එහි පදිංචි වී රාජපක්ෂ පවුලේ තොරතුරු හොයයි. ඔහුට දිනපතා රත්තරන් හමුවේ. රාජපක්ෂලා හංගපු සල්ලි මැදමුලන ගස් යටිනුත් හමු වෙයි. මේ පුවත් අසා ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් මහින්දට දඬුවම් කිරීමට බල කරයි. ලැම්බෝගිනි අශ්වයෝ හෙලිකොප්ටර් බෙලිඅත්තෙන් මතුවෙයි. රන්ජා දැන්නම් චිත්‍රපටියක මෙන් වීරයා වී ඇත.

මංගල සම්මරවීර ඇමතිගේ ආරාධනයෙන් ලොවපුරා සිටින කොටි ඩයස්පෝරා සාමාජිකයින් කොළඹ පැමිණ සිංහලයන් සමග අත්වැල් බැඳගනිමින් ඩයස්පෝරා සැනකෙලිය පවත්වති. සියළු දෙනා මහින්ද යුධ අධිකරණයට යැවිය යුතු බව කියති. ඉක්මනින්ම පාර්ලිමෙන්තුව කැඳවා උතුරට දේශපාලන විසඳුම ලබා දීම කඩිනම් කෙරේ. 13වන සංශෝධනයෙන් එහා ගොස් පොලිස් ඉඩම් සියළුම බලතල සහිත ෆෙඩරල් විසඳුම වැඩි චන්දයෙන් සම්මත වේ. දැන් දෙමළ සන්ධානය උතුරේ පාලනය ගෙනයයි.

ලංකාව තුල සමලිංගිකත්වයට ඇති තහනම ඉවත් කිරීමට සියළු කටයුතු සූදානම් කෙරේ. බටහිර රටවල් වලින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව වික්‍රමසිංහයන් කියයි. නොබෝ දිනකින්ම සමලිංගික තහනම ඉවත් වේ. සමලිංගික විවාහයන්ද ශ්‍රී ලංකාව තුල පිළිගෙන ඇත. දැන් සමලිංගිකයන් සිත් සේ පවුල් කති. දරුවන් දරුකමට හදාගනිමින් තවත් සමලිංගික පරපුරක් හදති. දැන් නීති ඉතා තදය. සියළුම නීති ක්‍රියාත්මක වන්නේ සමලිංගිකයන් හා සුළුජන කොටස් වල්ල අයිතීන් වෙනුවෙනි. සිංහල ජාතිවාදීන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවයි. අධිකරණ විනිසුරුවරුන්ද සමලිංගිකයන් හා සිංහල නොවන අය වෙති.

සිංහලයන් ජාතිවාදය අතහරිමින් සිංහල ඉතිහාසය වලදමා නැවත වරක් එංගලන්තයට රට පවරා දෙන ලෙස වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලති. උතුරේ ඊලම පිහිටුවිය යුතුයැයි සිංහලයෝම කියති. වික්‍රමසිංහයන් බටහිර සංචාරයක් ගොස් උපදෙස් රැගෙන උතුරට සම්පූර්ණ ස්වයංපාලනය සමග ඊලම ලබා දේ. ඊලම පිහිටුවීමේ නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වන්නේ රනිල් සහ චන්ද්‍රිකා ඇතුළු බටහිර හා ඉන්දීය නායකයන්ය. ඊලාම් කොඩිය උතුරේ දැන් ලෙළදෙයි. හමුදාව මුළුමනින් ඉවත් කර ඇත.

රනිල් වික්‍රමසිංහයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා නාමමාත්‍රික විධායකයා වන සිරිසේන ජනපති එක්ව ශ්‍රී ලංකාව නැවතත් බ්‍රිතාන්‍යට භාර දෙති. දැන් රටේ ජාතික කොඩියේ සිංහයාද නැත. කොඩිය එංගලන්ත කොඩියයි. සියල්ල සිදුවන්නේ එංගලන්තයට අවශ්‍ය පරිද්දෙනි. දැන් තරුණ තරුණියන්ට ටයි කෝට් අඳින උසස් රැකියා ලැබී ඇත. ඉන්ටර්නෙට් වයිෆයි ගැන මොන කතාද? සියල්ල නොමිලේ අධිවේගයෙනි. දැන් වැවයි දාගැබයි ගමයි පංසලයි කතා නැත. තරුණ පිරිස කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. හාමුදුරුවරු කියන කිසිවක් කිසිවෙකුත් තුට්ටුවට ගනන් නොගනිති. වැඩිදෙනා දැන් බටහිර මෙන් නිරාගමිකය.


ඊලාම් රාජ්‍යයේ හා බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් ඉන්දියාවේත් උපදෙස් මත කොටි විමුක්තිකාමීන් මරා දැමූ මිනීමරු හමුදාව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන්වා දඬුවම් කිරීමටද දැන් සියල්ල සූදානම්ය. මුල් පියවර යටතේ හමුදා නිලධාරීන් විෂාල පිරිසක් මරා දැමේ. ගෝඨාද යුධ අධිකරණයෙන් මරණ දඬුවම ලබා විදුලි පුටුවට යයි. බ්‍රිතාන්‍යට බාරදුන් ලංකාවේ ජාතිවාදී නොවන දැහැමි වැසියන් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙති. දැන් මහින්දගේ වාරයයි.ජාත්‍යන්තර අධිකරණය මරණ දඬුවම ප්‍රකාශයට පත් කරයි. දැන් මහින්ද විදුලි පුටුවේ ගැටගසා ඇත. දඬුවම ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවා පැමිණ විදුලි බොත්තම තදකරන්න සැරසෙයි..............

දඩ බඩාස්... දොහ්... අපේ  NGO සාමාජිකයා නින්දෙන් ඇහැරුනේ ඇඳ පල්ලේ වැටෙන විටය. ඒ වෙනකල් හීනය දැක්කේ හෙන ආතල් එකේය ආතල් එක වැඩිකමටදෝ ඇඳෙන් වැටෙනතෙක් ගානක් ගියේ නෑ. නින්දෙන් ඇහැරුනු NGO ක්‍රියාකාරී මානව හිතවාදියා දුක පහ කරගැනීමට දිගු සුසුමක් හෙලා මුහුණකට හෝදාගෙන ඇඳ පැලඳ තම ආයතනයේ රාජකාරියකට අනුව තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකුට එරෙහි මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධ සාක්ෂි සෙවීමට පිටත්ව ගියේය........

Sunday, June 21, 2015

පරිගණකයක ප්‍රොසෙසරය හැදෙන ආකාරය දැක තිබේද?



පරිගණක භාවිතා කරන බෝහෝ දෙනා එහි ප්‍රොසෙසරය යනු කුමක්ද යන්න දැන සිටිනවාට කිසිම සැකයක් නෑ. ප්‍රොසෙසරය ගැන දැන සිටියත් ගොඩ දෙනෙක් මෙය කෙසේ නිර්මාණය කරනවාද යන්න දැක නැතිව ඇති. සිලිකන් තඹ ආදී අමුද්‍රව්‍ය එක්කාසු කරමින් ට්‍රාන්සිස්ටර බිලියන සිය ගනනක් අඩංගු වල ආකාරයට ඉතා සියුම්ව මේ ප්‍රොසෙසර් හෙවත් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කර්මාන්තශාලාවක් තුල හැදෙන්නේ මේ ආකාරයෙන්. වීඩියෝ එකේ සියළු විස්තර ඇත.

Monday, June 1, 2015

මෛත්‍රී රනිල්ට උඩින්ද රනිල් මෛත්‍රීට උඩින්ද?


මේ ලියන්න පටන්ගන්නේ දේශපාලන පලහිලවුවක් ගැන උනත් මෙහි ඊටත් වඩා රටේ ජනතාව පැත්තෙන් හා ජනයාගේ සෞඛ්‍ය පැත්තෙන් වැදගත්කමක් ඇත. මේ කතාව පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් ග්ලයිපොසේට් නම් විෂ රසායනය අඩංගු වල් පැල නාශක තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධවයි. මේ ගැන කසුකුසුව පටන්ගත් මුල් අවස්ථාවේ කියවුනේ ජනාධිපතිතුමා විසින් මේ විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම අත්හිටවූ බවකි. නමුත් පසුව දැනගන්නට ලැබුණේ එම කන්ටේනර් තොගය අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයන් මාර්ගයෙන් රට තුලට මුදා හැරීමට සමත් වූ බවයි.
                      

ග්ලයිපොසේට් නමින් හඳුන්වන රසායනිකය හා එහි විෂ සහිත බව ගැන කෙටි කාරනා ටිකක් කියන්නත් වෙනවා. ග්ලයිපොසේට් කියා හඳුන්වන කෘෂි රසායනය බොහෝ විට එන්නේ රවුන්ඩ් අප් කියන වෙළඳ නාමයෙන්. මෙය ඇත්තෙන්ම රසායනික කාරකයන් කීපයක මිශ්‍රණයක්. ග්ලයිපොසේට් වල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වෙන්නේ අයිසොප්‍රොපිලැමින් ( isopropylamine  ) කියන එක. ඊට අමතරව තවත් රසායනික කාරකයන් සුළු පරිමාණ වලින් අන්තර්ගතයි. මේවා පෙන නැගීම වලක්වන ද්‍රව්‍ය, වර්ණක, ජීවානුහරන කාරක හා පී එච් අගය පාලනය කරන අකාබනික අයන වර්ග ආදියයි. ග්ලයිපොසේට් වල විෂවීම සලකාබැලීමේදී මේ රසායනික කාරක වලින් කුමක් කවර ආකාරයෙන් විෂ වන්නේද යන්න පරීක්ෂකයන්ටත් ගැටළුවක් වුවත් බොහෝ දුරට මේවා විවිධාකාරයෙන් එක්ව ක්‍රියාකරමින් විෂ වීම සිදුවන බව සොයාගෙන තිබෙනවා. ආහාර මාර්ගයේ මුඛය හා බඩවැල් ආශ්‍රිත ආබාධ, ආමාශය උගුර ආශ්‍රිතව ඇතිවන ආබාධ, වකුගඩු හා මූත්‍රා ආබාධ,පෙනහළු ශ්වසන ආබාධ, ග්ලයිපොසේට් වල බලපෑමෙන් සිදුවන අතර මීට අමතරව දරුවන් අතර උපන් ආබාධ ලෙස හිස්කබල තුල වතුර එකතුවීමද ග්ලයිපොසේට් වල බලපෑමෙන් වීමට යම් ඉඩකඩක් ඇතිබව වාර්තා වේ.
                         
   මුලින් වාර්තා වුන ආකාරයට ජනාධිපතිවරයා ග්ලයිපොසේට් අඩංගු කන්ටේනර් 15 මුදාහැරීම වලක්වන්න නියෝග කර බව කියවුනි. එයද එසේ වූවාදැයි සැකය. මේ විෂ රසායනික ද්‍රව්‍ය රටට ඇතුල් නොකර විනාශ කිරීමට මුලින් සැලසුම් කර තිබුණු බවත් කියවේ. එහෙත් අවසානයට අනාවරනය වී ඇත්තේ අගමැතිවරයාගේ බලපෑමෙන් මේ විෂ කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රේගුවෙන් මුදාහල බවයි. ඊට එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින් කීපදෙනෙක්ද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී ඇත. රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා හදිසියේ ඉල්ලා අස්වීම පසුපස ඇත්තේද මේ හුටපටය බව දැන් පැහැදිලි වී තිබේ. මෙතන ඇති ගැටළුව මෙයයි. ජනාධිපතිවරයාගේ නියෝගයකින් ග්ලයිපොසේට කන්ටේනර් තොගය මුදාහැරීම තහනම් කළේනම් ජනාධිපතිට වඩා බලතල අඩු අගමැතිවරයා හා ඔහුගේ පක්ෂයේ ගෝලයන් ඊට පිටින් ගොස් කන්ටේනර් තොගය මුදාගත්තේ කෙසේද යන්න ඒ ගැටළුවයි. එක්කෝ ජනාධිපතිවරයා මුලින් කියවුනු ආකාරයේ තහනම් නියෝගයක් දී නොතිබුණා වියයුතුය. නැත්නම් අගමැතිවරයා ජනාධිපතිවරයාටත් වඩා බලවත්ව ඔහුතද බලපෑම් කරන තත්වයේ සිටින නිල නොවන මට්ටමේ බලගතු පුද්ගලයෙක් වියයුතුය. මේ දෙකෙන් කුමක් වියහැකිද?
           
ජනාධිපතිවරයා විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම තහනම් කිරීමට නියෝග කළ බව මාධ්‍ය වලින්ද තහවරු වී තිබූ බැවින් එය අසත්‍ය යැයි දැන් කීමට බැරිය. එසේනම් සිදුවී ඇත්තේ අනිවාර්යයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අනට කීකරු කරගනිමින් ඔහුගේ බලතල වලටත් පිටින් ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුගේ පක්ෂ ප්‍රබලයන් විෂ ග්ලයිපොසේට් තොගය රටට ඇතුල් කරගැනීමයි. එක්සත් ජාතික පක්ෂ නායකයා හා ඔහුගේ ගෝලබාලයන් එසේ කිරීම පුදුමයක් නොවේ. ඒ රටට වින කරන කූඨ වෙළඳ ප්‍රජාවක් පෝෂණය කර ඔවුන්ට වාසි සහගත ලෙස ක්‍රියා කිරීම ගැන ප්‍රසිද්ධ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන නිසාය. එය එසේ වුවත් අපට අසන්නට ප්‍රශනයක් වේ. එනම් පසුගිය ජනාධිපතිවරනයේදී මහින්දගේ නොයෙක් වැරදි කියමින් රටට යහපත කරන යහපාලනයක් ඇතිකරන බවට දුන් පොරොන්දුව සමග මෙවැනි දේ කොතෙක් දුරට ගැලපේද යන්නයි. යහ පාලනයට මෙය අයත් නොවීමටද ඉඩ ඇත. නමුත් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර ඔහු ලවා මෙවැනි රටේ ජනයා බලාපොරොත්තු නොවන විනාශකාරී දේ කරගැනීමට නොවන බව නොකියාම බැරිය. ජනතාව චන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන පොරොන්දුවට විය හැක. නමුත් එය දැන් චන්දය දුන් පිරිසටම පාරා වලල්ලක් වී ඇත්තේ සිරිසේන මහතා කර තිබෙන්නේ යහපාලනය පිටට පෙන්වා මහින්ද ප්‍රමුඛ රටේ ජාතිකත්වයට එරෙහිව විජාතික කොන්ත්‍රාත් එකක් කිරීමත් රනිල් අගමැති කර ඔහුගේ පදයට නැටීම මේ කොන්ත්‍රාත්තුවේ කොටසක් වීමත් නිසයි. යහපාලනයට චන්දය දුන් මෝඩ තකතීරුවන් තවත් එය තේරුම්ගත් ආකාරයක් පෙනෙන්නට නැත. තෙරුනත් දැන කාටත් මුහුනදිය නොහැකිව තමන් යහපාලනේට චන්දය නොදුන් බව ඇතමුන් කියති. යහපාලනයේ රඟ තවත් ඉස්සරහට තව තවත් හොඳින් බලාගන්නට පුළුවන. ඊට පෙර එන චන්දයේදිවත් මොළේ පාවිච්චි කර චන්දය භාවිතා කිරීමට යහපාලන මුලාවේ පැටලුන එවුන්ට හැකි වේවා කියා රටේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා.



       

Sunday, May 24, 2015

විල්පත්තු සංහාරය හා ඊනියා ජාතිවාදය



අපේ රටේ මෑතක සිට කතාබහට ලක්වන මාතෘකාවක් බවට දැන් පත් වී තිබෙන්නේ විල්පත්තු අභයභූමි සංහාරයයි. විල්පත්තු අභය භූමිය ඇතුළු වන රක්ෂිතයට මේ අවාසනාවන්ත තත්වය ඇති වූයේ මීට කලකට ඉහතය. දැන් එය දරුණු අතකට හැරී තිබේ. වඩාත්ම මතභේදකාරි හා සංවාදයට තුඩු දෙන කාරනය වී තිබෙන්නේ විල්පත්තු සංහාරයට හේතුව වී ඇත්තේ ඒ තුල කැලෑ හෙලි කරමින් දැවැන්ත වන විනාශයක්  කිරීමට මුල් වී තිබෙන්නේ ඒ තුල මුස්ලිම් ජනාවාස පිහිටුවීම හා ඊට මූලික වී කටයුතු කරන්නේ මෙරට ප්‍රසිද්ධ මුස්ලිම් මූලධර්මවාදියෙකු වූ කපටි දේශපාලනය හරහා හැමදාමත් ඇමතිකම් කරන රිෂාඩ් බදියුදීන් වීමයි.
                 

උක්ත සංසිද්ධිය ගැන කරුනු කීමට පෙරාතුව අපට මතක් කරගැනීමට එක් ව්ශේෂ දෙයක් ඇත. ඒ විල්පත්තු කැලෑවේ මේ වන විටත් ගහ කොළ වනසමින් ඉඩම් මැන අළුතින් ජනාවාස ඇතිකර තිබෙන්නේ තනිකරම මුස්ලිම් ජනයා පමණක් පදිංචි කරවීම සඳහා වීමත් ඊට මුල් වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වීමහා ඔහුට ඒ සඳහා කටාර් රාජ්‍යයේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයකින් සියළු ප්‍රතිපාදන ලැබීමත්ය. මෙය මුස්ලිම් මූලධර්මවාදී ආක්‍රමණය පිළිබිඹු කරන්නක් නොවේ යැයි කිව හැක්කේ මුස්ලිම් අන්තවාදයේම ජරාව ගිලින පිංගුත්තර දේශපාලනයට හෝ සියල්ල උඩු යටිකුරු කරගෙන ජාතික සමගිය ගැන වැරදි චිත්‍රයක් මවාගත්තවුන්ට පමණය.
                    

කුරා කූඹියෙකුටවත් හිරිහැරයක් නොකරන ශාන්තුවරයන් බඳු වූ මෙරටේ ජාතික සමගිය වෙනුවෙන් ඇප කැප වන අති උත්තමයන් මේ සිද්ධිය හමුවේද ජාතිවාදීන් යැයි කියන්නේ විල්පත්තු වන සංහාරය ගැන නිවැරදි තොරතුරු රටට හෙලි කරන අයට හා මේ මහා විනාශයට එරෙහි වන පිරිසටය. ඒ එම පිරිසට සිංහල බෞද්ධ සංවිධානද අයත් වීම නිසාත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මෙරට සුළු ජන කොටසක් වන මුස්ලිම් වර්ගයට අයත් වීම නිසාත්ය. අති උත්තම ජාතික සමගි ඔස්තාර්ලාට අනුව සුළුතර ජන කොටසකට අයත් පිරිසක් රටේ පොදු ජාතික හර පද්ධතියට හෝ රටේ පොදු පිළිගැනීම් වලට එරෙහිව යමින් තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් පමණක් ක්‍රියා කරනවිට එම තත්වය රටේ පොදු ජාතිකත්වයට ඇතිකරන හානිය හඳුනාගැනීමේදී එය වඩා සංවේදීව හඳුනාගන්නේ සිංහලයන්නම් එතැන සිංහල ජාතිවාදයක් ඇත. එමෙන්ම රටේ ජාතික හරපද්ධතීන්ටත් පොදු පිළිගැනීම් වලටත් එරෙහිව ක්‍රියා කළ සුළුතර ජන කොටස් වල නියමුවන් එම ජනකොටස් වලට අමිල සේවයක් කළ වීරයන් වන්නේද මේ ජාතික සමගි ඔස්තාර්ලාට අනුවයි. ඒ ඔවුන් සිතන්නට පුරුදු වී ඇති ක්‍රමය වේ.
             
   කලක් තිස්සේ රටේ කැම අන්ධ කළ ඊනියා ජාතික සමගියේ ප්‍රලාප වලට පයින් ගසා පියවි සිහියට පැමිණිය යුතු කාලය දැන් පැමිණ ඇත. මේ පසුගිය දිනක අනාවයනය උනේ විල්පත්තු කැලෑවේ අනවසරයෙන් පදිංචි කරවූවන් අතර මේ රටේ මෙතෙක් හඳුනා නොගත් අමුතු භාශවල් කතා කරන පිරිස් හඳුනාගෙන ඇත. මොවුන් නිසැක වශයෙන්ම වෙනත් රටකින් හොර රහසේ සංක්‍රමණය වූ පිරිසකි. ඔවුන්ට කටාර් දේශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ආධාර ලැබී තිබේ. මෑතකදී අනාවරනය වූ අනෙක් කාරනාව වුනේ බදියුදීන් මහතා දැනට පුත්තලමේ පදිංචි එකළ උතුරෙන් පළවා හැරි මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමක් ගැන කීවත් එහිදීද පුත්තලම ප්‍රදේශයේ ස්ථිර වාසස්ථාන ඇති පිරිස් එම ඉඩම් ගේදොර ආදිය තිබියදීම විල්පත්තු කැලෑවෙ ඉඩම්ද ලබාගෙන තිබීමයි. මේ එන්නේ මොකාටද කියා තේරුම් ගැනීමට ඊනියා ජාතික සමගි කන්නාඩිය ගලවා පියවි ඇසින් සිද්ධිය දැක පියවි සිහියෙන් මෙතන සිදුවන දේ තේරුම්ගතයුතුය. ඇත්තටම ජාතික සමගියක් අවශ්‍යනම් සාධාරන ලෙස සිදුවිය යුත්තේ මේ රටේ සුළුතර ජනකොටස් විසින් රටේ අනන්‍යතාවය ගොඩනගා රට රටක් ලෙස නිර්මාණය කර තිබෙන්නේ බහුතර සිංහල ජනතාව යන සත්‍ය කාරනාව අවංක වශයෙන්ම පිළිගෙන ඔවුන්ද රටේ බහුතරය හා ජාතික ප්‍රතිපත්ති පිළිගනිමින් ඒ සමග එකට කටයුතු කිරීමයි.
        
ජනමාධ්‍ය වලින්ද මේ ගැන නොබියව සත්‍ය කරුනු රටට කියන්නේ හිරු ටීවී ආයතනය පමණි. බොහෝ ජනමාධ්‍ය අදටත් සත්‍ය කරුණු වසන් කරන්නේ ඊනියා ජාතික සමගිය හා ව්‍යාජ සංහිඳියාව ඉදිරියට දමාගෙනය. වහාම මෙතන සිදුවන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය විසින් ලංකාව ආක්‍රමණය කිරීමේ සූක්ෂම සැලසුම් ක්‍රියාත්මක වීමක් බව තේරුම් ගත යුතුව ඇත. තවත් සංහිඳියාවේ බොරු අපට වැඩක් නැත. දැන් අවශ්‍ය මේ මුස්ලිම් ව්‍යාප්තිවාදී සුළු ජනවාර්ගික අන්තවාදය නිවැරදිව හඳුනාගෙන ඊට එරෙහිව නිසි ප්‍රතික්‍රියාව දක්වා රටත් රටේ පරිසරයත් ආරක්ෂා කිරීමයි. එසේ කිරීමෙන් මුස්ලිම් ජනයා හිත් අමනාපකමක් ඇතිකරගනීවි යැයි සිතා අන්තවාදීන්ට අනුකම්පා කිරීම අජරාමර ගොන් කමකි. රටේ ජාතික ප්‍රතිපත්ති වලට ගරු කරන අන්තවාදීන් නොවන මුස්ලිම් ජනයා රටේ බොහෝ ඇත. අප විසින් සැබෑ ලෙස සමගිසම්පන්න බවක් ඇති කරගත යුත්තේ ඔවුන් සමග මිස රිෂාඩ් බදියුදීන්ලා සමග නොවේ. මේ නිවට නියාඩු කම පැත්තකින් තියා රටේ සමස්ථ ජාතිකත්වයටම පිටින් යන සුළු ජනවාර්ගික අන්තවාදයන් සියල්ල පිටුදැකීම දුර දක්නා නුවණින් කළයුතුය. මෙය තවත් ප්‍රමාද වුවහොත් වන්නේ නියපොත්තෙන් කඩන්නට තිබූ දේය පොරවෙන්වත් කපාගන්නට බැරි තරමට වර්ධනය වී රටටම හෙනයක් වීමයි. ජාතික සමගි ඔස්තාර්ලාගේ සිත් පෑරුනානම් ඒගැන වගනොකියමි.

Saturday, May 16, 2015

පිස්සු නැත්තන් ශෝක්ද? නියම වැඩකාරයෝද?


අපි බොහෝ දෙනෙක් වාහන එලවල තියෙනවට සැකයක් නෑ. ඒත් මෙහෙම එලවිල්ලක් නම් එලවල තියෙයිද?

Tuesday, April 14, 2015

තොපිට මෝටාර්


ඔන්න කාලෙකට පස්සේ පොඩි කතාවක් මතක් උනා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1988/1989 ජේවීපී කෝලහල තිබුන භීෂණ සමයේ. ටිකක් රසවත් සිද්ධියක්. ඔන්න ඔය කාලේ පොලීසියට හරියට වැඩ රාජකාරි තිබුණා. විශේෂයෙන් ජේවීපී කාරයො අල්ලන්නයි ඒ අයගේ ක්‍රියාකාරකම් මර්ධනය කරන්නයි. ඉතින් පොලිස් නිලධාරීන් බැහැල මේ රාජකාරිය කරද්දී වෙච්ච හාස්‍යජනක සිදුවීමක් තමයි මේ. ඔන්න ඉතින් ඒ දවස් වල ජේවීපී ක්‍රියාකාරකම් ගැන ඉව අල්ල අල්ල හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අවධානයට ලක් උනේ එක්තරා පුද්ගලයෙක් අතේ තිබුණ පොතක්. ඒ ගැන සැක හිතපු පොලිස්කාරයෝ දෙන්නා අර පුද්ගලයාගේ අතේ තිබුණ පොත බලෙන්ම ඉල්ලගෙන එහි මුල් පිටුවේ තිබුන පොතේ නම බලලා තොපිට මෝටාර්ද යනුවෙන් අසමින් මිනිහවත් අල්ලගෙන පොතත් අතඩංගුවට ගත්තලු. බැලින්නම් මෙතන වෙලා තිබුණේ මේකයි. අර පොතේ ලොකු අකුරින් ගහල තිබිල තියෙන්නේ ඉංග්‍රිසි භාශාවෙන් MOTHER  කියන එක. පොලිස් නිලධාරියා මේක "මෝටාර්" කියල වැරදියට උච්චාරනය කරලා වැරදි නිගමනයකට ඇවිත් තමයි අර මනුස්සයගේ පොත අතඩංගුවට අරන් තියෙන්නේ. මේ පොත කවුරුත් වගේ දන්න රුසියානු ලේඛක මක්සිම් ගෝර්කිගේ MOTHER නොහොත් අම්මා නවකතාවයි.         

සියළු දෙනාටම සුභ නව වසරක් වේවා!


ඔන්න අපේ බ්ලොග් කරන යාළුවෝ සේරටමයි අපේ පාඨක සොයුරු සොයුරියන් සේරටමයි සියළු ලක්වාසී ජනතාවටයි සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියල පකිස් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔන්න ජය වේවා සේරටම.

Monday, April 6, 2015

i phone 7 අළුත්ම ගැජමැටික් එක



මේ වීඩියෝ දෙකෙන් පෙන්වන්නේ අළුත්ම ඇපල් i phone 7 වර්ෂන් එකේ තියෙන විශේෂාංග. නැනෝ තාක්ෂණය සමග මොබයිල් තාක්ෂණය වේගයෙන් ඉදිරියට යන ආකාරය මේ වීඩියෝ තුලින් මනාව දැකබලාගන්න පුළුවන්.

Sunday, March 15, 2015

යහපාලන අයියලාට තව ප්‍රශ්න ටිකක්


යහපාලන අයියලාගේ කෙරුවාව දැන් එළිපිට පෙන්නෙන්නට තියෙන නිසාදෝ ඔවුන්ගේ වැඩකටයුතු ගැන හයන්නට දැන් එච්චර මහන්සි වෙන්නට දෙයක් නැත. යහපාලනය වෙනුවෙන් කඩේ ගිය විවිධ තරාතිරම් වලට අයත් දෙනෝදාහක් දෙනා දැන් අල්ලපු හොරුත් නැතුව අඩු කරපු බඩු වල ප්‍රයෝජනයකුත් නැතුව තුෂ්නිම්භූතව බලා සිටින්නේ රටට වෙන්නට යන හරිය ගැනයි. අපේ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංහලන්තයට ගොස් මහ රැජිනත් බ්‍රිතාන්‍ය අගමැතිවරයාත් මුනගැසී නොබෝදා දිවයිනට පැමිණියේය. බ්‍රිතාන්‍යයේදී එතුමාට ලැබුණු ගුරුහරුකම් මොනවාදැයි එතුමා හෙලි නොකළත් රට කරවන්න ඕන විදිහ ගැන කවර හෝ උපදෙසක් ලැබී ඇති බවනම් නිත්‍ය ලෙස කිව හැක්කේ අධිරාජ්‍යවාදී උණ බැස නැති බ්‍රිතාන්‍යට ලංකාව වගේ රටක නායකයෙක් ගෙන්වාගෙන රට සවාරියක් දී නිකම් ආපසු පිටත්කර හැරීමට තරම් කැහිල්ලක් නැති නිසාය.
                 

ජනපති සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සාංචාරයෙන් අනතුරුව රඟදැක්වූ මීලඟ නාටකය උනේ ඉන්දීය අගමැති මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයයි. එහිදීද වටින් ගොඩින් බොහෝ තොරතුරු මෝඩි මහතාගේ ලංකාගමනය හා උතුරේ දෙමළ සන්ධානය සමග කෙරුනු කතාබහ ගැන දැනගන්නට හැකි වී තිබේ. ඒ ගැනත් කියන්නට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන කී ටිකේ අනෙක් හරියයි. එනම් අතීතයේ පටන් තම අනසක ලංකාව පුරාවටත් ක්‍රියාත්මක කරන්න වෙර දැරූ ඉන්දියාවේ වත්මන් නායකයා වන නරේන්ද්‍ර මෝඩි මහතාට නිකම් ලංකාවට පැමිණ ශ්‍රීමහ බෝධිය වැඳපුදාගනිමින් මෛත්‍රීපාල ජනපති බැහැදැක ආගිය තොරතුරු කතාබහ කරමින් සතුටු සාමීචියේ යෙදී සිට ආපසු යන්නට තරම් රුදාවක්ද නැති බව කාටත් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන.

යහපාලන අයියලාගෙන් දැන් අසන්නට තවත් ප්‍රශ්න ටිකක් තිබේ.

1)මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේදී එරට අගමැති හමුවී සාකච්චාකළ කරුනු යහපාලන චන්දදායකයින්ට කියා ඇත්ද? එහිදී උතුරේ ඊලාම්වාදය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය ගැන බ්‍රිතාන්‍ය අගමැතිගෙන් කවර උපදෙසක් සිරිසේන මහතාට ලැබෙන්නට ඇත්ද?

2)මෙසේ බ්‍රිතාන්‍ය අගමැතිගෙන් මෙරට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රටේ ඒකීයත්වය රැකීමට හේ සියළු ජනකොටස් වලට උතුරු නැගෙනහිර ජීවත්වීමට සුදුසු වටපිටාවක් ඇතිකිරීමට උවමනාවක් ඇතැයි යහපාලනයට චන්දය දුන් කිසිවෙකුටත් විෂ්වාස කළ හැකිද?

3)යුධ අපරාධ චෝදනා මත අපේ හමුදා නිලධාරීන්ටත් ජනපති මහිදට හා ගෝඨාභය ඇතුළු නායකයන්ටත් දඬුවම් කිරීම සාධාරනයැයි යහපාලන පාක්ෂිකයින් සිතන්නේද?

4)යහපාලනයට පක්ෂ වූවන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන් ඇත්ත හේතුව උතුරු නැගෙනහිර ඇතැයි කියා දෙමළ සන්ධානය කියන ප්‍රශ්නයකට විසඳුම් ලෙස දේශපාලන විසඳුමක් ලබාදීමද නැත්නම් වෙනත් ආර්ථික ප්‍රශ්නද?

5)යහපාලනය තුලින් මෙතෙක් විසඳී ඇති ආර්ථික ප්‍රශ්න ගැන යහපාලන පාක්ෂිකයන්ට සතුටු විය හැකිද? එසේ ආර්ථික ප්‍රශ්න විසඳුනත් සුළු ජනකොටස් වල ස්වයංපාලන මේනියාවට යහපාලන ජනපති හා අගමැති දක්වන අනුග්‍රහය යහපාලනය වෙනුවෙන් කැප වී චන්දය පාවිච්චි කළ පිරිස අනුමත කරනවාද?

6)යහපාලන ජනාධිපති හා ඔහු පත්කළ අගමැති දෙමළ සන්ධානයේ හා මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතිවාදී අපේක්ෂා වලට අනුග්‍රහය දක්වන බව දැන් ඔවුන් වෙනුවෙන් චන්දය භාවිතා කළ යහ පාලන පාක්ෂිකයින්ට  දැනුම් දෙනවාද?

7)සුළුජනකොටස් වල ජාතිවාදී අරමුණු හමුවේ කුමක් කළයුතුද යන්න මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට චන්දය දුන් පිරිසගෙන් විමසීමක් කරනවාද? සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයත් මුස්ලිම් කොන්ග්‍රසයත් සනසන්නට යන්නේ යහපාලනයට චන්දය දුන් අයගෙන් අසාද?

8)ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට පැමිණ ජනාධිපති හා අගමැතිවරයා හමු වී සාක්ච්චා කළ කරුණු යහපාලනය බලයට පත්කළ සිංහල ජනයා දන්නවාද? මෝඩි මහතා ලංකාවට පැමිණි හේතුව ඒ මහතා මෙරට යහපාලනය බලයට ගෙනා අයට කීවාද?

9)ශ්‍රී ලංකා සංචාරයේදී අගමැති මෝඩි මහතා පැහැදිලිව කියා සිටියේ උතුරේ ඇතැයි කියන ප්‍රශ්නයට 13 වන ව්‍යවස්ථා සංශෝධයේ කරුනු වලිනුත් එහාට ගොස් දෙමළ ජනයාට බලය බෙදා දියයුතු බවයි. ඒ ගැන යහපාලන පාක්ෂිකයින් දැන සිටියාද? දැන් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්ද? යහපාලන පාක්ෂිකයන් දැන් එයට පක්ෂද?

10)යහපාලන පාක්ෂිකයින්ට සිය ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේනම් උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදය බටහිර රටවල් හා ඉන්දියාව මැදිහත් වී ජයගැනීමත්, මුස්ලිම් කොන්ග්‍රසය මාර්ගයෙන් මුස්ලිම් වර්ගවාදය ජයගැනීමත් ප්‍රශ්නයක් කර නොගෙන ඉන් මගහැර යාහැකිද? චම්පික රනවක, රතනහිමි හා සරත් ෆොන්සේකා මහතා සිටිනකම් බිය නොවන බව කියන යහපාලන පාක්ෂිකයන්ට ද්‍රවිඩ බෙදුම්වාදයත් මුස්ලිම් වර්ගවාදයත් ගැන දැන් ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන කියන්නට ඇත්තේ කුමක්ද?


මහින්දගේ පාලනය තුල වැරදි නොතිබුණාමයි කියන්නටවත් මහින්ද යුද්ධය ජයගත් නිසා අනෙක් වැරදි කුමක් කළත් හරි කියන්නට අපටනම් අවශ්‍ය නැත. ඒත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ අඩුපාඩුකම් වලට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය පිළිතුරක් වන්නේ කෙසේද යන්න ඊටත් වඩා ගැටළුවක් බවනම් මේ වනවිට කාටත් පැහැදිලිව පෙනෙන්නට ඇත.

Sunday, March 1, 2015

කමින් කලර් නෝ ගුඩ්

2015 අවුරුද්ද පටන්ගත්තේ රටේ ලොකු දේශපාලන පෙරලියකුත් ඇතිකරමින්. පරාජය කරන්නට නොහැකි මට්ටමේ ප්‍රභල ප්‍රතිරූපයකුත් විශාල ජනාදරයකුත් තිබුන මහින්ද රාජපක්ෂ ජනපති පරාජයට පත් වුනි. චන්ද ප්‍රතිඵල වල හැටියටනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරන කොට්ඨාශ බහුතරයක් ජයගෙන ඇත. එහෙත් උතුරු පලාතේ හා නැගෙනහිර පලාතේ චන්ද අතිමහත් බහුතරයක් මහින්ද රාජපක්ෂ ජනපතිට නොලැබීමෙන් හෙතෙම සෙසු පලාත්වලින් ලබාගත් වැඩි චන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් ජය ගැනීමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපති සමත් විය. මේ සිදුවීම් සමූහයත් ජනපතිවරනයේ චන්ද පොරොන්දු හා ප්‍රසිද්ධියේ නොකියවුනු තිරය පිටුපස සිදුවීමුත් ගැන යමක් කීවොත් හොඳයි කියලා පකිස් පෙට්ටිය තීරනය කළා ඕං.
                              

  ඔක්කොමත් හරි චන්ද ප්‍රතිඵලේ ආවට පස්සේ රටම දැකපු පට්ටම ජෝක් එක තමයි රනිල් උන්නැහේ එයාගේ එක්සත් ජාතික පක්ෂෙයි එයයි දිනපු  චන්දෙයක් කියල හිතාගෙන හිටං හැසිරෙන විදිහ. චන්දෙට කලින් ඉඳලම පොදු අපේක්ෂකතුමාගේ ජනප්‍රිය සටන්පාඨය උනේ දූෂණය නැති යහපාලනය කියන එක. අනෙක් ප්‍රධාන පොරොන්දු ඒකරාශී කරල දින 100 වැඩපිළිවෙළ කියල හිටං එකකුත් නැගල ගියා ඔය අතරේ. මහින්ද උන්නැහේනම් දිගින් දිගටම ක්වුවේ යුද්ධය දිනලා රට සංවර්ධනය කරා ගෙනියන ගමන යනවයි කියලා. මේ සේරමත් හරි චන්ද හුටපට අස්සේ සම්බන්ධන්ලා හකීම්ලා තිරය පිටිපස්සේ ඉඳන් ගෙනියපු වැඩසටහන් ටිකකුත් තියෙනව කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ හිටං. ඒකටනම් පිටරට තානාපතිල වගේ උදවියත් සහභාගි වෙලයි ඉඳල තියෙන්නේ. ජනාධිපතිවරනයට පෙර පොදු අපේක්ෂකයාගේ වැඩපිළිවෙල ගැන පැනනගින සාධාරන ගැටළු කිහිපයක් ඉදිරිපත් කළා. දැන් ඒ ප්‍රශ්න හැබෑවටම ඇතිවෙන පාටකුයි පේන්නේ. ඒ වගේම දැන් තවත් ප්‍රශ්න ටිකක් අළුත පත් උන ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන ආයෙමත් ඇතිවෙන්න පටන් අරන්. ඒ ටික පහතින් දැක්වෙනවා.

 
1)අපේ අය යහ පාලනයට චන්දේ දෙද්දී උතුරේත් නැගෙනහිරත් දෙමළ මුස්ලිම් චන්දදායක බහුතරයක් ස්වයංපාලන සිහිනය සැබෑ කරගැනීමට මෛත්‍රීපාල මහත්තයට චන්දේ දුන්න කාරනාව ඇත්ත වගේ නේද?

2)චීනය හා රුසියාව සමග සමීපව කටයුතු කිරීමත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් තම හිතවත් ගෝලබාලයන් වූ  TNA එකට ඒ තරම් හොඳින් නොසැලකීමත් ගැන හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ගැන උදහස් ව සිටි බටහිර රටවල් දැන් යහපාලනය සමග එක්ව එතුමාට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් පලිගන්නට හෙමින් සීරුවේ උත්සහ කරන පාටකුත් පේනව නේද?

3)මින් පෙර උතුරට යැවීමට තහනම් කර තිබූ භාණ්ඩ ගනනාවක තහනම ඉවත් කිරීම, අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට සැලසුම් කිරීම, මාන්කුලම් පොලීසිය ඉවත් කිරීම රායප්පු ජෝසප්ලාගේ උතුරේ පෙලපාලි හා චාවාක්ච්චේරි පිපිරීම අඳුරු යුගයක් නැවත ඇති වීමේ නරක පෙරනිමිත්තක්ද?

4)යහපාලනය වෛරයෙන් තොර බවට තව දුරටත් සහතික විය හැකිද? මතුගම සිද්ධිය ජෝන් අමරතුංග උන්නැහේගේත් ගෝලබාලයන්ගේත් හැසිරීම යහපාලනයට එකඟද?

5)පෙට්‍රල් මිල මහා පරිමාණයෙන් අඩු වී ඩීසල් මිළ සුළුවෙන් පහත හෙලීම මෙරට සාමාන්‍ය ජනතාවට ඇති කරන්නේ කවර සහනයක්ද? බස් ගාස්තු හා බඩු මිල කෙරෙහි වැඩිපුර බලපාන්නේ ඩීසල් මිල බැවින් ඩීසල් මිල සුළුවෙන් පහත දමා පෙට්‍රල් මිල උපරිම ලෙස අඩු කිරීමෙන් රටේ බහුතරයකට සහනයක් ලැබෙනවාද?

6)කහ කුඩු උඳු පිටි කොත්තමල්ලි පාන් පිටි උම්බලකඩ මිල අඩු වී හාල් පරිප්පු වැනි ප්‍රධාන පෙලේ ආහාර වල මිල අඩු නොවීමේ තේරුම මොකක්ද?

7)පැවති රජයේ මහා පරිමාණ ලෙස වංචා කළ දුෂිත දේෂපාලකයින්ට දඬුවම් කිරීම ගැන සෑහීමකට පත්විය හැකිද? බැසිල් රාජපක්ෂ, සජින් වාස් වැන්නන පමණක් නොව රාජිත සේනාරත්න ඇමතිවරයාද පැවති රජයේ දූෂිත් වංචනික ක්‍රියා ගණනාවකට සම්බන්ධ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඔවුන් ගැන නිසි පියවර ගැනීම ප්‍රමාද ඇයි?

8)පසුගිය රජයේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ පුද්ගලයන් මෛත්‍රිපාල මහතාගේ යහපාලනයටත් දින 100 වැඩ පිළිවෙලටත් සහය දෙන්නේනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරනවාද? බැසිල් සජින් වැන්නන් ගැන සෙවීමට එතරම් උනන්දුවක් නොදක්වා විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ වයස හා වංචනික ලියකියවිලි ගැන හෙවීමට දක්වන උනන්දුව කුමන අරමුණක් වෙනුවෙන්ද? පසුගිය රජය සමයේ සිදු වූ රටට හානිකරම දේ කූඨ ලේඛන සැකසීමද? සමස්ථයක් ලෙස රටේ දූෂණ වංචා සියල්ල සිදු වීතිබෙන්නේ 2005 සිට රාජපක්ෂ පාලන සමයේ පමණද? ඉන් පෙර වැරදි සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද?

9)වෙලේ සුදාට මොකක් වෙයිද? දුමින්ද සිල්වා මර්වින් සිල්වා යන හිටපු ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

10)අපේ රටේ මින් පෙර පැවති රජයන් හා බලයේ සිටි පක්ෂද වංචාකාරී දූෂිත බැවින් සෑම කල්හිම ආණ්ඩු කළ දේශපාලකයින් පිල් වලට බෙදී එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට දඬුවම් කරන්නට පොර කද්දී සුළු ජනකොටස් ස්වයංපාලන අරමුණු කරා හිමින් බඩගා යෑම රටේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් නොවන්නේද? මහා පරිමණ දූෂණ වංචා යුධ ගැටුම් පවතින වාතාවරනයක් තුල පහසුවෙන් කර හැකිව තිබියදී කෙටි කළකින් යුද්ධය අවසන් කරමින් යුද්ධයෙන් වවාගෙන කෑම නතර කළ මහින්ද හිටපු ජනපතිට දඬුවම් කිරීම ඊලාම් බෙදුම්වාදය හිස එසවීමේ ගැටළුවටත් වඩා වැදගත්ද?



මේ ප්‍රශ්න ඔක්කොම අස්සේ අපි අපි පිල්වලට බෙදිල පක්ෂ වල එල්ලිලා ආණ්ඩු පෙරලෙන දිහා බලලා ආතල් ගනිද්දී TNA කාරයයො ටිකයි හකීම් උන්නැහේගේ මුස්ලිම් කොන්ග්‍රස් එකයි ස්වයං පාලන පිස්සුව තද වෙලා රටේ කෑලි තමන්ගේ වරිගේ අයට ලියවගන්න එලිපිට ගේම් ගහන විදිහ දකිනකොටනම්  කමින් කලර් නෝ ගුඩ් කියල හිටං තමයි අපිටනම් හිතෙන්නේ.