Pages

Tuesday, May 27, 2014

දියමන්ති ගැන දැනගන්න




දියමන්ති ගැන අහපු නැති කෙනෙක් හිටියොත් ඒ බොහෝ කලාතුරකින්. දියමන්ති ගැන සාමාන්‍ය වශයෙන් අපි දන්නේ මොනවද? ගොඩක් අය කියයි දියමන්ති වල වටිනාකම ඉහලයි කියල. සමහර විට කෙනෙක් කියයි දියමන්ති වීදුරු කැපීම වගේ කටයුතු වලට යොදාගන්නවා කියලා. ඒ දියමන්ති වල තියෙන අසාමාන්‍ය දැඩි බව නිසා. දියමන්ති කියන්නේ කාබන් මූලද්‍රව්‍යයේ තවත් එක් ආකාරයක් බවත් සාමාන්‍ය දැනුමෙන් ගොඩ දෙනෙක් දන්නවා ඇති.
                      
 
  දැලි කුඩු හා මිනිරන් කියන්නෙත් කාබන් වලම තවත් ආකාර දෙකක්. නමුත් දියමන්ති වල මේ ආකාරන්ට වඩා බොහෝ වෙනස් ස්වභාවය හා අසාමාන්‍ය දැඩි බව ඇති කරන්නේ කාබන් පරමානු එකට එක බැඳී තිබෙන ස්වභාවය හා ව්‍යුහය අනුවයි. වෙනත් කාබන් ස්වරූප වල මෙන්ම දියමන්ති වලද කාබන් පරමාණු සහසංයුජ බන්ධන වලින් බැඳී ඇති අතර මේ බන්ධන සකස් වන ව්‍යූහය අනෙකුත් කාබන් විශේෂ වලට වඩා වෙනස් වේ. දියමන්ති වල කාබන් පරමානු දැලිස් ආකාරයට සහසංයුජ බන්ධනයන්ගෙන් බැඳී පවතින්නේ විශාල බලයන් දැරිය හැකි මට්ටමට එකිනෙකට ඉතා ශක්තිමත්ව බැඳෙමිනි. දියමන්ති වෙනත් කාබන් ස්වරූප වලට පරිවර්තනය වීමක් සිදුවුනත් එසේ පරිවර්තනය වන සීඝ්‍රතාවය ගනණය කළ නොහැකිතරම් කුඩාය.
                           දියමන්ති ඉහල උෂ්ණත්ව වලදී ද්‍රව වීම සිද්ධ උනත් ඒ අප සාමාන්‍යයෙන් සිතන ආකාරයේ ඉහල උෂ්ණත්ව තත්වයන් යටතේද නොව ඊටත් වඩා බෙහෙවින් ඉහල මට්ටම් වලදීයි. එයද සිදුවන්නේ අධික පීඩනයක් යටතේය. සාමාන්‍යයෙන් 3500 °C උෂ්ණත්වයක් හා සාමාන්‍ය වායුගෝල පීඩනය මෙන් 63.5 ගුණයක පීඩනයක් යටතේ දියමන්ති ද්‍රව තත්වයට පත්වේ. දියමන්ති පතල් වලින් කැණීම් කටයුතු කර ලබා ගත්තද එසේ පොළවේ මතුපිට ආසන්නයට දියමන්ති පැමිණෙන්නේ ගිණිකඳු පිපිරීමෙන් පසු ගලා යන ලාවා ස්ථර ඝණ වීමෙනි. ඒ අධික උෂ්ණත්ව හා පීඩන තත්වයන් යටතේ පොළව මතුපිට සිට කිලෝමීටර් 150ක් 190ක් පමණ ගැඹුරේදී කාබන් විපර්‍යාසයන්ට ලක්වීමෙන් උත්පාදනය වන දියමන්ති ගිණිකඳු පිපිරී මැග්මා ධාරාවන් ගලායෑමත් සමගයි. වර්තමානයේ දියමන්ති ආකර වල තිබෙන්නේ වසර දහස් ගණනකට ඉහත මෙලෙස පොළව මතුපිට ආසන්නයට පැමිණි දියමන්ති ප්‍රමාණයන් වේ. දියමන්ති වලට විශාල වටිනාකමක් ලැබී තිබෙන්නේ දුර්ලභ නිසා මෙන්ම එහි ඇති දෘඪ භාවය නිසා විවිධ කාර්මික හා තාක්ෂණික වැඩකටයුතු වලට යොදා ගැනීමේ හැකියාව නිසයි.

15 comments:

  1. මෙව්වනං පකිසෝ අපට බර සාර වැඩියි වගේ... කමක් නෑ ලියපන් මේව වැදගත් වන අය බොහෝ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා මෙහෙම ඒවත් දාන්න එපායෑ දැනුම බෙදාගන්නත් එක්ක. ඒකයි දැම්මේ ඕං.

      Delete
  2. ඉඳලා මේ වගේ දේවලුත් දාන එකේ පොඩි ගතියක් තියෙනවා.
    දන්න දෙයක් නොදන්න අයට දෙන එක හරි වටිනවා.

    ReplyDelete
  3. මචං සොමියා,

    හරිම වැදගත් ලිපියක් කියලා හිතෙනවා. මං නොදන්න බොහොමයක් දේවල් මේ කෙටි ලිපියෙන් ඉගෙන ගත්තා. ලිපිය කෙටි නිසා කියවන්න අමාරුත් නෑ. කාලයත් අඩුයි. දැනුම වැඩියි. නියම ක්‍රමයක්. පුළු පුළුවන් වෙලාවට මෙහෙම දේවල් ලියන්න කියලා ඉල්ලනවා... හරිම වැදගත්

    ReplyDelete
    Replies
    1. ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒක වටිනවා. තව පුලුවන් වෙලාවට මේ වගේ දේවල් දාන්නම්.

      Delete
  4. බොහොම වැදගත් ලිපියක්.

    පකිස් පෙට්ටියෙත් වටිනා කියන දේවල් තයෙනවා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ පකිස් පෙට්ටිය කියන්නේ. හැම එකාටම උවමනා කියන මොකක් හරි දෙයක් මේකේ තියෙයි.

      Delete
  5. මෙවැනි ලිපි ලියවෙන්නෙම නැති බැවින් හැකි ලෙසට මෙවන් ලිපිත් ලියන්න.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම ද????
      අනිවාර්‍ය්‍යෙන්ම නේද??

      Delete
  6. බොහෝම වටිනවා තොරතුරු ටික...

    ReplyDelete
    Replies
    1. අතුතියි අදහස ඉදිරිපත් කළාට ලිපිය ගැන

      Delete
  7. සාමාන්‍යයෙන් 3500 °C උෂ්ණත්වයක් හා සාමාන්‍ය වායුගෝල පීඩනය මෙන් 63.5 ගුණයක පීඩනයක් යටතේ දියමන්ති ද්‍රව තත්වයට පත්වේ/// ඒ කියන්නෙ හිරු මතුපිටට ළං වෙන උෂ්නත්වයක් නේද....
    අගෙයි... ස්තූතියි අපි හා බෙදාගත්තට
    ජයවේවා

    ReplyDelete
  8. හිරු මතුපිට උෂ්ණත්වයටනම් සාපේක්ෂව ගොඩක් අඩුයි නමුත් හිරු ආසන්නයේ උෂ්ණත්ව තත්වයට ගොඩක් කිට්ටුයි.

    ReplyDelete