Pages

Saturday, May 17, 2014

ඌට වේවැලක් තිබේ


මීට වසර ගණනාවකට ඉස්සර සිළුමිණ පත්තරේ ගැමි රස කතා කියලා හරි අපූරු කතා පෙලක් පළ වුනා මට තවම මතකයි. ඒ කතා වලට මුල් වෙලා තිබුණේ ගම් වල වෙච්චි රසවත් හාස්‍යජනක සිද්ධි. ඉතින් මේ කතාවත් මගේ මතකයේ රැඳුනු එකළ සිළුමිණ පත්තරේ පළවුන රසවත් කතාවක්. ඔන්න මෙහෙමයි සිද්ධිය.
               මෙය  එක්තරා ගම්බද පාසලක සිදුවූවකි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි විදුහලේ පහල පංතියක සිංහල භාශාව උගන්වමින් සිටි ගුරුතුමිය ළමයින්ට කපුටා ගැන වාක්‍ය රචනාවක් ලියන්නට කියා ඇත. ළමයින් සියලු දෙනා මහත් උනන්දුවෙන් එම කාර්‍ය කළෝය. වැඩේ අවසන් වූ පසු ගුරුතුමිය ළමයින්ගේ පොත් පරික්ෂා කර බලමින් ළමයින් ලියා තිබූ රචනා ඇගයීමකට ලක්කර අඩු පාඩුද පෙන්වා දෙන්නට විය. ගුරුතුමිය ළමුන් ලියූ රචනා වල පොදුවේ දුටු අඩුපාඩුවක් වී තිබුණේ "කපුටා කළුයි", "කපුටාට හොටක් තිබේ", "කපුටාට අත්තටු දෙකක් ඇත" යනාදී වශයෙන් සෑම තැනම කපුටා යන වචනය යෙදී තිබීමයි. ඒ ගැන සිය අවධානය යොමුකළ ගුරුතුමිය සිසු දරුවන් අමතා කියා ඇත්තේ එලෙස කපුටා යන යෙදුම ඕනාවට වඩා වැඩි වාර ගණනාවක් එක දිගට යෙදීමෙන් රචනාව තරමක් නීරස වන බවත් ඒ වෙනුවට "ඌ", "උගේ" ආදී වචන ගැලපෙන ලෙස යොදාගතයුතු බවයි. පංතියේ ළමුන් සියලු දෙනාද ගුරුතුමිය පෙන්වාදුන් මේ අඩුපාඩුව හොඳින් තේරුම්ගත් බවක් ද පෙනෙන්නට තිබුණි.
                              

      ළමුන්ගේ වාක්‍ය රචනාව ගැන එලෙස අදහස් දැක්වූ ගුරුතුමිය එදින පංතිය අවසානයේ ළමුන්ට උපදෙස් දී ඇත්තේ පසුදින පංතියට පැමිණෙන විට පාසලේ විදුහල්පතිවරයා ගැන රචනාවක් ලියාගෙන එන ලෙසටයි. ළමුන්ද පසුදින පාසලට පැමිණ ඇත්තේ ගුරුතුමිය කී කාර්‍ය ඒ ආකාරයෙන්ම ඉටුකරමිනි. සුපුරුදු පරිදි ළමුන්ගේ පොත් පරික්ෂා කර බැලූ ගුරුතුමියට සිනහ පහල වුනේ ඉබේටමය. ඒ කපුටා ගැන ලියූ වාක්‍ය රචනාවේ ගුරුතුමිය පෙන්වාදුන් අඩුපාඩුව ඉතා අපූරුවට විදුහල්පතිවරයා ගැන ලියූ රචනාවේදී ළමුන් මගහරවාගෙන තිබෙනු දැකීමෙනි. එහිදී අප පාසලේ විදුහල්පතිවරයා වන්නේ කියා නම ඇතුලත්කර ඒ මහතායි යනුවෙන් සඳහන් කොට ඉන් පසුවට ඌ දිනපතා බයිසිකලයෙන් පාසලට පැමිණේ, ඌ ජාතික ඇඳුමෙන් සැරසී පාසලට එයි, ඌට වේවැලක් තිබේ, යනාදී වශයෙන් ළමුන් විසින් විදුහල්පති යන යෙදුම වෙනුවට ගුරුතුමියගේ උපදෙස් පිළිපදිමින් "ඌ", "උගේ" වැනි වචන ගළපා තිබෙන ආකාරය ඇයට බලාගත හැකිවී ඇත.
                              
  මදක් කල්පනා කළ ගුරුතුමියට තමා කලින් රචනාවේ අඩුපාඩු පෙන්වාදීමේදී යම් අතපසු වීමක් සිදුවී තිබුණු බව වැඩි වේලාවක් යන්නට පෙර වැටහිණි. ඒ "ඌ", "උගේ" වැනි යෙදීම් සාමාන්‍ය වශයෙන් ලියන භාශාවේදී සතුන් සම්බන්ධයෙන් යොදාගත්තද මනුස්සයන් සම්බන්ධයෙන් එලෙස ඒ වචන යෙදීම නොකරන බව කීමට ඇයට අමතක වී තිබීමයි. කෙසේ වෙතත් මේ සිදුවීම කළකට අමතක නොවන රසවත් සිද්ධියක් විය.

19 comments:

  1. ඉස්කෝල වල රසවත් කතා ගොඩක් මමත් අහලා තියෙනවා. මේ කතාවනම් ඇහුවේ අද. දිගටම ලියන්න.

    ReplyDelete
  2. හම්මේ ඒ ටීචට මල පනින්නෙක නැති හංද හොදයි..
    නැත්තං සපත්තු දෙක කරේ එල්ලල කලිසම ඔළුඅවෙන ගලවයි..
    ඔව් හිටගෙන

    ReplyDelete
  3. හැක් හැක් අපිත් ඔය වගේ තමා පොඩි කාලේ ඔවා හරි සුන්දර කතා

    ReplyDelete
  4. ඇත්තෙන්ම ගුරු වුර්තියේ ඉන්න අයට මේ වගේ රසවත් අත්දැකීම් ගොඩක් තියෙනවා. දිගටම මේ වගේ කතා අප හැම එක්ක බෙදාහදාගන්න.

    ReplyDelete
  5. හි හී ..මේ වගේ රචනාවක් පහවසරේ ළමයි ලිව්වා නම් වැරදීමක් හැබැයි දහය එකොළ වසර වල වගේ ළමයි ලිව්වනම් ටීච කියල දුන්නත් අනිවාරෙන් මෙහෙම තමයි ලියන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. මේක පොඩි ළමයි ඉන්න පහල පන්තියක වෙච්ච සිද්ධියක්.

      Delete
  6. මේකත් 1970 දශකයේ අග භාගයේ සිළුමිණ පත්‍රයේ පළ වී තිබූ රස කතාවක්:

    ඒ කාලේ කෙළින් ම අංක කරකවා (දැන් නම් අංක ඔබා) දුරකථන ඇමතුමක් ගත හැකිව තිබුණේ ලංකාවේ නගර කිහිපයකට පමණ යි. කොළඹ හා ඒ අවට නගර, මහනුවර, ගාල්ල, මීගමුව එම නගර යි. අනිත් නගරවලට ඇමතුමක් ගැනීම සඳහා පළමුව 101 අංකය කරකවා, කොළඹ දුරකථන විනිමය අමතා තමුන්ට කතා කිරීමට අවශ්‍ය අංකය කියා (උදා: හබරණ 11), ඇමතුමක් වෙන් කරවා ගත යුතු යි. සාමාන්‍යයෙන් විනාඩි 20 කට පමණ පසු කොළඹ සිටින දුරකථන ක්‍රියාකරු ඇමතුම ගන්නා සහ ලබන්නා සම්බන්ධ කර දෙයි.

    දැන් සිළුමිණේ තිබූ රස කතාව:

    ඈත පළාතක විසූ එක්තරා නාස්තිකාර පුත්‍රයෙක් ඉගෙනීම සඳහා ඔහුගේ පියා විසින් කොළඹ විද්‍යාලයකට එවා තිබුණා. ඒ පුත්‍රයා නිතරම පියාට දුරකථන ඇමතුම් දී මුදල් ඉල්ලා සිටිනවා. එය ලැබුණු විට ඉක්මනින් වියදම් කර ඉවර කර ගන්නවා. මෙය පියාට මහත් හිසරදයක් වී තිබුණා.

    දිනක් සුපුරුදු පරිදි පුත්‍රයා පියා අමතා, "අප්පච්චි මගේ ළඟ තිබුණු සල්ලි සේරම ඉවර යි. මට වහාම රුපියල් 300ක් [එකල එය ලොකු මුදලක්] එවන්න" යි කියා සිටියා.

    මෙයින් ගැලවීමට පියා කළේ තමුන්ට පුත්‍රයා කියන දේ හරිහැටි ශ්‍රවණය වන්නේ නෑ කීම යි. ඔහු බොරුවට "මොනවද පුතා ඔයා ඉල්ලන්නේ? ඔයා කියන දේ මට ඇහෙන්නෙ ම නෑ" යි කීවා.

    එවිට දුරකථන ක්‍රියාකරු, "බොරු කියන්න එපා, මහත්මයා. මට ඒ ළමයා කියපු දේ හොඳට ම ඇහුණා" කියා කීවා.

    එවිට පියා එක වරට ම මෙහෙම කිව්වා: "තමුසෙට ඇහුණා නම් තමුසේ ඒ සල්ලි දෙනවා!"

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ ඒකත් නියම රස කතාවක් තමයි. අර නාස්තිකාර පුත්‍රයටත් අනෙක් පැත්තේ ඉද්දි ඒක ඇහුනද දන්නේ නෑ.

      Delete
    2. ෂුවර් එකටම ඇහෙන්න ඇති.... :-)

      Delete
    3. ලැජ්ජාවක් තියෙන එකෙක් නං ඉතිං එයා ආයෙත් සල්ලි ඉල්ලන්න නැතුව ඇති

      Delete
  7. ඕන්න ආවා. දිගටම ලියාගෙන යං.

    ReplyDelete
  8. අපි පුංචි කාලෙ අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් දවසක් සාක්කුවෙ බීඩි කොටයක් දාගෙන ගිහින් අහුවෙලා. ..ටීචර් පහුවදාත් සාක්කුවට අත දාල බීඩි කොට හොයන්න. එද කොල්ල සාක්කුව හිල් කරං ගිහින්.. ටීචර් නෝනාට අහුවෙලා තියෙන්නෙ ජුන්ඩා !!

    ReplyDelete
    Replies
    1. ඇම්ඩා වගේ එකෙක් වෙන්න ඕනේ ඔය වැඩේ කළේ.

      Delete
  9. ගුරු කතා නං ඕන තරං තියේ. කරුමෙට දැං කාලෙ නං අහන්න වෙන්නෙ සපත්තු මාල හදපු ගුරුවරුයි ගුරුවරියො දනගැස්සුව මන්ත්‍රීලයි ගැන තමා

    ReplyDelete
  10. ඔන්න අපිත් ආව

    ReplyDelete