Pages

Saturday, October 8, 2016

ගුවන්යානා හා හෙලිකොප්ටර් වල ක්‍රියාකාරිත්වය දැනගන්න.


                                                                   ගුවන්යානය


                                           හෙලිකොප්ටරය

Tuesday, August 30, 2016

නෙට්වර්ක් සිකියුරිටි හිටං හුටං


ලෝකප්‍රකට සිරි ලංකාවේ නායක හිටං තුමාගේ වෙබ් අඩවිය හොරෙකු විසින් හැක් කර ඇති බව වාර්තා වෙයි. බටහිර ලෝකයටත් ඉන්දියාවටත් මේ සිරි ලංකාවේ සිට අනගි සේවයක් කරන හිටං තුමාගේ වෙබ් අඩවිය හැක් කර එකා 17 වියැති පාසැල් සිසුවෙක් කියලයි ආරංචිය. සිසුවා දැන් නඩු අහනකල් ළමා නිවාසයකළු. මොනව උනත් ඉතින් කතාව ඇත්තනම් පොඩි කොල්ලා හැබෑම දක්ෂයෙකි. ඇයි ඉතින් ලෝකප්‍රසිද්ධ නායකයෙකුගේ වෙබ් අඩවියක් හැක් කරන එක ලේසි පහසු වැඩක්යෑ. ඇරත් එහෙවු මනුස්සයෙකුගේ නිල වෙබ් අඩවිය කිවුවහම ඕකේ සිකියුරිටි එකෙන් රිංගන එක මොන තරම් අමාරු වෙයිද? එහෙම බලනකොටනම් අර කොල්ලා කරල තියෙන්නේ පොඩි පහේ දෙයක් නෙවෙයි. ඒවගේම ඌට තියෙන්නෙත් පොඩි පහේ මොළයක් නෙවෙයි. ඇත්තටම බැළුවහමනම් හිටං ගොයියගේ වෙබ් එක හැක් කරන්න උවමනාව තියෙන්න ඕනේ මූ වගේ ඉස්කෝලෙ යන වයසේ එකෙකුට වඩා හිටං තුමාගේ දේසපාලන විරුද්ධවාදියෙකුට. ඔය කිවුවට අර කොල්ලගෙ දේසපාලනේ අපි දන්නවයෑ. සමහර විට ඌ මහින්ද උන්නැහේගේ ගෝලයෙක්ද කියලා අපේ වන් ශොට් අයියගෙන් දැනගන්න ඇහැකි වෙයි. කවුරුවත් මේක ගැන ඉන්ස්ටොන් ප්‍රවුත්ති සාකච්චාවක් තිබ්බෙ නැත්තේ මොකද මන්ද?
                            ඔක්කොම හරි කියමුකෝ හිටං තුමා වගේ ලෝකේ ප්‍රසිද්ධ නායකයෙකුගේ නිල වෙබ් අඩවිය මේන්ටේන් කරන අයි ටී උන්දැලාගේ දක්ෂතාවය ගැනත් පොඩි ගැටළුවක් තියෙනව හිටං. හිටං තුමා උන්නැහෙගේ වෙබ් එකට එබිකම් කරපු පොඩි එකා පස්සේ පන්නනව වගේ තමුන්ගේ නෙට්වර්ක් සිකියුරිටි එක බාර අයි ටී  උන්දැලාගේ මොළේ තරම ගැනත් හොයල බැලුවනම් තමයි වටින්නේ. ඒ තරමට අයි ටී අපි දන්නේ නැති උනත් සාමාන්‍ය ඔපිස් එකක උනත් කොම්පියුටර් පෙට්ටියකට හරි හමන් පාස්වර්ඩ් එකක් දාන එක සාමාන්‍ය දෙයක් කියල අපට තේරෙද්දී හිටං වගේ මේ රට ගැන ජිනීව වල කතා කරන එක නවත්තලා රට බෙදෙන එකත් පෙඩරල් ආනුභාවෙන් නවත්තන්න තරම් මොළේ ඇඟපුරාම තියෙන මහ රැජිනත් අත් මේස් ගලවලා අතට අත දීපු උත්තමයෙකුගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කරන්න ඕන විදිහ හිටං අයිටී සැට් එක සෙල්ලමට ගත්තද කියලත් හිතෙනව. එහෙම වෙලා සිකියුරිටි අප්සෙට් ගිහින් හිටං ලොක්කගේ වෙබ් එක ඇතුලට අර වගේ අන්තේවාසික පොඩි එකෙකුට රිංගල හැක් කරන්න අවස්ථාව ලැබුණනම් ඉතින් හිටං තුමා උන්ට විරුද්ධවත් ඇක්සොන් එකක් ගන්න ඕනේ. අඩුම තරමෙන් හිටංගේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ලා මහින්ද උන්නැහේ එක්ක පාද යාත්‍රා ගිය එවුන්ද කියලා හොයන එක වන් ශොට්ට  බාර දෙන්නවත් ඕනේ. කොහොමෙන් හරි හිටංව මරන්න ආපු කොටිය නිදහස් උනා වගේ අර පොඩි එකාත් නිදහස් වෙලා මයික්‍රොසොෆ්ට් එකේ හරි වෙන ඉන්ටනැෂනල් අයි ටී කොම්පැනියක හරි ලොකු තනතුරක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හිටං.

Saturday, August 6, 2016

විජයග්‍රාහී පාදයාත්‍රාව දැක බඩගිය උන් වෙනුවෙන් කනගාටුව!




උතුරේ විග්නේශ්වරන්ලාට කොලේ වහල බලය දෙන්න යන එකත් එක්ක තමන් කරන අනෙක් ජඩ වැඩ සේරමත් යහපාලනේට චන්දෙ දීපු සේරම අනුමත කොරා කියන මන්දබුද්ධික නිගමනේ ඉන්න එවුන්ගේ දැන් දෙකොන පත්තු වෙන්නට පටන්ගෙනය. එක පැත්තකින් යහපාලනේට චන්දය දීපු එකෙක් හොයාගන්නට බැරි තරම්. තක්කඩි යහපාලන බොරුකාරයන්ට එරෙහි ජනබලය එන්න එන්නම වැඩි වෙලා. ඒකේ උපරිමයට ආපු එක් අවස්ථාවක් පහුගිය අගෝස්තු 1වන සඳුදා අවසන් උන පාද යාත්‍රාවෙන් දකින්නට ලැබී තිබේ. පාදයාත්‍රාවට දිනෙන් දිනෙන් දින සෙනග එක් රැස් වී අවසානයේ මහා ජනගංගාවක් බවට පත්ව ලිප්ටන් වටරවුම වටේ විශාල ප්‍රදේශයක් ලක්ෂ ගනනක මිනිස් ජන ගංගාවකින් පිරෙද්දී ඇඳන් ඉන්න රෙද්දේම කක්කා කොරගත්ත යහපාළුවෝ හත් පොලේ ගාගන්නා ගමන් කක්කා ස්මෙල් එක පරයා යන පවර්ෆුල් ඇරෝමා එකක් හොයාගන්න අපොහොසත් වෙලාය. කට්ටියකට දත කට පූටු වෙලා. තව කට්ටියක් උන විකාරෙන් නොයෙක් දෑ දොඩවනවා. හිටන් හුටන් පුරුදු විදිහට තමන්ගේ අධෝමුඛය විවුර්ත කරලා කියල තියෙනවා රට හරියට කරානම් පාරවල් වල ඇවිදින්න වෙන්නේ නෑ කියලා. හැබැයි මුන්දැ රට කොරන විදිහටනම් මුන්දැව ගෙදර යවන්න චන්දයක් එනකල් මිනිස්සු ඉවසයිද කියලත් සැකයි. එහෙවු එකේ මේ යෝදය ගෙදර ගිය කාලෙක පාරක තොටක ඇවිදිනව තියා පුලස්තිපුරේ ගෙදෙට්ට වෙලා යහතින් ඉන්නවත් මිනිස්සු ඉඩ තියයිද කියලත් විශ්වාස කොරන්නටනම් බෑ. රටට අවංකව ආදරය කරන ජනතාවකගේ මහජන බලය විජාතික ජඩ බලයත් එක්ක බොරුවෙන් රාජ්‍ය බලය අල්ලන ඉන්න යහපාලන වෙස්මූනු කාරයන්ට යටකරන්න බෑ කියලා බංකොලොත් ජහපාලන කතා වලින්ම ඔප්පු උනා.

Saturday, July 16, 2016

විරුවෙකු සිහිකරමු


හසලක ගාමිණි කියන්නේ කවුද කියලා මේ රටේ වැඩිම පිරිසකට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒත් තමන්ගේ පුද්ගලික වාසියක් වෙනුවෙන් රටම පාවදෙන කාලකන්නින්ටනම් හසලක ගාමිණි චරිතය වැඩක් නැති වෙයි. කුලියට ලියන යහපාළු බ්ලොග් කාරයන්ටත් හසලක ගාමිණිට වඩා දෙමළ ජාතිවාදීන් සතුටු කරන දේසපාලන තක්කඩි වැඩගත් කියලත් අමුතුවෙන්න් කියන්න ඕන නෑ. ඒත් මේරටේ ඉතිහාසය දන්න ජාතික වගකීම දන්න ජාතිකත්වයට ලැදි අති විශාල බහුතරයට හසලක ගාමිණි කියන්නේ විරුවෙක්. ඒ කොටි ත්‍රස්තයන්ගෙන් හමුදා කඳවුරක් බේරගත්තු ඔහු ඒ වෙනුවෙන්ම කොටි බුල්ඩෝසරය විනාශ කරමින් ජීවිතයත් අහිමි කරගත්තු නිසා. කොටින්ට අවි බලයෙන් ගන්න බැරි උන දේ උන්ගේ වර්තමාන නියෝජිත දෙමළ සන්ධාන වසලයන්ට හොර පාරෙන් බලය බෙදා දීම හරහා යහපාළු තක්කඩි රැල කටයුතු කරද්දී අපට රටට ආදරය කරන බඩගෝසතරවාදයෙන් තොර මිනිසුන් හැටියට ඒ සියළු උත්සහයන් ව්‍යර්ථ කිරීමේ වගකීමත් තියෙනවා කියල මතක් කරන්නත් කැමතියි. මේ කෙටි සටහන තබන්නේ පහුගිය 14 වෙනිදට රට වෙනුවෙන් හසලක ගාමිණි විරුවා දිවි පුදා වසර 25 සපිරීම නිමිති කොට ගෙනයි.

Monday, June 27, 2016

ඉංගිරිසින්ගේ ජාතික තීන්දුව හා යුරෝපය


පෙරේදා එනම් 2016 ජූනි 23 වනදා බ්‍රිතාන්‍යට තීරනාත්මක දිනයක් විය. ඒ එදින බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටියයුතුද නැද්ද කියන කාරනයට ජනමත විචාරනය පැවැත්වූ බැවිනි. එහි ප්‍රතිඵලය දෙස ලෝක ජනමාධ්‍ය සියල්ල දෑස් විදහා බලා සිටියේය. අවසානයේ ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරය එරට යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බවට තීරනය කිරීමයි. එහිදී චන්ද ප්‍රතිඵල අනුව 51.9%ක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බවට පක්ෂ වී ඇති අතර තවදුරටත් යුරෝපා සංගමය තුල බ්‍රිතාන්‍ය රැඳී සිටිය යුතු බවට පක්ෂ වී ඇත්තේ 48.1%කි. ස්කොට්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේ බහුතරයක් යුරෝපා සංගමයේ රැඳී සිටිමට වැඩි කැමැත්තක් දක්වා ඇති බව දකින්නට තිබූ අතර සෙසු ප්‍රදේශ වල බහුතරයක් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වැඩි කැමැත්තක් දක්වා තිබුණි. තවත් විශේෂිත සිද්ධියක් වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය තරුන පිරිසගෙන් බහුතරයක් තම රට තව දුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තීරනය කර තිබීමත් වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට තීරනය කිරීමත් යන සිද්ධියයි.
                           යුරෝපා සංගමය යුරෝපා මහද්වීපයේ රටවල් අතර ආර්ථික දේශපාලන හා ආරක්ෂක කරුනු ඇතුළු තවත් කාරනා ගනනාවක් සම්බන්ධයෙන් පොදු එකඟතාවයන් යටතේ ක්‍රියාත්මක වන සංගමයකි. යුරෝපා සංගමයේ ඉතිහාසය දෙවන ලෝක යුධ සමය දක්වා අතීතයකට දිව යයි. මෙහි ආරම්භය්යේදී මූලිකම අභිප්‍රාය වී ඇත්තේ රටවල් අතර යුධ ගැටීම් වැලැක්වීමයි. පසුව රටවල් අතර ආර්ථික සහයෝගීතාවයන් ඇතුළු අනෙකුත් කරුනු අනුව සහයෝගීතාවයන් වර්ධනය කර ගනිමින් යුරෝපා සංගමය ඉදිරියට ඇදී ගියේය. අපේ අවධානය යොමු වියයුතු සුවිශේෂ සිද්ධියක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම තුල තිබේ. ඒ ගැන කතා කරන්නට පෙර යුරෝපා සංගමය තුල රටවල් වල දේශපාලන තත්වය හා යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති ගැන පොඩි සැසඳීමක් අවශ්‍ය වේ. ජාතික රාජ්‍ය ලෙස යුරෝපයේ එකකින් එකක් වෙනස් වන අනන්‍යතාවයන් අනුව ගොඩනැගී තිබූ රටවල් ආර්ථික සහයෝගීතාවය මත පොදු එකඟතාවයන් වලට යන විට ඒ ඒ රටවල ජාතිකත්වයන්ට වෙන් වෙන්ව තිබූ බලය දුර්වල වී වාමාංශික සමාජවාදී හා ලිබරල් මතවාදයන් යුරෝපා සංගමය තුල ඉදිරියට පැමිණියේය. ඒ තුල ධනවාදය නැතුවා නොවෙයි. නමුත් සමස්ථයක් වශයෙන් තනි තනි රටවල ජාතිකත්වයන්හි ලක්ෂණ අභිබවා ජාතිකත්වයන්ගෙන් වෙන් වූ මගක යන වාමාංශික හා ලිබරල් ලක්ෂණ ඉදිරියට පැමිණීමක් මේ තුල ක්‍රමයෙන් වර්ධනය විය.
                            


යුරෝපා සංගමයේ කොන්දේසි හා සම්මුතීන් වලට බැඳී සිටීමේදී එක් එක් රටවලට තම රටේ ජාතිකත්වය අනුව කටයුතු කිරීමේදී සීමාවල් ඇතිවනවා පමණක් නොව ඒ ඒ රටවල ස්වාධීනත්වයද යම් ප්‍රමාණයකට අඩු වන බව පැහැදිලි දෙයකි. මේ ගැටළුව වාමාංශික සමාජවාදීන්ට හෝ පෞද්ගලිකත්වය වැඩි වශයෙන් ඉස්මතු කරන ලිබරල් වාදීන්ට ගැටළුවක් නොවන්නේ ඔවුන් ජාතිකත්වයෙන් පරිභාහිර ගමන් මගක යන බැවිනි. එතැනදී යුරෝපා සංගමය තුලද සියළු රටවල ඔවුන් වැනිම කොටස් ඒකරාශීව ඉදිරියට යෑම සිදු වුනත් ඒ ඒ රටවල ජාතිකත්වයන් අනුව ක්‍රියා කරන කොටස් වලට එලෙස එක් වීමේ හැකියාව අඩුය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බලපෑ මූලික සංසිද්ධියද මේ පරස්පරතාවයන් අතර ඇති ගැටුම්කාරී තත්වය බව පෙනේ. එහිදී බ්‍රිතාන්‍ය ජනයා බහුතරයක් තම රටේ ජාතිකත්වය තුල සිටිමින් ක්‍රියා කර ඇති බව පැහැදිලිය. යුරෝපා සංගමය තුල රැඳී සිටිමින් එහි සම්මුති වලට එකඟව කටයුතු කර ආර්ථික හෝ වෙනත් ප්‍රතිලභ ලැබීමට වඩා තම රටේ ස්වාධීනත්වය හා ජාතිකත්වය ඉදිරියට ගෙනයෑම වැදගත් බව සැලකීම බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරය තම රට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂව ගත් තීන්දුව තුල ඇත.
                              

                                    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීන්දුව අපටද ගත යුතු දේ ඇත. බ්‍රිතාන්‍ය ජනමත විචාරනයේදී එරට තරුණ පිරිසගෙන් වැඩි හරිය තම රට යුරෝපා සංගමය තුල රැඳෙනවාට කැමැත්ත ප්‍රකාශ කර ඇති නමුත් වැඩිහිටි පිරිස ඊට විරුද්ධ මතය ජයග්‍රහනය කරවා ඇත්තේ බ්‍රිතාන්‍ය තරුණ පිරිසට යම් පාඩමක්ද කියා දෙමිනි. ඒ අනුන්ගෙන් කෑමට වඩා තම රට ස්වාධීනව තම ජාතික අනන්‍යතාවය යටතේ ඉස්සරහට යෑම වැදගත් යන පාඩමයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේදී ඇතිවන ආර්ථික බලපෑම් ඊට පක්ෂව කැමැත්ත ප්‍රකාශ කළ බහුතරන දැනගෙන සිටියාටද සැකයක් නැත. යුරෝපා සංගමයේ කොන්දේසි වලට යට නොවී තම රටේ ජාතිකත්වය හා ස්වාධීනත්වය රැකගෙන ආර්ථිකය ගොඩනගා ගත හැකි බවට ඔවුන්ට විශ්වාසයක් තිබෙන්නටද ඇත. එහෙත් එරට තරුණ පිරිසගෙන් බහුතරය ඒ විශවාසය අනුව ආත්ම ශක්තියකින් ක්‍රියා කිරීමට අපොහොසත් විය. එහෙත් වැඩිහිටි පරපුර ඔවුන්ට නිසි පාඩම කියා දී තිබේ. අපේ ශ්‍රී ලංකාවේද තරුණ පිරිසගෙන් විශේෂයෙන්ම නගරබද පිරිස රටේ ජාතිකත්වයට ඒ තරම් සමීප නැත. ඔවුන් බොහොමයක් විජාතිකත්වයට බරය. අතිශය තීරනාත්මක චන්දයකින් 2015 ජනවාරි 8 විජාතික කණ්ඩායමේ ඉත්තා වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කරවීමට වැඩිපුර දායක උනේ මේ තරුණ පිරිසයි.
                     බ්‍රිතාන්‍ය තරුණ පිරිසද වැඩි කල් නොයා වැඩිහිටියන් ඉගැන්වූ පාඩම තේරුම් ගනු ඇත. ලෝකයේ ජාතික රාජ්‍ය සක්‍රීය නොවන බවත් ඒවා ජරාජීර්න වී ඇති බවත් කියවන පණ්ඩිතයන්ට හොඳ අතුල් පහරක් වැදී තිබේ. බ්‍රිතාන්‍ය වැසියන්ගේ තීන්දුව වෙනස් කිරීමට අපේ රටේ ගොන් සිරාටයි උගේ අගමැතිටයි උන් දෙන්නට හිතවත් බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පෝරාවටයි බැරි උනේ ධෛවයේ සරදමකටම විය. යුරෝපා සංගමය තුල සිටින අනෙකුත් රටවලටද තම තමන්ගේ රටවල ජාතිකත්වයන් තුලට යෑමට අවශ්‍ය මග ඉදිරියේදී නිර්මානය වනු ඇත. විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති මත සිටිමින් පරිසරය රකින්නට බැරි බවත් එකිනෙකට නොපෑහෙන මතවාද එක් විට කරපින්නා ගත නොහැකි බවත් බටහිර රටවල ජනයා තේරුම් ගනු ඇත. පෞද්ගලිකත්වය ඇදහීම වෙනුවට සමූහ වගකීම් වල වටිනාකමද ටිකෙන් ටික හෝ තේරුම් ගැනීමට බටහිර ජනයා උත්සහ කරනු ඇත. සම්ප්‍රදායික නූතන ආදී බෙදීම් සීමා මායිම් නිවැරදි දැයි සොයා බැලීමටද බටහිර රටවල ජනතාව පෙළඹෙනු ඇත. කාල් මාක්ස්ගේ විප්ලවීය ඉගැන්වීම් වලට වඩා යුරෝපයේ ජනතාව තම තමන්ගේ රටවල නිවැරදි ජාතික වැදගත්කම් හා වටිනාකම් විශ්වාස කිරීමටද ක්‍රියා කරනු දක්නට ඉඩ තිබේ. අනුන්ගෙන් කා බී රටේ ජාතිකත්වයට එරෙහි බලවේග වලට වුවත් සේවය කිරීම හොඳ ඇයි අතිශය තීරනාත්මක අවස්ථාවක වුවත් හිතන අපේ බොහෝ තරුණ කොටස් වලටත් සමහරක් උගතුන්ටත් මෙයින් පාඩම් ඉගෙනගන්නට නුදුරු අනාගතයේම ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත.

Friday, June 17, 2016

සාලා පද පේලි


දඩබඩ චට පට හතර වටේටම සාලාවේ වෙඩි        පත්තු උනා
හිටි අඩියෙම උන මේ වින්නැහියට සාලාවම ගිනි   පත්තු උනා
අවි ගබඩාවක් සාලාවේ ඇති බව කාටත්               සිහියට ආවා
යුධ පිටියේ පය නොගහපු අයටත් මොහොතින් යුධ අසිරිය දැනුනා

උනේ මොකද්දැයි තේරුම් බේරුම් නැතිව රටම       තබ්බීරි උනා
සුපුරුදු විදිහට මාජ්ජ කපුටෝ සාලාවම වට             කොර ගත්තා
විපත්තියේ අල මුල වැල ගිය තැන් හාර          අවුස්සන්නට ගත්තා
හානිය ගැන මිස හේතුව ගැන නම් හොයන්න කාටත්   බැරිම උනා

පත්තර බලන්න බැරුවද කොහෙදෝ ලොක්කත් නෑ දැන්   කතා හිටං
පත්තර මල්ලිට රජවාසල පැත්තට යන්නට බැරි              වෙලා හිටං
කට ඇරියොත් පච වෙන එක නියතයි ලොක්කා කට වහ  ගත්ත හිටං
ලොක්කගෙ දෙවනිය ඉස්සරහට පැන වැඩේට කට       දැම්මාය හිටං

හරි හරි දැන් හරි ඔක්කොම දැන් හරි පරිස්සනේ              අපි පවත්තනෝ
පවත්තලා අපි මේ ගැන තොරතුරු මාජ්ජෙට දෙන්න          පොරොන්දු වෙනෝ
මගේ පොලීසිය මට විස්සාසයි හමුදා බුද්ධිය                       අපට එපෝ

ලොක්කගෙ දෙවනිය කොටිඒජන්තයො වෙනුවෙන් දැන්      උත්තර බැන්දෝ

කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි       ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන්  අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ           පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි                  
   අපි කියනෝ

පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන්       මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව                    ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල     දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට්   එක පෙන්නන්නේ

සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට    බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම    කියා ගත්තේ
ප්‍රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට     මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ           යන්නටයි ගියේ

Sunday, May 8, 2016

ලෝකයේ මිල අධිකම කෝපි


ලංකාවේනම් අපිට රුපියල් 35කට 40 කට වගේ කෝපි කෝප්පයක් කඩෙන් බොන්න පුළුවන්. ගෙදර කෝපි හදාගෙන බොනවනම් වියදම මීටත් අඩුයි. ඒත් මේ කියන ලෝකේ මිල අධිකම කෝපි කොප්පයක් සාමාන්‍යයෙන් ඩොලර් 80ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 11000 ත් 12000ත් අතර ගනනක්. මොනවද මේ කෝපි? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේ කෝපි වර්ගය හඳුන්වන්නේ " Kopi Luwak " නැත්නම්  " cat poop coffee" කියලයි. මේ කෝපි සකස් කරන විදිහයි අනෙක් විශේෂම් කාරනේ. මේකට "  cat poop coffee" කියලා කියන්නේ " pole cat " නැත්නම් උගුඩුවා විසින් කෝපි ගෙඩි කා දැමූ පසු ඌ මළපහ කර පිට කරන කෝපි ඇට සුද්ද කර සාමාන්‍ය ක්‍රමේට වියලා කුඩුකර කෝපි සකසා ගන්නා නිසා. මේ කෝපි වර්ගය බහුලවම නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ. මේ කටයුත්තට යොදාගන්න උගුඩු විශේෂය හඳුන්වන්නේ " Asian Palm Civet  " කියලා කෝපි ගෙඩි උගුඩුවන් විසින් කා දැමූ පසු ඌ මළපහ කර පිටකරන කෝපි ඇට ගොවීන් විසින් එකතු කිරීම මුලින්ම සිදු වෙනවා. කෝපි සැකසුම සුදුවෙන්නේ සාමාන්‍ය විදිහට ඉන් පසුවයි.
                 මේ ක්‍රියාවලියේදී සිද්ද වෙන්නේ මේ වගේ දෙයක්. උගුඩුවා කෝපි ගෙඩි කා දැමූ පසු මේ කෝපි ගෙඩි උගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී එන්සයිම ආශ්‍රිත ජීර්න ක්‍රියාවලියකට භාජනය වෙනවා. එතනදි එන්සයිම ආශ්‍රිත පැසීමේ ක්‍රියාවලිය තුලදී කෝපි ගෙඩි ජීර්නය වන අතරේ කෝපි ඇට තුලට මේ සතාගේ ආහාර ජීර්න එන්සයිම කාන්දු වීම සිදුවෙනවා. මෙතනදී මේ ප්‍රෝටීන ජීර්නකාරක එන්සයිම මගින් කෝපි ඇටේ ඇතුලේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන අංශු කුඩා පොලි පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල දක්වා බිඳ වැටෙනවා. මේ කෝපි වල විශේෂ රසය හා සුවඳ ඇතිවෙන්නේ ඒ තුලිනුයි. කෝපි වල තිත්ත ගතිය අඩු වෙන්නත් ඒ ක්‍රියාවලිය බලපානවා.
             ඉන්දුනීසියානු කෝපි නිෂ්පාදකයන් බොහොමයක් විෂ්වාස කරන්නේ මේ විදිහට කෝපි සැකසීමේදී උගුඩුවන් විසින් හොඳම කෝපි ගෙඩි හැකි තාක් තෝරා කෑමට ගන්නා බවයි. මේ අමුතු කෝපි සැකසීමේ යාන්ත්‍රනය පසුපස තියෙන කතාවත් ටිකක් වැදගත් එකක්. ඉන්දුනීසියාවේ මුලින්ම කෝපි වගාව පටන්ගෙන තියෙන්නේ ලන්දේසින් විසින්. ලන්දේසි වැවිලි කරුවන් ඔවුන්ග් සුවිසල් කෝපි වතු වල වැඩ කළ ඉන්දුනීසියාවේ ආවේනික වැසියන් වූ සාමාන්‍ය ගොවීන්ට ඒ අයගේ පරිහරනය සඳහා කෝපි කඩන්න අවසර දීලා නෑ. ඉතින් මේ ඉන්දුනීසියානු ගොවිපල සේවකයන් ඔවුන්ට අවශ්‍ය කෝපි ටික හදාගන්න කෝපි කෙලින්ම ගස් වලින් කඩල වේලන ක්‍රමේ වෙනුවට මේ වක්‍ර ක්‍රමය භාවතා කරල තියෙනවා ඔවුන්ගේ වැවිලිකරුවන්ට හොරෙන්. ඒක තමයි අද ලෝකයේ මේතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. 


තොරතුරු ලබාගත් මූලාශ්‍ර
http://catpoopcoffeeinc.com/what-is-cat-poop-coffee-aka-kopi-luwak/    
     

Sunday, April 24, 2016

අධෝමුඛයක් කථා කරයි



පුක් පුක් පුක් පුක්............

එදා මම FCID එක ගැන දැනගත්තේ පත්තරෙන් හිටං.....
මගේ අගමැතියයි අර සිංගප්පූරු කාරයයි මහ බැංකුවට කෙලිය එක මම දන්නේ නෑ හිටං........
හැබැයි මම රාජපක්ෂගේ කාලේ දූෂණ වලටයි වංචාවටයි විතරක් විරුද්ධයි හිටං.....
සතොස හොරාකාපු එකා මුදල් ඇමතු උනාටත් කමක් නෑ හිටං....

පුක් පුක් පුක් පුක්...........

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කළා හිටං.............
සංහිඳියාව ඇතිකරන්න ජාතික ගීයත් දෙමලෙන් කියන්න අවසර දුන්න හිටං..........
උතුරේ ස්වයං පාලනේ ඉල්ලන දෙමළ ජනතාවයි අසරන දෙමළ සන්ධානෙයි පවු හිටං.............
අහින්සක කොටින්ට උදවූ කරපු අහින්සක සිවිල් වැසියො ඝාතනය කරයි කියල හමුදා සාමාජිකයො අතඩංගුවට ගත්ත එකත් හරි හිටං................
ඇරත් හමුදා බුද්ධි අංශ සාමාජිකයො අත්ඩංගුවට ගන්න එක මම දැනගෙන හිටියෙත් නෑ හිටං........

පුක් පුක් පුක් පුක්............

අපේ රටේ දෙමළ මිනිස්සු පවු හින්ද හිටං කොටි උන් වෙනුවෙන් සටන් කරපු එකත් සාධාරන හින්ද හිටං අහින්සක කොටි සුදු කොඩි දාගෙන එද්දි උන්ව මරපු අපේ හමුදාවට දඬුවම් දෙන්න සුද්දන්ට මෙහෙ එන්න කියනව හිටං.....
ජිනීව කොන්දේසි ක්‍රියාත්මක කරන්න සහය දෙනව හිටං.......
ජාත්‍යන්තර යුධ අධිකරන පිහිටවලා අපේ හමුදාවට දඬුවම් කරන්න ඉඩ දෙන්න ඕන හිටං.........
ජිනීව යෝජනා වලට එකඟ උනාට පස්සේ බටහිර රටවල් අපිත් එක්ක යාළුයි හිටං...
ඒක හින්ද දැන් ජිනීව කතාව නැවතිලා හිටං.................
හමුදාවේ ගෞරවෙත් රැක්කෙ එහෙමයි හිටං..........

පුක් පුක් පුක් පුක්.......

මම දන්නේ නැති උනාට මටත් හොරෙන් මගේ පිං අගමැති රටේ ආර්ථිකය දියුණු කරනව සිකුරුයි හිටං..............
අගමැතිය මටත් හොරෙන් ඉන්දියාව එක්ක එට්කා ගහල මටත් නොකියම රට දියුනු කරනව විශ්වාසයි හිටං...........
අපේ ජහපාලනෙන් තාම වැඩ පෙන්නන්න පටං ගත්තේ නෑ හිටං......
තාමත් පරන ආන්ඩුවෙන් හදපු ගොඩනැගිලි විවුර්ත කර කර ගියාට අපට වැඩ බැරුව නෙවෙයි හිටං............
අපිට වැඩ කරන්න බැරිවෙලා තියෙන්නේ මහින්දයා රට කාල ණය බර වැඩි කරපු නිසා මිස අපිට වැඩ බැරි නිසා නෙවෙයි හිටං.........

පුක් පුක් පුක් පුක්........

ඔය ඉඳල හිටල ගෑනියෙකුගේ බෙසියර් එකක් උඩ යනකොට සිංහල බෞද්ධකම මතක් උනාට හිටං මට බදුඩීන් සම්බන්ධන් හකීම්ව එහෙම පේන්නෙම නෑ හිටං.........
විගායි සම්බන්ධනයයි ෆෙඩරල් ඉල්ලලා ගෝරි දැම්මට උතුරෙන් දකුනෙන් කොටි ආයුධත් එක්ක අහු උනත් එන් ජී ඕ කාරයෝ හමුදා කඳවුරු වලට පැන්නත් මට කමක් නෑ හිටං............
හමුදාවට දඬුවම් කරල හමුදාව ප්‍රතිසංවිධානය කරන්න අගමැතිය ලවුව එංගලන්තෙට බාර දීල ෆෙඩරල් උන තියෙන එවුන්ට ඕන මගුලක් කරන්න ඉඩ දීල මම රට බෙදන එකත් වලක්වලයි තියෙන්නේ හිටං............
බය වෙන්න දෙයක් නෑ හිටං..........

පුක් පුක් පුක් පුක්..........

ඔය මහින්දය කියන්නේ බොරු හිටං, මහින්දයට බලයක් නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සේරම කැමති මටයි හිටං ........
මම සම්බන්ධන් හකීම් බදුඩීන් එක්ක රට ආරක්ෂා කරන විදිහටම ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයත් ආරක්ෂා කරනව හිටං..............
ඔය බඩු මිල ඉහල ගියාට ගනන් ගන්න එපා හිටං, මහින්දය ගහපු ගැහිල්ලට තමයි ඔක්කොම උනේ හිටං.......
හූ ඇම් පී එකත් එක්ක එකතුවෙලා මහජනයාට ආතල් ගත්තැහැකි කිටං.............
අපි වැඩ පටන් ගත්තහම බලාගන්න පුළුවන් හිටං, ආ ඒක නෙවෙයි අර වැට් බදු වැඩි කරපු එක ගැනත් මම දැනගත්තේ පත්තරෙන් හිටං.........
ඔය මහින්දයට වගේ නෙවෙයි මට පස්චාත්භාගය හොඳට හසුරවන්න වගේම ඒ පැත්තෙන් කතා කරන්නත් හොඳට පුළුවන් හිටං...........
එහෙනම් ඔබ සියළුදෙනාට ජහපාලන සරනයි හිටං................

පුක් පුක් පුක් පුක්............

ආයුබෝවන්............
මීට ජාතික රූපවාහිනිය නයි ටී එන් සමග සිරස ඇතුළු ජහපාලන මාජ්ජ ජාලය......


Sunday, April 3, 2016

ගෙදරදි හදාගන්න පුළුවන් පොඩි ගැජමැටික් ටිකක්


සරල වතුර මෝටරයක්


සරල බ්ලෝවරයක්



සරල ෆ්ලෑෂ් ලයිට් එකක්


සෙල්ලම් බෝට්ටුවක්


සෙල්ලම් මෝටර් කාර් එකක්


ගිනි පෙට්ටියෙන් මයික්‍රෆෝන් එකක්


සරල රෙදි සෝදන යන්ත්‍රයක්


Sunday, February 28, 2016

විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම


ආචාර්ය අජන්තා රණසිංහ යනු අප කවුරුත් හඳුනන ප්‍රවීන සාහිත්‍යධරයෙකි. ඔහු සංගීතඥ්ඥයෙකු මෙන්ම විශිෂ්ඨ ගීත රචකයෙකි. ඔහු විසින් රචිත ගී පද මාලා රස නොවිඳි කෙනෙක් අපේ රටේ නොමැති තරම් යැයි කීවොත් මා නිවැරදිය. එහෙත් ඔහුගේ ගී පද වැල් වල රසය විඳි ඔබ අප සියළු දෙනා අවාසනාවන්ත වුනේ මේ අසහාය ගීත රචකයා ඊයේ දිනයේ සිය දිවියෙන් සමුගැනීමත් සමගයි. අප ආදරය කරන ගරු කරන කාගෙන් වුවද අපට කෙදිනක හෝ වෙන් වීමට සිදු වීම නියත දෙයකි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවාගේ වියෝවෙන් ශෝකයට පත් ඔබ අප සියළු දෙනා වෙනුවෙන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Wednesday, February 3, 2016

එන්සිනාට නිවන් සුව අත්වේවා...!


පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.

Monday, January 18, 2016

කෝපිකඩේ අබිලිං මාමාට නිවන් සුව පතමු


කෝපි කඩේ අබිලිං මාමා කියූ පමණින් ඔහු ගැන නොදත් කෙනෙක් අපේ රටේ නැති තරම්ය. ඒ තරමට කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව මෙරට ලොකු කුඩා කාගේත් සිත් සතන් තුල පැලපදියම් වී තිබේ. ඒ කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් කතාබහට ලක් උනේ අපේම රටේ එදිනෙදා සිදුවීම් සමාජය තත්වය උපදේශන ආදිය වීමත් එහි රඟපෑ සියළු රංගන ශිල්පීන් ශිල්පිනියන් අපේම සමාජයේ අපටම හුරු පුරුදු චරිත නිරූපනයත් නිසා වේ. එදා මෙදා තුර කෝපි කඩේ තුලින් අප සියළුදෙනා රසගැන්වූ නළු නිලි කැල අතර අමතක කළ නොහැකි චරිතයක් වූයේ අබිලිං මාමාගේ චරිතයයි. මේ චරිතයට කිසි දින අමතක නොවන ලෙස පන පෙවූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා වූයේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු නම් කලා ශිල්පියායි. ඔහු කෝපිකඩෙන් අප හඳුනා ගත්තේ තරමක හාස්‍ය උපදවන චරිතයක් ලෙසයි. ඔහු දක්ෂ වේදිකා නළුවෙකු වන අතරම චිත්‍රපට ගනනාවකද රඟපා ඇත. නැවත අප හමුවට නො එන ලෙස ජීවිතයෙන් සමුගත් චන්ද්‍රසිරි කොඩිතුවක්කු රංගන ශිල්පියාට කෝපිකඩේ රසිකයෙක් ලෙස නිවන් සුව පතනවා.

Tuesday, January 5, 2016

මෙන්න මෙයා දැන් මෙහෙමත් කියනවලු


මුන්නැහෙගේ කතාවේ හරය සම්බන්ධයෙන් ඇතිවෙන හිරිකිතෙන් පිරි හාස්‍යජනක බව ගැන කියන්නට ඉස්සර වෙලා මේ උන්නැහේගේ ජනපති පදවිප්‍රාප්තියෙන් පසු කෙරුවාව ගැන ටිකක් මතක් කර ගන්න එක හොඳ වෙයි. වැඩි විස්තර ඕනත් නෑ. මේ යෝධය පොදු අපේක්ෂකය වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව චන්ද සටනට ගෙන ආවේ රටට එරෙහි විජාතික බලවේග එකතුවයි. දූෂණයට අසාධාරනයට එරෙහි යහපාලනය යන රැවටිලිකාර කතාව පසුපස හැංගී තිබුණේද රටේ ජාතියේ බලාපොරොත්තු වලට එරෙහි විජාතික අභිලාශයන් ගොන්නකි. ජනාධිපතිවරණයේදීද සිරිසේන උන්නැහේව බලයට පත් කරන්නට ඇප කැප උනේ දෙමළ ජාතිවාදී ඊලාම්වාදීන්, මුස්ලිම් අන්තවාදීන්, ඉන්දියාව බටහිර ඇතුළු රටෙන් පිටත විජාතික බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විදෙස් ඔත්තු සංවිධාන වේ. මේ අනුව බලන විට පැහැදිලි කාරනාව වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ නියෝජනය කරන්නේ රටේ ජාතික බලවේග පාර්ශවය නොව විජාතික කල්ලිය බවයි. සිරිසේන ගොයියා බලයට පත් උනේ විධායක ජනාධිපති ක්‍රමයටම දොස් කියමිනි. එහෙත් විධායක ජනාධිපති වූ වහාම මොහු කරේ ව්‍යවස්ථා විරෝධීව හා ජනමතයටද පිටින් 29 වතාවක් චන්ද පැරදී සිටි අප්‍රසාධජනකම පුද්ගලයෙක් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති කරවීමයි. එතැනිනුත් නතර නොවූ සිරා දිගටම විජාතික බලවේග වල අභිලාශයන් ඉටු කරමින් විජාතික බලවේග වල ඒජන්තයා වූ හොර අගමැතියා ලවා රටේ ජාතික බලවේග වලට කළ හැකි සතුරු කම් උපරිම ලෙස කිරීමට අනුබල දුන්නේය.
                                                               

සිරිසේන උන්නැහේ බලයට ගෙනෙන්නට දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් ඇතුළු විජාතික නඩේ සමග එක්ව කටයුතු කළ සිංහල බෞද්ධ සුළු පිරිස ගැනත් දෙයක් කියන්නට තිබේ. ඒ සිරිසේනට සහය දැක්වූ සිංහල බෞද්ධයන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොව එක්සත් ජාතික පක්ෂයට හිතවත් නාගරික ව්‍යාපාරික හා සංකර මධ්‍යම පාංතිකයන් බවයි. මොවුන් සාමාන්‍ය වශයෙන් අපේ රටේ සිංහල බෞද්ධ සමාජ දර්ශනය පිළිපැදීමට වඩා එය උපහාසයට ලක් කිරීමටත් කාබාසිනියා කිරීමටත් කැමතිය. සිංහල බෞද්ධ ගැමි සමාජය තුල දක්නට ඇති එකෙකුට එකෙක් එකතු එකමුතු ඒකාබද්ධ බවක් නාගරික කුල්ටූර් සිංහල බෞද්ධයන් තුල නැත. පවුල් සංස්ථාවද මේ නාගරික විච්චූරන සමාජයේ ශක්තිමත් එකක් නොවේ. මිනිස්සුන්ට හා ගැහැනුන්ට විවාහයට පිටින් යන අනියම් සම්බන්ධතා බොහෝ ඇත. මදුවිත සප්පායම් වී නයිට් ක්ලබ් වල රැය පහන් කරමින් සූදු කෙලීම ඇතුළු සියළු දුරාචාරන් වල නිරත වීම මේ නාගරික දියුණු යැයි කියාගන්නා ආටෝපයෙන් පිරුණු සමාජයේ සිංහල බෞද්ධයන්ට මහ ඉහලින් කැපය. සමහරුන්ගේ ලිංගික සදාචාරාත්මක බව කෙසේ වෙතත් ලිංගිකත්වයද අවුල්  වියවුල් එකකි. මේ සමහරක් පිරිමි ස්ත්‍රී පාර්ශවයට අකමැති අය මෙන්ම ඇතැම් කාන්තාවන් පුරුෂ පාර්ශවයට අකමැති විරුද්ධ ලිංගික ඇසුරට බිය සමලිංගික ඇසුරට වැටුන අය වෙති. ගමේ වෙලකට නොබැස්ස ඇලක දොලක නාන්නට නොගිය රටේ ගහක් කොලක් හෝ හරියට නොදන්නා මේ නාගරික සංකීර්ණ පොෂ් සමාජයේ සිංහල බෞද්ධයන්ට බටහිර සදාචාරයන් බිඳවැටී ඇති වූ සංකර ආටෝපයන් දිව්‍ය බෝජන තරම් වේ. රනිල් වික්‍රමසිංහ උන්නැහේගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් එක් රොක්වෙමින් විජාතික බලය තවත් ශක්තිමත් කරන මේ කුල්ටූර් සිංහල බෞද්ධයන් ජනාධිපතිවරනයේදී සිරිසේන වෙනුවෙන් තම චන්දය භාවිතා කළේ ඔවුන්ගේ ජීවන රටාවට සිරිසේනගෙන් ලැබෙන මාහැඟි සහයෝගය හොඳින් දැනගෙන ඒ මත විශ්වාසයද තබාගෙනය.
            

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රටේ සදාචාරාත්මක වටිනාකම් ගැන යම් පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණද සිරිසේන උන්නැහේජනාධිපති වූ වහාම ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. ස්‍රිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට එය ගැට ගසා දැම්මේය. සිරිසේන රටේ ජාතිකත්වය සම්බන්ධයෙන්ද අනුගමනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. එහිදීත් විජාතික බලය උපරිම ලෙස වැඩි කර දෙමළ ජාතිවාදයත් බටහිර නව යටත්විජිතවාදයත් මුස්ලිම් ජාතිවාදයත් උපරිම ලෙස සනසන්නට කටයුතු කළේය. යුධ ජයග්‍රහණයෙන් පසුව උතුරේත් නැගෙනහිරත් තිබූ හමුදා බලය දුර්වල කර දෙමළ ඊලාම් බෙදුම්වාදය ශක්තිමත් කළේය. බෙදී වෙන් වෙන්නට ගිය රට විජාතික බලය පරයමින් කොටි ත්‍රස්තවාදය සුන්නද්දූවිලි කර බේරාගත් රනවිරුවන් අද යුධ අපරාධකරුවන් කරන්නට යන්නේ කිසිම හිරිකිතක් නැතිව දෙමළ ජාතිවාදයට හිතවත් බටහිර විජාතික බලවේග වලට එක්ව බලෙන් අධිකරණද රට තුල පිහිටුවා ගැනීමට ඉඩ දෙන්නට යන අතරේයි. මේ සියල්ලට සිරිසේන පාර කපා දෙන්නේ දෙමළ ජාතිවාදය ප්‍රමුඛ බටහිර විජාතික බලවේග වලට ගැතිකම් කරන රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට බලවත් වීමට තමන් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය දුර්වල කරමින් එක්සත් ජාතික පක්ෂයේ බලය වැඩි කිරීම හරහා රටේ සදාචාරයට පමණක් නොව චාරය කෙසේ වෙතත් සාධාරන මිනිස් හැඟීම් දැනීම් ඇති බහුතරයක් පිළිකුල් කරන සමලිංගිකත්වයටද අනියම් පිළිගැනීමක් ඇති කරමින්ය. චාරයක් නැති විකුර්ති කාමාඅශාවන්ගෙන් පෙළෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට රටේ ඉහල වැදගත් තනතුරු පිරිමනමන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයායි. උතුරු ප්‍රදේශයේ විල්පත්තුවෙන් ඇසෙන්නේ ලක් පොළවට ඔරොත්තු  නොදෙන මට්ටමේ මහා වන විනාශයක අඳෝනාවකි. ඊටද මුල් වී ඇත්තේ රිෂඩ් බදුර්ඩීන් කියන ගස් ගෙවල පෙරේතයාගේ ( ජාතික සමගිය ගැන වද වෙන එවුන් ගැන මා තැකීමක් කරන්නේ නැත ) මුස්ලිම් අන්තවාදී ආක්‍රමණයයි.

             

මේ සේරම අස්සේ හරි අපූරු දේකුත් මෑතක උනා. ඒ තමයි ලෝක ප්‍රකට පොප් ගායක එන් රික් ලංකාවට ඇවිල්ල කරපු සජිවී ප්‍රසංගයක් අතරතුරේ අමන්දානන්දයට පත් තරුණියක් ඇයගේ තනපටය ගලවා එන් රික් වෙත විසි කිරීමයි. ඒ අවස්ථාවේම තවත් තරුණියක් වේදිකාවට පැන ගායකයා සිප වැලඳගෙන තිබේ. සියල්ල අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් ප්‍රසිද්ධියට පත් වුනි. සාමාන්‍ය ලෙස බැලුවොත් මේ වගේ සිද්ධියකදී අපේ රටේ මහා සදාචාර සම්පන්න සිල් රකින චරිතවත් මිනිස්සුන්ට රටේ සංස්කෘතික වටිනාකම් මතක් වේ. මෙදා සැරේත් එහෙම උනත් වඩා කලබලයට පත් උනේ අපේ රටේ ලැජ්ජ බයට හැදිච්ච් සදාචාර සම්පන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්තමයායි. අම්පාර ප්‍රදේශයේ පැවති දහම් පාසල් සිසුන් ඇගයීමේ උත්සවයකට සහභාගී වෙමින් හේ මහත් උජාරුවෙන් කීවේ තමා හොඳ සිංහල බෞද්ධයෙකු ලෙස බෞද්ධ සදාචාරයන්ට පටහැනි අපේ හැදියාවන්ට නොගැලපෙන මෙවැනි අශීලාචාර සන්දර්ශන පැවැත්වීමට නැවත ඉඩ නොදෙන බවයි. තරුණියන්ගේ හැසිරීම කොහොම වෙතත් සංදර්ශන සංවිධානය කරන උදවියට මඩු වලිග පහර දිය යුතු බවත් විලිබිය ඇතිව හැදුනු අපේ ජනපති කෝපයෙන් කියා තිබේ. ඔහුගේ කතාව රජයේ ඇතුළු අනෙකුත් පෞද්ගලික ජන මාධ්‍ය වලින්ද ප්‍රචාරය විය. මේ ප්‍රවුර්තිය ඇසූ සැනින් මටනම් සිනහව නවතා ගත නොහැකි විය. මම හිතන්නේ මට විතරක් නොව මේ කතා මාධ්‍ය වලින් ඇසූ රටේ මෑතක වෙන සිද්ධි ගැන අවධානයෙන් සිටි බුද්ධිමත් සියළු දෙනාට සිරිසේන ගොයියාගේ කතාවට සිනහ පහල වීම පුදුම වෙන්නට දෙයක් නොවන බවයි. සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි හරහා අනාවරනය උනේ සිරිසේන උන්නැහේගේ බෑනාද මේ සංදර්ශනය නරඹා ඇති බවයි. මේවට පුකෙනුත් හිනාය. සංදර්ශනයේ සංවිධායකයන්ට මඩු වලිග පාර දෙන්නට කලින් සිරිසේන මහත්තයා තමන්ගේ බෑනාව අල්ලා ගස් බඳිනවනම් හොඳය. සදාචාරසම්පන්න ජනාධිපතිගේ චාරයක් නැති බෑනාගේ හැටිය ඒ.

                            

සිරිසේන මහත්තයාට හිටි අඩියේ හෝ සදාචාරයත් සිංහල බෞද්ධකමත් මතක් වීම ගැන මටනම් පොඩි සතුටක් දැනෙයි. එහෙත් උන්නැහේට ඔය ටික ජනවාරි 8ට කලින් මතක් උනානම් කදිම යැයි දැන් සිතේ. ඒ එසේ වී තිබුනානම් චාරයක් නැති අශ්ලීලයන් සිංහල බෞද්ධ විරෝධී විජාතික හොරිකඩයන් දෙමළ ජාතීවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් සමග එක්ව රටේ ජාතිකත්වයටත් සදාචාරයන්ටත් එක්සත් ජාතික පක්ෂයයට වඩා හිතවත් රජයක් හා නායකත්වයක් පෙරලා දමා චාරය හැදියාව හෝ ජාතිකත්වය නැති මොන්ගල් රූකඩ ආණ්ඩුවක් හැදීමේ බලපෙරලියේ ඉත්තෙකු වීමට සිරිසේනට නොහැකි වීමට තිබූ බැවිනි. එය ඒ ආකාරයෙන් කිරීමට අපොහොසත් වී එදා රටේ සියළු සදාචාරයන් හා ජාතික බලවේගයන්ට එරෙහි විජාතික කපටි සූත්තරකාරයන්ගේ ඉත්තෙකු වෙමින් යහපාලන සළුපිලි වලින් වසා රටටත් ජාතියටත් විජාතික විෂ එන්නත් කළ සිරිසේන්ද දැන් මේ තනපටයක් දැක කලබල වී සිංහල බෞද්ධකමයි සදාචාරයයි ගැන කතා කරන්නේ? ජනවාරි 8 රටේ ජාතිකත්වයට හා සියළු සදාචාර අංගයන්ට කොඩිවිනයක් කළ සිරිසේන මහතා දැන් හදිසියේ නින්දෙන් ඇහැරී ස්ත්‍රී තන පටයකට බිය වැදීමෙන් තමා සදාචාරය අගයන හොඳ සිංහල බෞද්ධයෙකු යැයි කියමින් කරන කතා විශ්වාස කරන්නටනම් රටේ මනසක් ඇති පන තියෙන එවුන් මැරී ඉපදිය යුතුය. රටේ මුළු ජාතික දේහයම විජාතික විෂ එන්නත් කර අඩපන කළ පසු සිරිසේනට අඩු උනේ ගෑනු තනපට ගැලවෙනකොට තැති ගැනෙන සදාචාරාත්මක හැදියාව විතරද? සදාචාරයක් රැකෙන්නට මුලින්ම වසර දහස් ගනනක් අනන්‍යතාවය රැකුන ජාතියක් ඇති මේ රට ඒ අයුරින් ඉදිරියට රැකගන්නට ක්‍රියා කළ යුතුය. සදාචාරය බිඳ දමා සියළු දුරාචාරයන්ට අයිතිවාසිකම් නිර්මාණය කළ බටහිරින් ආදර්ශ ලබා ගන්නා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට අපේ රටේ සදාචාරයන් යම් පමණක් හෝ රැකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බිල්ලට දුන් සිරිසේනට තමන් කළ කී දෑ අමතක වී හදිසියේ සදාචාරසම්පන්න සිංහල බෞද්ධයෙකු මෙන් සාඩම්බර කතා කීමට ගොස් දැන් සිය වස්තරේම රෙවී ඇත. මේ කතා අසා සිටින්නන්ට හැඟෙන්නේ මුගේ ඔළුව කොහේ හෝ වැදී ජාතිය මතක් වී ඇතිය කියා මිස සිරිසේන සැබවින් ජාතියට ආදරයක් ඇති සදාචාරයක් තිබෙන කෙනෙක් කියා නොවේ. සිරිසේන උන්නැහේට දැන් ඉතින් කරන්නට තිබෙන්නේ රෙදි ටික හෝදාගෙන නාගන්නා එක මිස තවත් හත් පොලේ ගාගැනීම නොවේ.