Pages

Tuesday, July 22, 2014

ගහපන් බුදු හුලඟේ




මේ කතාවනම් ඔන්න සමහර විට ගොඩ දෙනෙක් අහපු එකක් වෙන්නත් පුළුවන්. ගමක වෙච්ච ඇත්ත සිද්ධියක් නිසාත් හාස්‍යජනක  බව නිසාත් බ්ලොගේ දාන්න හිතුවා. වැඩිය විස්තර ඕන නෑ මෙන්න මේකයි සිද්ධිය. 
           එක ගමක හිටියලු මනුස්සයෙක් බණ්ඩා කියලා. පොරට හොස්ස අගින් මැස්ස යන්න බැරි පොඩි දේට කිපෙනසුළු ගතියක් තිබුණලු. ඉතින් මිනිහට ගමම කියන්නේ කුලප්පු බණ්ඩා කියලාලු. ඔන්න කුලප්පු බණ්ඩා දවසක් හේනට ගිහිල්ලා අමු බඩ ඉරිඟු කරලක් කාලා එන ගමන් බඩේ අමාරුවක් හැදිලා බොග සෙට් උනා. මිනිහට තිබුණ හදිස්සිය නිසාම අවශ්‍යතාවය කොහොම හරි ඉෂ්ඨ කරගන්න ඕන නිසා ගහක් යටට ගිහින් බොග දැම්මලු. දැන් තියෙන ප්‍රශ්නේ තමයි හෝදගන්න වතුර ටිකක් නැති එක. මනුස්සය හෙමීට ගෙදර පිලිකන්න පැත්තෙන් එනකොට  වතුර මුට්ටියක් එලියේ තියනවා දැකලා. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ හොයපු දේ හම්බ උනානේ වතුර මුට්ටිය හලාගෙන මිනිහා පුක හේදුවාලු. ටික වෙලාවකින් පවුල ඇවිල්ලා අර වතුර මුට්ටිය අරන් කිවුවලු මම මේ කොච්චි මිරිස් ටිකක් තම්බලා මුට්ටිය එලියේ තියල තිබ්බ වතුර පිටින් ඒක ගන්නත් අමතක උනා කියලා. කුලප්පු බණ්ඩට එලොව පොල් පෙනුනේ එතකොට. ඒ වෙනකොටත් යන්තමට වගේ පුක දැවිල්ල අල්ලලයි තිබුණේ. ටික වෙලාවක් යනකොට තව වැඩි උනාලු. ඉවසගන්න බැරි තැන මිනිහා දිවුවා ඇලට ගිහින් විනාඩි 10ක් 15ක් විතර ඇලේ බැහැලා හිටියා. ගොඩට ඇවිත් බැලුවා ඒත් වැඩක් උනේ නෑ දැවිල්ල ආයෙමත් ආවා. බැරි තැන මිනිහා ගලක් උඩට නැගලා පුක එලියට එන්න සරම උස්සගෙන ගහපන් බුදු හුලඟේ කියලා කිවුවලු හුලං පාරක් බලාපොරොත්තුවෙන්.

11 comments:

  1. හහ් හහ් හා.............
    පට්ට පට පට....

    ReplyDelete
  2. මරු වැඩේ. මේක අහල නෑ.

    ReplyDelete
  3. කෑල්ලක් කපල ලුණු දාල ගත්තනම් ඉස්ටු හදන්න තිබ්බා

    ReplyDelete
  4. හයියෝ සල්ලි කීවුවලු.. දවසම ඇලේ බැහැලා හිටියත් ඕක හරියනවා බොරු..

    ReplyDelete
  5. අය්යෝ අහිංසක කුලප්පු බණ්ඩා...

    ReplyDelete
  6. නියමයි...අහලා තිබුනේ නැහැ.

    ReplyDelete
  7. බුහ් හඃ හඃ හා......

    මට හැලප අයියා මතක් උනා.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  8. ඕකට ආසන්න එකක් හැලපානිස්ට වුනා. ඔය ස්ලෝක කිව්වේ නෑ. එච්චරයි වෙනස.

    ReplyDelete
  9. මෙහෙමයි කිව්වේ "ගහපං බුදු හුළඟේ මගෙ පුක සැනසෙන්ඩ"

    ReplyDelete