Pages

Thursday, February 12, 2015

බිංදුවෙන් පළුවයි කැටපෝල කරුවයි


ඔන්න කාලෙකට පස්සෙ කතාවක් මතක් උනා. මේක මාර්ග නීති කඩ කරපු රියදුරෙක් ගැන පුංචි කතාවක්. ඉතින් මේ මනුස්සයා තමන්ගේ මෝටර් රථය පදවාගෙන යන වෙලාවක පාරේ තිබිලා තියෙනවා නවතින්න කියලා පණිවිඩයක් දෙන සඥ්ඥා පුවරුවක්. ඒක තිබිලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් "STOP" කියන වචනේ බෝඩ් ලෑල්ලක ගහලා. වැඩේ ඉතින් මිනිහට මේකේ ගානක් නැතුව ඔහේ යන්න ගියාලු නවත්තන්නෙම නැතුව. ඊට පස්සේ වෙලා තියෙන්නේ පොලීසියෙන් ලියලා මනුස්සයට උසාවි යන්න උන එකයි ඔන්න. දැන් නඩු කාරය ඇහුවලු අර මනුස්සයගෙන් පාරේ යද්දී අර "STOP" කියන බෝඩ් ලෑල්ල දැක්කේ නැද්ද කියලා. දැන් මිනිහ කල්පනා කළාලු මේකෙන් ගැලවෙන්න මොකද්ද කරන්නේ කියලා. ඔන්න එතකොටම ගණදෙවි නුවන පහල වෙච්ච මනුස්සය එක පාරට කිවුවලු ඔවු බෝඩ් ලෑල්ල දැක්කා කිඅයලා. එහෙනම් නැවැත්තුවේ නැත්තේ ඇයි කියලා දැන් නඩු කාරය ආපහු අහනවලු. අර මනුස්සය ඒකට දුන්න උත්තරේ තමයි තමන්ට මේකේ ලියලා තියෙන එක නොතේරෙන වග.ඒ කියන්නේ ඉංග්‍රීසි බෑ කියලා. නඩු කාරයා මේ මනුස්සය කියන්නේ ඇත්තද බොරුද කියලා පරික්ෂා කරන්න හිතාගෙන මිනිහගෙන් ඇහුවලු තමන්ගේ කාර් එකේ නම්බර් එක කියවන්න පුළුවන්ද කියලා. ඒකේ ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙන නිසා. දැන් අර මනුස්සය ඒකට උත්තරේ දුන්නේ "බිංදුවෙන් පළුවයි කැටපෝල කරුවයි ඉරක් අහවල් අංකය" කියලා බැලින්නම් වාහනේ නම්බර් ඒකේ මුල් අකුරු දෙක "CY". බිංදුවෙන් පළුව "C ". කැටපෝල කරුව " Y ". කොහොමද මොළේ?

7 comments:

  1. Replies
    1. Maathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM

      අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

      එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

      පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

      Delete
    2. // අර ඇලි පෙනුම තියන ගොඩක් මහත කෙනාද මාතලන් කියන්නේ.?//

      නෑ ඕයී....,ඒ පාටියට මසට ගෙනා ඌරු තඩියෙක්....,ඇලි ඌරෙක්....! ඒ ඇලි පෙනුම නිසා ඌ හිතනවා ඌ සුද්දෙක් වගේ කියලා

      Delete
  2. ලංකාවේ අයියලටම හරි යනවා ඒකත්..

    ReplyDelete
  3. තව ඩිංගෙන් කැඩපෝල කරුවයි බින්දුවෙල් පලුවයි ඉවරයි නේද?????

    ReplyDelete