Pages

Tuesday, January 5, 2016

මෙන්න මෙයා දැන් මෙහෙමත් කියනවලු


මුන්නැහෙගේ කතාවේ හරය සම්බන්ධයෙන් ඇතිවෙන හිරිකිතෙන් පිරි හාස්‍යජනක බව ගැන කියන්නට ඉස්සර වෙලා මේ උන්නැහේගේ ජනපති පදවිප්‍රාප්තියෙන් පසු කෙරුවාව ගැන ටිකක් මතක් කර ගන්න එක හොඳ වෙයි. වැඩි විස්තර ඕනත් නෑ. මේ යෝධය පොදු අපේක්ෂකය වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව චන්ද සටනට ගෙන ආවේ රටට එරෙහි විජාතික බලවේග එකතුවයි. දූෂණයට අසාධාරනයට එරෙහි යහපාලනය යන රැවටිලිකාර කතාව පසුපස හැංගී තිබුණේද රටේ ජාතියේ බලාපොරොත්තු වලට එරෙහි විජාතික අභිලාශයන් ගොන්නකි. ජනාධිපතිවරණයේදීද සිරිසේන උන්නැහේව බලයට පත් කරන්නට ඇප කැප උනේ දෙමළ ජාතිවාදී ඊලාම්වාදීන්, මුස්ලිම් අන්තවාදීන්, ඉන්දියාව බටහිර ඇතුළු රටෙන් පිටත විජාතික බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විදෙස් ඔත්තු සංවිධාන වේ. මේ අනුව බලන විට පැහැදිලි කාරනාව වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ නියෝජනය කරන්නේ රටේ ජාතික බලවේග පාර්ශවය නොව විජාතික කල්ලිය බවයි. සිරිසේන ගොයියා බලයට පත් උනේ විධායක ජනාධිපති ක්‍රමයටම දොස් කියමිනි. එහෙත් විධායක ජනාධිපති වූ වහාම මොහු කරේ ව්‍යවස්ථා විරෝධීව හා ජනමතයටද පිටින් 29 වතාවක් චන්ද පැරදී සිටි අප්‍රසාධජනකම පුද්ගලයෙක් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති කරවීමයි. එතැනිනුත් නතර නොවූ සිරා දිගටම විජාතික බලවේග වල අභිලාශයන් ඉටු කරමින් විජාතික බලවේග වල ඒජන්තයා වූ හොර අගමැතියා ලවා රටේ ජාතික බලවේග වලට කළ හැකි සතුරු කම් උපරිම ලෙස කිරීමට අනුබල දුන්නේය.
                                                               

සිරිසේන උන්නැහේ බලයට ගෙනෙන්නට දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් ඇතුළු විජාතික නඩේ සමග එක්ව කටයුතු කළ සිංහල බෞද්ධ සුළු පිරිස ගැනත් දෙයක් කියන්නට තිබේ. ඒ සිරිසේනට සහය දැක්වූ සිංහල බෞද්ධයන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොව එක්සත් ජාතික පක්ෂයට හිතවත් නාගරික ව්‍යාපාරික හා සංකර මධ්‍යම පාංතිකයන් බවයි. මොවුන් සාමාන්‍ය වශයෙන් අපේ රටේ සිංහල බෞද්ධ සමාජ දර්ශනය පිළිපැදීමට වඩා එය උපහාසයට ලක් කිරීමටත් කාබාසිනියා කිරීමටත් කැමතිය. සිංහල බෞද්ධ ගැමි සමාජය තුල දක්නට ඇති එකෙකුට එකෙක් එකතු එකමුතු ඒකාබද්ධ බවක් නාගරික කුල්ටූර් සිංහල බෞද්ධයන් තුල නැත. පවුල් සංස්ථාවද මේ නාගරික විච්චූරන සමාජයේ ශක්තිමත් එකක් නොවේ. මිනිස්සුන්ට හා ගැහැනුන්ට විවාහයට පිටින් යන අනියම් සම්බන්ධතා බොහෝ ඇත. මදුවිත සප්පායම් වී නයිට් ක්ලබ් වල රැය පහන් කරමින් සූදු කෙලීම ඇතුළු සියළු දුරාචාරන් වල නිරත වීම මේ නාගරික දියුණු යැයි කියාගන්නා ආටෝපයෙන් පිරුණු සමාජයේ සිංහල බෞද්ධයන්ට මහ ඉහලින් කැපය. සමහරුන්ගේ ලිංගික සදාචාරාත්මක බව කෙසේ වෙතත් ලිංගිකත්වයද අවුල්  වියවුල් එකකි. මේ සමහරක් පිරිමි ස්ත්‍රී පාර්ශවයට අකමැති අය මෙන්ම ඇතැම් කාන්තාවන් පුරුෂ පාර්ශවයට අකමැති විරුද්ධ ලිංගික ඇසුරට බිය සමලිංගික ඇසුරට වැටුන අය වෙති. ගමේ වෙලකට නොබැස්ස ඇලක දොලක නාන්නට නොගිය රටේ ගහක් කොලක් හෝ හරියට නොදන්නා මේ නාගරික සංකීර්ණ පොෂ් සමාජයේ සිංහල බෞද්ධයන්ට බටහිර සදාචාරයන් බිඳවැටී ඇති වූ සංකර ආටෝපයන් දිව්‍ය බෝජන තරම් වේ. රනිල් වික්‍රමසිංහ උන්නැහේගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් එක් රොක්වෙමින් විජාතික බලය තවත් ශක්තිමත් කරන මේ කුල්ටූර් සිංහල බෞද්ධයන් ජනාධිපතිවරනයේදී සිරිසේන වෙනුවෙන් තම චන්දය භාවිතා කළේ ඔවුන්ගේ ජීවන රටාවට සිරිසේනගෙන් ලැබෙන මාහැඟි සහයෝගය හොඳින් දැනගෙන ඒ මත විශ්වාසයද තබාගෙනය.
            

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රටේ සදාචාරාත්මක වටිනාකම් ගැන යම් පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණද සිරිසේන උන්නැහේජනාධිපති වූ වහාම ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. ස්‍රිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට එය ගැට ගසා දැම්මේය. සිරිසේන රටේ ජාතිකත්වය සම්බන්ධයෙන්ද අනුගමනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. එහිදීත් විජාතික බලය උපරිම ලෙස වැඩි කර දෙමළ ජාතිවාදයත් බටහිර නව යටත්විජිතවාදයත් මුස්ලිම් ජාතිවාදයත් උපරිම ලෙස සනසන්නට කටයුතු කළේය. යුධ ජයග්‍රහණයෙන් පසුව උතුරේත් නැගෙනහිරත් තිබූ හමුදා බලය දුර්වල කර දෙමළ ඊලාම් බෙදුම්වාදය ශක්තිමත් කළේය. බෙදී වෙන් වෙන්නට ගිය රට විජාතික බලය පරයමින් කොටි ත්‍රස්තවාදය සුන්නද්දූවිලි කර බේරාගත් රනවිරුවන් අද යුධ අපරාධකරුවන් කරන්නට යන්නේ කිසිම හිරිකිතක් නැතිව දෙමළ ජාතිවාදයට හිතවත් බටහිර විජාතික බලවේග වලට එක්ව බලෙන් අධිකරණද රට තුල පිහිටුවා ගැනීමට ඉඩ දෙන්නට යන අතරේයි. මේ සියල්ලට සිරිසේන පාර කපා දෙන්නේ දෙමළ ජාතිවාදය ප්‍රමුඛ බටහිර විජාතික බලවේග වලට ගැතිකම් කරන රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට බලවත් වීමට තමන් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය දුර්වල කරමින් එක්සත් ජාතික පක්ෂයේ බලය වැඩි කිරීම හරහා රටේ සදාචාරයට පමණක් නොව චාරය කෙසේ වෙතත් සාධාරන මිනිස් හැඟීම් දැනීම් ඇති බහුතරයක් පිළිකුල් කරන සමලිංගිකත්වයටද අනියම් පිළිගැනීමක් ඇති කරමින්ය. චාරයක් නැති විකුර්ති කාමාඅශාවන්ගෙන් පෙළෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට රටේ ඉහල වැදගත් තනතුරු පිරිමනමන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයායි. උතුරු ප්‍රදේශයේ විල්පත්තුවෙන් ඇසෙන්නේ ලක් පොළවට ඔරොත්තු  නොදෙන මට්ටමේ මහා වන විනාශයක අඳෝනාවකි. ඊටද මුල් වී ඇත්තේ රිෂඩ් බදුර්ඩීන් කියන ගස් ගෙවල පෙරේතයාගේ ( ජාතික සමගිය ගැන වද වෙන එවුන් ගැන මා තැකීමක් කරන්නේ නැත ) මුස්ලිම් අන්තවාදී ආක්‍රමණයයි.

             

මේ සේරම අස්සේ හරි අපූරු දේකුත් මෑතක උනා. ඒ තමයි ලෝක ප්‍රකට පොප් ගායක එන් රික් ලංකාවට ඇවිල්ල කරපු සජිවී ප්‍රසංගයක් අතරතුරේ අමන්දානන්දයට පත් තරුණියක් ඇයගේ තනපටය ගලවා එන් රික් වෙත විසි කිරීමයි. ඒ අවස්ථාවේම තවත් තරුණියක් වේදිකාවට පැන ගායකයා සිප වැලඳගෙන තිබේ. සියල්ල අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් ප්‍රසිද්ධියට පත් වුනි. සාමාන්‍ය ලෙස බැලුවොත් මේ වගේ සිද්ධියකදී අපේ රටේ මහා සදාචාර සම්පන්න සිල් රකින චරිතවත් මිනිස්සුන්ට රටේ සංස්කෘතික වටිනාකම් මතක් වේ. මෙදා සැරේත් එහෙම උනත් වඩා කලබලයට පත් උනේ අපේ රටේ ලැජ්ජ බයට හැදිච්ච් සදාචාර සම්පන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්තමයායි. අම්පාර ප්‍රදේශයේ පැවති දහම් පාසල් සිසුන් ඇගයීමේ උත්සවයකට සහභාගී වෙමින් හේ මහත් උජාරුවෙන් කීවේ තමා හොඳ සිංහල බෞද්ධයෙකු ලෙස බෞද්ධ සදාචාරයන්ට පටහැනි අපේ හැදියාවන්ට නොගැලපෙන මෙවැනි අශීලාචාර සන්දර්ශන පැවැත්වීමට නැවත ඉඩ නොදෙන බවයි. තරුණියන්ගේ හැසිරීම කොහොම වෙතත් සංදර්ශන සංවිධානය කරන උදවියට මඩු වලිග පහර දිය යුතු බවත් විලිබිය ඇතිව හැදුනු අපේ ජනපති කෝපයෙන් කියා තිබේ. ඔහුගේ කතාව රජයේ ඇතුළු අනෙකුත් පෞද්ගලික ජන මාධ්‍ය වලින්ද ප්‍රචාරය විය. මේ ප්‍රවුර්තිය ඇසූ සැනින් මටනම් සිනහව නවතා ගත නොහැකි විය. මම හිතන්නේ මට විතරක් නොව මේ කතා මාධ්‍ය වලින් ඇසූ රටේ මෑතක වෙන සිද්ධි ගැන අවධානයෙන් සිටි බුද්ධිමත් සියළු දෙනාට සිරිසේන ගොයියාගේ කතාවට සිනහ පහල වීම පුදුම වෙන්නට දෙයක් නොවන බවයි. සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි හරහා අනාවරනය උනේ සිරිසේන උන්නැහේගේ බෑනාද මේ සංදර්ශනය නරඹා ඇති බවයි. මේවට පුකෙනුත් හිනාය. සංදර්ශනයේ සංවිධායකයන්ට මඩු වලිග පාර දෙන්නට කලින් සිරිසේන මහත්තයා තමන්ගේ බෑනාව අල්ලා ගස් බඳිනවනම් හොඳය. සදාචාරසම්පන්න ජනාධිපතිගේ චාරයක් නැති බෑනාගේ හැටිය ඒ.

                            

සිරිසේන මහත්තයාට හිටි අඩියේ හෝ සදාචාරයත් සිංහල බෞද්ධකමත් මතක් වීම ගැන මටනම් පොඩි සතුටක් දැනෙයි. එහෙත් උන්නැහේට ඔය ටික ජනවාරි 8ට කලින් මතක් උනානම් කදිම යැයි දැන් සිතේ. ඒ එසේ වී තිබුනානම් චාරයක් නැති අශ්ලීලයන් සිංහල බෞද්ධ විරෝධී විජාතික හොරිකඩයන් දෙමළ ජාතීවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් සමග එක්ව රටේ ජාතිකත්වයටත් සදාචාරයන්ටත් එක්සත් ජාතික පක්ෂයයට වඩා හිතවත් රජයක් හා නායකත්වයක් පෙරලා දමා චාරය හැදියාව හෝ ජාතිකත්වය නැති මොන්ගල් රූකඩ ආණ්ඩුවක් හැදීමේ බලපෙරලියේ ඉත්තෙකු වීමට සිරිසේනට නොහැකි වීමට තිබූ බැවිනි. එය ඒ ආකාරයෙන් කිරීමට අපොහොසත් වී එදා රටේ සියළු සදාචාරයන් හා ජාතික බලවේගයන්ට එරෙහි විජාතික කපටි සූත්තරකාරයන්ගේ ඉත්තෙකු වෙමින් යහපාලන සළුපිලි වලින් වසා රටටත් ජාතියටත් විජාතික විෂ එන්නත් කළ සිරිසේන්ද දැන් මේ තනපටයක් දැක කලබල වී සිංහල බෞද්ධකමයි සදාචාරයයි ගැන කතා කරන්නේ? ජනවාරි 8 රටේ ජාතිකත්වයට හා සියළු සදාචාර අංගයන්ට කොඩිවිනයක් කළ සිරිසේන මහතා දැන් හදිසියේ නින්දෙන් ඇහැරී ස්ත්‍රී තන පටයකට බිය වැදීමෙන් තමා සදාචාරය අගයන හොඳ සිංහල බෞද්ධයෙකු යැයි කියමින් කරන කතා විශ්වාස කරන්නටනම් රටේ මනසක් ඇති පන තියෙන එවුන් මැරී ඉපදිය යුතුය. රටේ මුළු ජාතික දේහයම විජාතික විෂ එන්නත් කර අඩපන කළ පසු සිරිසේනට අඩු උනේ ගෑනු තනපට ගැලවෙනකොට තැති ගැනෙන සදාචාරාත්මක හැදියාව විතරද? සදාචාරයක් රැකෙන්නට මුලින්ම වසර දහස් ගනනක් අනන්‍යතාවය රැකුන ජාතියක් ඇති මේ රට ඒ අයුරින් ඉදිරියට රැකගන්නට ක්‍රියා කළ යුතුය. සදාචාරය බිඳ දමා සියළු දුරාචාරයන්ට අයිතිවාසිකම් නිර්මාණය කළ බටහිරින් ආදර්ශ ලබා ගන්නා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට අපේ රටේ සදාචාරයන් යම් පමණක් හෝ රැකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බිල්ලට දුන් සිරිසේනට තමන් කළ කී දෑ අමතක වී හදිසියේ සදාචාරසම්පන්න සිංහල බෞද්ධයෙකු මෙන් සාඩම්බර කතා කීමට ගොස් දැන් සිය වස්තරේම රෙවී ඇත. මේ කතා අසා සිටින්නන්ට හැඟෙන්නේ මුගේ ඔළුව කොහේ හෝ වැදී ජාතිය මතක් වී ඇතිය කියා මිස සිරිසේන සැබවින් ජාතියට ආදරයක් ඇති සදාචාරයක් තිබෙන කෙනෙක් කියා නොවේ. සිරිසේන උන්නැහේට දැන් ඉතින් කරන්නට තිබෙන්නේ රෙදි ටික හෝදාගෙන නාගන්නා එක මිස තවත් හත් පොලේ ගාගැනීම නොවේ.




24 comments:

  1. Although this is true, most people who expected real change will not be able to stomach the fact that ‘Sira’ is even worse than ‘Mara’

    ReplyDelete
    Replies
    1. Sira or Mara no matter who is he, but any one must obey and accept our nationality.

      Delete
  2. Although this is true, most people who expected real change will not be able to stomach the fact that ‘Sira’ is even worse than ‘Mara’

    ReplyDelete
  3. සිරාගේ කතා වලට හිනා යන එක වෙනම දෙයක් ඒත් මේ යෝධයගෙ වැඩ මුළු රටම අනතුරට හෙලන භයානක දේවල් වලින් පිරිල තියෙන බව අමතක කරන්න බෑ. සිරිසේන මහතාට ජනාධිපති හැටියට තියෙන්නේ මහින්දගෙන් හා ඔහුගේ පවුලේ අයගෙන් පලිගැනීමේ චේතනාව විතරයි. ඒ වෛර චේතනා මුදුන් පමුණුවා ගන්න සිරිසේන මුළු රටත් සිංහල ජාතියත් අනතුරට පත් කරනව විජාතික හතුරු කණ්ඩායම් ශක්තිමත් කරමින්. මේ වගේ අදූරදර්ශී අමන නායකයෙක් මේ රටට බිහි උනාමයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අමනයෙක්ව ජනාධිපති කරගත්ත එවුනුත් අමනයෝ විශේෂයෙන්ම සිංහල හරක් ටික.

      Delete
  4. අනේ බලොන් අපි දන්නෑ....

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට දැනගෙන ඉන්න වෙයි

      Delete
  5. අර නාගරික යූ ඇන් පී සමාජය ගැන කියන ඒවා ඒ පන්තියේම සිරි ලංකා කාරයන්ට නැද්ද...? ගමෙත් ඇත්තෙම නැද්ද....?

    ReplyDelete
    Replies
    1. ayi natthe nagarika siri lanka karayoth ohomamayi habayi game inna e wage ewunuth nagarika ewunwa coy carana moda haththa

      Delete
    2. \\අර නාගරික යූ ඇන් පී සමාජය ගැන කියන ඒවා ඒ පන්තියේම සිරි ලංකා කාරයන්ට නැද්ද...?\\
      අපොයි තියෙනව හැබැයි නාගරික පුහු ආටෝපෙට කැමති සිරිලංකා කාරයො ඉන්නෙ සාපේක්ෂව ඉතාම සුළු පිරිසක්. අනෙක් දේ තමයි නාගරික සිරි ලංකා කාරයොන්ට වඩා නාගරික UNP කාරයන්ට සල්ලිබාගෙ එහෙම වැඩිපුර තියෙනවා. කොහොමෙන් හරි නාගරික සිරි ලංකා කාරයො සාමාන්‍ය ජීවිතේ ආටෝපෙට හරි මොන පිස්සුව කෙලියත් උන්ගෙන් වැඩි දෙනෙක් රටට වෙන ජාතික අනතුරු වලදි වැරදි තීන්දු ගන්නෙ නෑ.

      \\ගමෙත් ඇත්තෙම නැද්ද....?\\
      ගමෙත් ඉන්නව. ඒ ඉන්නෙත් පුක කහගන්න නියපොත්ත නැති ඒ උනාට UNP එකට චන්දෙ දෙන ලෝකෙට තමන් පොෂ් කියල පෙන්නන එවුන්.

      Delete
  6. sirata hena wadila pala polonnaruwe gal musalaysa

    ReplyDelete
  7. සිරිසේනගේ තනපට භීතිකාවෙන් මිනිහගේ හැදියාවයි සිංහල බෞද්ධකමයි පෙන්නන්න පුළුවන් කියල තමයි මේ මනුස්සය හිතන් ඉන්නේ. ඒත් මනුස්සය කරන කියන දේවල් දැකපුවහම හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. මිනිහගෙ සිංහල බෞද්ධකම එළියට එන්නේ ගෑනු තනපට උඩ යනකොට විතරයි.

      Delete
  8. මේ පොන්න වෙසිගෙපුතා ගැන කතා කරන්න ගියොත් අපිට පිස්සු හැදෙනව

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි. මොනව කරන්නද මේව නොලියත් බෑ.

      Delete
  9. sira dan kiriallatath wada gon kathaa kiyanna dhakshayi

    ReplyDelete
    Replies
    1. දැන් කිරිඇල්ලටත් වඩා ගොන් කතා කියන්න සිරා දක්ෂයි. සිරාගේ මේ පම්පෝරි සේරම සිංහල බෞද්ධ බහුතරය රවට්ටන්න විතරයි. මෙයාට ඔය කියන තරමට සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන හැඟීමක් නෑ. හැබැයි මේ ගොන් කතා විශ්වාස කරන්න නම් රටේ අනෙක් මිනිස්සුත් මන්දබුද්ධිකයො වෙන්න ඕනේ. සිරාගේ සිංහල බෞද්ධ කම චන්ද්‍රිකාගේ සිංහල බෞද්ධකමට වඩා වැඩි වෙනසක් නෑ.

      Delete
    2. ගොන්කතා කාරයෝ එකට එකතුවෙනව වගේ දැන්

      Delete
  10. Both Sirisena and yahapalanaya are full of shitt

    ReplyDelete