Pages

Showing posts with label සමාජය. Show all posts
Showing posts with label සමාජය. Show all posts

Sunday, February 28, 2016

විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම


ආචාර්ය අජන්තා රණසිංහ යනු අප කවුරුත් හඳුනන ප්‍රවීන සාහිත්‍යධරයෙකි. ඔහු සංගීතඥ්ඥයෙකු මෙන්ම විශිෂ්ඨ ගීත රචකයෙකි. ඔහු විසින් රචිත ගී පද මාලා රස නොවිඳි කෙනෙක් අපේ රටේ නොමැති තරම් යැයි කීවොත් මා නිවැරදිය. එහෙත් ඔහුගේ ගී පද වැල් වල රසය විඳි ඔබ අප සියළු දෙනා අවාසනාවන්ත වුනේ මේ අසහාය ගීත රචකයා ඊයේ දිනයේ සිය දිවියෙන් සමුගැනීමත් සමගයි. අප ආදරය කරන ගරු කරන කාගෙන් වුවද අපට කෙදිනක හෝ වෙන් වීමට සිදු වීම නියත දෙයකි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවාගේ වියෝවෙන් ශෝකයට පත් ඔබ අප සියළු දෙනා වෙනුවෙන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Wednesday, February 3, 2016

එන්සිනාට නිවන් සුව අත්වේවා...!


පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.

Monday, January 18, 2016

කෝපිකඩේ අබිලිං මාමාට නිවන් සුව පතමු


කෝපි කඩේ අබිලිං මාමා කියූ පමණින් ඔහු ගැන නොදත් කෙනෙක් අපේ රටේ නැති තරම්ය. ඒ තරමට කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව මෙරට ලොකු කුඩා කාගේත් සිත් සතන් තුල පැලපදියම් වී තිබේ. ඒ කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් කතාබහට ලක් උනේ අපේම රටේ එදිනෙදා සිදුවීම් සමාජය තත්වය උපදේශන ආදිය වීමත් එහි රඟපෑ සියළු රංගන ශිල්පීන් ශිල්පිනියන් අපේම සමාජයේ අපටම හුරු පුරුදු චරිත නිරූපනයත් නිසා වේ. එදා මෙදා තුර කෝපි කඩේ තුලින් අප සියළුදෙනා රසගැන්වූ නළු නිලි කැල අතර අමතක කළ නොහැකි චරිතයක් වූයේ අබිලිං මාමාගේ චරිතයයි. මේ චරිතයට කිසි දින අමතක නොවන ලෙස පන පෙවූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා වූයේ චන්ද්‍රසිරි කොඩිතුවක්කු නම් කලා ශිල්පියායි. ඔහු කෝපිකඩෙන් අප හඳුනා ගත්තේ තරමක හාස්‍ය උපදවන චරිතයක් ලෙසයි. ඔහු දක්ෂ වේදිකා නළුවෙකු වන අතරම චිත්‍රපට ගනනාවකද රඟපා ඇත. නැවත අප හමුවට නො එන ලෙස ජීවිතයෙන් සමුගත් චන්ද්‍රසිරි කොඩිතුවක්කු රංගන ශිල්පියාට කෝපිකඩේ රසිකයෙක් ලෙස නිවන් සුව පතනවා.

Tuesday, January 5, 2016

මෙන්න මෙයා දැන් මෙහෙමත් කියනවලු


මුන්නැහෙගේ කතාවේ හරය සම්බන්ධයෙන් ඇතිවෙන හිරිකිතෙන් පිරි හාස්‍යජනක බව ගැන කියන්නට ඉස්සර වෙලා මේ උන්නැහේගේ ජනපති පදවිප්‍රාප්තියෙන් පසු කෙරුවාව ගැන ටිකක් මතක් කර ගන්න එක හොඳ වෙයි. වැඩි විස්තර ඕනත් නෑ. මේ යෝධය පොදු අපේක්ෂකය වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව චන්ද සටනට ගෙන ආවේ රටට එරෙහි විජාතික බලවේග එකතුවයි. දූෂණයට අසාධාරනයට එරෙහි යහපාලනය යන රැවටිලිකාර කතාව පසුපස හැංගී තිබුණේද රටේ ජාතියේ බලාපොරොත්තු වලට එරෙහි විජාතික අභිලාශයන් ගොන්නකි. ජනාධිපතිවරණයේදීද සිරිසේන උන්නැහේව බලයට පත් කරන්නට ඇප කැප උනේ දෙමළ ජාතිවාදී ඊලාම්වාදීන්, මුස්ලිම් අන්තවාදීන්, ඉන්දියාව බටහිර ඇතුළු රටෙන් පිටත විජාතික බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විදෙස් ඔත්තු සංවිධාන වේ. මේ අනුව බලන විට පැහැදිලි කාරනාව වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ නියෝජනය කරන්නේ රටේ ජාතික බලවේග පාර්ශවය නොව විජාතික කල්ලිය බවයි. සිරිසේන ගොයියා බලයට පත් උනේ විධායක ජනාධිපති ක්‍රමයටම දොස් කියමිනි. එහෙත් විධායක ජනාධිපති වූ වහාම මොහු කරේ ව්‍යවස්ථා විරෝධීව හා ජනමතයටද පිටින් 29 වතාවක් චන්ද පැරදී සිටි අප්‍රසාධජනකම පුද්ගලයෙක් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති කරවීමයි. එතැනිනුත් නතර නොවූ සිරා දිගටම විජාතික බලවේග වල අභිලාශයන් ඉටු කරමින් විජාතික බලවේග වල ඒජන්තයා වූ හොර අගමැතියා ලවා රටේ ජාතික බලවේග වලට කළ හැකි සතුරු කම් උපරිම ලෙස කිරීමට අනුබල දුන්නේය.
                                                               

සිරිසේන උන්නැහේ බලයට ගෙනෙන්නට දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් ඇතුළු විජාතික නඩේ සමග එක්ව කටයුතු කළ සිංහල බෞද්ධ සුළු පිරිස ගැනත් දෙයක් කියන්නට තිබේ. ඒ සිරිසේනට සහය දැක්වූ සිංහල බෞද්ධයන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොව එක්සත් ජාතික පක්ෂයට හිතවත් නාගරික ව්‍යාපාරික හා සංකර මධ්‍යම පාංතිකයන් බවයි. මොවුන් සාමාන්‍ය වශයෙන් අපේ රටේ සිංහල බෞද්ධ සමාජ දර්ශනය පිළිපැදීමට වඩා එය උපහාසයට ලක් කිරීමටත් කාබාසිනියා කිරීමටත් කැමතිය. සිංහල බෞද්ධ ගැමි සමාජය තුල දක්නට ඇති එකෙකුට එකෙක් එකතු එකමුතු ඒකාබද්ධ බවක් නාගරික කුල්ටූර් සිංහල බෞද්ධයන් තුල නැත. පවුල් සංස්ථාවද මේ නාගරික විච්චූරන සමාජයේ ශක්තිමත් එකක් නොවේ. මිනිස්සුන්ට හා ගැහැනුන්ට විවාහයට පිටින් යන අනියම් සම්බන්ධතා බොහෝ ඇත. මදුවිත සප්පායම් වී නයිට් ක්ලබ් වල රැය පහන් කරමින් සූදු කෙලීම ඇතුළු සියළු දුරාචාරන් වල නිරත වීම මේ නාගරික දියුණු යැයි කියාගන්නා ආටෝපයෙන් පිරුණු සමාජයේ සිංහල බෞද්ධයන්ට මහ ඉහලින් කැපය. සමහරුන්ගේ ලිංගික සදාචාරාත්මක බව කෙසේ වෙතත් ලිංගිකත්වයද අවුල්  වියවුල් එකකි. මේ සමහරක් පිරිමි ස්ත්‍රී පාර්ශවයට අකමැති අය මෙන්ම ඇතැම් කාන්තාවන් පුරුෂ පාර්ශවයට අකමැති විරුද්ධ ලිංගික ඇසුරට බිය සමලිංගික ඇසුරට වැටුන අය වෙති. ගමේ වෙලකට නොබැස්ස ඇලක දොලක නාන්නට නොගිය රටේ ගහක් කොලක් හෝ හරියට නොදන්නා මේ නාගරික සංකීර්ණ පොෂ් සමාජයේ සිංහල බෞද්ධයන්ට බටහිර සදාචාරයන් බිඳවැටී ඇති වූ සංකර ආටෝපයන් දිව්‍ය බෝජන තරම් වේ. රනිල් වික්‍රමසිංහ උන්නැහේගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය වටා කවදත් එක් රොක්වෙමින් විජාතික බලය තවත් ශක්තිමත් කරන මේ කුල්ටූර් සිංහල බෞද්ධයන් ජනාධිපතිවරනයේදී සිරිසේන වෙනුවෙන් තම චන්දය භාවිතා කළේ ඔවුන්ගේ ජීවන රටාවට සිරිසේනගෙන් ලැබෙන මාහැඟි සහයෝගය හොඳින් දැනගෙන ඒ මත විශ්වාසයද තබාගෙනය.
            

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රටේ සදාචාරාත්මක වටිනාකම් ගැන යම් පැහැදිලි ප්‍රතිපත්තියක් තිබුණද සිරිසේන උන්නැහේජනාධිපති වූ වහාම ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. ස්‍රිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට එය ගැට ගසා දැම්මේය. සිරිසේන රටේ ජාතිකත්වය සම්බන්ධයෙන්ද අනුගමනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති නොවේ. එහිදීත් විජාතික බලය උපරිම ලෙස වැඩි කර දෙමළ ජාතිවාදයත් බටහිර නව යටත්විජිතවාදයත් මුස්ලිම් ජාතිවාදයත් උපරිම ලෙස සනසන්නට කටයුතු කළේය. යුධ ජයග්‍රහණයෙන් පසුව උතුරේත් නැගෙනහිරත් තිබූ හමුදා බලය දුර්වල කර දෙමළ ඊලාම් බෙදුම්වාදය ශක්තිමත් කළේය. බෙදී වෙන් වෙන්නට ගිය රට විජාතික බලය පරයමින් කොටි ත්‍රස්තවාදය සුන්නද්දූවිලි කර බේරාගත් රනවිරුවන් අද යුධ අපරාධකරුවන් කරන්නට යන්නේ කිසිම හිරිකිතක් නැතිව දෙමළ ජාතිවාදයට හිතවත් බටහිර විජාතික බලවේග වලට එක්ව බලෙන් අධිකරණද රට තුල පිහිටුවා ගැනීමට ඉඩ දෙන්නට යන අතරේයි. මේ සියල්ලට සිරිසේන පාර කපා දෙන්නේ දෙමළ ජාතිවාදය ප්‍රමුඛ බටහිර විජාතික බලවේග වලට ගැතිකම් කරන රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට බලවත් වීමට තමන් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය දුර්වල කරමින් එක්සත් ජාතික පක්ෂයේ බලය වැඩි කිරීම හරහා රටේ සදාචාරයට පමණක් නොව චාරය කෙසේ වෙතත් සාධාරන මිනිස් හැඟීම් දැනීම් ඇති බහුතරයක් පිළිකුල් කරන සමලිංගිකත්වයටද අනියම් පිළිගැනීමක් ඇති කරමින්ය. චාරයක් නැති විකුර්ති කාමාඅශාවන්ගෙන් පෙළෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ට රටේ ඉහල වැදගත් තනතුරු පිරිමනමන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයායි. උතුරු ප්‍රදේශයේ විල්පත්තුවෙන් ඇසෙන්නේ ලක් පොළවට ඔරොත්තු  නොදෙන මට්ටමේ මහා වන විනාශයක අඳෝනාවකි. ඊටද මුල් වී ඇත්තේ රිෂඩ් බදුර්ඩීන් කියන ගස් ගෙවල පෙරේතයාගේ ( ජාතික සමගිය ගැන වද වෙන එවුන් ගැන මා තැකීමක් කරන්නේ නැත ) මුස්ලිම් අන්තවාදී ආක්‍රමණයයි.

             

මේ සේරම අස්සේ හරි අපූරු දේකුත් මෑතක උනා. ඒ තමයි ලෝක ප්‍රකට පොප් ගායක එන් රික් ලංකාවට ඇවිල්ල කරපු සජිවී ප්‍රසංගයක් අතරතුරේ අමන්දානන්දයට පත් තරුණියක් ඇයගේ තනපටය ගලවා එන් රික් වෙත විසි කිරීමයි. ඒ අවස්ථාවේම තවත් තරුණියක් වේදිකාවට පැන ගායකයා සිප වැලඳගෙන තිබේ. සියල්ල අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් ප්‍රසිද්ධියට පත් වුනි. සාමාන්‍ය ලෙස බැලුවොත් මේ වගේ සිද්ධියකදී අපේ රටේ මහා සදාචාර සම්පන්න සිල් රකින චරිතවත් මිනිස්සුන්ට රටේ සංස්කෘතික වටිනාකම් මතක් වේ. මෙදා සැරේත් එහෙම උනත් වඩා කලබලයට පත් උනේ අපේ රටේ ලැජ්ජ බයට හැදිච්ච් සදාචාර සම්පන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්තමයායි. අම්පාර ප්‍රදේශයේ පැවති දහම් පාසල් සිසුන් ඇගයීමේ උත්සවයකට සහභාගී වෙමින් හේ මහත් උජාරුවෙන් කීවේ තමා හොඳ සිංහල බෞද්ධයෙකු ලෙස බෞද්ධ සදාචාරයන්ට පටහැනි අපේ හැදියාවන්ට නොගැලපෙන මෙවැනි අශීලාචාර සන්දර්ශන පැවැත්වීමට නැවත ඉඩ නොදෙන බවයි. තරුණියන්ගේ හැසිරීම කොහොම වෙතත් සංදර්ශන සංවිධානය කරන උදවියට මඩු වලිග පහර දිය යුතු බවත් විලිබිය ඇතිව හැදුනු අපේ ජනපති කෝපයෙන් කියා තිබේ. ඔහුගේ කතාව රජයේ ඇතුළු අනෙකුත් පෞද්ගලික ජන මාධ්‍ය වලින්ද ප්‍රචාරය විය. මේ ප්‍රවුර්තිය ඇසූ සැනින් මටනම් සිනහව නවතා ගත නොහැකි විය. මම හිතන්නේ මට විතරක් නොව මේ කතා මාධ්‍ය වලින් ඇසූ රටේ මෑතක වෙන සිද්ධි ගැන අවධානයෙන් සිටි බුද්ධිමත් සියළු දෙනාට සිරිසේන ගොයියාගේ කතාවට සිනහ පහල වීම පුදුම වෙන්නට දෙයක් නොවන බවයි. සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවි හරහා අනාවරනය උනේ සිරිසේන උන්නැහේගේ බෑනාද මේ සංදර්ශනය නරඹා ඇති බවයි. මේවට පුකෙනුත් හිනාය. සංදර්ශනයේ සංවිධායකයන්ට මඩු වලිග පාර දෙන්නට කලින් සිරිසේන මහත්තයා තමන්ගේ බෑනාව අල්ලා ගස් බඳිනවනම් හොඳය. සදාචාරසම්පන්න ජනාධිපතිගේ චාරයක් නැති බෑනාගේ හැටිය ඒ.

                            

සිරිසේන මහත්තයාට හිටි අඩියේ හෝ සදාචාරයත් සිංහල බෞද්ධකමත් මතක් වීම ගැන මටනම් පොඩි සතුටක් දැනෙයි. එහෙත් උන්නැහේට ඔය ටික ජනවාරි 8ට කලින් මතක් උනානම් කදිම යැයි දැන් සිතේ. ඒ එසේ වී තිබුනානම් චාරයක් නැති අශ්ලීලයන් සිංහල බෞද්ධ විරෝධී විජාතික හොරිකඩයන් දෙමළ ජාතීවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් සමග එක්ව රටේ ජාතිකත්වයටත් සදාචාරයන්ටත් එක්සත් ජාතික පක්ෂයයට වඩා හිතවත් රජයක් හා නායකත්වයක් පෙරලා දමා චාරය හැදියාව හෝ ජාතිකත්වය නැති මොන්ගල් රූකඩ ආණ්ඩුවක් හැදීමේ බලපෙරලියේ ඉත්තෙකු වීමට සිරිසේනට නොහැකි වීමට තිබූ බැවිනි. එය ඒ ආකාරයෙන් කිරීමට අපොහොසත් වී එදා රටේ සියළු සදාචාරයන් හා ජාතික බලවේගයන්ට එරෙහි විජාතික කපටි සූත්තරකාරයන්ගේ ඉත්තෙකු වෙමින් යහපාලන සළුපිලි වලින් වසා රටටත් ජාතියටත් විජාතික විෂ එන්නත් කළ සිරිසේන්ද දැන් මේ තනපටයක් දැක කලබල වී සිංහල බෞද්ධකමයි සදාචාරයයි ගැන කතා කරන්නේ? ජනවාරි 8 රටේ ජාතිකත්වයට හා සියළු සදාචාර අංගයන්ට කොඩිවිනයක් කළ සිරිසේන මහතා දැන් හදිසියේ නින්දෙන් ඇහැරී ස්ත්‍රී තන පටයකට බිය වැදීමෙන් තමා සදාචාරය අගයන හොඳ සිංහල බෞද්ධයෙකු යැයි කියමින් කරන කතා විශ්වාස කරන්නටනම් රටේ මනසක් ඇති පන තියෙන එවුන් මැරී ඉපදිය යුතුය. රටේ මුළු ජාතික දේහයම විජාතික විෂ එන්නත් කර අඩපන කළ පසු සිරිසේනට අඩු උනේ ගෑනු තනපට ගැලවෙනකොට තැති ගැනෙන සදාචාරාත්මක හැදියාව විතරද? සදාචාරයක් රැකෙන්නට මුලින්ම වසර දහස් ගනනක් අනන්‍යතාවය රැකුන ජාතියක් ඇති මේ රට ඒ අයුරින් ඉදිරියට රැකගන්නට ක්‍රියා කළ යුතුය. සදාචාරය බිඳ දමා සියළු දුරාචාරයන්ට අයිතිවාසිකම් නිර්මාණය කළ බටහිරින් ආදර්ශ ලබා ගන්නා විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට අපේ රටේ සදාචාරයන් යම් පමණක් හෝ රැකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බිල්ලට දුන් සිරිසේනට තමන් කළ කී දෑ අමතක වී හදිසියේ සදාචාරසම්පන්න සිංහල බෞද්ධයෙකු මෙන් සාඩම්බර කතා කීමට ගොස් දැන් සිය වස්තරේම රෙවී ඇත. මේ කතා අසා සිටින්නන්ට හැඟෙන්නේ මුගේ ඔළුව කොහේ හෝ වැදී ජාතිය මතක් වී ඇතිය කියා මිස සිරිසේන සැබවින් ජාතියට ආදරයක් ඇති සදාචාරයක් තිබෙන කෙනෙක් කියා නොවේ. සිරිසේන උන්නැහේට දැන් ඉතින් කරන්නට තිබෙන්නේ රෙදි ටික හෝදාගෙන නාගන්නා එක මිස තවත් හත් පොලේ ගාගැනීම නොවේ.




Saturday, December 5, 2015

මේ වගේ පට්ට ආතල් වැඩ ජීවිතේට වෙලා තියෙනවද ?


ඔබ දවල් හීන මවන්න දකින්න දක්ෂද? එහෙනම් හැබැයි ජොබ් එක කරද්දී රාජකාරි වෙලාවෙනම් පරිස්සමින්. හිත එහෙ මෙහෙ දුවනවනම් මෙහෙම අකරතැබ්බ වෙන්න පුළුවන්.

Saturday, November 7, 2015

කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.

                   

රටේ තවත් ජනප්‍රියම චරිතයක් වූ පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන් අපවත් වී ඇත. මේ ප්‍රවුර්තිය අසන්නට ලැබුණේ අද උදෑසනයි. සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය. එහෙත් පසකාලීනව මෑතක් දක්වා සෝභිත හිමියන්ගේ දේශපාලන කටයුතු ආදිය ජනතාවට ඒ තරම් රට ජාතිය පැත්තෙන් හිතකර නොවීය. එබැවින් උන්වහන්සේ මෑතක සිට ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ පෙර මෙන් රටට ජාතියට ආගමට ඒ තරම් වැඩදායක හිමි නමක් ලෙස නොවේ. ඊට හේතුව උන් වහන්සේට රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් වඩා තමන් සහය දැක්වූ දේශපාලන කණ්ඩායමට තිබූ ඇල්මදෝයි විටෙක සිතේ. කෙසේ කුමක් සිදු වූවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙර කල රටට සමාජයට කළ ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. උන්වහන්සේ බොහෝ ජාතික ගැටළු වලදී රටේ ජාතිකත්වය පැත්තේ සිටියේය. සෝභිත හිමියන් රටේ සමාජය බෞද්ධ සදාචාරාත්මක ගුනයන්ගෙන් පෝෂණය කරන්නට මනා කාර්යභාරයක් කළේය. දහම් අධ්‍යාපනයයේ උන්නතිය වෙනුවෙන්ද උන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කර ඇත. මේ සියල්ල සලකා බලන විටනම් උන් වහන්සේගේ අපවත් වීම රටටත් සමාජයටත් පාඩුවක් මෙන්ම ශෝකජනක සිද්ධියකි.
                                           පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කියනට තවත් පැත්තකින් වෙනත් කරුනු කීපයක්ද ඇත. ඒවා පෙර කී කාරනා වලට හාත් පසින් වෙනස් හා ප්‍රතිවිරුද්ධ දේවල් වේ. ඒ වැඩි හරිය උන්වහන්සේගේ එතරම් ප්‍රසිද්ධ නොවූ දේශපාලන ක්‍රියාකාරකම්ය. එකක්නම් රටට හෙන වැද්දූ අන්ත විජාතික ගැති කොටි ත්‍රස්තවාදයටත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුන් චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය ජනාධිපතිනිය බවට පත් කිරීමට එකළ කැප වී වැඩ කටයුතු කිරීමයි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ පැකේජ් නාඩගමටත් විජාතික ගැතිකමටත් එරෙහිව උන්වහන්සේ පසුව හඬක් නැගුවේය. එහෙත් එහි අර්ථය උන් වහන්සේ චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට දැක්වූ සහය අනුව කුමක්දැයි සාධාරන ප්‍රශ්නයක් විය. මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ එක්සත් ජාතික පක්ෂයද සමස්ථයක් ලෙස දැක්වූ විජාතික ගැතිකම නිසයි. සෝභිත හිමියන් පහුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් කැප වෙමින් නැවතත් පෙර චන්ද්‍රිකා කුමාරතුන්ග මහත්මිය ජනපති කිරීමට ක්‍රියා කළ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමටද කැප වුනි. උන්වහන්සේ වරක් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටද සූදානමක් තිබුනු බව කවුරුත් දනී. අද මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරගනිමින් විජාතික ගැති දේශපාලන ගමනක් යන ආකාරය පැහැදිලිය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලනය ගැන පසුව කලකිරුනද ඒ එහි විජාතික ගැතිකම නිසා නොවීය. අවසන් කාලයේ සෝභිත හිමියන් රටේ ජාතික ගැටළු වලදි පෙර මෙන් ජාතිකත්වය පැත්තේ සිට ජාතික මෙහෙවරද නොකළේය. ඒ අනුව බලන කළනම් උන්වහන්සේගේ අපවත් වීම ගැන ජාතිකත්වය පැත්තෙන් බලන කළ විශේෂ කනගාතුවක්ද නැත.
                                          එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වුන කල්හි මෙරට අති විශාල ජනකායක් උන්වහන්සේගේ අපවත් වීම ගැන ශෝක වූයේ උන්වහන්සේ රටට ජාතියට බුද්ධ ශාසනයට ඇති අභියෝග ගැන නිතර ජනතාව අවධි කරමින් නොවෙනස් ජාතික ආගමික මෙහෙවරක් සිදු කළ නිසාය. එහෙත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුලදී සද්භාවයෙන් ජාතික ආගමික මෙහෙයක් කළ පසුව වැරදි දේශපාලනයක් අප්‍රකට ලෙස කරමින් විජාතික ගැති බලවේග සමග එක්ව කටයුතු කළේය. උන්වහන්සේ අපවත් වී ඇති මේ මොහොත වන විට ජනතාවගෙන් වැඩි හරියකට ඇත්තේ මේ ගැන දුක් වනවාද නැත්නම් සතුටු වනවාද කියන ගැටළුවයි. ඇත්තටමනම් වැඩි දෙනෙකුට ඇතිවන්නේ කිසිම දුකක්වත් කිසිම සතුටක්වත් නැති මධ්‍යස්ථ හැඟීමකි. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් කළ කී දෑ අනුවයි. කොහොම උනත් උන්වහන්සේට නිවන් නිවන් සුව අත් වේවායී ප්‍රාර්ථනා කරමි.

Monday, August 31, 2015

වී අර්බුදය හා මතක් කර ගතයුතු අතීතය

මෑතක ඇතිවූ වී අර්බුදය මාධ්‍ය බොහොමයක ප්‍රධාන මාතෘකාව වෙලා. ඒ අතර පහුගියදාක අපට රූපවාහිනී ප්‍රවුර්තියකින් දැනගන්න ලැබුණා වී මිලදී ගැනීම කඩිනම් කරමින් අර්බුදය නිමා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නු බවක්. ඒ වගේම අගමැති උපදෙස් මත වී අලෙවි මණ්ඩලය ලහි ලහියේ වී මිල දී ගැනීමට කටයුතු කරන බවක්ද පුවත මගින් පෙන්නුම් කළා. එහිදී මාධ්‍ය මගින් පෙන්වා දෙන්නට උත්සහ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවනින් හා දක්ෂතාවයෙන් වී ප්‍රශ්නය සමතයකට පත් වන බවකුයි. මෙය පිටතින් බැලූ කලනම් අපටත් තේරුම් යන්නේ එය ඒ ආකාරයෙන්මය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකලාපය ගැන ටිකක් සොයා බැලූ විටනම් ඔහු විසින් මේ දැන් ගොවි ජනතාව ගැන ඇතිකරගෙන තිබෙන මහා අනුකම්පාව නිසා වී අර්බුදයට හදිසි විසඳුම් ලබා දීම වීරකමකට වඩා සිනහ උපදවන කාරනයක් වේ.
                      

පළමුවැන්න වී විකුනාගැනීමට නොහැකිව අසරන වූ ගොවියන්ට වී කිලෝව සඳහා රුපියල් 50 කෙසේ වෙතත් සහතික මිලක් වත් නැතිව රුපියල් 20 - 30 අතර මිලකට විකුනා දැමීමට සිදුවීමයි. එහෙත් මේ කතාවනම් ප්‍රවුර්ති වල උජාරුවට නොකිවුවේ වී කිලෝවට රුපියල් 50 සහතික මිල චන්ද පොරොන්දුවක්ව තිබූ බව ජනමාධ්‍ය බොහොමයක් දන්නා නිසාදැයි අපට නිකමට හැඟේ. ඒ මේ වෙනකොටත් බොහෝ ජනමාධ්‍ය එක්සත් ජාතික පක්ෂ හිතවතුන් වී සිටින ආකාරය දකින විටයි. කෙසේ වෙතත් වත්මන් පාරිශුද්ධ අගමැතිවරයාගේ අවංක හා දූෂිත බවෙන් තොර කම වැඩි නිසාදෝ මහ බැංකුවටද මහා පරිමාණ පාඩුවක් සිදු වී ඇති වාතාවරනයක් තුල මේ යලටයි මහටයි වපුරන ගොවියො ටිකකට පාඩුවක් වෙන එක ගනන් ගන්නට දෙයක්ද හිටං එක අතකට. ඕව කියන්න යන්න ඕන නෑ. ඔන්න ඔහේ අගමැතිතුමාගේ නියමයෙන් ගොවීන්ගේ වී ටික මිලට ගන්න වී අලෙවි මණ්ඩලය කටයුතු කළා කියල මාධ්‍ය වලින් රටට කිවුවහම ඇති හිටං.
                         
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අන පරිදි වී අලෙවි මණ්ඩලය අසරණ ගොවියන්ගේ වී මිලට ගෙන ඔවුන් සනසාලූ ප්‍රවුර්තිය ඇහෙනකොට අපිට නිකමට මතක් උනේ මීට කලින් රනිල් මහත්තය අගමැති වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්ම වී අලෙවි මණ්ඩලය අහෝසි කර වසා දැමූ ආකාරයයි. මොන කරුමෙකට හරි මේක අපේ මෙමරියෙන් ඩිලීට් කරන්න බැරුව ඉතිරි වෙලා තිබුණා. ජල කලමනාකරනයද මොකද්ද මගඩියක් හරහා වතුරත් විකුණන ගමන් සල්ලි වලට ගෙදර ලිඳටත් බද්දක් අයකරන්න අන පනත් ගේන්න ගොවියන්ට ආදරේ ඇති රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙලා හිටපු ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම ලෑස්ති වෙලා හිටිය කියලත් මෙමරියේ කොහෙ හරි තිබිල එලියට පැන්න ඩිලීට් කරන්න බැරිවෙලා තිබිල. යටත්විජිතවාදයේම ගෝලයෙක් වෙච්ච වික්‍රමසිංහ මහත්තය අතීත වැඩ කිඩ සේරම අමතක කරල හදිස්සියේම වී අලෙවි මණ්ඩලයට ගොවියන්ගේ වී ටික මිලට ගන්න නියෝග දීල මාධ්‍ය සන්දර්ශනයක් දාගෙන වීරකමක් කරපු වෙලාවේ අපටනම්  පස්චාත් භාගයෙනුත් හිනා ගියා හිටං.

Friday, August 28, 2015

අමුතුවෙන් ලියන්න දෙයක් නෑ සංගෝ

මේ සටහන තබන්නේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතමයාගේ සමුගැනීම වෙනුවෙනි. ඒ ගැන යමක් නොකීවොත් අඩුවක් මෙන්ම ක්‍රිකට් රසිකයන් වන අප එක්තරා අතකට යුතුකමක් පැහැර හැරියා වෙනවා. ඉතින් සංගා ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ කියලයි මට පෙනී යන්නේ. ඒ ඔහුව ලංකා වාසී සියල්ලෝම හොඳින් හඳුනන නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුගේ දක්ෂතා ගැන නියම තක්සේරුවක් ඔවුන් සියළු දෙනාට තිබෙන නිසාත්ය. වසර 2000 සිට 2015 සමුගන්නා තෙක් ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැක. මීට ටික කලකට පෙර මෙලෙසම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වූ  මහේල ජයවර්ධන ක්‍රිකට් වලින් සමු ගත්තේය. එහිදීද ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිරවීම ඉතා අපහසු හිඩැසක් නිර්මාණය විය . දැන් සංගාගේ නික්ම යෑමද එවැනිම හිඩැසක් නිර්මාණය කර තිබේ. කෙසේ වෙතත් එවැනි දස්කම් ඇති නවක ක්‍රීඩකයින් ඉක්මනින් බිහි වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු.
                                    

සංගාගේ තරඟ වාර්තා දෙස බැලුවොත් ඔහු මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරඟ 134ක්ට ක්‍රීඩා කර ලකුණු 12400ක් ලබාගනිමින් 57.40ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙන තිබෙන්නේ ඔහු සතු විශිෂ්ඨත්වය මැනවින් විදහා පාමිනි. ටෙස්ට් ක්‍රිකට් දිවිය තුල ඔහු ලබාගත් වැඩිම ලකිණු ප්‍රමාණය වන්නේ 319ක් බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි. මේ අනුව ඔහු ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ත්‍රිත්ව ශතක ලාභීන් ගොඩටද අයත් වේ. සංගාගේ එක් දින තරඟ වාර්තා අනුව ඔහු තරඟ 404කදී ලකුණු 14234ක් ලබා ගනිමින් ලකුණු 41.98ක දල වේගයක් රඳවාගෙන තිබෙනවා. එක්දින තරඟ වලදී ඔහු ලබා ඇති ඉහලම ලකුණු සංඛ්‍යාව 169කි. එදා මෙදා තුර ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් ලබා ඇති ටෙස්ට් ශතක වාර්තා අතර පළමුවැන්නා සංගක්කාරයි ඔහු ටෙස්ට් ශතක 38ක් හා ටෙස්ට් අර්ධ ශතක 52ක් ලබා ඇත. ඔහු ලබා ඇති එක් දින ශතක සංඛ්‍යාව 25ක් හා අර්ධ ශතක ගනන 93කි.
                         ඉතින් සංගෝ ඔබේ දැකුම්කළු පහරවල් ක්‍රිකට් පිටියේ අපට ආයෙමත් දකින්න බැරි වෙයි. ඒත් එවන් විශිෂ්ඨයෙකු කෙදිනක හෝ බිහි වෙයි කියන එකත් සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුවක් වෙනවා ඇති. සංගෝ ඔබට හද පිරි ගෞරවය පුද කරන අතරම ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු. 

Monday, July 6, 2015

NGO කාරයා දුටු සිහිනය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවට බටහිර රටවල් වල මහා අනුකම්පාව හා ආදරය හිමි වෙලාය. අසල්වැසි ඉන්දියාවද ශ්‍රී ලංකාව ගැන පුදුම විදිහට පැහැදිලා.මොකද අප්පේ ඒ? ඇයි යහපාලනයනේ දැන් තියෙන්නේ මෛත්‍රිය පතුරුවන.

මෛත්‍රිය පිරි යහපාලනයේ නියමුවාට රනිල් වික්‍රමසිංහ නම් ජාතික වීරයා අගමැති කරවන පොරොන්දුව නොදුන්නානම් දිනන්නට බැරි වෙන්න තිබුනා නොවැ. එහෙනං, ඒකනේ ඒ වීරයව අගමැති කළේ හිටං.

ඔන්න ඉතිං බටහිර රටවලයි ඉන්දියාවෙයි ශ්‍රී ලංකාවට තියෙන ආදරේ වැඩි කමට දෙන වටිනා ගුරු හරු කම් මැද්දේ මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව සාර්ථක දින 100 පහු කරනකොට ජනතාව ආන්ඩුව විසුරුවන්න එපා කියමින් මෛත්‍රී රනිල් නායක දෙපල ලඟ දනින් වැටෙයි. වන් මෝ.... වන් මෝ..... කියමින් දින ගනන වැඩි කරගන්න ජනතාව බල කරයි. 


යහ පාලනය හෙනට නැගල ගිහිල්ලාය. ජනතාවට හෙන ආතල්ය. එහෙන් ජාතික විරු රන්ජා හිටපු දේශද්‍රෝහී මහ රජාගේ හොරකම් හිටු කිආ අල්ලනවාය. අල්ලාගත් හොර බඩු බැංකු ගිනුම් වල සල්ලි එහෙම රටටම කන්ඩ දෙන්න පුළුවන් සයිස් එකට ගොඩ ගහගතු ඒවලු. ජනතා ඇසිපිය නොහෙලා බලාහිටියි.

යහපාලනේට බාධාකරන විපක්ෂය ගැන තීන්දුවක් ගන්න වෙලාය. ඔන්න අපේ යහපාලන ලොක්කා කවදත් රටට උදවු උපකාර කරන ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුවත් කරලා එහෙම රනිල් ලොක්කගෙනුත් අහලා ආන්ඩුව විසිරුවා හැරලා. දැන් ජනතා ඉස්පාසුවක් නැතුව බලා ඉන්නව රනිල් ලොක්කව අගමැති කරන්න.


යහපාලනයේ දුෂ්ඨයා මහින්ද නම් හිටපු මහරජායි. මහරජා බංකොලොත්ය. මහරජාට ඇත්තේ පන්සල් යෑම පමණකි. ඔහුට කර කියාගත හැකි වෙනත් දෙයක් නැත. මහරජා වටේ සිංහ කොඩි අතින් ගත්තු ජාතිවාදියෝ ටික දෙනෙක් ඉන්නවාය. උන්ට මහින්ද අගමැති ඕනෑය. ජාතිවාදීනටනම් මෙදාපොටේ ඉඩක් නැත.

චන්ද සටන ඇරඹිලාය. රට පුරාම ඇත්තේ කොළ පාට කොඩි වැල් පමණකි. ජනතාව එක හඬින් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ ජාතික වීරයායි. රනිල්ගේ රැස්වීම් වලට යන්නට ඔහු කියන වටිනා වදන් වැකි අසන්නට ජනතාව රෑ නිදි මරමින් ලකලෑස්ති වෙති.

රනිල් වික්‍රමසිංහ වීරයා පැරකුම්බා නිරිඳුන් මෙන් මහත් තේජසින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවට අවතීර්ණ වේ. එසැනින් ජනතාව ඔල්වරසන් දෙනු ලැබේ. රනිල්ගේ කතාව අසාගන්නට ජනතාවට ඉස්පාසුවක් නැත. ජාතික වීරයා කතාව පටන් ගනියි. අත්පුඩි ජය ඝෝෂා එකයි.කොළ කොඩි වැනේ ඒ අතර තැනින් තැන මහා පරිමාණයෙන් දේදුණු වර්ණ කොඩිත් ලෙළදෙයි.

දුෂ්ඨ මහින්දගේ රැස්වීම වලට සෙනග නැත. මහින්ද වේදිකාවට නගින විටත් ජනතාව හූ කියයි. හොරා හොරා කියමින් මින්සුන් මහින්ද හිටපු මහ රජාට විරෝධය දක්වති. සිංහ කොඩි ගත් ජාතිවාදීන් පමණක් මහින්ද වටේ ඇත. ඒ ඉතා සුළු පිරිසකි. මහජනතාව ජාතිවාදයට විරුද්ධය.

මේ අතර සිංහල බෞද්ධ මහජනතාව ජාතිවාදය ගැනත් සිංහල ඉතිහාසය ගැනත් කලකිරී ඇත. ඔවුන් කොපමණ කලකිරී ඇත්දැයි කීවොත් මහා වංශය ගිනි තැබියයුතුයැයි කියති. බහුතර සිංහල බෞද්ධයන් ජාතිවාදය අත්හැර බහුවාර්ගික වීම සඳහා වික්‍රමබාහු කරුනාරත්න පඬිවරයාගේ සති අන්ත වැඩමුළු වලට සහභාගී වෙති. වැඩමුළුව අවසානයේ ජාතික කොඩියේ සිංහයාටත් මිනිස්සු බණිති.

රටේ මහජනතාව ඇමරිකාවේ සියළු ප්‍රාන්ත වල සමලිංගික විවාහයන් පිළිගැනීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පසුවෙති. ශ්‍රී ලංකාවේද එසේ වියයුතුයැයි බහුතරයක් කියති. සියළු දෙනා පවතින ජාතික කොඩිය වෙනස් කළයුතුයැයි කියති. ඒ එහි සිංහයෙකු සිටීම නිසා උතුරේ සහෝදර දෙමළ ජනයාගේ හිත රිදෙයි කියාය.

බහුතරයක් සිංහල බෞද්ධයන් දැන් මහින්දට බනින්නේ ප්‍රභාකරන් ඇතුළු කොටි විමුක්තිකාමීන් මරා අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ ද්‍රෝහිකම සිහි කරමිනි. ඒ දවස් වල චන්ද්‍රිකා කියපු විදිහට පැකෙජය දී ෆෙඩරල් විසඳුමක් දී තිබුණානම් අද වන විට ඊලම හදාගන්න අපේ සහෝදර මිස්ටර් ප්‍රභාකරන්ට ඉඩ නොදීම ගැන සින්හලයෝ කනස්සලු වෙති. ඒ වීසා පාස්පෝට් නැතුව දැන් වගේ උතුරට නොයා වීසා පාස්පෝට් පෙන්නා කොටි කොඩියට ගරු කර යාපනේ සංචාරය කිරීමේ අවස්ථාව අහිමි වන නිසාලු.

ඔන්න ඉතින් චන්ද පොරයත් පටන්ගෙන පක්ෂ ගනනාවක්ම වේදිකා උඩ තමන්ගේ කියුම් වනනවලු හතර වටේ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එක්සත් ජාතික පක්ෂයට තරම් ප්‍රසාධයක් වෙන කාටවත් නෑ. එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට මිනිස්සු කිරිඇල්ල මහත්තය ගාව දනින් වැටෙනවලු. ඒ තරමට හිටපු ජාතිවාදීන්ගේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා.

මහින්ද මහත්තය දිනවන්න කියලා චන්ද සටන ගෙනයන කිසිම කෙනෙකුට ජනතා ප්‍රසාදය නෑ. විමල්ට මිනිස්සු ගල් මුල් වලින් ගසති. ගම්මන්පිල හැංගිලාය මහින්දට හූ කියති. යන යන තැන මහින්ද චකබ්ලාස්ය. ජනතාව ප්‍රවුර්ති දැනගන්නේද රාජ්‍ය නොවන සංවිධාන මගිනි. ඒ ඔවුන් ජාතිවාදයට පක්ෂ නැති නිසා ඇත්ත කියන හින්දලු. සිරසත් ගජරාමෙට වැඩය. ඒ රනිල් දිනවන්නට ඒකපාක්ෂිකවය. එය ඇත්තෙන්ම සාධාරනයි කියා මහජනතාවත් හිතාගෙන ඉන්නේ රනිල් වගේ හොරකම් නොකරන ජාතිවාදී නැති කාන්තාවන්ට අතවර නොකරන කෙනෙක් ගැන ඇති පැහැදීම නිසාළු ඕං

ඔන්න ඉතින් අගෝස්තු 17 උදා වෙනවා. මිනිස්සු  දැඩි උද්‍යෝගයකිනුයි චන්දය දෙන්නේ.අහන අහන කෙනා යූඇන්පී. මාර ආතල්. ඔන්න රෑ වෙනකොට චන්ද ප්‍රතිඵල දෙන්න පටන් ගත්තා.පළමු තැපැල් චන්දයම එ.ජා.පය උඩින් දිනුම් ආයේ නෑ මහින්දගේ පිලට චන්ද 10යි.මුළු ලංකාවෙම ප්‍රතිඵලය එනකොට එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනල. යූ.ඇන්.පී ආසන 150යි දෙමළ සන්ධානය දෙවනියට ඉන්නේ ආසන30යි සිරිසේනගේ අත ලකුනට ආසන 20යි මහින්ද මහත්තයගේ පක්ෂෙට ආසන10යි ඉතිරිය මුස්ලිම් කොන්ග්‍රස් ජේ.වී.පී ආදී කුඩා පක්ෂ වලට.

ඔන්න ඉතින් රනිල් අගමැතිවරයාගේ යටතේ අළුත් යූ.ඇන්.පී ආණ්ඩුව පත් උනා. හකීම් මහත්තයත් ආණ්ඩුවට මුක්කුවක් ගහලා. රිෂාඩ් බදුර්ඩීන් උන්නැහෙත් එහෙමයි. අළුත් ආණ්ඩුවේ ප්‍රභලම ඇමතිකම් හම්බ වෙලාතියෙන්නේ මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන මහ්ත්වරුන්ටයි. ඊට අමතරව රන්ජන් රාමනායක රාජිත සේනාරත්න රෝසි සේනානායක යන අයත් ලොකු පුටු වල. සිරිසේන ජනාධිපති තුමා යහපාලන මොළය මෙහෙයවලා උප අගමැති තනතුරක් හදලා ඕං ඒක දෙනව චන්ද්‍රිකා නෝනට. ජාතික විධායක කමිටුව පත්කරලා ඒකේ ඔක්කොම් ඉන්නේ විදේශ තානාපතිවරු නම්කරන පුද්ගලයන්. 

අළුත් ආන්ඩුව ගැන ලෝකයම පැහැදිලාය. ලොව හතර දෙසින් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ එ.ජා.ප ආන්ඩුවට සුබපැතුම් ගලා එයි. විරමසිංහයන් මංගලද කැටුව බටහිර රටවල් ගනනාවකම සංචාරය කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවද වික්‍රමසිංහයන් සාදරයෙන් පිළිගනියි. ගුරුහරුකම් ලබා දෙයි. ජාත්‍යන්තර විචාරකයන් ජනමාධ්‍ය මේ අළුත් ප්‍රවණතාවය ගැන දැඩි උද්දාමයකින් කතා කරති. වික්‍රමසිංහයන් ඉන්දියාවේද සංචාරයක් කරයි. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා බැහැදකී. වටිනා ගුරුහරුකම් ලබාගනී. රුසියාව හා චීනය සමග තිබෙන සම්බන්ධතා ඇනහිටී. බටහිර රටවල් සතුටින් පිනා යයි.

දැන් සිරිසේන ජනාධිපතිත් රනිල්ට යටය. බටහිරට පොරොන්දු වූ පරිදි සිරිසේන විධායක බලතල අත්හැර රනිල් වික්‍රමසිංහයන්ට පවරා ඇත. මහින්දට යන එන මං නැත. වැඩ බලන අගමැති චන්ද්‍රිකාය. ජාතික විධායක සභාවට සිංහලයන් එකෙක්වත් නැත.

මහින්දයි සන්ධාන ආන්ඩුවයි හොරාකාපුවා වංචා කරපුවා සොයන්නට බාරදී තිබෙන්නේ අතිගරු රන්ජාටයි. ඔහු හම්බන්තොටින් ගෙයක් අරන් එහි පදිංචි වී රාජපක්ෂ පවුලේ තොරතුරු හොයයි. ඔහුට දිනපතා රත්තරන් හමුවේ. රාජපක්ෂලා හංගපු සල්ලි මැදමුලන ගස් යටිනුත් හමු වෙයි. මේ පුවත් අසා ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් මහින්දට දඬුවම් කිරීමට බල කරයි. ලැම්බෝගිනි අශ්වයෝ හෙලිකොප්ටර් බෙලිඅත්තෙන් මතුවෙයි. රන්ජා දැන්නම් චිත්‍රපටියක මෙන් වීරයා වී ඇත.

මංගල සම්මරවීර ඇමතිගේ ආරාධනයෙන් ලොවපුරා සිටින කොටි ඩයස්පෝරා සාමාජිකයින් කොළඹ පැමිණ සිංහලයන් සමග අත්වැල් බැඳගනිමින් ඩයස්පෝරා සැනකෙලිය පවත්වති. සියළු දෙනා මහින්ද යුධ අධිකරණයට යැවිය යුතු බව කියති. ඉක්මනින්ම පාර්ලිමෙන්තුව කැඳවා උතුරට දේශපාලන විසඳුම ලබා දීම කඩිනම් කෙරේ. 13වන සංශෝධනයෙන් එහා ගොස් පොලිස් ඉඩම් සියළුම බලතල සහිත ෆෙඩරල් විසඳුම වැඩි චන්දයෙන් සම්මත වේ. දැන් දෙමළ සන්ධානය උතුරේ පාලනය ගෙනයයි.

ලංකාව තුල සමලිංගිකත්වයට ඇති තහනම ඉවත් කිරීමට සියළු කටයුතු සූදානම් කෙරේ. බටහිර රටවල් වලින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව වික්‍රමසිංහයන් කියයි. නොබෝ දිනකින්ම සමලිංගික තහනම ඉවත් වේ. සමලිංගික විවාහයන්ද ශ්‍රී ලංකාව තුල පිළිගෙන ඇත. දැන් සමලිංගිකයන් සිත් සේ පවුල් කති. දරුවන් දරුකමට හදාගනිමින් තවත් සමලිංගික පරපුරක් හදති. දැන් නීති ඉතා තදය. සියළුම නීති ක්‍රියාත්මක වන්නේ සමලිංගිකයන් හා සුළුජන කොටස් වල්ල අයිතීන් වෙනුවෙනි. සිංහල ජාතිවාදීන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවයි. අධිකරණ විනිසුරුවරුන්ද සමලිංගිකයන් හා සිංහල නොවන අය වෙති.

සිංහලයන් ජාතිවාදය අතහරිමින් සිංහල ඉතිහාසය වලදමා නැවත වරක් එංගලන්තයට රට පවරා දෙන ලෙස වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලති. උතුරේ ඊලම පිහිටුවිය යුතුයැයි සිංහලයෝම කියති. වික්‍රමසිංහයන් බටහිර සංචාරයක් ගොස් උපදෙස් රැගෙන උතුරට සම්පූර්ණ ස්වයංපාලනය සමග ඊලම ලබා දේ. ඊලම පිහිටුවීමේ නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වන්නේ රනිල් සහ චන්ද්‍රිකා ඇතුළු බටහිර හා ඉන්දීය නායකයන්ය. ඊලාම් කොඩිය උතුරේ දැන් ලෙළදෙයි. හමුදාව මුළුමනින් ඉවත් කර ඇත.

රනිල් වික්‍රමසිංහයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා නාමමාත්‍රික විධායකයා වන සිරිසේන ජනපති එක්ව ශ්‍රී ලංකාව නැවතත් බ්‍රිතාන්‍යට භාර දෙති. දැන් රටේ ජාතික කොඩියේ සිංහයාද නැත. කොඩිය එංගලන්ත කොඩියයි. සියල්ල සිදුවන්නේ එංගලන්තයට අවශ්‍ය පරිද්දෙනි. දැන් තරුණ තරුණියන්ට ටයි කෝට් අඳින උසස් රැකියා ලැබී ඇත. ඉන්ටර්නෙට් වයිෆයි ගැන මොන කතාද? සියල්ල නොමිලේ අධිවේගයෙනි. දැන් වැවයි දාගැබයි ගමයි පංසලයි කතා නැත. තරුණ පිරිස කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. හාමුදුරුවරු කියන කිසිවක් කිසිවෙකුත් තුට්ටුවට ගනන් නොගනිති. වැඩිදෙනා දැන් බටහිර මෙන් නිරාගමිකය.


ඊලාම් රාජ්‍යයේ හා බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් ඉන්දියාවේත් උපදෙස් මත කොටි විමුක්තිකාමීන් මරා දැමූ මිනීමරු හමුදාව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන්වා දඬුවම් කිරීමටද දැන් සියල්ල සූදානම්ය. මුල් පියවර යටතේ හමුදා නිලධාරීන් විෂාල පිරිසක් මරා දැමේ. ගෝඨාද යුධ අධිකරණයෙන් මරණ දඬුවම ලබා විදුලි පුටුවට යයි. බ්‍රිතාන්‍යට බාරදුන් ලංකාවේ ජාතිවාදී නොවන දැහැමි වැසියන් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙති. දැන් මහින්දගේ වාරයයි.ජාත්‍යන්තර අධිකරණය මරණ දඬුවම ප්‍රකාශයට පත් කරයි. දැන් මහින්ද විදුලි පුටුවේ ගැටගසා ඇත. දඬුවම ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවා පැමිණ විදුලි බොත්තම තදකරන්න සැරසෙයි..............

දඩ බඩාස්... දොහ්... අපේ  NGO සාමාජිකයා නින්දෙන් ඇහැරුනේ ඇඳ පල්ලේ වැටෙන විටය. ඒ වෙනකල් හීනය දැක්කේ හෙන ආතල් එකේය ආතල් එක වැඩිකමටදෝ ඇඳෙන් වැටෙනතෙක් ගානක් ගියේ නෑ. නින්දෙන් ඇහැරුනු NGO ක්‍රියාකාරී මානව හිතවාදියා දුක පහ කරගැනීමට දිගු සුසුමක් හෙලා මුහුණකට හෝදාගෙන ඇඳ පැලඳ තම ආයතනයේ රාජකාරියකට අනුව තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකුට එරෙහි මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධ සාක්ෂි සෙවීමට පිටත්ව ගියේය........

Tuesday, April 14, 2015

සියළු දෙනාටම සුභ නව වසරක් වේවා!


ඔන්න අපේ බ්ලොග් කරන යාළුවෝ සේරටමයි අපේ පාඨක සොයුරු සොයුරියන් සේරටමයි සියළු ලක්වාසී ජනතාවටයි සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා කියල පකිස් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔන්න ජය වේවා සේරටම.

Sunday, March 15, 2015

යහපාලන අයියලාට තව ප්‍රශ්න ටිකක්


යහපාලන අයියලාගේ කෙරුවාව දැන් එළිපිට පෙන්නෙන්නට තියෙන නිසාදෝ ඔවුන්ගේ වැඩකටයුතු ගැන හයන්නට දැන් එච්චර මහන්සි වෙන්නට දෙයක් නැත. යහපාලනය වෙනුවෙන් කඩේ ගිය විවිධ තරාතිරම් වලට අයත් දෙනෝදාහක් දෙනා දැන් අල්ලපු හොරුත් නැතුව අඩු කරපු බඩු වල ප්‍රයෝජනයකුත් නැතුව තුෂ්නිම්භූතව බලා සිටින්නේ රටට වෙන්නට යන හරිය ගැනයි. අපේ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංහලන්තයට ගොස් මහ රැජිනත් බ්‍රිතාන්‍ය අගමැතිවරයාත් මුනගැසී නොබෝදා දිවයිනට පැමිණියේය. බ්‍රිතාන්‍යයේදී එතුමාට ලැබුණු ගුරුහරුකම් මොනවාදැයි එතුමා හෙලි නොකළත් රට කරවන්න ඕන විදිහ ගැන කවර හෝ උපදෙසක් ලැබී ඇති බවනම් නිත්‍ය ලෙස කිව හැක්කේ අධිරාජ්‍යවාදී උණ බැස නැති බ්‍රිතාන්‍යට ලංකාව වගේ රටක නායකයෙක් ගෙන්වාගෙන රට සවාරියක් දී නිකම් ආපසු පිටත්කර හැරීමට තරම් කැහිල්ලක් නැති නිසාය.
                 

ජනපති සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සාංචාරයෙන් අනතුරුව රඟදැක්වූ මීලඟ නාටකය උනේ ඉන්දීය අගමැති මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයයි. එහිදීද වටින් ගොඩින් බොහෝ තොරතුරු මෝඩි මහතාගේ ලංකාගමනය හා උතුරේ දෙමළ සන්ධානය සමග කෙරුනු කතාබහ ගැන දැනගන්නට හැකි වී තිබේ. ඒ ගැනත් කියන්නට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන කී ටිකේ අනෙක් හරියයි. එනම් අතීතයේ පටන් තම අනසක ලංකාව පුරාවටත් ක්‍රියාත්මක කරන්න වෙර දැරූ ඉන්දියාවේ වත්මන් නායකයා වන නරේන්ද්‍ර මෝඩි මහතාට නිකම් ලංකාවට පැමිණ ශ්‍රීමහ බෝධිය වැඳපුදාගනිමින් මෛත්‍රීපාල ජනපති බැහැදැක ආගිය තොරතුරු කතාබහ කරමින් සතුටු සාමීචියේ යෙදී සිට ආපසු යන්නට තරම් රුදාවක්ද නැති බව කාටත් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන.

යහපාලන අයියලාගෙන් දැන් අසන්නට තවත් ප්‍රශ්න ටිකක් තිබේ.

1)මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේදී එරට අගමැති හමුවී සාකච්චාකළ කරුනු යහපාලන චන්දදායකයින්ට කියා ඇත්ද? එහිදී උතුරේ ඊලාම්වාදය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය ගැන බ්‍රිතාන්‍ය අගමැතිගෙන් කවර උපදෙසක් සිරිසේන මහතාට ලැබෙන්නට ඇත්ද?

2)මෙසේ බ්‍රිතාන්‍ය අගමැතිගෙන් මෙරට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රටේ ඒකීයත්වය රැකීමට හේ සියළු ජනකොටස් වලට උතුරු නැගෙනහිර ජීවත්වීමට සුදුසු වටපිටාවක් ඇතිකිරීමට උවමනාවක් ඇතැයි යහපාලනයට චන්දය දුන් කිසිවෙකුටත් විෂ්වාස කළ හැකිද?

3)යුධ අපරාධ චෝදනා මත අපේ හමුදා නිලධාරීන්ටත් ජනපති මහිදට හා ගෝඨාභය ඇතුළු නායකයන්ටත් දඬුවම් කිරීම සාධාරනයැයි යහපාලන පාක්ෂිකයින් සිතන්නේද?

4)යහපාලනයට පක්ෂ වූවන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන් ඇත්ත හේතුව උතුරු නැගෙනහිර ඇතැයි කියා දෙමළ සන්ධානය කියන ප්‍රශ්නයකට විසඳුම් ලෙස දේශපාලන විසඳුමක් ලබාදීමද නැත්නම් වෙනත් ආර්ථික ප්‍රශ්නද?

5)යහපාලනය තුලින් මෙතෙක් විසඳී ඇති ආර්ථික ප්‍රශ්න ගැන යහපාලන පාක්ෂිකයන්ට සතුටු විය හැකිද? එසේ ආර්ථික ප්‍රශ්න විසඳුනත් සුළු ජනකොටස් වල ස්වයංපාලන මේනියාවට යහපාලන ජනපති හා අගමැති දක්වන අනුග්‍රහය යහපාලනය වෙනුවෙන් කැප වී චන්දය පාවිච්චි කළ පිරිස අනුමත කරනවාද?

6)යහපාලන ජනාධිපති හා ඔහු පත්කළ අගමැති දෙමළ සන්ධානයේ හා මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතිවාදී අපේක්ෂා වලට අනුග්‍රහය දක්වන බව දැන් ඔවුන් වෙනුවෙන් චන්දය භාවිතා කළ යහ පාලන පාක්ෂිකයින්ට  දැනුම් දෙනවාද?

7)සුළුජනකොටස් වල ජාතිවාදී අරමුණු හමුවේ කුමක් කළයුතුද යන්න මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට චන්දය දුන් පිරිසගෙන් විමසීමක් කරනවාද? සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයත් මුස්ලිම් කොන්ග්‍රසයත් සනසන්නට යන්නේ යහපාලනයට චන්දය දුන් අයගෙන් අසාද?

8)ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට පැමිණ ජනාධිපති හා අගමැතිවරයා හමු වී සාක්ච්චා කළ කරුණු යහපාලනය බලයට පත්කළ සිංහල ජනයා දන්නවාද? මෝඩි මහතා ලංකාවට පැමිණි හේතුව ඒ මහතා මෙරට යහපාලනය බලයට ගෙනා අයට කීවාද?

9)ශ්‍රී ලංකා සංචාරයේදී අගමැති මෝඩි මහතා පැහැදිලිව කියා සිටියේ උතුරේ ඇතැයි කියන ප්‍රශ්නයට 13 වන ව්‍යවස්ථා සංශෝධයේ කරුනු වලිනුත් එහාට ගොස් දෙමළ ජනයාට බලය බෙදා දියයුතු බවයි. ඒ ගැන යහපාලන පාක්ෂිකයින් දැන සිටියාද? දැන් ඒ ගැන ඔවුන් කියන්නේ කුමක්ද? යහපාලන පාක්ෂිකයන් දැන් එයට පක්ෂද?

10)යහපාලන පාක්ෂිකයින්ට සිය ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේනම් උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදය බටහිර රටවල් හා ඉන්දියාව මැදිහත් වී ජයගැනීමත්, මුස්ලිම් කොන්ග්‍රසය මාර්ගයෙන් මුස්ලිම් වර්ගවාදය ජයගැනීමත් ප්‍රශ්නයක් කර නොගෙන ඉන් මගහැර යාහැකිද? චම්පික රනවක, රතනහිමි හා සරත් ෆොන්සේකා මහතා සිටිනකම් බිය නොවන බව කියන යහපාලන පාක්ෂිකයන්ට ද්‍රවිඩ බෙදුම්වාදයත් මුස්ලිම් වර්ගවාදයත් ගැන දැන් ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන කියන්නට ඇත්තේ කුමක්ද?


මහින්දගේ පාලනය තුල වැරදි නොතිබුණාමයි කියන්නටවත් මහින්ද යුද්ධය ජයගත් නිසා අනෙක් වැරදි කුමක් කළත් හරි කියන්නට අපටනම් අවශ්‍ය නැත. ඒත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ අඩුපාඩුකම් වලට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය පිළිතුරක් වන්නේ කෙසේද යන්න ඊටත් වඩා ගැටළුවක් බවනම් මේ වනවිට කාටත් පැහැදිලිව පෙනෙන්නට ඇත.

Sunday, March 1, 2015

කමින් කලර් නෝ ගුඩ්

2015 අවුරුද්ද පටන්ගත්තේ රටේ ලොකු දේශපාලන පෙරලියකුත් ඇතිකරමින්. පරාජය කරන්නට නොහැකි මට්ටමේ ප්‍රභල ප්‍රතිරූපයකුත් විශාල ජනාදරයකුත් තිබුන මහින්ද රාජපක්ෂ ජනපති පරාජයට පත් වුනි. චන්ද ප්‍රතිඵල වල හැටියටනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරන කොට්ඨාශ බහුතරයක් ජයගෙන ඇත. එහෙත් උතුරු පලාතේ හා නැගෙනහිර පලාතේ චන්ද අතිමහත් බහුතරයක් මහින්ද රාජපක්ෂ ජනපතිට නොලැබීමෙන් හෙතෙම සෙසු පලාත්වලින් ලබාගත් වැඩි චන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් ජය ගැනීමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපති සමත් විය. මේ සිදුවීම් සමූහයත් ජනපතිවරනයේ චන්ද පොරොන්දු හා ප්‍රසිද්ධියේ නොකියවුනු තිරය පිටුපස සිදුවීමුත් ගැන යමක් කීවොත් හොඳයි කියලා පකිස් පෙට්ටිය තීරනය කළා ඕං.
                              

  ඔක්කොමත් හරි චන්ද ප්‍රතිඵලේ ආවට පස්සේ රටම දැකපු පට්ටම ජෝක් එක තමයි රනිල් උන්නැහේ එයාගේ එක්සත් ජාතික පක්ෂෙයි එයයි දිනපු  චන්දෙයක් කියල හිතාගෙන හිටං හැසිරෙන විදිහ. චන්දෙට කලින් ඉඳලම පොදු අපේක්ෂකතුමාගේ ජනප්‍රිය සටන්පාඨය උනේ දූෂණය නැති යහපාලනය කියන එක. අනෙක් ප්‍රධාන පොරොන්දු ඒකරාශී කරල දින 100 වැඩපිළිවෙළ කියල හිටං එකකුත් නැගල ගියා ඔය අතරේ. මහින්ද උන්නැහේනම් දිගින් දිගටම ක්වුවේ යුද්ධය දිනලා රට සංවර්ධනය කරා ගෙනියන ගමන යනවයි කියලා. මේ සේරමත් හරි චන්ද හුටපට අස්සේ සම්බන්ධන්ලා හකීම්ලා තිරය පිටිපස්සේ ඉඳන් ගෙනියපු වැඩසටහන් ටිකකුත් තියෙනව කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ හිටං. ඒකටනම් පිටරට තානාපතිල වගේ උදවියත් සහභාගි වෙලයි ඉඳල තියෙන්නේ. ජනාධිපතිවරනයට පෙර පොදු අපේක්ෂකයාගේ වැඩපිළිවෙල ගැන පැනනගින සාධාරන ගැටළු කිහිපයක් ඉදිරිපත් කළා. දැන් ඒ ප්‍රශ්න හැබෑවටම ඇතිවෙන පාටකුයි පේන්නේ. ඒ වගේම දැන් තවත් ප්‍රශ්න ටිකක් අළුත පත් උන ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන ආයෙමත් ඇතිවෙන්න පටන් අරන්. ඒ ටික පහතින් දැක්වෙනවා.

 
1)අපේ අය යහ පාලනයට චන්දේ දෙද්දී උතුරේත් නැගෙනහිරත් දෙමළ මුස්ලිම් චන්දදායක බහුතරයක් ස්වයංපාලන සිහිනය සැබෑ කරගැනීමට මෛත්‍රීපාල මහත්තයට චන්දේ දුන්න කාරනාව ඇත්ත වගේ නේද?

2)චීනය හා රුසියාව සමග සමීපව කටයුතු කිරීමත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් තම හිතවත් ගෝලබාලයන් වූ  TNA එකට ඒ තරම් හොඳින් නොසැලකීමත් ගැන හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ගැන උදහස් ව සිටි බටහිර රටවල් දැන් යහපාලනය සමග එක්ව එතුමාට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් පලිගන්නට හෙමින් සීරුවේ උත්සහ කරන පාටකුත් පේනව නේද?

3)මින් පෙර උතුරට යැවීමට තහනම් කර තිබූ භාණ්ඩ ගනනාවක තහනම ඉවත් කිරීම, අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට සැලසුම් කිරීම, මාන්කුලම් පොලීසිය ඉවත් කිරීම රායප්පු ජෝසප්ලාගේ උතුරේ පෙලපාලි හා චාවාක්ච්චේරි පිපිරීම අඳුරු යුගයක් නැවත ඇති වීමේ නරක පෙරනිමිත්තක්ද?

4)යහපාලනය වෛරයෙන් තොර බවට තව දුරටත් සහතික විය හැකිද? මතුගම සිද්ධිය ජෝන් අමරතුංග උන්නැහේගේත් ගෝලබාලයන්ගේත් හැසිරීම යහපාලනයට එකඟද?

5)පෙට්‍රල් මිල මහා පරිමාණයෙන් අඩු වී ඩීසල් මිළ සුළුවෙන් පහත හෙලීම මෙරට සාමාන්‍ය ජනතාවට ඇති කරන්නේ කවර සහනයක්ද? බස් ගාස්තු හා බඩු මිල කෙරෙහි වැඩිපුර බලපාන්නේ ඩීසල් මිල බැවින් ඩීසල් මිල සුළුවෙන් පහත දමා පෙට්‍රල් මිල උපරිම ලෙස අඩු කිරීමෙන් රටේ බහුතරයකට සහනයක් ලැබෙනවාද?

6)කහ කුඩු උඳු පිටි කොත්තමල්ලි පාන් පිටි උම්බලකඩ මිල අඩු වී හාල් පරිප්පු වැනි ප්‍රධාන පෙලේ ආහාර වල මිල අඩු නොවීමේ තේරුම මොකක්ද?

7)පැවති රජයේ මහා පරිමාණ ලෙස වංචා කළ දුෂිත දේෂපාලකයින්ට දඬුවම් කිරීම ගැන සෑහීමකට පත්විය හැකිද? බැසිල් රාජපක්ෂ, සජින් වාස් වැන්නන පමණක් නොව රාජිත සේනාරත්න ඇමතිවරයාද පැවති රජයේ දූෂිත් වංචනික ක්‍රියා ගණනාවකට සම්බන්ධ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඔවුන් ගැන නිසි පියවර ගැනීම ප්‍රමාද ඇයි?

8)පසුගිය රජයේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ පුද්ගලයන් මෛත්‍රිපාල මහතාගේ යහපාලනයටත් දින 100 වැඩ පිළිවෙලටත් සහය දෙන්නේනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරනවාද? බැසිල් සජින් වැන්නන් ගැන සෙවීමට එතරම් උනන්දුවක් නොදක්වා විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ වයස හා වංචනික ලියකියවිලි ගැන හෙවීමට දක්වන උනන්දුව කුමන අරමුණක් වෙනුවෙන්ද? පසුගිය රජය සමයේ සිදු වූ රටට හානිකරම දේ කූඨ ලේඛන සැකසීමද? සමස්ථයක් ලෙස රටේ දූෂණ වංචා සියල්ල සිදු වීතිබෙන්නේ 2005 සිට රාජපක්ෂ පාලන සමයේ පමණද? ඉන් පෙර වැරදි සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද?

9)වෙලේ සුදාට මොකක් වෙයිද? දුමින්ද සිල්වා මර්වින් සිල්වා යන හිටපු ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

10)අපේ රටේ මින් පෙර පැවති රජයන් හා බලයේ සිටි පක්ෂද වංචාකාරී දූෂිත බැවින් සෑම කල්හිම ආණ්ඩු කළ දේශපාලකයින් පිල් වලට බෙදී එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට දඬුවම් කරන්නට පොර කද්දී සුළු ජනකොටස් ස්වයංපාලන අරමුණු කරා හිමින් බඩගා යෑම රටේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් නොවන්නේද? මහා පරිමණ දූෂණ වංචා යුධ ගැටුම් පවතින වාතාවරනයක් තුල පහසුවෙන් කර හැකිව තිබියදී කෙටි කළකින් යුද්ධය අවසන් කරමින් යුද්ධයෙන් වවාගෙන කෑම නතර කළ මහින්ද හිටපු ජනපතිට දඬුවම් කිරීම ඊලාම් බෙදුම්වාදය හිස එසවීමේ ගැටළුවටත් වඩා වැදගත්ද?



මේ ප්‍රශ්න ඔක්කොම අස්සේ අපි අපි පිල්වලට බෙදිල පක්ෂ වල එල්ලිලා ආණ්ඩු පෙරලෙන දිහා බලලා ආතල් ගනිද්දී TNA කාරයයො ටිකයි හකීම් උන්නැහේගේ මුස්ලිම් කොන්ග්‍රස් එකයි ස්වයං පාලන පිස්සුව තද වෙලා රටේ කෑලි තමන්ගේ වරිගේ අයට ලියවගන්න එලිපිට ගේම් ගහන විදිහ දකිනකොටනම්  කමින් කලර් නෝ ගුඩ් කියල හිටං තමයි අපිටනම් හිතෙන්නේ.

Monday, October 13, 2014

බට්ටිට ගරහන උපාසකයෝ හා බට්ටිව මාකට් කරන්නෝ

රත්නපුරේ බට්ටි දැන් ප්‍රසිද්ධ චරිතයක් වෙලා හැමෝම ඇය ගැන කතාකරනවාය.  කොටසක් පොලිස් කාරයාගේ වැරදි කියමින් ඔහුට දොස් පවරති. තවත් කොටසක් බට්ටිට දෙස් දෙවොල් දෙති. පොලිස්කාරයාට බනින එවුන්ගෙන් සමහරු  බට්ටිට ගුටි කන්න වෙච්චි එකේ වරද කිවුවත් බට්ටිගේ ජීවන වුර්තියට හොඳක් කියන අය නෙවෙයි. බට්ටි ගණිකා වුර්තියේ නියැලෙන කෙනෙක් උනා. ඒක ගැන ඒ තරම් යහපත් මතයක් අපේ රටේ නෑ. බට්ටි ගැන සමාජ විද්‍යා විශ්ළේෂණ කරන්න යන්න ඕන නෑ. මේ සිද්ධිය ගැන ඇඟට පතට දැනෙන දේ කෙලින් කතා කරමු.
                              

 ගණිකා වුර්තිය හරි කියන්න බැරි සදාචාරාත්මක හේතු අනුව. නමුත් මනුස්සයෝ උනහම ලිංගික ආශාව ගෑනු පිරිමි හැමට ස්වභාවධර්මයෙන්ම ලැබෙනවා. බට්ටිලා වගේ අය නැති කරන්න කවදාවත් බැරි වෙයි. ඒත් එහෙම අය නොසිටියයුතුයි කියලා කෙනෙක් හිතනවනම් ගෑනු පිරිමි හැම කෙනාම පිළිගත් ක්‍රමයකට විවාහ ජීවිත ගතකර ඒ තුල ලිංගික හැසිරීම පවත්වගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ නොයෙකුත් හේතු නිසා දැන් ඉස්සර වගේ ස්ථිර විවාහ ජීවිත වලට ඇතුල් වෙන්න බැරි ඒ වගේම ඊට උනන්දුවක් නොදක්වන පිරිසකුත් ඉන්නවා. එහෙම වෙනකොට සල්ලි වලට උනත් තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගන්න කැමති අය කොටසක් හැදෙන්නේ ඉබේටමයි. බට්ටිලා වගේ අයගේ වුර්තියට පදනමක් වැටෙන්නෙත් එහෙමයි. කෙටියෙන් කිවුවොත් බට්ටිලා වගේ අයගෙන් කම් සැප බලාපොරොත්තු වන අය නොහිටියානම් බට්ටිලා වගේ අය ඉන්න හේතුවකුත් නැතිවෙනවා.

                            ඒත් ඒ වටපිටාව සේරම අමතක කරලා බට්ටි පොලිස්කාරයාගෙන් ගුටි කාපු එක හරි කියන්නයි බට්ටිට ගරහන්නයිනම් ගොඩදෙනෙක් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා.මේ අයට මතක්කරන්න තියෙන්නේ බට්ටිලා වගේ අයට ඔය තත්වය අත්කරල දෙන්න බලපාන සමාජ තත්වය ඇතිකරන්න බට්ටිට ප්‍රහාර එල්ල කරන අයත් එක් අතකින් වගකියන්න ඕනේ කියන එක. එහෙම කියන්නේ ඔය බොරු උපාසක සිල්වත්තු මනුස්සයන්ගේ ගෑනු පිරිමි  ලිංගික සම්බන්ධතා වල හරි වැරැද්ද මොක උනත් පුරුද්දක් හැටියට ඒව ඕනවටත් වැඩිය පිළිකුල් කරන අතරෙම එකාට එකා ආත්ම වන්චාවෙන් කටයුතු කර ලිංගික පීඩනයකුත් ඇතිකරදෙන නිසා. මේ බොරු සිල් අරගත්තු උපාසකයන්ට බට්ටිලාගේ සමාජ තත්වය තේරෙන්නේ නෑ. සමහර විට ඔය වගේ අය තමන්ගේ නෝනලා එක්ක රන්ඩු වෙලා ලිංගික අහේනියෙන් ඉන්න වෙලාවට බට්ටි වගේ අයගෙන්හරි තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න පසුබට වෙන එකක් නෑ. මොක උනත් වෙන දේ තමයි හොර උපාසකයො ගෑනියෙක් ලවා තමන්ගේ ලිංගික කටයුත්ත කරගත්තට පස්සේ ඒකේ තෘප්තිය අවසන් උනහම ආයෙමත් ඒ ගෑනුන්ටම ගරහන්නතරම් මානසික පෙරලියක් වෙන එක.
                  

බට්ටිට ගහපු පොලිස්කාරයාටනම් තද වෙන්න ඇත්තේ මිනිහ සල්ලි නොදී බට්ටිව ඇඳට ගෙනියන්න ගිහිල්ල වැඩේ වැරදුන තැන කියලනම් හොඳටම විශ්වාසයි. ඒත් සල්ලිත් නොදී වැඩේ කරන්නනම් ඒකටත් විසඳුමක් නැත්තේ නෑ. දැන් කැශුවල් සෙක්ස් වලට කැමති ගෑනුත් ඕන හැටියට ඉන්නව. පොලිස් සාජන් උන්නැහේට සමහර විට පොලිස් සේවයේම ඉන්න එහෙම එක්කෙනෙක් හොයාගන්න පුලුවන් වෙන්නත් තිබුණා උත්සහ කරල බැලුවනම්. එහෙම උනානම් බට්ටිලා පස්සේ යන්න ඕනත් නෑ බට්ටිලාට ගුටි අනින්න ගිහිල්ලා චාටර් වෙන්න ඕනත් නෑ. ගණිකා වුර්තිය පිළිගන්නම ඕනේ කියලා කියන්න හදිස්සි නොවුනත් එක දෙයක් කියන්න තියෙනව. ඒ මේ ලෝකේ ජීවය කියන දේ පවතින තාක් ගෑනු පිරිමි ලිංගික සම්බන්ධතා කියන එකත් ඒ ආකාරයෙන් පවතිනව කියන එකයි. ඒ නිසා අපි දෙයක් අසම්මතයි කියනවනම් ලිංගික සම්බන්ධතා වල සම්මතය කියන්නේ මොකක්ද කියලත් කියන්නම ඕනේ. ලිංගිකත්වය කියන වචනෙත් අරහං වෙච්චි සිල්වතුන් සම්මතේටත් ගරහන හැටි අපි දැකලා තියෙනවා. ඒකෙන් ලබන මානසික තෘප්තිය මොකක්ද කියන එකත් ලිංගිකත්වය ගැන පැහැදිලි දැක්මක් ඇති කාටත් ප්‍රශ්නයක්.

                   ඔය ඔක්කොම පලහිලවු අස්සේ බට්ටිව මාකට් කරන කණ්ඩායමකුත් සිටින බව පෙනෙන්නට ඉන්නවා. ඒ අතර සමාජවාදී දේශපාලනේ කරන අයත් සිටිති. මේ අය බට්ටිව වට කරගෙන ඉන්නේ බට්ටිට ඇති ආදරේකට වඩා සිද්ධියේදී තමන්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන් මේ සිදුවීම මොන විදිහට පාවිච්චි කළොත්ද කියල විමසිල්ලෙන්. යම් විදිහකින් ගණිකා වුර්තිය නීතිමය වශයෙන් පිළිගන්න කටයුතු සිද්ධ උනොත් බට්ටිව මාකට් කරන සමාජවාදියෝම සදාචාරය අල්ලගෙන ඒකට විරුද්ධ වෙන්නත් බැරි නෑ. දේශපාලනේ කියන්නේ ඒ තරමට අවස්ථාවාදී ලැජ්ජාවක් නැති එකක්. බට්ටි ගැන සැබවින්ම මානුශික විදිහට හිතල මේ සිද්ධිය දිහා බලන පිරිසකුත් නැතුව නෙවෙයි. නමුත් බොහොමයක් දෙනා තම තමන්ගේ සුපුරුදු ගතිය පෙන්වමින් ගණිකා වුර්තියේ වරදත් බට්ටිගේ චරිතයේ වරදත් පෙන්වමින් පොලිස් සාජන්වරයාගේ ක්‍රියාකලාපය සාධාරණ යැයි කිවුහ. ගණිකාවන්ගේ වැරදි කතාකරන විට ගණිකාවන් ආශ්‍රයට යොමුවී සිටින පිරිමින් කොටසක් ඉන්න බවත් සිහිතබාගතයුතුමයි. ඕනාවට වඩා සදාචාරසම්පන්න සමාජ පසුතලයන්හි ඇති අප්‍රසිද්ධ ලිංගික දුරාචාරයන් ගැන කතාකරන්නට ගියොත් පොත් ගනන් ලිවියහැකිවේ. ලිංගිකත්වයට සදාචාරයක් කියා දෙයක් අවශ්‍ය වේ. ඒත් එය ඕනාවට වඩා වැඩි වූ කළ ඇතිවන ලිංගික පීඩනයද සමාජය මොහොතින් වැනසියහැකි භයානක දෙයකි. ලංකාවේ අනගි සදාචාරයේ ඇතුල් පැත්තත් අන්ත අමිහිරි බව පමණක් මතක්කරන්නට දෙමින් ලිපිය අවසන් කරමි.