Pages

Tuesday, July 15, 2014

කිරිබයියෝ රට ලැබෙයිද?




මේ සිද්ධිය උනේ ටිකක් ඉස්සර එක්තරා ගමක චන්ද පැවතුන කාලෙකයි ඕං. දන්නවනේ ඉතිං චන්දෙකදි චන්දෙ  ඉල්ලන අපේක්ෂකයන්ගේ සහයට ලඟින්ම ඉන්න ගෝලබාලයෝ සෙට් එකකුත් ඉන්නවනේ. ඕං ඉතින් මේ ගමෙත් චන්දේ ඉල්ලපු එක චන්ද අපේක්ෂකයෙක් තමන්ගේ හොඳම ගෝලයත්  එක්ක චන්ද ප්‍රතිඵල අහනවලු. හොඳම ගෝලයගේ නම කිරිබයිය ලු.
                                                       රෑ ජාමේ වෙනකොට චන්ද ප්‍රතිඵල ප්‍රකාෂය ආරම්ඹ්හ වෙලා. ප්‍රතිඵලත් හතක් අටක් විතර කියවුනාලු. දැන් අර චන්ද අපේක්ෂකයට මනුස්සයගේ ජයග්‍රහනය ගැන තිබුණේ අවිනිස්චිත බවක්. චන්දෙන් දිනනවට සාමාන්‍ය වශයෙන් එදා කිවුවේ රට ලැබෙනව කියලාලු. ඔන්න ඉතින් මේ මනුස්සයට තිබුණ දෙගිඩියාවට අස්වැසුමක් ලබාගන්නත් එක්ක කිරි බයියගෙන් ඇහුවලු කිරි බයියෝ රට ලැබෙයිද කියලා. කිරි බයියත් කිවුවලු ආයෙත් එහෙනං කියලා අර මනුස්සයට මද සැනසීමක් ඇතිකරමින්. තවත් ප්‍රතිඵල කීපයක් නිකුත් උනාලු. මනුස්සයගේ දෙගිඩියාව තවත් එහෙමමයි. ආයෙමත් කිරිබයියගෙන් ඇහුවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. කිරිබයියත් පෙර සේම උත්තර දුන්නා. මේ විදිහට චන්ද ප්‍රතිඵල ලැබෙන හැම වාරයක් පාසාම අර මනුස්සය කිරිබයියගෙන් අහනවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඉතින් කිරිබයියටත් මේක සෑහෙන කරදරයක් වෙලා තිබුණේ. ඇයි උත්තර දීල ඉවරෙකුත් නෑනේ. පහුවෙනකොට කොහොම කොහොම හරි කිරිබයියටත් තේරිලා තිබුණා මේ මනුස්සයා පරදිනවා කියලා. එහෙම හිතාගෙන ඉන්නකොට ආයෙමත් චන්ද අපේක්ෂකතුමා කිරිබයියගෙන් සුපුරුදු ප්‍රශ්නේ ඇහුවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඒ පාර කිරිබයියගෙත් ඉවසීමේ සීමාව පැනලයි තිබුණේ. මිනිහා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා එක පාරම රට නෙවෙයි තොට ලැබෙන්නේ මේක තමයි කියලා සරමත් උස්සලා පුක පෙන්නලා දිවුවලු පස්ස නොබලම. කොහොමෙන් කොහොමෙන් හරි අර චන්ද අපේක්ෂක තුමා පරාද වෙලා තිබුණලු. ඒ විතරක්යෑ කිරිබයිය කරපු වැඩෙත් ගමටම ආරංචි වෙලා දැන් මිනිහා පාරක තොටක දකිනකොටත් ගමේ නොසන්ඩාලයෝ අහනවලු කිරිබයියෝ රට ලැබෙයිද කියලා. ඒ වෙලාවට ඉතින් මනුස්සය හොඳවයින් කුණුහරප සංග්‍රහයක් කරනවලු එහෙම අහපු එවුන්ට.
                                  
                         

10 comments:

  1. එල එල...

    ආ තව එකක්...
    ඔය "ච" නෙවේ "ඡන්දය" ලියනකොට එන්නෙ.. :D

    ReplyDelete
  2. අනේ වාසනාවන්..

    ReplyDelete
  3. වෙනසක් නැහැ බං..

    දැන් ඉන්න උන් රට, පුක කරගනෙ තමා සලකන්නෙ.
    උදේට හෝදනවා එච්චරයි..

    ReplyDelete
  4. සරම ගලවල පාරේ යන්නයි තියෙන්නේ..

    ReplyDelete
  5. කිරි පකිසෝ රට ලැබෙය්ද

    ReplyDelete
  6. ආපු ගියපු සැමට ස්තුතියි.

    ReplyDelete
  7. මේන් දරුවනේ දැකල නැත්තං අඹුඩෙ........ඕං බලා ගනිල්ල

    ReplyDelete