Pages

Monday, August 4, 2014

මහාචාර්යවරයාගේ අපූරු විහිළුව


ඔන්න මේ කතාවනම් අපේ රටේ වෙච්ච දෙයක් ගැන නෙවෙයි පිට රට විශ්ව විද්‍යාලයක වුන අපූරු සිද්ධියක් ගැන. ඔය රට මොකක්ද කියලනම් මටත් එච්චර මතකයක් නෑ. කොහොම උනත් කතාව මේකයි. ඔන්න මේ කතාවට අදාල විශ්වවිද්‍යාල මහාචාර්යවරයා ශිෂ්‍යයන් අමතා දේශන පවත්වන හැම විටම මොකක් නමුත් අසභ්‍ය විහිළුවක් දේශනය අතරතුර විෂයට අදාලව කරන්නත් අමතක කළේ නැහැලු. මහාචාර්යවරයාගේ මේ ක්‍රියාකලාපය පිරිමි සිසුන්ට මහත් විනෝදජනක එකක් උනත් අදාල විශයට මේ මහාචාර්යවරයාගේ දේශන වලට සහභාගී වන සිසුවියන්ටනම් මේක ඒ තරම් ඇල්ලුවේ නෑලු. මේ සිසුවියන්ගෙන් ගොඩදෙනෙකුට මේක තරමක් අප්‍රසන්න දෙයක් උනා. සුපුරුදු විදිහට කාලය ගතවෙද්දී ඔන්න එක දවසක් අර මහාචාර්යවරයාගේ අසභ්‍ය විහිළු තහළු හිසරදයක් වෙච්ච සිසුවියන් පිරිස එකතුවෙලා මහාචාර්යවරයාට පාඩමක් උගන්වන්න තීරනය කළාලු. මේ අයගේ සැලැස්ම උනේ ඊලඟ වතාවේ මහාචාර්යවරයා පුරුදු විදිහට අසභ්‍ය කතාවක් පටන්ගත්තොත් සිසුවියන් සියළුදෙනා නැගිට පන්තියෙන් පිටවී යෑමයි.
                                                හැබැයි මේ සිසුවියන්ගේ සැලැස්ම ගැන මහාචාර්යවරයාට රහසින් ආරන්චි වෙලා තියෙනවා. කොහොමෙන් කොහොහොමෙන් හරි ඔන්න ඊලඟ දවසේ මහාචාර්යවරයා පුරුදු විදිහටම දේශනය පටන්ගෙන ටිකදුරක් කරගෙන ගියා. ඔන්න ඉතින් මනුස්සයා හැමදාම කරන වැඩේ එදත් කරන්න හිතාගෙන මෙන්න මෙහෙම කිවුවලු. ඔය ළමයි දන්නවද ස්වීඩනයේ ගණිකාවන්ගේ එක දවසක ආදායම ඩොලර් 3000ක් කියලා. මේක අහපු ගමන් අර සිසුවියන් සේරම මහාචාර්යවරයා තවත් අසභ්‍ය කතා කියන්න ඉස්සර වෙලා නැගිටලා පන්තියෙන් එලියට යන්න ලෑස්ති උනාලු. මේක දැකපු මහාචාර්යවරයා එකවරම අර සිසුවියන් අමතා මෙහෙම කිවුවා. "ඔයගොල්ලෝ දැන්ම මේ කලබලෙන් කොහෙද යන්න හදන්නේ, ස්වීඩනයට යන්න හෙට රෑ 10 වෙනකල් ප්ලේන් එකක් නෑ" කියලා.

11 comments:

  1. අන්දරේ වගේ පොරක්නේ

    ReplyDelete
  2. බුවා නං පට්ට බුලට් එකක් වගේ

    ReplyDelete
  3. මහාචාර්යවරයා පට්ට බුවෙක් නේ ^_^ 

    ReplyDelete
  4. මරු ඕයි...

    ජ ය වේ වා!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  5. පොරට මහාචාර්‍ය කම ගැලපෙනවා..

    ReplyDelete
  6. මේ වගේ මහාචාර්යලා ලංකාවේ නැතුව ඇති සමහර විට.

    ReplyDelete
  7. පට්ට බුලට් එකක්නෙ..........

    ReplyDelete
  8. සුපිරි බුලට් එකක්නේ..

    ReplyDelete
  9. සුපිරි බුල්ට් එකකට තමයි ප්ලෑන් කරල මේ වගේ වැඩක් කරන්න පුළුවන්

    ReplyDelete