Pages

Thursday, September 25, 2014

දොස්තරගේ යෝජනාව

ඔන්න ඉතින් මේ කතාවනම් හිනාවෙනවටත් වඩා හිතන්න යමක් තියෙන එකක්. මේක සමහර විට අපේ යාළුවෝ කට්ටිය අහලත් ඇති. වැල්වටාරම් මොකටද? ඔන්න මේකයි සිද්ධිය. එක්තරා දොස්තර කෙනෙක් ලඟට ළමයෙක් වඩාගත්තු කාන්තාවක් ඇවිත් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවලු. ඩොක්ට මම තව පාරක් ගැබ්ගෙනයි තියෙන්නේ, මට තවත් පොඩි දරුවෙක් ඉන්න නිසා එකලඟ ළමයි හදන්න බෑ ඒක කරදරයිනේ. බැරිද ඇබෝශන් එකක් කරලා දෙන්න? දොස්තර කල්පනා කරලා කිවුවලු මම කිසි කරදරයක් නැති ලේසි වැඩක් කියන්නම් කැමතිනම් කරන්න කියලා. අර කාන්තාව බොහොම සතුටින් ඇහුවලු අනේ ඩොක්ට මොකක්ද ඒ වැඩේ කියලා. දොස්තර මහත්තයා මෙහෙම කිවුවලු. ඇබෝශන් කරන්න ගියහම අමාරුයි කරදරයිනේ ඒක නිසා අපි ඔය අතේ ඉන්න ළමය මරමු ඇයි ඉතින් බඩේ ඉන්න ළමය කියල මොකද ඒ ළමයටත් තියෙන්නේ පනනේ කියලා. අර කාන්තාව විශ්මයට පත්වෙලා ඇහුවලු ඩොක්ට ඇයි එහෙම කියන්නේ ළමයෙක් මරන එක මොන අපරාදයක්ද කියලා. එතකොට දොස්තර මහත්තයා අහනවලු ඇයි දැන් නෝන ආවේ ඒ වැඩේ කරන්න කැමැත්තෙන් ඒකට හිත හදාගෙන නේද කියලා. අර කාන්තාව එතනින් එහා මොනවත් කියන්නේ නැතුව ළමයා හදාගන්න හිතාගෙන පිටවෙලා ගියා. මේකෙන් විහිලුව වගේම යම් වරදක් තමන්ට අවශ්‍ය තැනදි අවස්ථාවාදීව හරි කියලා ගන්න බෑ කියන එකත් හිතන්න අවස්ථාවක් සලසලා තියෙනවා.

7 comments:

  1. මම අබෝෂන් එකට පක්ෂ වත් විපක්ෂවත් වෙන්න කැමති නැහැ. ළමයෙක් නැති කරනවට කැමතිත් නැහැ. නමුත් සමහර අවස්ථාවල කාන්තාවක් දුෂණ වගේ වෙලා පිළිසිඳ ගෙන නම්, එහෙම නැත්නම් අතිශය දුප්පත්කම නිසා ළමයෙක් හදා ගන්නම බැරිනම් එහෙම කලට කමක් නැහැ කියා හිතනවා.

    ReplyDelete
  2. හුඟක් මිනිස්සු නොදකින සත්‍යය මේ කතාවෙ ගැබ් වෙලා තියෙනවා. බඩේ ඉන්න එකා පෙනෙන්නෙ නැති හින්දා මරන්න ලේසියි.. ඒක මිනී මැරුමක් නෙවෙයි කියන්නතර්ක ගොඩයි.. ඒ තර්කම ගත්තම උපන් එකාත් මරන්න පුළුවන්..

    ReplyDelete
  3. බොාහොම වැදගත් කතාවක්... ජය

    ReplyDelete
  4. මොන විදිහකට උනත් ළමයෙක් නැති කරන එකට මම විරැද්ධයි..

    ReplyDelete
  5. පොඩි කතාවක් ඇතුලේ හිතන්න ලොකු දෙයක් ...

    ReplyDelete
  6. හිතන්න ලොකු දෙයක් තියෙන වටිනා කතාවක්...

    ReplyDelete
  7. ටිකක් බරපතල කාරනයක්. දොස්තරගේ මොළේ තමයි නියම මොළේ.

    ReplyDelete