Pages

Monday, June 1, 2015

මෛත්‍රී රනිල්ට උඩින්ද රනිල් මෛත්‍රීට උඩින්ද?


මේ ලියන්න පටන්ගන්නේ දේශපාලන පලහිලවුවක් ගැන උනත් මෙහි ඊටත් වඩා රටේ ජනතාව පැත්තෙන් හා ජනයාගේ සෞඛ්‍ය පැත්තෙන් වැදගත්කමක් ඇත. මේ කතාව පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් ග්ලයිපොසේට් නම් විෂ රසායනය අඩංගු වල් පැල නාශක තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධවයි. මේ ගැන කසුකුසුව පටන්ගත් මුල් අවස්ථාවේ කියවුනේ ජනාධිපතිතුමා විසින් මේ විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම අත්හිටවූ බවකි. නමුත් පසුව දැනගන්නට ලැබුණේ එම කන්ටේනර් තොගය අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයන් මාර්ගයෙන් රට තුලට මුදා හැරීමට සමත් වූ බවයි.
                      

ග්ලයිපොසේට් නමින් හඳුන්වන රසායනිකය හා එහි විෂ සහිත බව ගැන කෙටි කාරනා ටිකක් කියන්නත් වෙනවා. ග්ලයිපොසේට් කියා හඳුන්වන කෘෂි රසායනය බොහෝ විට එන්නේ රවුන්ඩ් අප් කියන වෙළඳ නාමයෙන්. මෙය ඇත්තෙන්ම රසායනික කාරකයන් කීපයක මිශ්‍රණයක්. ග්ලයිපොසේට් වල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වෙන්නේ අයිසොප්‍රොපිලැමින් ( isopropylamine  ) කියන එක. ඊට අමතරව තවත් රසායනික කාරකයන් සුළු පරිමාණ වලින් අන්තර්ගතයි. මේවා පෙන නැගීම වලක්වන ද්‍රව්‍ය, වර්ණක, ජීවානුහරන කාරක හා පී එච් අගය පාලනය කරන අකාබනික අයන වර්ග ආදියයි. ග්ලයිපොසේට් වල විෂවීම සලකාබැලීමේදී මේ රසායනික කාරක වලින් කුමක් කවර ආකාරයෙන් විෂ වන්නේද යන්න පරීක්ෂකයන්ටත් ගැටළුවක් වුවත් බොහෝ දුරට මේවා විවිධාකාරයෙන් එක්ව ක්‍රියාකරමින් විෂ වීම සිදුවන බව සොයාගෙන තිබෙනවා. ආහාර මාර්ගයේ මුඛය හා බඩවැල් ආශ්‍රිත ආබාධ, ආමාශය උගුර ආශ්‍රිතව ඇතිවන ආබාධ, වකුගඩු හා මූත්‍රා ආබාධ,පෙනහළු ශ්වසන ආබාධ, ග්ලයිපොසේට් වල බලපෑමෙන් සිදුවන අතර මීට අමතරව දරුවන් අතර උපන් ආබාධ ලෙස හිස්කබල තුල වතුර එකතුවීමද ග්ලයිපොසේට් වල බලපෑමෙන් වීමට යම් ඉඩකඩක් ඇතිබව වාර්තා වේ.
                         
   මුලින් වාර්තා වුන ආකාරයට ජනාධිපතිවරයා ග්ලයිපොසේට් අඩංගු කන්ටේනර් 15 මුදාහැරීම වලක්වන්න නියෝග කර බව කියවුනි. එයද එසේ වූවාදැයි සැකය. මේ විෂ රසායනික ද්‍රව්‍ය රටට ඇතුල් නොකර විනාශ කිරීමට මුලින් සැලසුම් කර තිබුණු බවත් කියවේ. එහෙත් අවසානයට අනාවරනය වී ඇත්තේ අගමැතිවරයාගේ බලපෑමෙන් මේ විෂ කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රේගුවෙන් මුදාහල බවයි. ඊට එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින් කීපදෙනෙක්ද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී ඇත. රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා හදිසියේ ඉල්ලා අස්වීම පසුපස ඇත්තේද මේ හුටපටය බව දැන් පැහැදිලි වී තිබේ. මෙතන ඇති ගැටළුව මෙයයි. ජනාධිපතිවරයාගේ නියෝගයකින් ග්ලයිපොසේට කන්ටේනර් තොගය මුදාහැරීම තහනම් කළේනම් ජනාධිපතිට වඩා බලතල අඩු අගමැතිවරයා හා ඔහුගේ පක්ෂයේ ගෝලයන් ඊට පිටින් ගොස් කන්ටේනර් තොගය මුදාගත්තේ කෙසේද යන්න ඒ ගැටළුවයි. එක්කෝ ජනාධිපතිවරයා මුලින් කියවුනු ආකාරයේ තහනම් නියෝගයක් දී නොතිබුණා වියයුතුය. නැත්නම් අගමැතිවරයා ජනාධිපතිවරයාටත් වඩා බලවත්ව ඔහුතද බලපෑම් කරන තත්වයේ සිටින නිල නොවන මට්ටමේ බලගතු පුද්ගලයෙක් වියයුතුය. මේ දෙකෙන් කුමක් වියහැකිද?
           
ජනාධිපතිවරයා විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම තහනම් කිරීමට නියෝග කළ බව මාධ්‍ය වලින්ද තහවරු වී තිබූ බැවින් එය අසත්‍ය යැයි දැන් කීමට බැරිය. එසේනම් සිදුවී ඇත්තේ අනිවාර්යයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අනට කීකරු කරගනිමින් ඔහුගේ බලතල වලටත් පිටින් ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුගේ පක්ෂ ප්‍රබලයන් විෂ ග්ලයිපොසේට් තොගය රටට ඇතුල් කරගැනීමයි. එක්සත් ජාතික පක්ෂ නායකයා හා ඔහුගේ ගෝලබාලයන් එසේ කිරීම පුදුමයක් නොවේ. ඒ රටට වින කරන කූඨ වෙළඳ ප්‍රජාවක් පෝෂණය කර ඔවුන්ට වාසි සහගත ලෙස ක්‍රියා කිරීම ගැන ප්‍රසිද්ධ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන නිසාය. එය එසේ වුවත් අපට අසන්නට ප්‍රශනයක් වේ. එනම් පසුගිය ජනාධිපතිවරනයේදී මහින්දගේ නොයෙක් වැරදි කියමින් රටට යහපත කරන යහපාලනයක් ඇතිකරන බවට දුන් පොරොන්දුව සමග මෙවැනි දේ කොතෙක් දුරට ගැලපේද යන්නයි. යහ පාලනයට මෙය අයත් නොවීමටද ඉඩ ඇත. නමුත් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර ඔහු ලවා මෙවැනි රටේ ජනයා බලාපොරොත්තු නොවන විනාශකාරී දේ කරගැනීමට නොවන බව නොකියාම බැරිය. ජනතාව චන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන පොරොන්දුවට විය හැක. නමුත් එය දැන් චන්දය දුන් පිරිසටම පාරා වලල්ලක් වී ඇත්තේ සිරිසේන මහතා කර තිබෙන්නේ යහපාලනය පිටට පෙන්වා මහින්ද ප්‍රමුඛ රටේ ජාතිකත්වයට එරෙහිව විජාතික කොන්ත්‍රාත් එකක් කිරීමත් රනිල් අගමැති කර ඔහුගේ පදයට නැටීම මේ කොන්ත්‍රාත්තුවේ කොටසක් වීමත් නිසයි. යහපාලනයට චන්දය දුන් මෝඩ තකතීරුවන් තවත් එය තේරුම්ගත් ආකාරයක් පෙනෙන්නට නැත. තෙරුනත් දැන කාටත් මුහුනදිය නොහැකිව තමන් යහපාලනේට චන්දය නොදුන් බව ඇතමුන් කියති. යහපාලනයේ රඟ තවත් ඉස්සරහට තව තවත් හොඳින් බලාගන්නට පුළුවන. ඊට පෙර එන චන්දයේදිවත් මොළේ පාවිච්චි කර චන්දය භාවිතා කිරීමට යහපාලන මුලාවේ පැටලුන එවුන්ට හැකි වේවා කියා රටේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා.



       

10 comments:

  1. කුණු වට්ටක්කාගොඩක් පකිස් පෙට්ටියේ ! පකිසෝ උඹ අවුරුදු නමයක් ජනතාවට වහ කවනකොට බුදියගෙනද හිටියෙ .. වෙනස් කරන්න එපා මේකෙ නම.. පකිසාගෙ පකිස් පෙට්ටිය.. අර වට්ටක්කා කිවෙත් ප.... කියලානෙ උඹේ නෑයෙක්ද ?

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ල කමෙන්ට් කරපන්කෝ නිකම් ඇනෝ දාන්නේ නැතුව. මොකද ලැජ්ජ වෙන්න දෙයක් තියෙනවයෑ. අවුරුදු 9ක් නෙවෙයි යකෝ ඊට ඉස්සර වෙලත් උඹලගේ යූඇන්පී ආණ්ඩු තිබුන කාලේ වස,කුඩු ගෙන්නල ජරා බිස්නස් කාරයෝ ටික තර කරනකොටත් ඇහැරගෙන තමයි හිටියේ.කවුරු කළත් වරද වරදමයි. උඹලගේ පිං ගොනා වාසු වගේ වැඩකට නැති එවුන්ගෙනුත් කුනුහරප අහගන්නේ උගේ ගතියක් හින්දම තමයි. ඒකට තරහ ගන්න එපා. පුළුවන්නම් උඹ ඔය පක්ෂේ නායකකම ගනින්. එහෙම අරන් චන්දේ දිනල රට හදපන්.

      Delete
  2. මුන් ඔක්කොම එකයි...එජාප එවුන් ටික කරන්නෙ ඉදල ඉදල ලැබුන චාන්ස් එකෙන් උපරිම ආතල් එක ගැනීම...

    ReplyDelete
    Replies
    1. ඔවු උන් බලය අල්ලන්න යන්නේ සැප ගන්න මිස රටට ආදරේට නෙවෙයි. හොර මැර කම් වල ආරම්භය සනිටුහන් කිරීමේ ගෞරවය හිමිවන්නෙත් එජාපෙටයි.එහෙම එකේ පහුගිය ආණ්ඩුවේ හොරකම් ගැන කතා කරන්නේ මුන්ට හොරාකන්න දෙයක් ඉතිරි වෙන්නේ නැති වෙයි කියල බයේ හිතේ අමාරුවෙන් ඉඳලා සාංකාවෙන්.

      Delete
  3. යල වපුරල අහවර නිසා රවුන්ඩප් තහනම මහ එනකම් අල්ලයයි. තේ වතු කොම්පැනි ස්ටොක් පුරවගෙන ඇත්තේ, මහට තමා රවුන්ඩප් නැතුව බැරි, ඒ වෙනකොට ඡන්ද ඉවරවෙලා. රවුන්ඩප් නැති එක පොලොන්නරුවේ වී ගොවීන්ට ලොකුවට අවුලක් නැති වුනත් අනුරාධපුරයේ එළවළු ගොවීන්ට හෙනයක්, ඒත් මහින්දට සහ ගෝලයන්ට බෑ නේ අපි ආවෝත් රවුන්ඩප් දෙනවා කියලා ඡන්ද ඉල්ලන්න. දැනට නාත දෙය්යන්ගේ කැද ජාවාරමේ සල්ලි බෙදා ගන්න බැරිව ජයසුමනල, ආසනික් ප්‍රියන්තිල ජනමාධ්‍ය හරහා හොඳට ගූ නාගන්නවා, නාත නලීන්ගෙත් මුඛ පූට්ටුවෙලා කියනවා කැලණියේ එහෙම හවුලත් තිබ්බේම නැහැලු. ඉතින් ජන්දෙ ඉවරවෙන කාලේ වෙනකොට ග්ලයිපොසෙට් නාඩගම අහවර කරල, වකුගඩු අවුලට සැබෑ හේතු එලියට ගන්න පුළුවන් වේවා යයි ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. දෙයක් ලියන්න අමතක වුනා, අර දේශීය වසවිස නැති සහල් තියනව නේද, ඒවා කොහොමද වගා කරේ කියන එක හොඳට සොයා බලන්න, දැන් ලංකාවේ වී වගාවට වල් නාශක හැර අනෙකුත් වස වර්ග භාවිතය ඉතා අඩුයි (දැන් කියන්නේ අද ඊයේ නෙවෙයි පසු ගිය වසර 5-6 කාලයේ සිට), ඒ අපේ පරිසරයේ ඉන්නා ගොඩක් පළිබෝධවලට ඔරොත්තුදෙන නව වී වර්ග අභිජනනය කර ඇති නිසා සහ කන්නයට වගා කටයුතු සිදුවීම නිසා. නමුත් ඔය දේශීය පැරණි වී කියා ප්‍රචාරය කරන ඒවා එහෙම නෑ , එවාට රෝග බහුලයි පෙසු ගිය කන්නයේ ගොඩක් දේශිය පැරණි වී වගා වලට කීඩෑවෝ හැදුනා, ඒවායෙන් සාමාන්‍ය වී වගාවලටත් පැතිරුනා. වස විස නෑ කියා විකිණුවත් අල්ලපු කුඹුරේ ගොවියාගෙන් අහල බලන්න ඒ කියමන කොච්චර ඇත්තද කියා.

      Delete
    2. ඇණයෝ හරියට හරි. මිත්‍යා මත වපුරපු පිරිස් (කෘෂිකර්මය ගැන බණ දෙසපු වෛද්‍ය විද්‍යා ජේෂ්ට කථිකාචාර්ය හා ගණිත මහාචාර්යලා ඇතුළු) ඔබ කියනවා වගේ, දරුවන්ගෙන් ගසා කාපු සල්ලි බෙදා ගන්න බැරිව, පිස්සු වැටිලා. ඇත්ත තොරතුරු ප්‍රචාරය වෙනුවට, තමන්ගේ මතවාදයන්ට ගැලපෙන පරිදි අහුලාගත් කෑලි, ප්‍රචාරය නරක ප්‍රතිඵල ගෙන දෙන්නක්.

      Delete
    3. මේ ප්‍රශ්නේ දේශපාලනය අනුව වෙනස් වන එකක් නෙවෙයි. කෘෂි රසායන විෂ වන එක කවුරු ආණ්ඩු කළත් වලක්වන්න බෑ. මොළයක් ඇත්නම් කරන්න ඕනේ මේ වා පාලනය කරන එක. අනෙක වකුගඩු රෝග විතරක් නෙවෙයි වෙනත් ලෙඩ රෝග වලටත් මේ විෂ කෘෂි රසායන බලපානව. ආසනික් ගැන කරපු එළිදරවුව අහක දාන්න බෑ. නාථ ගැන කතා බොරු කියලා කියන්නේ මොන පදනමකින්ද. පංචේන්ද්‍රිය ගෝචර නොවන සියල්ල බොරු කියන්නේ කොහොමද? මමනම් හිතන්නේ මේ වගේ දේවල් ගැන මීට වඩා විචාරයක් ඇතුව කරුනු සහිතව සංවාද කළයුතුයි. විෂ රසායනික බිස්නස් එක දේශපාලන කණ්නාඩි වලින් බලල තමන්ට ඕන පක්ෂේ එවුන් ආණ්ඩු කරද්දී හොඳ වෙන්නයි තමන් අකමැති පක්ෂයක් ආණ්ඩු කරනකොට නරක වෙන්නයි බෑ. අපි කියන්නේ මේක මහින්දගේ පාලනය යටතේ උනානම් හරි කියන එක නෙවෙයි. මේ කෘෂි රසායන වන්දනාවට විකල්පයක් දැන් ඕනේ. ඒ නිසා අපිට වඩා මේ දේවල් ගැන හරියට දන්න අය ඒ ගැන යමක් කියද්දී දේශපාලනේ මුලට අරන් ඒව විවේචනය කරන එකත් හරියන දෙයක් නෙවෙයි. අනෙක මම මෙතන පෙන්වලා දුන්නේ තර්කානුකූලව මේ නව දේශපාලන තත්වයේ තියෙන එක අවුලක් ගැන. ඒක වෙනත් වැල්වටාරම් කියලා යට ගහන්න බෑ.

      Delete
  4. බොහොම හොඳයි පකිස් විචාරයක් ඇතුව මේ ලිපිය ලිවුව එක. ග්ලයිපොසෙට් ගැන අපි දන්නෙ නැති තොරතුරු ටිකක් දැනගත්තා. ඒ ගැනත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු රටම දැනගන්න ඕනේ දේශපාලනය මොක උනත්.

      Delete