Pages

Showing posts with label විජාතික බලය. Show all posts
Showing posts with label විජාතික බලය. Show all posts

Saturday, August 6, 2016

විජයග්‍රාහී පාදයාත්‍රාව දැක බඩගිය උන් වෙනුවෙන් කනගාටුව!




උතුරේ විග්නේශ්වරන්ලාට කොලේ වහල බලය දෙන්න යන එකත් එක්ක තමන් කරන අනෙක් ජඩ වැඩ සේරමත් යහපාලනේට චන්දෙ දීපු සේරම අනුමත කොරා කියන මන්දබුද්ධික නිගමනේ ඉන්න එවුන්ගේ දැන් දෙකොන පත්තු වෙන්නට පටන්ගෙනය. එක පැත්තකින් යහපාලනේට චන්දය දීපු එකෙක් හොයාගන්නට බැරි තරම්. තක්කඩි යහපාලන බොරුකාරයන්ට එරෙහි ජනබලය එන්න එන්නම වැඩි වෙලා. ඒකේ උපරිමයට ආපු එක් අවස්ථාවක් පහුගිය අගෝස්තු 1වන සඳුදා අවසන් උන පාද යාත්‍රාවෙන් දකින්නට ලැබී තිබේ. පාදයාත්‍රාවට දිනෙන් දිනෙන් දින සෙනග එක් රැස් වී අවසානයේ මහා ජනගංගාවක් බවට පත්ව ලිප්ටන් වටරවුම වටේ විශාල ප්‍රදේශයක් ලක්ෂ ගනනක මිනිස් ජන ගංගාවකින් පිරෙද්දී ඇඳන් ඉන්න රෙද්දේම කක්කා කොරගත්ත යහපාළුවෝ හත් පොලේ ගාගන්නා ගමන් කක්කා ස්මෙල් එක පරයා යන පවර්ෆුල් ඇරෝමා එකක් හොයාගන්න අපොහොසත් වෙලාය. කට්ටියකට දත කට පූටු වෙලා. තව කට්ටියක් උන විකාරෙන් නොයෙක් දෑ දොඩවනවා. හිටන් හුටන් පුරුදු විදිහට තමන්ගේ අධෝමුඛය විවුර්ත කරලා කියල තියෙනවා රට හරියට කරානම් පාරවල් වල ඇවිදින්න වෙන්නේ නෑ කියලා. හැබැයි මුන්දැ රට කොරන විදිහටනම් මුන්දැව ගෙදර යවන්න චන්දයක් එනකල් මිනිස්සු ඉවසයිද කියලත් සැකයි. එහෙවු එකේ මේ යෝදය ගෙදර ගිය කාලෙක පාරක තොටක ඇවිදිනව තියා පුලස්තිපුරේ ගෙදෙට්ට වෙලා යහතින් ඉන්නවත් මිනිස්සු ඉඩ තියයිද කියලත් විශ්වාස කොරන්නටනම් බෑ. රටට අවංකව ආදරය කරන ජනතාවකගේ මහජන බලය විජාතික ජඩ බලයත් එක්ක බොරුවෙන් රාජ්‍ය බලය අල්ලන ඉන්න යහපාලන වෙස්මූනු කාරයන්ට යටකරන්න බෑ කියලා බංකොලොත් ජහපාලන කතා වලින්ම ඔප්පු උනා.

Saturday, July 16, 2016

විරුවෙකු සිහිකරමු


හසලක ගාමිණි කියන්නේ කවුද කියලා මේ රටේ වැඩිම පිරිසකට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒත් තමන්ගේ පුද්ගලික වාසියක් වෙනුවෙන් රටම පාවදෙන කාලකන්නින්ටනම් හසලක ගාමිණි චරිතය වැඩක් නැති වෙයි. කුලියට ලියන යහපාළු බ්ලොග් කාරයන්ටත් හසලක ගාමිණිට වඩා දෙමළ ජාතිවාදීන් සතුටු කරන දේසපාලන තක්කඩි වැඩගත් කියලත් අමුතුවෙන්න් කියන්න ඕන නෑ. ඒත් මේරටේ ඉතිහාසය දන්න ජාතික වගකීම දන්න ජාතිකත්වයට ලැදි අති විශාල බහුතරයට හසලක ගාමිණි කියන්නේ විරුවෙක්. ඒ කොටි ත්‍රස්තයන්ගෙන් හමුදා කඳවුරක් බේරගත්තු ඔහු ඒ වෙනුවෙන්ම කොටි බුල්ඩෝසරය විනාශ කරමින් ජීවිතයත් අහිමි කරගත්තු නිසා. කොටින්ට අවි බලයෙන් ගන්න බැරි උන දේ උන්ගේ වර්තමාන නියෝජිත දෙමළ සන්ධාන වසලයන්ට හොර පාරෙන් බලය බෙදා දීම හරහා යහපාළු තක්කඩි රැල කටයුතු කරද්දී අපට රටට ආදරය කරන බඩගෝසතරවාදයෙන් තොර මිනිසුන් හැටියට ඒ සියළු උත්සහයන් ව්‍යර්ථ කිරීමේ වගකීමත් තියෙනවා කියල මතක් කරන්නත් කැමතියි. මේ කෙටි සටහන තබන්නේ පහුගිය 14 වෙනිදට රට වෙනුවෙන් හසලක ගාමිණි විරුවා දිවි පුදා වසර 25 සපිරීම නිමිති කොට ගෙනයි.

Friday, June 17, 2016

සාලා පද පේලි


දඩබඩ චට පට හතර වටේටම සාලාවේ වෙඩි        පත්තු උනා
හිටි අඩියෙම උන මේ වින්නැහියට සාලාවම ගිනි   පත්තු උනා
අවි ගබඩාවක් සාලාවේ ඇති බව කාටත්               සිහියට ආවා
යුධ පිටියේ පය නොගහපු අයටත් මොහොතින් යුධ අසිරිය දැනුනා

උනේ මොකද්දැයි තේරුම් බේරුම් නැතිව රටම       තබ්බීරි උනා
සුපුරුදු විදිහට මාජ්ජ කපුටෝ සාලාවම වට             කොර ගත්තා
විපත්තියේ අල මුල වැල ගිය තැන් හාර          අවුස්සන්නට ගත්තා
හානිය ගැන මිස හේතුව ගැන නම් හොයන්න කාටත්   බැරිම උනා

පත්තර බලන්න බැරුවද කොහෙදෝ ලොක්කත් නෑ දැන්   කතා හිටං
පත්තර මල්ලිට රජවාසල පැත්තට යන්නට බැරි              වෙලා හිටං
කට ඇරියොත් පච වෙන එක නියතයි ලොක්කා කට වහ  ගත්ත හිටං
ලොක්කගෙ දෙවනිය ඉස්සරහට පැන වැඩේට කට       දැම්මාය හිටං

හරි හරි දැන් හරි ඔක්කොම දැන් හරි පරිස්සනේ              අපි පවත්තනෝ
පවත්තලා අපි මේ ගැන තොරතුරු මාජ්ජෙට දෙන්න          පොරොන්දු වෙනෝ
මගේ පොලීසිය මට විස්සාසයි හමුදා බුද්ධිය                       අපට එපෝ

ලොක්කගෙ දෙවනිය කොටිඒජන්තයො වෙනුවෙන් දැන්      උත්තර බැන්දෝ

කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි       ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන්  අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ           පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි                  
   අපි කියනෝ

පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන්       මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව                    ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල     දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට්   එක පෙන්නන්නේ

සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට    බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම    කියා ගත්තේ
ප්‍රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට     මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ           යන්නටයි ගියේ

Sunday, April 24, 2016

අධෝමුඛයක් කථා කරයි



පුක් පුක් පුක් පුක්............

එදා මම FCID එක ගැන දැනගත්තේ පත්තරෙන් හිටං.....
මගේ අගමැතියයි අර සිංගප්පූරු කාරයයි මහ බැංකුවට කෙලිය එක මම දන්නේ නෑ හිටං........
හැබැයි මම රාජපක්ෂගේ කාලේ දූෂණ වලටයි වංචාවටයි විතරක් විරුද්ධයි හිටං.....
සතොස හොරාකාපු එකා මුදල් ඇමතු උනාටත් කමක් නෑ හිටං....

පුක් පුක් පුක් පුක්...........

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කළා හිටං.............
සංහිඳියාව ඇතිකරන්න ජාතික ගීයත් දෙමලෙන් කියන්න අවසර දුන්න හිටං..........
උතුරේ ස්වයං පාලනේ ඉල්ලන දෙමළ ජනතාවයි අසරන දෙමළ සන්ධානෙයි පවු හිටං.............
අහින්සක කොටින්ට උදවූ කරපු අහින්සක සිවිල් වැසියො ඝාතනය කරයි කියල හමුදා සාමාජිකයො අතඩංගුවට ගත්ත එකත් හරි හිටං................
ඇරත් හමුදා බුද්ධි අංශ සාමාජිකයො අත්ඩංගුවට ගන්න එක මම දැනගෙන හිටියෙත් නෑ හිටං........

පුක් පුක් පුක් පුක්............

අපේ රටේ දෙමළ මිනිස්සු පවු හින්ද හිටං කොටි උන් වෙනුවෙන් සටන් කරපු එකත් සාධාරන හින්ද හිටං අහින්සක කොටි සුදු කොඩි දාගෙන එද්දි උන්ව මරපු අපේ හමුදාවට දඬුවම් දෙන්න සුද්දන්ට මෙහෙ එන්න කියනව හිටං.....
ජිනීව කොන්දේසි ක්‍රියාත්මක කරන්න සහය දෙනව හිටං.......
ජාත්‍යන්තර යුධ අධිකරන පිහිටවලා අපේ හමුදාවට දඬුවම් කරන්න ඉඩ දෙන්න ඕන හිටං.........
ජිනීව යෝජනා වලට එකඟ උනාට පස්සේ බටහිර රටවල් අපිත් එක්ක යාළුයි හිටං...
ඒක හින්ද දැන් ජිනීව කතාව නැවතිලා හිටං.................
හමුදාවේ ගෞරවෙත් රැක්කෙ එහෙමයි හිටං..........

පුක් පුක් පුක් පුක්.......

මම දන්නේ නැති උනාට මටත් හොරෙන් මගේ පිං අගමැති රටේ ආර්ථිකය දියුණු කරනව සිකුරුයි හිටං..............
අගමැතිය මටත් හොරෙන් ඉන්දියාව එක්ක එට්කා ගහල මටත් නොකියම රට දියුනු කරනව විශ්වාසයි හිටං...........
අපේ ජහපාලනෙන් තාම වැඩ පෙන්නන්න පටං ගත්තේ නෑ හිටං......
තාමත් පරන ආන්ඩුවෙන් හදපු ගොඩනැගිලි විවුර්ත කර කර ගියාට අපට වැඩ බැරුව නෙවෙයි හිටං............
අපිට වැඩ කරන්න බැරිවෙලා තියෙන්නේ මහින්දයා රට කාල ණය බර වැඩි කරපු නිසා මිස අපිට වැඩ බැරි නිසා නෙවෙයි හිටං.........

පුක් පුක් පුක් පුක්........

ඔය ඉඳල හිටල ගෑනියෙකුගේ බෙසියර් එකක් උඩ යනකොට සිංහල බෞද්ධකම මතක් උනාට හිටං මට බදුඩීන් සම්බන්ධන් හකීම්ව එහෙම පේන්නෙම නෑ හිටං.........
විගායි සම්බන්ධනයයි ෆෙඩරල් ඉල්ලලා ගෝරි දැම්මට උතුරෙන් දකුනෙන් කොටි ආයුධත් එක්ක අහු උනත් එන් ජී ඕ කාරයෝ හමුදා කඳවුරු වලට පැන්නත් මට කමක් නෑ හිටං............
හමුදාවට දඬුවම් කරල හමුදාව ප්‍රතිසංවිධානය කරන්න අගමැතිය ලවුව එංගලන්තෙට බාර දීල ෆෙඩරල් උන තියෙන එවුන්ට ඕන මගුලක් කරන්න ඉඩ දීල මම රට බෙදන එකත් වලක්වලයි තියෙන්නේ හිටං............
බය වෙන්න දෙයක් නෑ හිටං..........

පුක් පුක් පුක් පුක්..........

ඔය මහින්දය කියන්නේ බොරු හිටං, මහින්දයට බලයක් නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සේරම කැමති මටයි හිටං ........
මම සම්බන්ධන් හකීම් බදුඩීන් එක්ක රට ආරක්ෂා කරන විදිහටම ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයත් ආරක්ෂා කරනව හිටං..............
ඔය බඩු මිල ඉහල ගියාට ගනන් ගන්න එපා හිටං, මහින්දය ගහපු ගැහිල්ලට තමයි ඔක්කොම උනේ හිටං.......
හූ ඇම් පී එකත් එක්ක එකතුවෙලා මහජනයාට ආතල් ගත්තැහැකි කිටං.............
අපි වැඩ පටන් ගත්තහම බලාගන්න පුළුවන් හිටං, ආ ඒක නෙවෙයි අර වැට් බදු වැඩි කරපු එක ගැනත් මම දැනගත්තේ පත්තරෙන් හිටං.........
ඔය මහින්දයට වගේ නෙවෙයි මට පස්චාත්භාගය හොඳට හසුරවන්න වගේම ඒ පැත්තෙන් කතා කරන්නත් හොඳට පුළුවන් හිටං...........
එහෙනම් ඔබ සියළුදෙනාට ජහපාලන සරනයි හිටං................

පුක් පුක් පුක් පුක්............

ආයුබෝවන්............
මීට ජාතික රූපවාහිනිය නයි ටී එන් සමග සිරස ඇතුළු ජහපාලන මාජ්ජ ජාලය......


Saturday, November 7, 2015

කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.

                   

රටේ තවත් ජනප්‍රියම චරිතයක් වූ පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන් අපවත් වී ඇත. මේ ප්‍රවුර්තිය අසන්නට ලැබුණේ අද උදෑසනයි. සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය. එහෙත් පසකාලීනව මෑතක් දක්වා සෝභිත හිමියන්ගේ දේශපාලන කටයුතු ආදිය ජනතාවට ඒ තරම් රට ජාතිය පැත්තෙන් හිතකර නොවීය. එබැවින් උන්වහන්සේ මෑතක සිට ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ පෙර මෙන් රටට ජාතියට ආගමට ඒ තරම් වැඩදායක හිමි නමක් ලෙස නොවේ. ඊට හේතුව උන් වහන්සේට රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් වඩා තමන් සහය දැක්වූ දේශපාලන කණ්ඩායමට තිබූ ඇල්මදෝයි විටෙක සිතේ. කෙසේ කුමක් සිදු වූවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙර කල රටට සමාජයට කළ ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. උන්වහන්සේ බොහෝ ජාතික ගැටළු වලදී රටේ ජාතිකත්වය පැත්තේ සිටියේය. සෝභිත හිමියන් රටේ සමාජය බෞද්ධ සදාචාරාත්මක ගුනයන්ගෙන් පෝෂණය කරන්නට මනා කාර්යභාරයක් කළේය. දහම් අධ්‍යාපනයයේ උන්නතිය වෙනුවෙන්ද උන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කර ඇත. මේ සියල්ල සලකා බලන විටනම් උන් වහන්සේගේ අපවත් වීම රටටත් සමාජයටත් පාඩුවක් මෙන්ම ශෝකජනක සිද්ධියකි.
                                           පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කියනට තවත් පැත්තකින් වෙනත් කරුනු කීපයක්ද ඇත. ඒවා පෙර කී කාරනා වලට හාත් පසින් වෙනස් හා ප්‍රතිවිරුද්ධ දේවල් වේ. ඒ වැඩි හරිය උන්වහන්සේගේ එතරම් ප්‍රසිද්ධ නොවූ දේශපාලන ක්‍රියාකාරකම්ය. එකක්නම් රටට හෙන වැද්දූ අන්ත විජාතික ගැති කොටි ත්‍රස්තවාදයටත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුන් චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය ජනාධිපතිනිය බවට පත් කිරීමට එකළ කැප වී වැඩ කටයුතු කිරීමයි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ පැකේජ් නාඩගමටත් විජාතික ගැතිකමටත් එරෙහිව උන්වහන්සේ පසුව හඬක් නැගුවේය. එහෙත් එහි අර්ථය උන් වහන්සේ චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට දැක්වූ සහය අනුව කුමක්දැයි සාධාරන ප්‍රශ්නයක් විය. මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ එක්සත් ජාතික පක්ෂයද සමස්ථයක් ලෙස දැක්වූ විජාතික ගැතිකම නිසයි. සෝභිත හිමියන් පහුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් කැප වෙමින් නැවතත් පෙර චන්ද්‍රිකා කුමාරතුන්ග මහත්මිය ජනපති කිරීමට ක්‍රියා කළ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමටද කැප වුනි. උන්වහන්සේ වරක් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටද සූදානමක් තිබුනු බව කවුරුත් දනී. අද මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරගනිමින් විජාතික ගැති දේශපාලන ගමනක් යන ආකාරය පැහැදිලිය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලනය ගැන පසුව කලකිරුනද ඒ එහි විජාතික ගැතිකම නිසා නොවීය. අවසන් කාලයේ සෝභිත හිමියන් රටේ ජාතික ගැටළු වලදි පෙර මෙන් ජාතිකත්වය පැත්තේ සිට ජාතික මෙහෙවරද නොකළේය. ඒ අනුව බලන කළනම් උන්වහන්සේගේ අපවත් වීම ගැන ජාතිකත්වය පැත්තෙන් බලන කළ විශේෂ කනගාතුවක්ද නැත.
                                          එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වුන කල්හි මෙරට අති විශාල ජනකායක් උන්වහන්සේගේ අපවත් වීම ගැන ශෝක වූයේ උන්වහන්සේ රටට ජාතියට බුද්ධ ශාසනයට ඇති අභියෝග ගැන නිතර ජනතාව අවධි කරමින් නොවෙනස් ජාතික ආගමික මෙහෙවරක් සිදු කළ නිසාය. එහෙත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුලදී සද්භාවයෙන් ජාතික ආගමික මෙහෙයක් කළ පසුව වැරදි දේශපාලනයක් අප්‍රකට ලෙස කරමින් විජාතික ගැති බලවේග සමග එක්ව කටයුතු කළේය. උන්වහන්සේ අපවත් වී ඇති මේ මොහොත වන විට ජනතාවගෙන් වැඩි හරියකට ඇත්තේ මේ ගැන දුක් වනවාද නැත්නම් සතුටු වනවාද කියන ගැටළුවයි. ඇත්තටමනම් වැඩි දෙනෙකුට ඇතිවන්නේ කිසිම දුකක්වත් කිසිම සතුටක්වත් නැති මධ්‍යස්ථ හැඟීමකි. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් කළ කී දෑ අනුවයි. කොහොම උනත් උන්වහන්සේට නිවන් නිවන් සුව අත් වේවායී ප්‍රාර්ථනා කරමි.

Monday, July 6, 2015

NGO කාරයා දුටු සිහිනය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවට බටහිර රටවල් වල මහා අනුකම්පාව හා ආදරය හිමි වෙලාය. අසල්වැසි ඉන්දියාවද ශ්‍රී ලංකාව ගැන පුදුම විදිහට පැහැදිලා.මොකද අප්පේ ඒ? ඇයි යහපාලනයනේ දැන් තියෙන්නේ මෛත්‍රිය පතුරුවන.

මෛත්‍රිය පිරි යහපාලනයේ නියමුවාට රනිල් වික්‍රමසිංහ නම් ජාතික වීරයා අගමැති කරවන පොරොන්දුව නොදුන්නානම් දිනන්නට බැරි වෙන්න තිබුනා නොවැ. එහෙනං, ඒකනේ ඒ වීරයව අගමැති කළේ හිටං.

ඔන්න ඉතිං බටහිර රටවලයි ඉන්දියාවෙයි ශ්‍රී ලංකාවට තියෙන ආදරේ වැඩි කමට දෙන වටිනා ගුරු හරු කම් මැද්දේ මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව සාර්ථක දින 100 පහු කරනකොට ජනතාව ආන්ඩුව විසුරුවන්න එපා කියමින් මෛත්‍රී රනිල් නායක දෙපල ලඟ දනින් වැටෙයි. වන් මෝ.... වන් මෝ..... කියමින් දින ගනන වැඩි කරගන්න ජනතාව බල කරයි. 


යහ පාලනය හෙනට නැගල ගිහිල්ලාය. ජනතාවට හෙන ආතල්ය. එහෙන් ජාතික විරු රන්ජා හිටපු දේශද්‍රෝහී මහ රජාගේ හොරකම් හිටු කිආ අල්ලනවාය. අල්ලාගත් හොර බඩු බැංකු ගිනුම් වල සල්ලි එහෙම රටටම කන්ඩ දෙන්න පුළුවන් සයිස් එකට ගොඩ ගහගතු ඒවලු. ජනතා ඇසිපිය නොහෙලා බලාහිටියි.

යහපාලනේට බාධාකරන විපක්ෂය ගැන තීන්දුවක් ගන්න වෙලාය. ඔන්න අපේ යහපාලන ලොක්කා කවදත් රටට උදවු උපකාර කරන ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුවත් කරලා එහෙම රනිල් ලොක්කගෙනුත් අහලා ආන්ඩුව විසිරුවා හැරලා. දැන් ජනතා ඉස්පාසුවක් නැතුව බලා ඉන්නව රනිල් ලොක්කව අගමැති කරන්න.


යහපාලනයේ දුෂ්ඨයා මහින්ද නම් හිටපු මහරජායි. මහරජා බංකොලොත්ය. මහරජාට ඇත්තේ පන්සල් යෑම පමණකි. ඔහුට කර කියාගත හැකි වෙනත් දෙයක් නැත. මහරජා වටේ සිංහ කොඩි අතින් ගත්තු ජාතිවාදියෝ ටික දෙනෙක් ඉන්නවාය. උන්ට මහින්ද අගමැති ඕනෑය. ජාතිවාදීනටනම් මෙදාපොටේ ඉඩක් නැත.

චන්ද සටන ඇරඹිලාය. රට පුරාම ඇත්තේ කොළ පාට කොඩි වැල් පමණකි. ජනතාව එක හඬින් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ ජාතික වීරයායි. රනිල්ගේ රැස්වීම් වලට යන්නට ඔහු කියන වටිනා වදන් වැකි අසන්නට ජනතාව රෑ නිදි මරමින් ලකලෑස්ති වෙති.

රනිල් වික්‍රමසිංහ වීරයා පැරකුම්බා නිරිඳුන් මෙන් මහත් තේජසින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවට අවතීර්ණ වේ. එසැනින් ජනතාව ඔල්වරසන් දෙනු ලැබේ. රනිල්ගේ කතාව අසාගන්නට ජනතාවට ඉස්පාසුවක් නැත. ජාතික වීරයා කතාව පටන් ගනියි. අත්පුඩි ජය ඝෝෂා එකයි.කොළ කොඩි වැනේ ඒ අතර තැනින් තැන මහා පරිමාණයෙන් දේදුණු වර්ණ කොඩිත් ලෙළදෙයි.

දුෂ්ඨ මහින්දගේ රැස්වීම වලට සෙනග නැත. මහින්ද වේදිකාවට නගින විටත් ජනතාව හූ කියයි. හොරා හොරා කියමින් මින්සුන් මහින්ද හිටපු මහ රජාට විරෝධය දක්වති. සිංහ කොඩි ගත් ජාතිවාදීන් පමණක් මහින්ද වටේ ඇත. ඒ ඉතා සුළු පිරිසකි. මහජනතාව ජාතිවාදයට විරුද්ධය.

මේ අතර සිංහල බෞද්ධ මහජනතාව ජාතිවාදය ගැනත් සිංහල ඉතිහාසය ගැනත් කලකිරී ඇත. ඔවුන් කොපමණ කලකිරී ඇත්දැයි කීවොත් මහා වංශය ගිනි තැබියයුතුයැයි කියති. බහුතර සිංහල බෞද්ධයන් ජාතිවාදය අත්හැර බහුවාර්ගික වීම සඳහා වික්‍රමබාහු කරුනාරත්න පඬිවරයාගේ සති අන්ත වැඩමුළු වලට සහභාගී වෙති. වැඩමුළුව අවසානයේ ජාතික කොඩියේ සිංහයාටත් මිනිස්සු බණිති.

රටේ මහජනතාව ඇමරිකාවේ සියළු ප්‍රාන්ත වල සමලිංගික විවාහයන් පිළිගැනීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පසුවෙති. ශ්‍රී ලංකාවේද එසේ වියයුතුයැයි බහුතරයක් කියති. සියළු දෙනා පවතින ජාතික කොඩිය වෙනස් කළයුතුයැයි කියති. ඒ එහි සිංහයෙකු සිටීම නිසා උතුරේ සහෝදර දෙමළ ජනයාගේ හිත රිදෙයි කියාය.

බහුතරයක් සිංහල බෞද්ධයන් දැන් මහින්දට බනින්නේ ප්‍රභාකරන් ඇතුළු කොටි විමුක්තිකාමීන් මරා අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ ද්‍රෝහිකම සිහි කරමිනි. ඒ දවස් වල චන්ද්‍රිකා කියපු විදිහට පැකෙජය දී ෆෙඩරල් විසඳුමක් දී තිබුණානම් අද වන විට ඊලම හදාගන්න අපේ සහෝදර මිස්ටර් ප්‍රභාකරන්ට ඉඩ නොදීම ගැන සින්හලයෝ කනස්සලු වෙති. ඒ වීසා පාස්පෝට් නැතුව දැන් වගේ උතුරට නොයා වීසා පාස්පෝට් පෙන්නා කොටි කොඩියට ගරු කර යාපනේ සංචාරය කිරීමේ අවස්ථාව අහිමි වන නිසාලු.

ඔන්න ඉතින් චන්ද පොරයත් පටන්ගෙන පක්ෂ ගනනාවක්ම වේදිකා උඩ තමන්ගේ කියුම් වනනවලු හතර වටේ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එක්සත් ජාතික පක්ෂයට තරම් ප්‍රසාධයක් වෙන කාටවත් නෑ. එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට මිනිස්සු කිරිඇල්ල මහත්තය ගාව දනින් වැටෙනවලු. ඒ තරමට හිටපු ජාතිවාදීන්ගේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා.

මහින්ද මහත්තය දිනවන්න කියලා චන්ද සටන ගෙනයන කිසිම කෙනෙකුට ජනතා ප්‍රසාදය නෑ. විමල්ට මිනිස්සු ගල් මුල් වලින් ගසති. ගම්මන්පිල හැංගිලාය මහින්දට හූ කියති. යන යන තැන මහින්ද චකබ්ලාස්ය. ජනතාව ප්‍රවුර්ති දැනගන්නේද රාජ්‍ය නොවන සංවිධාන මගිනි. ඒ ඔවුන් ජාතිවාදයට පක්ෂ නැති නිසා ඇත්ත කියන හින්දලු. සිරසත් ගජරාමෙට වැඩය. ඒ රනිල් දිනවන්නට ඒකපාක්ෂිකවය. එය ඇත්තෙන්ම සාධාරනයි කියා මහජනතාවත් හිතාගෙන ඉන්නේ රනිල් වගේ හොරකම් නොකරන ජාතිවාදී නැති කාන්තාවන්ට අතවර නොකරන කෙනෙක් ගැන ඇති පැහැදීම නිසාළු ඕං

ඔන්න ඉතින් අගෝස්තු 17 උදා වෙනවා. මිනිස්සු  දැඩි උද්‍යෝගයකිනුයි චන්දය දෙන්නේ.අහන අහන කෙනා යූඇන්පී. මාර ආතල්. ඔන්න රෑ වෙනකොට චන්ද ප්‍රතිඵල දෙන්න පටන් ගත්තා.පළමු තැපැල් චන්දයම එ.ජා.පය උඩින් දිනුම් ආයේ නෑ මහින්දගේ පිලට චන්ද 10යි.මුළු ලංකාවෙම ප්‍රතිඵලය එනකොට එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනල. යූ.ඇන්.පී ආසන 150යි දෙමළ සන්ධානය දෙවනියට ඉන්නේ ආසන30යි සිරිසේනගේ අත ලකුනට ආසන 20යි මහින්ද මහත්තයගේ පක්ෂෙට ආසන10යි ඉතිරිය මුස්ලිම් කොන්ග්‍රස් ජේ.වී.පී ආදී කුඩා පක්ෂ වලට.

ඔන්න ඉතින් රනිල් අගමැතිවරයාගේ යටතේ අළුත් යූ.ඇන්.පී ආණ්ඩුව පත් උනා. හකීම් මහත්තයත් ආණ්ඩුවට මුක්කුවක් ගහලා. රිෂාඩ් බදුර්ඩීන් උන්නැහෙත් එහෙමයි. අළුත් ආණ්ඩුවේ ප්‍රභලම ඇමතිකම් හම්බ වෙලාතියෙන්නේ මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන මහ්ත්වරුන්ටයි. ඊට අමතරව රන්ජන් රාමනායක රාජිත සේනාරත්න රෝසි සේනානායක යන අයත් ලොකු පුටු වල. සිරිසේන ජනාධිපති තුමා යහපාලන මොළය මෙහෙයවලා උප අගමැති තනතුරක් හදලා ඕං ඒක දෙනව චන්ද්‍රිකා නෝනට. ජාතික විධායක කමිටුව පත්කරලා ඒකේ ඔක්කොම් ඉන්නේ විදේශ තානාපතිවරු නම්කරන පුද්ගලයන්. 

අළුත් ආන්ඩුව ගැන ලෝකයම පැහැදිලාය. ලොව හතර දෙසින් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ එ.ජා.ප ආන්ඩුවට සුබපැතුම් ගලා එයි. විරමසිංහයන් මංගලද කැටුව බටහිර රටවල් ගනනාවකම සංචාරය කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවද වික්‍රමසිංහයන් සාදරයෙන් පිළිගනියි. ගුරුහරුකම් ලබා දෙයි. ජාත්‍යන්තර විචාරකයන් ජනමාධ්‍ය මේ අළුත් ප්‍රවණතාවය ගැන දැඩි උද්දාමයකින් කතා කරති. වික්‍රමසිංහයන් ඉන්දියාවේද සංචාරයක් කරයි. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා බැහැදකී. වටිනා ගුරුහරුකම් ලබාගනී. රුසියාව හා චීනය සමග තිබෙන සම්බන්ධතා ඇනහිටී. බටහිර රටවල් සතුටින් පිනා යයි.

දැන් සිරිසේන ජනාධිපතිත් රනිල්ට යටය. බටහිරට පොරොන්දු වූ පරිදි සිරිසේන විධායක බලතල අත්හැර රනිල් වික්‍රමසිංහයන්ට පවරා ඇත. මහින්දට යන එන මං නැත. වැඩ බලන අගමැති චන්ද්‍රිකාය. ජාතික විධායක සභාවට සිංහලයන් එකෙක්වත් නැත.

මහින්දයි සන්ධාන ආන්ඩුවයි හොරාකාපුවා වංචා කරපුවා සොයන්නට බාරදී තිබෙන්නේ අතිගරු රන්ජාටයි. ඔහු හම්බන්තොටින් ගෙයක් අරන් එහි පදිංචි වී රාජපක්ෂ පවුලේ තොරතුරු හොයයි. ඔහුට දිනපතා රත්තරන් හමුවේ. රාජපක්ෂලා හංගපු සල්ලි මැදමුලන ගස් යටිනුත් හමු වෙයි. මේ පුවත් අසා ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් මහින්දට දඬුවම් කිරීමට බල කරයි. ලැම්බෝගිනි අශ්වයෝ හෙලිකොප්ටර් බෙලිඅත්තෙන් මතුවෙයි. රන්ජා දැන්නම් චිත්‍රපටියක මෙන් වීරයා වී ඇත.

මංගල සම්මරවීර ඇමතිගේ ආරාධනයෙන් ලොවපුරා සිටින කොටි ඩයස්පෝරා සාමාජිකයින් කොළඹ පැමිණ සිංහලයන් සමග අත්වැල් බැඳගනිමින් ඩයස්පෝරා සැනකෙලිය පවත්වති. සියළු දෙනා මහින්ද යුධ අධිකරණයට යැවිය යුතු බව කියති. ඉක්මනින්ම පාර්ලිමෙන්තුව කැඳවා උතුරට දේශපාලන විසඳුම ලබා දීම කඩිනම් කෙරේ. 13වන සංශෝධනයෙන් එහා ගොස් පොලිස් ඉඩම් සියළුම බලතල සහිත ෆෙඩරල් විසඳුම වැඩි චන්දයෙන් සම්මත වේ. දැන් දෙමළ සන්ධානය උතුරේ පාලනය ගෙනයයි.

ලංකාව තුල සමලිංගිකත්වයට ඇති තහනම ඉවත් කිරීමට සියළු කටයුතු සූදානම් කෙරේ. බටහිර රටවල් වලින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව වික්‍රමසිංහයන් කියයි. නොබෝ දිනකින්ම සමලිංගික තහනම ඉවත් වේ. සමලිංගික විවාහයන්ද ශ්‍රී ලංකාව තුල පිළිගෙන ඇත. දැන් සමලිංගිකයන් සිත් සේ පවුල් කති. දරුවන් දරුකමට හදාගනිමින් තවත් සමලිංගික පරපුරක් හදති. දැන් නීති ඉතා තදය. සියළුම නීති ක්‍රියාත්මක වන්නේ සමලිංගිකයන් හා සුළුජන කොටස් වල්ල අයිතීන් වෙනුවෙනි. සිංහල ජාතිවාදීන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවයි. අධිකරණ විනිසුරුවරුන්ද සමලිංගිකයන් හා සිංහල නොවන අය වෙති.

සිංහලයන් ජාතිවාදය අතහරිමින් සිංහල ඉතිහාසය වලදමා නැවත වරක් එංගලන්තයට රට පවරා දෙන ලෙස වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලති. උතුරේ ඊලම පිහිටුවිය යුතුයැයි සිංහලයෝම කියති. වික්‍රමසිංහයන් බටහිර සංචාරයක් ගොස් උපදෙස් රැගෙන උතුරට සම්පූර්ණ ස්වයංපාලනය සමග ඊලම ලබා දේ. ඊලම පිහිටුවීමේ නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වන්නේ රනිල් සහ චන්ද්‍රිකා ඇතුළු බටහිර හා ඉන්දීය නායකයන්ය. ඊලාම් කොඩිය උතුරේ දැන් ලෙළදෙයි. හමුදාව මුළුමනින් ඉවත් කර ඇත.

රනිල් වික්‍රමසිංහයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා නාමමාත්‍රික විධායකයා වන සිරිසේන ජනපති එක්ව ශ්‍රී ලංකාව නැවතත් බ්‍රිතාන්‍යට භාර දෙති. දැන් රටේ ජාතික කොඩියේ සිංහයාද නැත. කොඩිය එංගලන්ත කොඩියයි. සියල්ල සිදුවන්නේ එංගලන්තයට අවශ්‍ය පරිද්දෙනි. දැන් තරුණ තරුණියන්ට ටයි කෝට් අඳින උසස් රැකියා ලැබී ඇත. ඉන්ටර්නෙට් වයිෆයි ගැන මොන කතාද? සියල්ල නොමිලේ අධිවේගයෙනි. දැන් වැවයි දාගැබයි ගමයි පංසලයි කතා නැත. තරුණ පිරිස කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. හාමුදුරුවරු කියන කිසිවක් කිසිවෙකුත් තුට්ටුවට ගනන් නොගනිති. වැඩිදෙනා දැන් බටහිර මෙන් නිරාගමිකය.


ඊලාම් රාජ්‍යයේ හා බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් ඉන්දියාවේත් උපදෙස් මත කොටි විමුක්තිකාමීන් මරා දැමූ මිනීමරු හමුදාව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන්වා දඬුවම් කිරීමටද දැන් සියල්ල සූදානම්ය. මුල් පියවර යටතේ හමුදා නිලධාරීන් විෂාල පිරිසක් මරා දැමේ. ගෝඨාද යුධ අධිකරණයෙන් මරණ දඬුවම ලබා විදුලි පුටුවට යයි. බ්‍රිතාන්‍යට බාරදුන් ලංකාවේ ජාතිවාදී නොවන දැහැමි වැසියන් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙති. දැන් මහින්දගේ වාරයයි.ජාත්‍යන්තර අධිකරණය මරණ දඬුවම ප්‍රකාශයට පත් කරයි. දැන් මහින්ද විදුලි පුටුවේ ගැටගසා ඇත. දඬුවම ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවා පැමිණ විදුලි බොත්තම තදකරන්න සැරසෙයි..............

දඩ බඩාස්... දොහ්... අපේ  NGO සාමාජිකයා නින්දෙන් ඇහැරුනේ ඇඳ පල්ලේ වැටෙන විටය. ඒ වෙනකල් හීනය දැක්කේ හෙන ආතල් එකේය ආතල් එක වැඩිකමටදෝ ඇඳෙන් වැටෙනතෙක් ගානක් ගියේ නෑ. නින්දෙන් ඇහැරුනු NGO ක්‍රියාකාරී මානව හිතවාදියා දුක පහ කරගැනීමට දිගු සුසුමක් හෙලා මුහුණකට හෝදාගෙන ඇඳ පැලඳ තම ආයතනයේ රාජකාරියකට අනුව තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකුට එරෙහි මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධ සාක්ෂි සෙවීමට පිටත්ව ගියේය........

Monday, June 1, 2015

මෛත්‍රී රනිල්ට උඩින්ද රනිල් මෛත්‍රීට උඩින්ද?


මේ ලියන්න පටන්ගන්නේ දේශපාලන පලහිලවුවක් ගැන උනත් මෙහි ඊටත් වඩා රටේ ජනතාව පැත්තෙන් හා ජනයාගේ සෞඛ්‍ය පැත්තෙන් වැදගත්කමක් ඇත. මේ කතාව පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් ග්ලයිපොසේට් නම් විෂ රසායනය අඩංගු වල් පැල නාශක තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධවයි. මේ ගැන කසුකුසුව පටන්ගත් මුල් අවස්ථාවේ කියවුනේ ජනාධිපතිතුමා විසින් මේ විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම අත්හිටවූ බවකි. නමුත් පසුව දැනගන්නට ලැබුණේ එම කන්ටේනර් තොගය අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයන් මාර්ගයෙන් රට තුලට මුදා හැරීමට සමත් වූ බවයි.
                      

ග්ලයිපොසේට් නමින් හඳුන්වන රසායනිකය හා එහි විෂ සහිත බව ගැන කෙටි කාරනා ටිකක් කියන්නත් වෙනවා. ග්ලයිපොසේට් කියා හඳුන්වන කෘෂි රසායනය බොහෝ විට එන්නේ රවුන්ඩ් අප් කියන වෙළඳ නාමයෙන්. මෙය ඇත්තෙන්ම රසායනික කාරකයන් කීපයක මිශ්‍රණයක්. ග්ලයිපොසේට් වල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වෙන්නේ අයිසොප්‍රොපිලැමින් ( isopropylamine  ) කියන එක. ඊට අමතරව තවත් රසායනික කාරකයන් සුළු පරිමාණ වලින් අන්තර්ගතයි. මේවා පෙන නැගීම වලක්වන ද්‍රව්‍ය, වර්ණක, ජීවානුහරන කාරක හා පී එච් අගය පාලනය කරන අකාබනික අයන වර්ග ආදියයි. ග්ලයිපොසේට් වල විෂවීම සලකාබැලීමේදී මේ රසායනික කාරක වලින් කුමක් කවර ආකාරයෙන් විෂ වන්නේද යන්න පරීක්ෂකයන්ටත් ගැටළුවක් වුවත් බොහෝ දුරට මේවා විවිධාකාරයෙන් එක්ව ක්‍රියාකරමින් විෂ වීම සිදුවන බව සොයාගෙන තිබෙනවා. ආහාර මාර්ගයේ මුඛය හා බඩවැල් ආශ්‍රිත ආබාධ, ආමාශය උගුර ආශ්‍රිතව ඇතිවන ආබාධ, වකුගඩු හා මූත්‍රා ආබාධ,පෙනහළු ශ්වසන ආබාධ, ග්ලයිපොසේට් වල බලපෑමෙන් සිදුවන අතර මීට අමතරව දරුවන් අතර උපන් ආබාධ ලෙස හිස්කබල තුල වතුර එකතුවීමද ග්ලයිපොසේට් වල බලපෑමෙන් වීමට යම් ඉඩකඩක් ඇතිබව වාර්තා වේ.
                         
   මුලින් වාර්තා වුන ආකාරයට ජනාධිපතිවරයා ග්ලයිපොසේට් අඩංගු කන්ටේනර් 15 මුදාහැරීම වලක්වන්න නියෝග කර බව කියවුනි. එයද එසේ වූවාදැයි සැකය. මේ විෂ රසායනික ද්‍රව්‍ය රටට ඇතුල් නොකර විනාශ කිරීමට මුලින් සැලසුම් කර තිබුණු බවත් කියවේ. එහෙත් අවසානයට අනාවරනය වී ඇත්තේ අගමැතිවරයාගේ බලපෑමෙන් මේ විෂ කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රේගුවෙන් මුදාහල බවයි. ඊට එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින් කීපදෙනෙක්ද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී ඇත. රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා හදිසියේ ඉල්ලා අස්වීම පසුපස ඇත්තේද මේ හුටපටය බව දැන් පැහැදිලි වී තිබේ. මෙතන ඇති ගැටළුව මෙයයි. ජනාධිපතිවරයාගේ නියෝගයකින් ග්ලයිපොසේට කන්ටේනර් තොගය මුදාහැරීම තහනම් කළේනම් ජනාධිපතිට වඩා බලතල අඩු අගමැතිවරයා හා ඔහුගේ පක්ෂයේ ගෝලයන් ඊට පිටින් ගොස් කන්ටේනර් තොගය මුදාගත්තේ කෙසේද යන්න ඒ ගැටළුවයි. එක්කෝ ජනාධිපතිවරයා මුලින් කියවුනු ආකාරයේ තහනම් නියෝගයක් දී නොතිබුණා වියයුතුය. නැත්නම් අගමැතිවරයා ජනාධිපතිවරයාටත් වඩා බලවත්ව ඔහුතද බලපෑම් කරන තත්වයේ සිටින නිල නොවන මට්ටමේ බලගතු පුද්ගලයෙක් වියයුතුය. මේ දෙකෙන් කුමක් වියහැකිද?
           
ජනාධිපතිවරයා විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම තහනම් කිරීමට නියෝග කළ බව මාධ්‍ය වලින්ද තහවරු වී තිබූ බැවින් එය අසත්‍ය යැයි දැන් කීමට බැරිය. එසේනම් සිදුවී ඇත්තේ අනිවාර්යයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අනට කීකරු කරගනිමින් ඔහුගේ බලතල වලටත් පිටින් ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුගේ පක්ෂ ප්‍රබලයන් විෂ ග්ලයිපොසේට් තොගය රටට ඇතුල් කරගැනීමයි. එක්සත් ජාතික පක්ෂ නායකයා හා ඔහුගේ ගෝලබාලයන් එසේ කිරීම පුදුමයක් නොවේ. ඒ රටට වින කරන කූඨ වෙළඳ ප්‍රජාවක් පෝෂණය කර ඔවුන්ට වාසි සහගත ලෙස ක්‍රියා කිරීම ගැන ප්‍රසිද්ධ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන නිසාය. එය එසේ වුවත් අපට අසන්නට ප්‍රශනයක් වේ. එනම් පසුගිය ජනාධිපතිවරනයේදී මහින්දගේ නොයෙක් වැරදි කියමින් රටට යහපත කරන යහපාලනයක් ඇතිකරන බවට දුන් පොරොන්දුව සමග මෙවැනි දේ කොතෙක් දුරට ගැලපේද යන්නයි. යහ පාලනයට මෙය අයත් නොවීමටද ඉඩ ඇත. නමුත් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර ඔහු ලවා මෙවැනි රටේ ජනයා බලාපොරොත්තු නොවන විනාශකාරී දේ කරගැනීමට නොවන බව නොකියාම බැරිය. ජනතාව චන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන පොරොන්දුවට විය හැක. නමුත් එය දැන් චන්දය දුන් පිරිසටම පාරා වලල්ලක් වී ඇත්තේ සිරිසේන මහතා කර තිබෙන්නේ යහපාලනය පිටට පෙන්වා මහින්ද ප්‍රමුඛ රටේ ජාතිකත්වයට එරෙහිව විජාතික කොන්ත්‍රාත් එකක් කිරීමත් රනිල් අගමැති කර ඔහුගේ පදයට නැටීම මේ කොන්ත්‍රාත්තුවේ කොටසක් වීමත් නිසයි. යහපාලනයට චන්දය දුන් මෝඩ තකතීරුවන් තවත් එය තේරුම්ගත් ආකාරයක් පෙනෙන්නට නැත. තෙරුනත් දැන කාටත් මුහුනදිය නොහැකිව තමන් යහපාලනේට චන්දය නොදුන් බව ඇතමුන් කියති. යහපාලනයේ රඟ තවත් ඉස්සරහට තව තවත් හොඳින් බලාගන්නට පුළුවන. ඊට පෙර එන චන්දයේදිවත් මොළේ පාවිච්චි කර චන්දය භාවිතා කිරීමට යහපාලන මුලාවේ පැටලුන එවුන්ට හැකි වේවා කියා රටේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා.