Pages

Monday, August 31, 2015

වී අර්බුදය හා මතක් කර ගතයුතු අතීතය

මෑතක ඇතිවූ වී අර්බුදය මාධ්‍ය බොහොමයක ප්‍රධාන මාතෘකාව වෙලා. ඒ අතර පහුගියදාක අපට රූපවාහිනී ප්‍රවුර්තියකින් දැනගන්න ලැබුණා වී මිලදී ගැනීම කඩිනම් කරමින් අර්බුදය නිමා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නු බවක්. ඒ වගේම අගමැති උපදෙස් මත වී අලෙවි මණ්ඩලය ලහි ලහියේ වී මිල දී ගැනීමට කටයුතු කරන බවක්ද පුවත මගින් පෙන්නුම් කළා. එහිදී මාධ්‍ය මගින් පෙන්වා දෙන්නට උත්සහ කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවනින් හා දක්ෂතාවයෙන් වී ප්‍රශ්නය සමතයකට පත් වන බවකුයි. මෙය පිටතින් බැලූ කලනම් අපටත් තේරුම් යන්නේ එය ඒ ආකාරයෙන්මය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකලාපය ගැන ටිකක් සොයා බැලූ විටනම් ඔහු විසින් මේ දැන් ගොවි ජනතාව ගැන ඇතිකරගෙන තිබෙන මහා අනුකම්පාව නිසා වී අර්බුදයට හදිසි විසඳුම් ලබා දීම වීරකමකට වඩා සිනහ උපදවන කාරනයක් වේ.
                      

පළමුවැන්න වී විකුනාගැනීමට නොහැකිව අසරන වූ ගොවියන්ට වී කිලෝව සඳහා රුපියල් 50 කෙසේ වෙතත් සහතික මිලක් වත් නැතිව රුපියල් 20 - 30 අතර මිලකට විකුනා දැමීමට සිදුවීමයි. එහෙත් මේ කතාවනම් ප්‍රවුර්ති වල උජාරුවට නොකිවුවේ වී කිලෝවට රුපියල් 50 සහතික මිල චන්ද පොරොන්දුවක්ව තිබූ බව ජනමාධ්‍ය බොහොමයක් දන්නා නිසාදැයි අපට නිකමට හැඟේ. ඒ මේ වෙනකොටත් බොහෝ ජනමාධ්‍ය එක්සත් ජාතික පක්ෂ හිතවතුන් වී සිටින ආකාරය දකින විටයි. කෙසේ වෙතත් වත්මන් පාරිශුද්ධ අගමැතිවරයාගේ අවංක හා දූෂිත බවෙන් තොර කම වැඩි නිසාදෝ මහ බැංකුවටද මහා පරිමාණ පාඩුවක් සිදු වී ඇති වාතාවරනයක් තුල මේ යලටයි මහටයි වපුරන ගොවියො ටිකකට පාඩුවක් වෙන එක ගනන් ගන්නට දෙයක්ද හිටං එක අතකට. ඕව කියන්න යන්න ඕන නෑ. ඔන්න ඔහේ අගමැතිතුමාගේ නියමයෙන් ගොවීන්ගේ වී ටික මිලට ගන්න වී අලෙවි මණ්ඩලය කටයුතු කළා කියල මාධ්‍ය වලින් රටට කිවුවහම ඇති හිටං.
                         
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අන පරිදි වී අලෙවි මණ්ඩලය අසරණ ගොවියන්ගේ වී මිලට ගෙන ඔවුන් සනසාලූ ප්‍රවුර්තිය ඇහෙනකොට අපිට නිකමට මතක් උනේ මීට කලින් රනිල් මහත්තය අගමැති වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින්ම වී අලෙවි මණ්ඩලය අහෝසි කර වසා දැමූ ආකාරයයි. මොන කරුමෙකට හරි මේක අපේ මෙමරියෙන් ඩිලීට් කරන්න බැරුව ඉතිරි වෙලා තිබුණා. ජල කලමනාකරනයද මොකද්ද මගඩියක් හරහා වතුරත් විකුණන ගමන් සල්ලි වලට ගෙදර ලිඳටත් බද්දක් අයකරන්න අන පනත් ගේන්න ගොවියන්ට ආදරේ ඇති රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වෙලා හිටපු ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවම ලෑස්ති වෙලා හිටිය කියලත් මෙමරියේ කොහෙ හරි තිබිල එලියට පැන්න ඩිලීට් කරන්න බැරිවෙලා තිබිල. යටත්විජිතවාදයේම ගෝලයෙක් වෙච්ච වික්‍රමසිංහ මහත්තය අතීත වැඩ කිඩ සේරම අමතක කරල හදිස්සියේම වී අලෙවි මණ්ඩලයට ගොවියන්ගේ වී ටික මිලට ගන්න නියෝග දීල මාධ්‍ය සන්දර්ශනයක් දාගෙන වීරකමක් කරපු වෙලාවේ අපටනම්  පස්චාත් භාගයෙනුත් හිනා ගියා හිටං.

9 comments:

  1. ඇයි මතක නැද්ද මෙයා පැරකුම් යුගයක් ගැන කතා කළා ඔය ජල කලමනාකරන පනත් ගේන්න හදපු එක අමතක වෙලා? ඒකට හොඳ ප්‍රතිචාරයක් 2005 ජනාධිපතිවරනෙදිම හම්බ උනා මෙයාට.

    ReplyDelete
    Replies
    1. මුගේ වැඩ වලට හිනා වෙච්ච නැති එකෙක් ලංකාවේ නැතුව ඇති බන්

      Delete
  2. යහ පාලනේට දොස් කියනවා මෙයාලා.

    ReplyDelete
    Replies
    1. යහපාලනයක් නෙවෙයි මේක වහ පාලනයක්. අර විමල් උන්නැහේ කියන්නා වගේ යහපාලන නංගි පෙන්නලා කොටි පාලන අක්කා දීල තියෙන්නේ.

      Delete
  3. කොහොමත් රනිල්ගේ අාණ්ඩුවකින් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා... අන්න ඒතනදී තමා මෙෙත්‍රී වගේ ජනාධිපති කෙනෙක් වැදගත්...

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීට පුලුවන් කැකිරි ගෙඩියක් නෑ. මෛත්‍රී කරන්නේ රනිල්ට ඕන දේ. මුන් දෙන්නම එකයි

      Delete
  4. විපක්ෂනායක ඇමති තනතුරු සංඛ්‍යාව සහ වී ගොවියෝ

    අද දවසේදි විපක්ෂ නායක කම ලබාදීම, ඇමති තනතුරු සංඛ්‍යාව පිලිබදව ගැටලුවක් ඇතිකරගෙන කතා කරමින් සහ තම තමන්ගේ මතයන් දක්වමින් සිටින සිවිල් සමාජය සහ බුද්ධිමත් ප්‍රජාව සහ සමාජ ක්‍රියාකාරිකයින් විසින් බහුතරයක් ජනතාව විසින් මේ මොහොතේ මුහුනදී ඇති ගැටලුන් පිලිබදව සාකච්ජා කිරීම මග හරිමින් සිටියි.

    ඒ අනුව ඉදිරියේදි ඇතිවීමට නියමිත පාර්ලිමේන්තුව පිලිබදවත්, ඇමති මණ්ඩලය සහ ලබාදෙන අමාත්‍යංශයන් පිලිබදව සහ විපක්ෂ නායක කම පිලිබදව උපකල්පන හා ඕපාදුප ලියන මාධ්‍ය උදාහරණයක් ලෙස වී ගොවින් සෑම කන්නයකටම වරක් මුහුණදෙමින් සිටින පොදු ගැටලුවට ලබාදී තිබෙන්නේ ඉතාමත් අඩු අවධානයකි.

    සෑම කන්නයකටම පෙර රැස්වී තිරණය කිරීමෙන් පසු වගාවන් කරන වී ගොවීන් අවසානයේදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව රස්තියාදුවන අතර, පවතින තත්වයන් යටතේ වගා කීරීම තුලින් වී කිලොවක් නීශ්පාදනය කිරීමේ පිරිවැයද ඉතා අධික බැවින් ඔවුන්ගේ වියදම පියවා ගැනීම සහ තම සහ පවුලේ ජිවිත ඉදිරි කන්නය වෙනුවෙන් පවත්වාගෙන යෑමේ මිල ඔවුන් සමාජයෙන් ඉල්ලා සිටියි.ඒ වෙනුවට පැවති පාලනයන් සහ පවතින පාලනය (තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත) චන්දයේදි පොරොන්දු ලබා දෙමින්ද අස්වැන්න ලබා ගන්නා කාලයේදි ඇතිවන පිඩනය අවම කරගැනීම සදහා මොනවා හෝ කරමින්ද පවතියි.

    නැවත ඊලග කන්නය පැමිණෙන තුරු වී ගොඩවල්වලට කලයුතු දේ පිලිබදව වැඩසටහනක් නොමැතිව වී වලට රු 50 මිලක් සහතික කරමින් මිලදි ගන්නා වී ගබඩාතුල විනාශ විමට ඉඩ හැරීම මගින් ගොවින්ගේ ශ්‍රමයේ වටිනාකම සහ ජනතාවගේ බදු මුදල් ගුල්ලන්ට ආහාර සදහා සපයා ඇත.වී රු 50 මිලදී ගැනීමෙන් හාල් කිලොවක් රු 100ක් පමණ වන අතර එමගින් නැවත සාමාන්‍ය ජනතාව පිඩාවට පත්වීම වැලැක්වීම සදහා ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් රු 60 සහල් ගෙන්වයි. මෙම ක්‍රියාදාමය තුලම මිලදිගත් වී විකිණිමට නොහැකි වීමෙන් නැවත නැවතත් ගැටලුව ඇතිවේ.

    ගොවින්ගේ ජිවන තත්වයන් ඉහල නැංවීමටත්, නිශ්පාදන වියදම අඩුකිරීම, අස්වැන්න වැඩිකිරීම සහ ක්‍රමවත් ගබඩා හා විකිණිමේ යාන්ත්‍රණයක් ඇති කිරීම ආදී කරුණු පිලිබදව හැමදාමත් චන්ද වලදි සහ අයවැයේදි පවසමින් සහ එවා ක්‍රියාත්මක කිරීම සදහා විදිමත් යාන්ත්‍රණයක් සැදිමෙන් තොරව පාලකයන් ජනතාව රැවටීමට ලක්කරමින් සිටියි. එමෙන්ම මෙවන් ගැටලු පිලිබදව විසදුම් සහ යෝජනා ඉදිරිපත් කරමින් මහජන මතය ගොඩනැගීමටත් ඒ වෙනුවෙන් පාලකයින්ට බලපෑම් කිරීමත් වෙනුවට එදාවෙල වෙනුවෙන් ජාතික ලැයිස්තුව කතානායක විපක්ෂනායක ඇමති තනතුරු සංඛ්‍යාව හා ජාතික ආණ්ඩුව පිලිබදවද මරාගෙන මැරෙමින්ද චන්දය ලබාගැනීම වෙනුවෙන් මෙවැනි ගැටලු මැතිවරණ කාලයේදි තොරොම්බල් කරමින්ද විපක්ෂය කාලය ගනිමින් සිටියි. සමාජ ක්‍රියාකාරිකයින් සහ මැතිවරණ කාලයේ රෑ දවල් මුහුණු පොතේ කෑමොර දෙන පිරිස්ද මෙවැනි ගැටලු පිලිබදව වැඩි අවධානයක් යොමුකරන ආකාරයක් දක්නට නැත. එහෙත් වී අලෙවි කර ගැනීම සදහා ගොවින් දින ගනන් පාරේ රස්තියාදු වන ආකාරය අද සුලබ දසුනක්ය.

    මෙම ගැටලුව වී සම්බන්ධව පමණක් නොව සියලු බෝග සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අතර අතර මැදියන් විසින් ගොවින්ගේ ශ්‍රමය කොල්ලකමින්ද පාලකයින් ජනතාවගේ බදු මුදල් මේ වෙනුවෙන් විනාශ කරමින්ද පවති.

    යැපුම් සහ පවතින නොදියුණු කෘෂිකර්මය වෙනුවට ගොවින් අතර අනොන්‍ය සහයෝගය සහ සම්මුතිය මගින් විධිමත් අධ්‍යනයක් සමග තාක්ෂණය යොදවා සිදුකරනු ලබන වැඩි පලදාවක් සහ ආදායමක් අපෙක්ෂා කල හැකි වැඩපිලිවෙලක් සකස්කල යුතුව ඇත. මෙවැනි වෙනසකින් පමණක් කෘෂිකර්මාන්තයට නව ශ්‍රමය සහ තාක්ෂණය ලබා ගැනීමට හැකිවන අතර එමගින් ගොවින්ගේ ආකල්පමය සහ ජිවන තත්වයේ වෙනසක් අපේක්ෂා කල හැකිය. ආරම්භයේ සිට අවසන් නිශ්පාදනය තෙක් අතරමැදියන් අතට යන කප්පම් අවම කිරිමක්වත් පවතින පාලනයන් තුලින් ඉල්ලා සිටිය යුතුය. මේ වෙනුවෙන් සමාජයතුල කතිකාවක් නිර්මාණය කිරීමත් එය තුලින් පවතින තත්වයන් වෙනුවට නව ක්‍රමවේදයක් සකස්කිරීමත් සදහා පාලකයන්ට බලපෑම් කල යුතුය.
    http://chinthakagechinthana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයට විස්තර සහිත කොමෙන්ටුවක් දමා අප සමග සම්බන්ධ උනාට. ඔබ කොමෙන්ටුව පුරාවට කියා ඇති දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය ගැන තර්කය මමත් පිලිගන්නවා. මේ ජරා හැත්තට ප්‍රශ්න විසඳන්න බෑ. අනෙක අපේ ගොවියොත් ඕනවට වැඩිය කෘෂි රසායන මත යෑපෙනව කියල මතක් කරන්නත් ඕනේ. මේ වගේ දුර්වලකමුත් හැදෙනවනම් ඔය ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ලේසියි.

      Delete
  5. Ranil ponsiyata hena gahala mariyan....!

    Ranil ponsiyata hena gahala mariyan....!

    Ranil ponsiyata hena gahala mariyan....!

    Ranil ponsiyata hena gahala mariyan....!

    Ranil ponsiyata hena gahala mariyan....!

    Ranil ponsiyata hena gahala mariyan....!

    Ranil ponsiyata hena gahala mariyan....!

    ReplyDelete