Wednesday, November 11, 2015
ආරියසේන ඇදුරුතුමාට උනා කියන ඇබැද්දියක්
ආරියසේනගේ නම් තැබීම ගැන යකාගේ අඩවියේ ලිපියක් කියෙවුවට පස්සේ ඔන්න මටත් මෙතුමට උනාය කියන ඇබැද්දියක් ගැන පුංචි රස කතාවක් මතක් උනා. කතාවනම් බොහොම පොඩි එකක්.ගැඹුරු අරුත් ඇති නම් තැබීමට හපන් අපේ මේ ඇදුරුතුමා සිංහල භාශාව පිළිබඳ හසල දැනුමක් ඇති ඉතිහාසය ගැන අරුම පුදුම දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මෙතුමා තරුණ කාලේ දවසක්දා පාරේ යන අතරතුරේදී එක්තරා වයසක ආච්චි කෙනෙක් ලියුමකුත් කවරෙක දාගෙන එනව හම්බ වෙලා තියෙනවලු. ඒ ආච්චි ලඟපාතක තැපැල් කන්තෝරුවක් තියෙනවද කියලා හොය හොයා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වයසක කාන්තාව අපේ මේ කතාවට සම්බන්ධ ඇදුරුතුමාගෙන් අහල තියෙනව තැපැල් කන්තෝරුව තව දුරද කියලා. ඇදුරුතුමා ඕනෑකමින් ඒ මේ අත බලද්දී තැපැල් කන්තෝරුව ඈතින් පේනවලු. ඒක දැකපු එතුමා අර වයසක ආච්චිට ගැඹුරු සිංහල භාශාවෙන්ම ඇයට අවශ්‍ය පිළිතුර දීල තියෙනවා. ඒ මෙහෙමයි. "මෑණියනි තෙල පෙනෙනුයේ පහින හලයි, ඔබ එහි ගොස් ඔබේ පහිනය පහින්න" ඒ කියන්නේ "අරතියෙන්නේ තැපැල් කන්තෝරුව, ඔබ එහි ගොස් ඔබේ ලියුම තැපැල් කරන්න" කියලා. පහිනය කියන්නේ තැපැල්පත හෝ එවැනි තැපැල් කරන ලියවිල්ලක්. කොහොම හරි මේක අහපු ආච්චිය යක්ෂයා ආවේස වෙලා කිවුවලු උඹට මම කිවුවයි කියල හිතාපිය කියලා. ආච්චි හිතලා තියෙන්නේ ඇදුරුතුමා ගැඹුරු සිංහලෙන් පැහැදිලි කරපු දේ ආච්චිට කරපු නොමනා විහිළිවක් කියලා. කාලෙකින් මතක් වෙච්ච කතාව ඔන්න බ්ලොග් එකටත් පෝස්ට් කළා.
Labels:
කතා,
විනෝදාත්මක පරීක්ෂණ,
විහිලු,
ශ්‍රී ලංකාව
Subscribe to:
Post Comments (Atom)
මට මතක මෙහෙමයි.
ReplyDelete"එම්බා ඉතිරිය, තොපගේ පහින පත තෙල පහින හලෙහි ගොස් ලව...!"
එල එල.......
Deleteහැක්... ඔය වගේ ගුරෙක් ඉන්න ටෙලිනාට්ටියකුත් ගියා නේද පකිසො... මට නම නං මතක නැ
ReplyDeleteපොර සිංහල කතා කරන්න ගිහිං සුද්ද සිංහලෙන්ම අහගන්නව හැමවෙලේම හිහි
මොකද්ද බන් ඒක. උඹත් උඹේ බ්ලොග් එකට ලියහන් අපිටත් බලන්න
Deleteඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගත්තා පකිස්.
ReplyDeleteනැතුව නැතුව ඉතින් ලේ පිරිසිදු කරගන්නත් එපායෑ
Deleteඑල ද බ්‍රා
ReplyDeleteela ela...
Deleteහෙහ් හෙහ් පට්ට
ReplyDeletepatta pata pata....
Deleteඕකේ ඇත්ත කථාව මේ ලියලා තියෙන එක නම් නෙමෙයි. ඇත්ත කතාව මහාචාර්ය විනි විතාරණ ශුරින් විද්‍යොදය විශ්ව විද්යාලේදී සිදුවුන ඇබැද්දියක් කියලා කොල්ලෝ හදපු කතාවයි.
ReplyDeleteඒකත් මේ සිද්දියමද?
Deleteහොඳ වැඩේ දන්න සරල බාසාවෙන් කතා නොකර සාහිත්‍ය හරබර සාහිත්‍ය දාන්න යනවට.
ReplyDeleteසුදුසු තැනට තමයි සාහිත්‍ය බර වචන උනත් හරි යන්නේ
Delete