Pages
Home
Showing posts with label
විනෝදාත්මක පරීක්ෂණ
.
Show all posts
Showing posts with label
විනෝදාත්මක පරීක්ෂණ
.
Show all posts
Sunday, April 3, 2016
ගෙදරදි හදාගන්න පුළුවන් පොඩි ගැජමැටික් ටිකක්
සරල වතුර මෝටරයක්
සරල බ්ලෝවරයක්
සරල ෆ්ලෑෂ් ලයිට් එකක්
සෙල්ලම් බෝට්ටුවක්
සෙල්ලම් මෝටර් කාර් එකක්
ගිනි පෙට්ටියෙන් මයික්‍රෆෝන් එකක්
සරල රෙදි සෝදන යන්ත්‍රයක්
Wednesday, November 11, 2015
ආරියසේන ඇදුරුතුමාට උනා කියන ඇබැද්දියක්
ආරියසේනගේ නම් තැබීම ගැන යකාගේ අඩවියේ ලිපියක් කියෙවුවට පස්සේ ඔන්න මටත් මෙතුමට උනාය කියන ඇබැද්දියක් ගැන පුංචි රස කතාවක් මතක් උනා. කතාවනම් බොහොම පොඩි එකක්.ගැඹුරු අරුත් ඇති නම් තැබීමට හපන් අපේ මේ ඇදුරුතුමා සිංහල භාශාව පිළිබඳ හසල දැනුමක් ඇති ඉතිහාසය ගැන අරුම පුදුම දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මෙතුමා තරුණ කාලේ දවසක්දා පාරේ යන අතරතුරේදී එක්තරා වයසක ආච්චි කෙනෙක් ලියුමකුත් කවරෙක දාගෙන එනව හම්බ වෙලා තියෙනවලු. ඒ ආච්චි ලඟපාතක තැපැල් කන්තෝරුවක් තියෙනවද කියලා හොය හොයා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වයසක කාන්තාව අපේ මේ කතාවට සම්බන්ධ ඇදුරුතුමාගෙන් අහල තියෙනව තැපැල් කන්තෝරුව තව දුරද කියලා. ඇදුරුතුමා ඕනෑකමින් ඒ මේ අත බලද්දී තැපැල් කන්තෝරුව ඈතින් පේනවලු. ඒක දැකපු එතුමා අර වයසක ආච්චිට ගැඹුරු සිංහල භාශාවෙන්ම ඇයට අවශ්‍ය පිළිතුර දීල තියෙනවා. ඒ මෙහෙමයි. "මෑණියනි තෙල පෙනෙනුයේ පහින හලයි, ඔබ එහි ගොස් ඔබේ පහිනය පහින්න" ඒ කියන්නේ "අරතියෙන්නේ තැපැල් කන්තෝරුව, ඔබ එහි ගොස් ඔබේ ලියුම තැපැල් කරන්න" කියලා. පහිනය කියන්නේ තැපැල්පත හෝ එවැනි තැපැල් කරන ලියවිල්ලක්. කොහොම හරි මේක අහපු ආච්චිය යක්ෂයා ආවේස වෙලා කිවුවලු උඹට මම කිවුවයි කියල හිතාපිය කියලා. ආච්චි හිතලා තියෙන්නේ ඇදුරුතුමා ගැඹුරු සිංහලෙන් පැහැදිලි කරපු දේ ආච්චිට කරපු නොමනා විහිළිවක් කියලා. කාලෙකින් මතක් වෙච්ච කතාව ඔන්න බ්ලොග් එකටත් පෝස්ට් කළා.
Saturday, August 8, 2015
අපි දැකපු නැති අමුතු ගැජමැටික් ටිකක්
මීට කලින් අහපු දැකපු නැති ගැජමැටික් ටිකක් ඔන්න බලාගන්න
Sunday, December 21, 2014
බමියුඩා ත්‍රිකෝණය ගැන මෙහෙයවූ ත්‍රාසජනක පරීක්ෂණ මාලාවක්
බමියුඩා ත්‍රිකෝණය ගැන අහල නැති කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති. මේ බමියුඩා ත්‍රිකෝණය ලොව අභිරහස් වලින් ගහන ප්‍රදේශයක්.උතුරු ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ මියාමි ප්‍රදේශයත් දකුණු ඇමරිකා මහද්වීපයට ඉහල පූටෝ රිකෝ දූපතත් බමියුඩා දූපතත් යාවන ත්‍රිකෝණාකාර ප්‍රදේශය මීට අයත් වේ. මේ ප්‍රදේශය හරහා ගමන්ගත් නැවු හා ගුවන්යානා වල අනපේක්ෂිත අතුරුදන් වීම් ලොවම මවිත කරවන්නක් විය. මේ වීඩියො එකෙන් දැක්වෙන්නේ එම ප්‍රදේශය ගැන කළ ත්‍රාසජනක පරීක්ෂණ මාලාවක් සහ ඒ ඇසුරෙන් සොයාගත් වැදගත් තොරතුරු ටිකකි.
Saturday, November 8, 2014
අමුතුම මාදිලියේ ගුවන් යානා කීපයක්
අප එදිනෙදා ජීවිතයේ ගුවන්යානා බොහොමයක් දැක තිබෙනවාට කිසිදු සැකයක් නෑ. මේ වීඩියෝ එකෙන්නම් පෙන්වන්නේ එලෙස අප එදිනෙදා බහුලව දකින මාදිලියේ ගුවන් යානානම් නොවෙයි.
Friday, September 12, 2014
විනෝදාත්මක විද්‍යා පරීක්ෂණ ටිකක්
Older Posts
Home
Subscribe to:
Posts (Atom)