Pages

Sunday, May 8, 2016

ලෝකයේ මිල අධිකම කෝපි


ලංකාවේනම් අපිට රුපියල් 35කට 40 කට වගේ කෝපි කෝප්පයක් කඩෙන් බොන්න පුළුවන්. ගෙදර කෝපි හදාගෙන බොනවනම් වියදම මීටත් අඩුයි. ඒත් මේ කියන ලෝකේ මිල අධිකම කෝපි කොප්පයක් සාමාන්‍යයෙන් ඩොලර් 80ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 11000 ත් 12000ත් අතර ගනනක්. මොනවද මේ කෝපි? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේ කෝපි වර්ගය හඳුන්වන්නේ " Kopi Luwak " නැත්නම්  " cat poop coffee" කියලයි. මේ කෝපි සකස් කරන විදිහයි අනෙක් විශේෂම් කාරනේ. මේකට "  cat poop coffee" කියලා කියන්නේ " pole cat " නැත්නම් උගුඩුවා විසින් කෝපි ගෙඩි කා දැමූ පසු ඌ මළපහ කර පිට කරන කෝපි ඇට සුද්ද කර සාමාන්‍ය ක්‍රමේට වියලා කුඩුකර කෝපි සකසා ගන්නා නිසා. මේ කෝපි වර්ගය බහුලවම නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ. මේ කටයුත්තට යොදාගන්න උගුඩු විශේෂය හඳුන්වන්නේ " Asian Palm Civet  " කියලා කෝපි ගෙඩි උගුඩුවන් විසින් කා දැමූ පසු ඌ මළපහ කර පිටකරන කෝපි ඇට ගොවීන් විසින් එකතු කිරීම මුලින්ම සිදු වෙනවා. කෝපි සැකසුම සුදුවෙන්නේ සාමාන්‍ය විදිහට ඉන් පසුවයි.
                 මේ ක්‍රියාවලියේදී සිද්ද වෙන්නේ මේ වගේ දෙයක්. උගුඩුවා කෝපි ගෙඩි කා දැමූ පසු මේ කෝපි ගෙඩි උගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී එන්සයිම ආශ්‍රිත ජීර්න ක්‍රියාවලියකට භාජනය වෙනවා. එතනදි එන්සයිම ආශ්‍රිත පැසීමේ ක්‍රියාවලිය තුලදී කෝපි ගෙඩි ජීර්නය වන අතරේ කෝපි ඇට තුලට මේ සතාගේ ආහාර ජීර්න එන්සයිම කාන්දු වීම සිදුවෙනවා. මෙතනදී මේ ප්‍රෝටීන ජීර්නකාරක එන්සයිම මගින් කෝපි ඇටේ ඇතුලේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන අංශු කුඩා පොලි පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල දක්වා බිඳ වැටෙනවා. මේ කෝපි වල විශේෂ රසය හා සුවඳ ඇතිවෙන්නේ ඒ තුලිනුයි. කෝපි වල තිත්ත ගතිය අඩු වෙන්නත් ඒ ක්‍රියාවලිය බලපානවා.
             ඉන්දුනීසියානු කෝපි නිෂ්පාදකයන් බොහොමයක් විෂ්වාස කරන්නේ මේ විදිහට කෝපි සැකසීමේදී උගුඩුවන් විසින් හොඳම කෝපි ගෙඩි හැකි තාක් තෝරා කෑමට ගන්නා බවයි. මේ අමුතු කෝපි සැකසීමේ යාන්ත්‍රනය පසුපස තියෙන කතාවත් ටිකක් වැදගත් එකක්. ඉන්දුනීසියාවේ මුලින්ම කෝපි වගාව පටන්ගෙන තියෙන්නේ ලන්දේසින් විසින්. ලන්දේසි වැවිලි කරුවන් ඔවුන්ග් සුවිසල් කෝපි වතු වල වැඩ කළ ඉන්දුනීසියාවේ ආවේනික වැසියන් වූ සාමාන්‍ය ගොවීන්ට ඒ අයගේ පරිහරනය සඳහා කෝපි කඩන්න අවසර දීලා නෑ. ඉතින් මේ ඉන්දුනීසියානු ගොවිපල සේවකයන් ඔවුන්ට අවශ්‍ය කෝපි ටික හදාගන්න කෝපි කෙලින්ම ගස් වලින් කඩල වේලන ක්‍රමේ වෙනුවට මේ වක්‍ර ක්‍රමය භාවතා කරල තියෙනවා ඔවුන්ගේ වැවිලිකරුවන්ට හොරෙන්. ඒක තමයි අද ලෝකයේ මේතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. 


තොරතුරු ලබාගත් මූලාශ්‍ර
http://catpoopcoffeeinc.com/what-is-cat-poop-coffee-aka-kopi-luwak/    
     

19 comments:

  1. උගුඩුවාගේ බෙටි වලින් කෝපි ඇට සුද්ද කරල ගන්න අප්පිරිය නැද්ද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අප්පිරියාව ඇති ඒත් මොක උනත් මේක ඉන්දුනීසියාවේ මිනිස්සු අත්හදාබලපු ක්‍රමයක් කියලයි කියන්නේ

      Delete
  2. මේක කලින් අහල තිබුනේ නෑ. ස්තුතියි පකිස් මේ විස්තරය අපේ බ්ලොග් පාඨකයන් වෙත ඉදිරිපත් කළාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පෝස්ට් එක කියවලා ප්‍රතිචාර ලබා දුන්නට

      Delete
  3. උගුඩු බෙටි කෝපි :D

    ReplyDelete
  4. ඈ බන් මේකට කෝපි වතුවලට අමතරව උගුඩුවොත් ඇතිකරන්න වෙනවනෙ.බිසිනොස් එකට මේව කරද්දි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති ඉතින්. කොහොම උනත් මේ කෝපි කෝප්පයක් ඩොලර් 80ක් කියන්නෙ පොඩි ගානක්ද

      Delete
  5. අපේ රටේ අලි ගිලපු දිවුල් විකුණන පොරවලුත් ඉන්නෙ :-)

    ReplyDelete
  6. පකිස්...හොඳ ආරංචියක්.අපිටත් බැරියැයි කිලෝ එකක් විතර ගෙදර ගේන්න. ඔයිට වඩා ගනන් බ්ලැක් අයිවරි කියන කෝපි වර්ගය. කිලෝ එකක් ඩොලර් දාහකට වඩා වැඩියිලු. තායිලන්තයේ අලින්ගේ බෙටිවල තියෙන කෝපි ඇට අරගෙන තමයි ඒක කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අලි බෙටි කෝපි ගැන මාත් දන්නේ නෑ. මේකත් අහම්බෙන් හම්බ උනේ.

      Delete
  7. මේක Bucket List කියන ෆිල්ම් එකේ තියනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තද? මමනම් බලල නෑ. කොහොම උනත් මේක කෝපි කතාව ජනප්‍රිය ඇති.

      Delete
  8. ස්තුතියි අපි නොදන්න වැදගත් තොරතුරු ටිකක් ගෙනාවට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් ඉදිරිපත් කළාට

      Delete
  9. සුදික අයියා ඇවිද්ද පය මේ ගැන ලියලා තිබුණා

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් එක මම දැක්කේ නෑ. මේ විස්තරේ මට හම්බ උනේ අහම්බෙන් .

      Delete