Showing posts with label තොරතුරු. Show all posts
Showing posts with label තොරතුරු. Show all posts
Thursday, June 29, 2017
මාලිංග ද? දයාසිරි ද?
බ්ලොග් එක පැත්තේ එන්න බැරි තරමට අවිවේකීයි. ඒත් පොඩි සටහනක් තියන්න හිතුවා. ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් වෙලා තියෙන එක අමුතු දෙයක් නෙවෙයි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවෙදී කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයන්ට තියෙන්නෙත් අති විශාල ජනප්‍රියත්වයක්. ලසිත් මාලිංග කියන්නේ අපේ රටෙන් ක්‍රිකට් පිටියට බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නෙක්. ඒ නිසාම ඔහුට ජනප්‍රියත්වයෙන් අඩුවක් තිබුනෙත් නෑ. නමුත් තව දෙයක් කියන්න තියෙනව. ලසිත් මාලිංග කොයි තරම් දක්ෂ ක්‍රීඩකයෙක් උනත් ක්‍රිකට් ක්‍රීඩාවෙදී අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම්ට ඔහු වැඩිම ප්‍රමුඛත්වය හැමවිට ලබා දුන්නය කියල කියන්නත් බෑ. ඒකට හේතුවකුත් තියෙනව. ලසිත් මාලිංග ක්‍රීඩාවෙදි ඔහුට ලැබෙන මුදල් ප්‍රමාණය ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව කාටත් පැහැදිලි දෙයක්. ඔහු අපේ රටේ ජාතික කණ්ඩායම නිල වශයෙන් සහභාගි වුන ඇතැම් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට සහභාගී වීමට අදි මදි කරමින් ඉන්දියාවේ අයි පී එල් එකට ක්‍රීඩා කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ එක සිද්ධියක්. ඒවගේ දේවල් තවත් තියෙන්න ඇති. නමුත් ඔහු දක්ෂයෙක්. ඒ නිසාම ඔහුට විරුද්ධ චෝදනා වලට අභියෝග කරන්නත් ඔහුට හැකියාවක් වගේම හයියක් තිබුණා. ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවෙදී රට වෙනුවෙන් මීට වඩා කැපවෙනවනම් මාලිංගට ඇගිල්ල දික් කරන අයට උත්තර දෙන්නත් ලේසියි. අනෙක ක්‍රීඩාවෙදි යම් විනයක් පවත්වගන්න බලධාරීන් උත්සහ කරන එක වරදක් නෙවෙයි. ඒක ක්‍රීඩකයන්ට නරක බලපෑමක් කරන්නෙ නෑ. ලසිත් මාලිංගට ක්‍රීඩාවෙ චෝදනා එල්ල කරන අයට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ මාලිංග ක්‍රීඩාවෙන්ම නැවතත් තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමෙන් විතරයි.
දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ ක්‍රියා කලාපය දෙස බලන්නට සිද්ද වෙන්නේ දේශපාලන ඇසින් නෙවෙයි. මම මේක කියන්නේ හේතුවක් ඇතුව. අද යහපාලන ආණ්ඩුව හැම පැත්තෙන්ම හැම එකාගෙම බයිට් එකට අහු වෙලා. දයාසිරි ක්‍රීඩා ඇමතිතුමාත් මේ යහපාලනේට මුක්කුව ගහලයි ඉන්නේ. ඉතින් යහපාලන විරෝධී මානසිකත්වෙන්ම් දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ වැඩ කටයුතු විවේචනය කරන්න මෙතනදි අපට බෑ. එහෙම උනොත් අපි යන්නෙත් මුලාවක. දයාසිරිම නොවුනත් වෙන කෙනෙක් ඔය ඇමතිකම කළත් ක්‍රීඩාවෙදි ක්‍රීඩකයන්ගේ විනයක් පවත්වාගෙන යන්න ඒ කෙනාටත් වගකීමක් තියෙනවා. ක්‍රිකත් ක්‍රීඩාවෙදි අපේ ක්‍රිකට් කණ්ඩායමටත් ඒක වලංගුයි. ඇමතිවරයා තමන් එක්ක හැප්පෙන්න එන ක්‍රීඩකයට එරෙහිව විතරක් විනය ක්‍රියාමාර්ග ගන්න යනවනම් ඒකේ වරදක් තියෙනවා. හැබැයි ලසිත් මාලිංගට තමන්ගේ පෙර දක්ෂතාවයනුයි ජනප්රියත්වයයි යොදාගෙන ක්‍රීඩා ඇමතිවරයාට අභියෝග කරන්න ඉඩක් දිය යුතුයි කියල හිතන එකත් හරි නෑ. මේ දෙපාර්ශවයම ක්‍රීඩාවට වැදගත් වගේම රටේ ක්‍රීඩාවේ කොටස්කාරයො. එකෙක් අනෙකාට අභියෝග කරන හැප්පෙන මානසිකත්වය වගේම හැල හැප්පිලි ගැටුම් වලින් පොදුවේ රටේ ක්‍රීඩාවට යහපතක් වෙන්නෙත් නෑ නේද? දයාසිරිගේ රිලා නැටුමයි මාලිංගගේ වේග පන්දුවයි සංසන්දනය කරන්න ගියොත් මාලිංග ඉදිරියෙන් බව ඇත්ත. නමුත් ක්‍රීඩා ඇමතිවරයෙකුට පැවරෙන රාජකාරීමය වගකීම් ඒ විදිහට සංසන්දනය කරන්න බෑ. මෙතනදි පෙනෙන්නට තියෙන කාරනේ තමයි ක්‍රීඩා ඇමතිතුමා වගේම මාලිංගත් අන්තෙට නොයා තම තමන්ගේ හරි වැරදි මොනවද කියල තේරුම් අරගෙන තම තමන්ගෙන් රටට සහ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙන්න අවශ්‍ය දේ රටට කරයුතුයි කියන එක.
Saturday, January 21, 2017
ජයවේවා ට්‍රම්ප්
මේ අවුරුද්දේ ජනවාරි 20 එක් පැත්තකින් ඇමරිකාවට වැදගත් වගේම අනෙක් පැත්තෙන් ලංකාවට වැදගත්. ඒ ඇමරිකාවේ ඩිමොක්රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරදවා ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් කොන්සවේටිව් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ඇමරිකාවේ නව ජනපති ලෙස දිවුරුම් දීම එදිනට යෙදී තිබුන නිසා. හිලරිගේ පරාජය හා ට්‍රම්ප්ගේ ජයග්‍රහනය ඇමරිකාවට වැදගත් උනේ හිලරිගේ ජාත්‍යන්තරවාදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති වලට වඩා ට්‍රම්ප්ගේ ජාතිකත්වවාදී ප්‍රතිපත්ති ඒ රටේ ජනතා සුබසිද්ධියට හා ජාතික ආරක්ෂාවට තීරනාත්මක වූ නිසයි. මේ බව තේරුම්ගත් ඇමරිකාවේ බුද්ධිමත් සැවොම ඩොනල්ඩ් ට්‍රම්ප් වටා රොක් වෙමින් ඔහුව ජනපති පුටුවට ඔසවා තැබුවා.
මේ සිද්ධියත් එක්ක යන එන මං නැති වෙච්ච තවත් කට්ටියක් ඉන්නව. අපේ ලංකාවට මේක බලපාන්නෙත් අන්න ඒ හේතුව උඩ. කෙටියෙන් කියනවනම් ජාත්‍යන්තරවාදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති කරපින්නාගත් හිලරි ලවා අපේ රටට බලපෑම් කරවන ගමන් ඊලාම් ගමන යන්න සූදානමින් හිටපු දෙමළ ජාතිවාදී සැට් එකට යන එන මං නැති වෙලා බලාපොරොත්තු සුන් උනා. යුරෝපා සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායම වගේ හිලරිට පෑහෙන හැමෝම හිටියෙත් දෙමළ ජාතිවාදියාගේ පැත්තේ. අපරාදේ සිවාජිලිංගම් උන්නැහේ ගහපු පොල් ටික. අපේ හිටං හුටං වගේම රනිල් ගොයීය බලාපොරොත්තු උනෙත් හිලරි දිනයි කියලා. මේ ජෝඩුවගේ බලාපොරොත්තුත් සුන්. කොහොම උනත් අවසානයේ එකක්නම් පැහැදිලි උනා. ඒ තමයි රටේ ජාතිකත්වයට එරෙහි ජාතික හතුරු කණ්ඩායම් වල හැසිරීම අමතක වෙන තරමට දේසපාළුවන්ගේ බොරු ආටෝප කතා විශ්වාස කරන අපේ මෝඩ මහ ජනතාවට වඩා ලෝකෙ පුරා බොරුව රජ කරවන්න ගිය මාෆියා ජාත්‍යන්තර මාධ්‍ය ජාලයටම තදින් අතුල් පහරක් දීල ට්‍රම්ප් සමග ජාතිකත්වය ජයග්‍රහනය කරවපු බුද්ධිමත් ඇමරිකානුවන් අති විශිෂ්ඨයි කියන එක.
Saturday, October 8, 2016
ගුවන්යානා හා හෙලිකොප්ටර් වල ක්‍රියාකාරිත්වය දැනගන්න.
ගුවන්යානය
හෙලිකොප්ටරය
Tuesday, August 30, 2016
නෙට්වර්ක් සිකියුරිටි හිටං හුටං
ලෝකප්‍රකට සිරි ලංකාවේ නායක හිටං තුමාගේ වෙබ් අඩවිය හොරෙකු විසින් හැක් කර ඇති බව වාර්තා වෙයි. බටහිර ලෝකයටත් ඉන්දියාවටත් මේ සිරි ලංකාවේ සිට අනගි සේවයක් කරන හිටං තුමාගේ වෙබ් අඩවිය හැක් කර එකා 17 වියැති පාසැල් සිසුවෙක් කියලයි ආරංචිය. සිසුවා දැන් නඩු අහනකල් ළමා නිවාසයකළු. මොනව උනත් ඉතින් කතාව ඇත්තනම් පොඩි කොල්ලා හැබෑම දක්ෂයෙකි. ඇයි ඉතින් ලෝකප්‍රසිද්ධ නායකයෙකුගේ වෙබ් අඩවියක් හැක් කරන එක ලේසි පහසු වැඩක්යෑ. ඇරත් එහෙවු මනුස්සයෙකුගේ නිල වෙබ් අඩවිය කිවුවහම ඕකේ සිකියුරිටි එකෙන් රිංගන එක මොන තරම් අමාරු වෙයිද? එහෙම බලනකොටනම් අර කොල්ලා කරල තියෙන්නේ පොඩි පහේ දෙයක් නෙවෙයි. ඒවගේම ඌට තියෙන්නෙත් පොඩි පහේ මොළයක් නෙවෙයි. ඇත්තටම බැළුවහමනම් හිටං ගොයියගේ වෙබ් එක හැක් කරන්න උවමනාව තියෙන්න ඕනේ මූ වගේ ඉස්කෝලෙ යන වයසේ එකෙකුට වඩා හිටං තුමාගේ දේසපාලන විරුද්ධවාදියෙකුට. ඔය කිවුවට අර කොල්ලගෙ දේසපාලනේ අපි දන්නවයෑ. සමහර විට ඌ මහින්ද උන්නැහේගේ ගෝලයෙක්ද කියලා අපේ වන් ශොට් අයියගෙන් දැනගන්න ඇහැකි වෙයි. කවුරුවත් මේක ගැන ඉන්ස්ටොන් ප්‍රවුත්ති සාකච්චාවක් තිබ්බෙ නැත්තේ මොකද මන්ද?
ඔක්කොම හරි කියමුකෝ හිටං තුමා වගේ ලෝකේ ප්‍රසිද්ධ නායකයෙකුගේ නිල වෙබ් අඩවිය මේන්ටේන් කරන අයි ටී උන්දැලාගේ දක්ෂතාවය ගැනත් පොඩි ගැටළුවක් තියෙනව හිටං. හිටං තුමා උන්නැහෙගේ වෙබ් එකට එබිකම් කරපු පොඩි එකා පස්සේ පන්නනව වගේ තමුන්ගේ නෙට්වර්ක් සිකියුරිටි එක බාර අයි ටී උන්දැලාගේ මොළේ තරම ගැනත් හොයල බැලුවනම් තමයි වටින්නේ. ඒ තරමට අයි ටී අපි දන්නේ නැති උනත් සාමාන්‍ය ඔපිස් එකක උනත් කොම්පියුටර් පෙට්ටියකට හරි හමන් පාස්වර්ඩ් එකක් දාන එක සාමාන්‍ය දෙයක් කියල අපට තේරෙද්දී හිටං වගේ මේ රට ගැන ජිනීව වල කතා කරන එක නවත්තලා රට බෙදෙන එකත් පෙඩරල් ආනුභාවෙන් නවත්තන්න තරම් මොළේ ඇඟපුරාම තියෙන මහ රැජිනත් අත් මේස් ගලවලා අතට අත දීපු උත්තමයෙකුගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කරන්න ඕන විදිහ හිටං අයිටී සැට් එක සෙල්ලමට ගත්තද කියලත් හිතෙනව. එහෙම වෙලා සිකියුරිටි අප්සෙට් ගිහින් හිටං ලොක්කගේ වෙබ් එක ඇතුලට අර වගේ අන්තේවාසික පොඩි එකෙකුට රිංගල හැක් කරන්න අවස්ථාව ලැබුණනම් ඉතින් හිටං තුමා උන්ට විරුද්ධවත් ඇක්සොන් එකක් ගන්න ඕනේ. අඩුම තරමෙන් හිටංගේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ලා මහින්ද උන්නැහේ එක්ක පාද යාත්‍රා ගිය එවුන්ද කියලා හොයන එක වන් ශොට්ට බාර දෙන්නවත් ඕනේ. කොහොමෙන් හරි හිටංව මරන්න ආපු කොටිය නිදහස් උනා වගේ අර පොඩි එකාත් නිදහස් වෙලා මයික්‍රොසොෆ්ට් එකේ හරි වෙන ඉන්ටනැෂනල් අයි ටී කොම්පැනියක හරි ලොකු තනතුරක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හිටං.
Saturday, July 16, 2016
විරුවෙකු සිහිකරමු
හසලක ගාමිණි කියන්නේ කවුද කියලා මේ රටේ වැඩිම පිරිසකට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒත් තමන්ගේ පුද්ගලික වාසියක් වෙනුවෙන් රටම පාවදෙන කාලකන්නින්ටනම් හසලක ගාමිණි චරිතය වැඩක් නැති වෙයි. කුලියට ලියන යහපාළු බ්ලොග් කාරයන්ටත් හසලක ගාමිණිට වඩා දෙමළ ජාතිවාදීන් සතුටු කරන දේසපාලන තක්කඩි වැඩගත් කියලත් අමුතුවෙන්න් කියන්න ඕන නෑ. ඒත් මේරටේ ඉතිහාසය දන්න ජාතික වගකීම දන්න ජාතිකත්වයට ලැදි අති විශාල බහුතරයට හසලක ගාමිණි කියන්නේ විරුවෙක්. ඒ කොටි ත්රස්තයන්ගෙන් හමුදා කඳවුරක් බේරගත්තු ඔහු ඒ වෙනුවෙන්ම කොටි බුල්ඩෝසරය විනාශ කරමින් ජීවිතයත් අහිමි කරගත්තු නිසා. කොටින්ට අවි බලයෙන් ගන්න බැරි උන දේ උන්ගේ වර්තමාන නියෝජිත දෙමළ සන්ධාන වසලයන්ට හොර පාරෙන් බලය බෙදා දීම හරහා යහපාළු තක්කඩි රැල කටයුතු කරද්දී අපට රටට ආදරය කරන බඩගෝසතරවාදයෙන් තොර මිනිසුන් හැටියට ඒ සියළු උත්සහයන් ව්‍යර්ථ කිරීමේ වගකීමත් තියෙනවා කියල මතක් කරන්නත් කැමතියි. මේ කෙටි සටහන තබන්නේ පහුගිය 14 වෙනිදට රට වෙනුවෙන් හසලක ගාමිණි විරුවා දිවි පුදා වසර 25 සපිරීම නිමිති කොට ගෙනයි.
Sunday, May 8, 2016
ලෝකයේ මිල අධිකම කෝපි
ලංකාවේනම් අපිට රුපියල් 35කට 40 කට වගේ කෝපි කෝප්පයක් කඩෙන් බොන්න පුළුවන්. ගෙදර කෝපි හදාගෙන බොනවනම් වියදම මීටත් අඩුයි. ඒත් මේ කියන ලෝකේ මිල අධිකම කෝපි කොප්පයක් සාමාන්‍යයෙන් ඩොලර් 80ක් පමණ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 11000 ත් 12000ත් අතර ගනනක්. මොනවද මේ කෝපි? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? මේ කෝපි වර්ගය හඳුන්වන්නේ " Kopi Luwak " නැත්නම් " cat poop coffee" කියලයි. මේ කෝපි සකස් කරන විදිහයි අනෙක් විශේෂම් කාරනේ. මේකට " cat poop coffee" කියලා කියන්නේ " pole cat " නැත්නම් උගුඩුවා විසින් කෝපි ගෙඩි කා දැමූ පසු ඌ මළපහ කර පිට කරන කෝපි ඇට සුද්ද කර සාමාන්‍ය ක්‍රමේට වියලා කුඩුකර කෝපි සකසා ගන්නා නිසා. මේ කෝපි වර්ගය බහුලවම නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ. මේ කටයුත්තට යොදාගන්න උගුඩු විශේෂය හඳුන්වන්නේ " Asian Palm Civet " කියලා කෝපි ගෙඩි උගුඩුවන් විසින් කා දැමූ පසු ඌ මළපහ කර පිටකරන කෝපි ඇට ගොවීන් විසින් එකතු කිරීම මුලින්ම සිදු වෙනවා. කෝපි සැකසුම සුදුවෙන්නේ සාමාන්‍ය විදිහට ඉන් පසුවයි.
මේ ක්‍රියාවලියේදී සිද්ද වෙන්නේ මේ වගේ දෙයක්. උගුඩුවා කෝපි ගෙඩි කා දැමූ පසු මේ කෝපි ගෙඩි උගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී එන්සයිම ආශ්රිත ජීර්න ක්‍රියාවලියකට භාජනය වෙනවා. එතනදි එන්සයිම ආශ්රිත පැසීමේ ක්‍රියාවලිය තුලදී කෝපි ගෙඩි ජීර්නය වන අතරේ කෝපි ඇට තුලට මේ සතාගේ ආහාර ජීර්න එන්සයිම කාන්දු වීම සිදුවෙනවා. මෙතනදී මේ ප්‍රෝටීන ජීර්නකාරක එන්සයිම මගින් කෝපි ඇටේ ඇතුලේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන අංශු කුඩා පොලි පෙප්ටයිඩ හා ඇමයිනෝ අම්ල දක්වා බිඳ වැටෙනවා. මේ කෝපි වල විශේෂ රසය හා සුවඳ ඇතිවෙන්නේ ඒ තුලිනුයි. කෝපි වල තිත්ත ගතිය අඩු වෙන්නත් ඒ ක්‍රියාවලිය බලපානවා.
ඉන්දුනීසියානු කෝපි නිෂ්පාදකයන් බොහොමයක් විෂ්වාස කරන්නේ මේ විදිහට කෝපි සැකසීමේදී උගුඩුවන් විසින් හොඳම කෝපි ගෙඩි හැකි තාක් තෝරා කෑමට ගන්නා බවයි. මේ අමුතු කෝපි සැකසීමේ යාන්ත්‍රනය පසුපස තියෙන කතාවත් ටිකක් වැදගත් එකක්. ඉන්දුනීසියාවේ මුලින්ම කෝපි වගාව පටන්ගෙන තියෙන්නේ ලන්දේසින් විසින්. ලන්දේසි වැවිලි කරුවන් ඔවුන්ග් සුවිසල් කෝපි වතු වල වැඩ කළ ඉන්දුනීසියාවේ ආවේනික වැසියන් වූ සාමාන්‍ය ගොවීන්ට ඒ අයගේ පරිහරනය සඳහා කෝපි කඩන්න අවසර දීලා නෑ. ඉතින් මේ ඉන්දුනීසියානු ගොවිපල සේවකයන් ඔවුන්ට අවශ්‍ය කෝපි ටික හදාගන්න කෝපි කෙලින්ම ගස් වලින් කඩල වේලන ක්‍රමේ වෙනුවට මේ වක්‍ර ක්‍රමය භාවතා කරල තියෙනවා ඔවුන්ගේ වැවිලිකරුවන්ට හොරෙන්. ඒක තමයි අද ලෝකයේ මේතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ.
තොරතුරු ලබාගත් මූලාශ්‍ර
http://catpoopcoffeeinc.com/what-is-cat-poop-coffee-aka-kopi-luwak/
Sunday, February 28, 2016
විශිෂ්ඨයෙකුගේ නික්ම යෑම
ආචාර්ය අජන්තා රණසිංහ යනු අප කවුරුත් හඳුනන ප්‍රවීන සාහිත්‍යධරයෙකි. ඔහු සංගීතඥ්ඥයෙකු මෙන්ම විශිෂ්ඨ ගීත රචකයෙකි. ඔහු විසින් රචිත ගී පද මාලා රස නොවිඳි කෙනෙක් අපේ රටේ නොමැති තරම් යැයි කීවොත් මා නිවැරදිය. එහෙත් ඔහුගේ ගී පද වැල් වල රසය විඳි ඔබ අප සියළු දෙනා අවාසනාවන්ත වුනේ මේ අසහාය ගීත රචකයා ඊයේ දිනයේ සිය දිවියෙන් සමුගැනීමත් සමගයි. අප ආදරය කරන ගරු කරන කාගෙන් වුවද අපට කෙදිනක හෝ වෙන් වීමට සිදු වීම නියත දෙයකි. එහෙයින් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවාගේ වියෝවෙන් ශෝකයට පත් ඔබ අප සියළු දෙනා වෙනුවෙන් ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
Wednesday, February 3, 2016
එන්සිනාට නිවන් සුව අත්වේවා...!
පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.
Subscribe to:
Posts (Atom)






