Pages

Tuesday, August 30, 2016

නෙට්වර්ක් සිකියුරිටි හිටං හුටං


ලෝකප්‍රකට සිරි ලංකාවේ නායක හිටං තුමාගේ වෙබ් අඩවිය හොරෙකු විසින් හැක් කර ඇති බව වාර්තා වෙයි. බටහිර ලෝකයටත් ඉන්දියාවටත් මේ සිරි ලංකාවේ සිට අනගි සේවයක් කරන හිටං තුමාගේ වෙබ් අඩවිය හැක් කර එකා 17 වියැති පාසැල් සිසුවෙක් කියලයි ආරංචිය. සිසුවා දැන් නඩු අහනකල් ළමා නිවාසයකළු. මොනව උනත් ඉතින් කතාව ඇත්තනම් පොඩි කොල්ලා හැබෑම දක්ෂයෙකි. ඇයි ඉතින් ලෝකප්‍රසිද්ධ නායකයෙකුගේ වෙබ් අඩවියක් හැක් කරන එක ලේසි පහසු වැඩක්යෑ. ඇරත් එහෙවු මනුස්සයෙකුගේ නිල වෙබ් අඩවිය කිවුවහම ඕකේ සිකියුරිටි එකෙන් රිංගන එක මොන තරම් අමාරු වෙයිද? එහෙම බලනකොටනම් අර කොල්ලා කරල තියෙන්නේ පොඩි පහේ දෙයක් නෙවෙයි. ඒවගේම ඌට තියෙන්නෙත් පොඩි පහේ මොළයක් නෙවෙයි. ඇත්තටම බැළුවහමනම් හිටං ගොයියගේ වෙබ් එක හැක් කරන්න උවමනාව තියෙන්න ඕනේ මූ වගේ ඉස්කෝලෙ යන වයසේ එකෙකුට වඩා හිටං තුමාගේ දේසපාලන විරුද්ධවාදියෙකුට. ඔය කිවුවට අර කොල්ලගෙ දේසපාලනේ අපි දන්නවයෑ. සමහර විට ඌ මහින්ද උන්නැහේගේ ගෝලයෙක්ද කියලා අපේ වන් ශොට් අයියගෙන් දැනගන්න ඇහැකි වෙයි. කවුරුවත් මේක ගැන ඉන්ස්ටොන් ප්‍රවුත්ති සාකච්චාවක් තිබ්බෙ නැත්තේ මොකද මන්ද?
                            ඔක්කොම හරි කියමුකෝ හිටං තුමා වගේ ලෝකේ ප්‍රසිද්ධ නායකයෙකුගේ නිල වෙබ් අඩවිය මේන්ටේන් කරන අයි ටී උන්දැලාගේ දක්ෂතාවය ගැනත් පොඩි ගැටළුවක් තියෙනව හිටං. හිටං තුමා උන්නැහෙගේ වෙබ් එකට එබිකම් කරපු පොඩි එකා පස්සේ පන්නනව වගේ තමුන්ගේ නෙට්වර්ක් සිකියුරිටි එක බාර අයි ටී  උන්දැලාගේ මොළේ තරම ගැනත් හොයල බැලුවනම් තමයි වටින්නේ. ඒ තරමට අයි ටී අපි දන්නේ නැති උනත් සාමාන්‍ය ඔපිස් එකක උනත් කොම්පියුටර් පෙට්ටියකට හරි හමන් පාස්වර්ඩ් එකක් දාන එක සාමාන්‍ය දෙයක් කියල අපට තේරෙද්දී හිටං වගේ මේ රට ගැන ජිනීව වල කතා කරන එක නවත්තලා රට බෙදෙන එකත් පෙඩරල් ආනුභාවෙන් නවත්තන්න තරම් මොළේ ඇඟපුරාම තියෙන මහ රැජිනත් අත් මේස් ගලවලා අතට අත දීපු උත්තමයෙකුගේ නිල වෙබ් අඩවිය ආරක්ෂා කරන්න ඕන විදිහ හිටං අයිටී සැට් එක සෙල්ලමට ගත්තද කියලත් හිතෙනව. එහෙම වෙලා සිකියුරිටි අප්සෙට් ගිහින් හිටං ලොක්කගේ වෙබ් එක ඇතුලට අර වගේ අන්තේවාසික පොඩි එකෙකුට රිංගල හැක් කරන්න අවස්ථාව ලැබුණනම් ඉතින් හිටං තුමා උන්ට විරුද්ධවත් ඇක්සොන් එකක් ගන්න ඕනේ. අඩුම තරමෙන් හිටංගේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්ලා මහින්ද උන්නැහේ එක්ක පාද යාත්‍රා ගිය එවුන්ද කියලා හොයන එක වන් ශොට්ට  බාර දෙන්නවත් ඕනේ. කොහොමෙන් හරි හිටංව මරන්න ආපු කොටිය නිදහස් උනා වගේ අර පොඩි එකාත් නිදහස් වෙලා මයික්‍රොසොෆ්ට් එකේ හරි වෙන ඉන්ටනැෂනල් අයි ටී කොම්පැනියක හරි ලොකු තනතුරක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හිටං.

5 comments: