Pages

Thursday, May 22, 2014

පොල් ගහට ධාතු වැඩලා



ඔන්න එක්තරා ගමක ජීවත් වෙච්ච සාමාන්‍ය ගම් වැසියෙක් හිටියා ඒ තරම් වත්කමක් නැති. ඉතින් මේ මනුස්සයාට හරිහමන් රස්සාවක් කියල දෙයක් තිබිලත් නෑ. ඔහේ දවස ගෙවාගන්නේ එදාට මොනව හරි කුලී වැඩක් කරලා. කුලී වැඩනම් කොච්චර කියලා කරන්නද? ඇරත් පවුල් කාරයෙක් උන ඒ මනුස්සයා කුලී වැඩ වලින් හම්ම්බ වෙන සොච්චම් මුදල ජීවත් වෙන්න කොහෙත් ම ප්‍රමාණවත් උනේ නෑ. ඉතින් මේ වගේ අයට මොනව හරි අමතර ආදායමක් තියෙන්නත් එපායෑ. ඔන්න මෙයාටත් අමතර ආදායම් මාර්ගයක් තිබුණා. ඒ තමයි හොරාට පොල් කඩන එකැ. මොනව කරන්නද ඉතින් ජීවත් වෙන්නත් ඕනේ නිසා මිනිහා ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් විදිහට මේක තෝරාගත්තා. ඇරත් නිකම් පොල් වේලිලා වැටිලා ප්‍රයෝජනයකට නැති වෙන එකත් එක්ක බලපුවාම මේ වැඩෙ කාට හරි ප්‍රයෝජනවත් නේ. එහෙමයි කියලා මම මේ හොරකම හරි කියනව එහෙම නෙවෙයි ආයිබොවන්ඩ. එහෙමට කියලා ප්‍රශ්නයක් නැති උනත් වත්තේ පොල් ගස් එකක් දෙකක් තියෙන මිනිස්සු දවසේ උවමනාව සපුරාගෙන බෙදාහඩාගන්නෙත් ගහේ ඵලදාවම නිසා අර මනුස්සයාගේ පොල් හොරකම ඒ වගේ අයට ටිකක් දැනෙන මට්ටමේ එකක් උනා.
                                      ඔන්න ඉතින් අර පොල් හොරකමේ යන මනුස්සයා රාත්‍රී කාලයේ තමයි අමතර රාජකාරියට බහින්නේ. මේ වෙනකොට ගමේ කීපදෙනෙකුටම ඔය වැඩේ කරදරයක් වෙලා තිබිලත් තියෙනවා. එහෙමට මේක කරදරයක් වෙච්චි එක මනුස්සයෙක් පොල් හොරා අල්ලගන්න ක්‍රමයක් කල්පනා කරාලු. අර පොල් හොරා හැමදාම වගේ එකම වෙලාවට තමයි පොල් කඩන කාර්‍ය කරල තියෙන්නේ. ඉතින් ඔරා අල්ලන්න ගිය පොල්ගස් අයිතිකාරයට වැඩේ පහසු උනා. දවසක් පොල් හොරා එන වෙලාව මතක තියාගෙන ඉඳලා වත්ත අයිති කාරයා හෙමීට එලියට බැහැලා ටෝච් එකකුත් ඉනේ ගහගෙන. මිනිහා ගිහින් හොර රහසේ වත්ත අයිනේ පඳුරක් යටට වෙලා වත්තේ හතර මායිම ගැන හෝදිස්සි කළා. ඔන්න කිවුවත් වගේ පොල් හොරා වෙලාවටම ඇවිල්ලා වටපිට බලලා වත්තට ඇතුල් උනා.  ඇතුල් වෙලා හොඳ ඵලදාවක් තියෙන ගහක් බලලා හෙමීට ගහට නගින්න පටන්ගත්තා. අයිතිකාරයා හෙමීටම මේක බලාගෙන ඉඳලා ගහට කිට්ටු කළා. හැබැයි ගහේ බාගයක් දුර නැගල හිටපු පොල් හොරාත් අයිති කාරයා ගහ යටට එනවා දැක්කලු. දැන් ඉතින් මොකද කරන්නේ? වැඩේ අතටම මාට්ටු. පොල් හොරාට අපූරු අදහසක් ඔලුවට ආවේ ඔය අතරේ. මේ ගමේ ගොඩක් අය හොඳ සැදැහැවත් පිංවතුන් කියලත් මිනිහට මතක් උනා. මිනිහා එක පාරටම අනේ සාධු සාධු කියකියා ගහේ ඉතිරිටිකත් නගින්න තියාගත්තා හෙන සාධුකාරයක් දීගෙනම. පොල් ගස් අයිතිකාරයට මේක හෙන ප්‍රෙහෙලිකාවක්.
                                                අයිතිකාරයත් අතඇරියේනෑ. අර මනුස්සයා ගහෙන් බහිනකම්ම හිටියා. මිනිහා ගහෙන් බැස්සෙත් සාධුකාරය දීගෙනමයි. බැහැලා ගහ මුලට එනකොටම අයිතිකාරයා මිනිහා අල්ලගත්තා. අල්ලන ඇහුවලු පොල් හොරකමේ ආවේ ඇයි කියලා. පොල් හොරා ඩුන්න අපූරු උත්තරේට වත්ත අයිතිකාරයාටත් සිනා පහල උනේ ඉබේට. පොල් හොරා කිවුවලු පොල් ගහට සර්වඥ්ඥ ධාතු වඩිනවා මිනිහා දැකලා ධාතු වඳින්න ගහට නැග්ගයි කියලා. අනේ ඉතින් මේ ගොබිලා ගමේ මදාවි වැඩ නොකරන තලත්තෑනි අහින්සකයෙක් නිසා අයිතිකාරයත් ආයේ පැත්තපලාතේ හොරකමේ එන්න එපයි කියලා අඩපාලි කියලා මිනිහව අතඇරලා. හැබැයි ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තව වැඩක් වෙලා. ඒ තමයි සිද්ධිය ගම පුරා ආරංචි උනාට පස්සේ අර පොල් හොරකමේ ගිය මනුස්සයා පාරේ තොටේ දකිනකොට පොඩි එවුන් තරුණ කොල්ලෝ එහෙම "අනේ සාධු සාධු දාතු වැඩලා" කියලා කියනවලු. අරමනුස්සයාට සුද්ද සිංහල තමයි එවලෙට මතක් වෙන්නේ. ඔන්න ඉතින් ගමක වෙච්ච රසවත් සිද්ධිය මේ විදිහට ලියල දැම්මා විනෝදෙටත් එක්ක.

19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලස්සන කුණුහරුපයක්!

      Delete
    2. අම්මෝ.... ඇනෝ සහ ලංකා නිවැරදි කරා යන්තම්...............

      නැත්තම් පකිස් තව ඩිංගෙන් අපිව දොට්ට දානවා මේ බ්ලොගයෙන්.... සොරි පකිස්....

      කතාව ගැන නම් කියලා වැඩක් නෑ. හිනා යනවා පකිස්.......

      Delete
  2. ඔවු ගමක වෙච්ච ඇත්ත සිද්ධියක්. ගොඩක් ඉස්සර.

    ReplyDelete
  3. කුරු‍ටුගෑ පවුර නම පකිස් කියල නොහැදුවොත් ඉංගිරිසි කුණු හබ්බයක් වෙනවෝ !

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා. තව ඩිංගෙන් අපේ කාඩ් එකයි පකිස්ගේ කාඩ් එකයි දෙකම වතුරේ..........

      Delete
  4. හැක් හැක්.. මරු...

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න අදහස් දක්වන්න.

      Delete
  5. හිහි පට්ට කේස් එක ඒක නං...
    ඇත්තට ඉස්සර ඈයොන්ට පට්ට කේස් වෙලා තියනව නේද

    ReplyDelete
    Replies
    1. ගම්වල තමයි මේ වගේ රසවත් සිද්ධි වැඩිපුරම වෙලා තියෙන්නේ.

      Delete
  6. ඒ කාලෙ හරි සුන්දර දේවල් වෙලා තියෙනවා. මොනව උනත් මේ හොරු හරි අහිංසකයි. ඒත් දැන්??

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න සමහර එවුන්ගේ ලඟින් ගියොත් ඇහැක් නෑ.

      Delete
  7. මං හිතුවේ හොරාට ධාතු පහ වෙන්න ඇති කියලයි..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි.මේ හොරා ධාතු වැඩියා කියලා තියෙන්නේ එහෙම කිවුවහම අනුකම්පාව ලැබෙයි කියලා.

      Delete
  8. අර ගහට නැගල තණකොළ කපපු එකේ අලුත් වර්ෂන් එක

    ReplyDelete
    Replies
    1. ඒවගේම එකක් තමයි සිරාවටම මේකත්

      Delete
  9. මේ කතාව කියවන කොට මට මතක් වුනේ විජයනාත්ස්වාමි. මේක මං ඇස් දෙකින්ම දැකපු එකක්. මම හේතුවාදියෙක්වුන නිසා ලංකාවෙ ඉන්න බොරුකාරයන්ගෙ විගඩම් ගැන හොඳ දැනුමක් තිබුන.ඉන්දියාවෙ ගිය වෙලාවෙ අහම්බෙන් විජයනාත්ස්වාමිගෙ ආශ්‍රමයට ගියා.නිකම් සාමාන්‍ය ස්වාමි කෙනෙක් වගෙ උන් වහන්සෙ හිටියෙ.බැතිමතුන්ගෙන් වැදුම් පිදුම් ගන්නට නිතරම උස ඉදිරි පෙළ ආසනවලට පොරකන මානසික රෝගීන්ගෙන් වෙනස්.පුදුම නිහතමානිකමක් තිබුනෙ.
    උන් වහන්සෙ ආශ්‍රමයෙ පොල් ගහකින් පොල් චිත්ත බලයෙන් බිම දැම්ම.පොල් හොඳට පැහුන ඒව.මේක ප්‍රාතිහාර්යයක් ලෙස නොවෙයි කළේ.එතන කෙනෙකුගෙ සැකය දුරු කරන්නද මන්ද පොල් ගහ නැමුව.ඒක බලාසිටපු අය ප්‍රීතිඝෝෂා කළා.
    පොල් ගහ නවල පොල් කඩා ගත්තට පස්සෙ තිබුන විදියටම කෙළින් කළා.එදා තමයි මම දැන ගත්තෙ භෞතික ලෝකයට එපිටින් යම් දෙයක් තිබෙනව කියල.
    මට ස්වාමි තුමා හමුවන්නත් අවස්ථාව ලැබුන.හමුවුනා කියන්නෙ මම විතරයි කතා කරන්නෙ.බොහෝ විට උන් වහන්සෙ නිහඩයි.මම යමක් කිව්වම උත්තරේ මගෙ හිතට එනව.මගෙ හිතේ තිබෙන දේවල් දැනගෙන යම් යම් උපදෙස් දෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් හුවමාරු කරගත්තට. මේ වගේ සිද්ධි ගැන අත්දැකීම අපටත් කියන්න තව තියෙනවනම්.

      Delete