Pages

Thursday, July 10, 2014

මරු මිනිහ ටෝටල්


මේ දවස්වල ලංකාවයි දකුණු අප්‍රිකාවයි අතරේ පැවැත්වෙන ක්‍රිකට් තරඟමාලාව නරඹන අතරේ ඔන්න පොඩි කතාවකුත් මතක් උනා. ඒ තරමට හාස්‍යජනක නැතත් මේක තරමක් විනෝදාශ්වාදය ගෙන්දුන් සිද්ධියක්. ඔන්න දවසක් අපේ ටීම් එකයි තව කොහේදෝ රටක ටීම් එකකුයි අතරේ ක්‍රිකට් තරඟාවලියක් පැවතිච්ච කාලෙක කඩවල් සාප්පු ගානේ ටීවී දාගෙන මැච් එක පෙන්නනවලු. මැච් එකක් තිබුන දවසක ඔන්න ඔය විදිහට මැච් එක දාලා තිබුණ කඩේක ටීවී එකේ යන මැච් එක බලන්න සෙනග පොරකාගෙන ඉන්නවලු.
                එදා ඔන්න මැච් එකේ එක පිලක් පන්දුවට පහර දීමේ වාරය අවසන් වෙලා ලකුණු පුවරුව ටීවී එකේ දාන වෙලාව ආවා. මේ අස්සේ පොඩි අඩියක් ගහලා ටිකක් ඩෝප් පිට හිටපු මනුස්සයෙකුත් ටීවී එකේ ගිය මැච් එක බලන්න එබුනලු. මිනිහා අර ටීවී එකේ දාල තිබුණ ලකුණු පුවරුව කියවන්න ගත්තා වෙරි පිටම. ඔන්න ඉතින් ආරම්භක පිතිකරුවාගේ ඉඳලා පහලට මිනිහා නම කියව කියවා ඒ එක එක්කෙනා ගහපු ලකුණු ගාන කියනවලු. මෙහෙම කියව කියවා ඉඳලා ඔන්න අන්තිමටම මෙහෙම කිවුවලු. අප්පේ මරු මිනිහ තමයි ටෝටල්, මිනිහ තනියම ලකුණු 250ක් ගහලා කියලා කියලා. මේක ඇහුන විතරයි මැච් එක බලන්න ආපු එවුන් සේරම බක බක ගාලා හිනා වෙන්න ගත්තලු . කට්ටියගෙන හූ හඬ මැද අර මනුස්සය හෙමීට පල්ලම් බැහැල ගිහිල්ලා. මිනිහට ඩෝප් බැස්සද දන්නේ නෑ වෙච්චි වැඩේට.

9 comments:

  1. ඇයි අර එකෙක් කිව්වලු "අර එක්ස්ට්‍රා කියන එකා හැමදාම කීය කීයහරි ගහනව. අපේ එවුන් තමයි බින්දුවෙන් යන්නෙ" කියල.

    ReplyDelete
    Replies
    1. මේ පෙන්නලා තියෙන පොටෝවෙත් එක්ස්ට්‍රා කාරයා තව ටිකෙන් පනහක් ගහනවා

      Delete
  2. එහෙනං ඔය පිච් එකේ පස් කමින් අවුට් වෙන්නේ...

    ReplyDelete
  3. ටෝට්ල් කියන්නේ දොළොස්වෙනිය වෙන්න ඇති.

    ReplyDelete
  4. අපරාදේ මනුස්සයගේ වෙරි හිදෙන්නත් ඇති..

    ReplyDelete
  5. උදෙන්ම ඇඟේ ලේ පිරිසිදු කරගත්තා පකිස්. ඔහොමම තව කතා ලියන්න.

    ReplyDelete