Pages

Thursday, July 10, 2014

විදුහල්පතිගේ යුනියන් ජැක් එක


 මේක එක්තරා ගමක ඉස්කෝලෙක වෙච්ච සිද්ධියක්. මේකයි වෙලාතියෙන වැඩේ ඕං. සාමාන්‍යයෙන් ඉස්කෝලෙක විදුහල්පති මාරු වෙනකොට පරන විදුහල්පතිවරයා පාසලට අයත් බඩුබාහිරාදිය අළුත් විදුහල්පතිට භාරදෙන්න ඕනෙ. ඉතින් මේ ඉස්කෝලෙත් හිටපු විදුහල්පතිවරයාට මාරුවීමක් හම්බ වෙලයි තිබුණේ. ඉතින් මනුස්සයා අළුත් විදුහල්පතිට බඩු බාරදෙන්න මෙයා ආපු දවස්වල ලැබුණු බඩු ලැයිස්තුව පරික්ෂා කළා. මේ බඩු ලැයිස්තුවේ ඉංග්‍රීසියෙන් තමයි බඩු වල විස්තරේ ලියවිලා තිබිලා තියෙන්නේ. 

ඉතින් මනුස්සයා බඩු වල විස්තරේ  මුල ඉඳලා අගටම කියවලා අදාල බඩුමුට්ටු ටික ලෑස්ති කරල තියලා අළුත් විදුහල්පතිට භාරදීල ගියාලු. අළුත් විතුහල්පතිත් ඔන්න බඩු භාරගෙන එකින් එක පරික්ෂා කරන්න ගත්තා. ඔය අතරේ මේ අළුත් විදුහල්පතිට දකින්න ලැබුණේ මේසයක් උඩ තිබුණ අඬු දුග අඬු කීපයක් දෙකට තුනට නමලා තිබුණ යකඩ ගැජට් එකක්. මිනිහට ප්‍රෙහෙලිකාවක් උනේ මේක ගැන සඳහනක් බඩු ලැයිස්තුවේ නොතිබීම. තවත් ටිකක ලැස්තුව කියවලා බලනකොට මේ ලැයිස්තුවේ සඳහන් තවත් එක භාණ්ඩයක් මේ බඩු ගොඩේ නැති වගකුත් මෙයාට තේරුනා. ඒ තමයි යුනියන් ජැක් (  Union Jack )යනුවෙන් සඳහන් වෙච්චි භාණ්ඩය. යුනියන් ජැක් කියන්නේ එංගලන්ත කොඩියට. ඉතින් මනුස්සයා හතර වටේ හොයලා බලනකොට පරන අල්මාරියක යට තට්ටුවේ කොනක තිබිලා රෙදි කෑල්ලක් හම්බ උනාලු. බැලින්නම් එංගලන්ත කොඩිය. ඒ කියන්නේ අර භාණ්ඩ ලැයිස්තුවේ යුනියන් ජැක් එක.
  
අර මේසේ උඩ දෙකට තුනට නමල තිබුණ යකඩ ගැජට් එක මොකක්ද කියල ගැටළුවකුත් දැන් ආවා. ටිකක් කල්පනා කරද්දී තමයි වෙලා තියෙන වැඩේ තේරුනේ. බැලින්නම් පරන විදුහල්පතිට බඩු ලැයිස්තුඒ අනෙක් සේරම හම්බ වෙලා. යුනියන් ජැක් එක හම්බ වෙලා නෑ. මදිවට මනුස්සයා යුනියන් ජැක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉඳල තිබිලත් නෑ. සේරටම වඩා පරන විදුහල්පති එයා වැඩ භාරගන්නකොට එයාට හම්බවෙච්ච ලැයිස්තුවේ මේක තිබුණද නැද්ද කියලා මිනිහට ගානකුත් නැතුවයි ඉඳලා තියෙන්නේ. මේක හොයාගන්න බැරුව තමයි මිනිහා ඒක මොකක්ද කියලා දන්නෙත් නැති නිසා අර යකඩේ ඒ වෙනුවට තියලා තියෙන්නේ.

7 comments:

  1. බුහා හහ් හහ් හා..............

    ReplyDelete
  2. Replies
    1. දකින්ට මෙයා අනිත් බ්ලොග් වලට යන්න එපායැ !!

      Delete
  3. මාත් ඕක ලිව්ව නේ බං.. රස කතා වල..
    http://atw-cmb.blogspot.com/2013/02/union-jack.html

    ReplyDelete
  4. මේකනම් අහලා තිබ්බා කලින්..

    ReplyDelete
  5. බඩු බාරදීම හා බර ගැනීම, සිදු කලයුත්තේ, දෙදෙනා ඉදිරිපිටදී නේ. එහෙම උනා නම් ගැටළුවක් නැ. විධිමත් ක්‍රමය ඒකනේ....

    ReplyDelete
  6. මමත් ගොඩක් ඉස්සර මේ කතාව පත්තරේක් පලවෙලා තියෙනව දැක්කා මතකයි.

    ReplyDelete