Pages

Sunday, December 28, 2014

පොදු අපේක්ෂකයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැනනගින ගැටළු ටිකක් !


ඔන්න තවත් ජනාධිපතිවරණයක් අත ලඟය. දැන් ඉතින් චන්ද අපේක්ෂකයන්ගෙයි සහය දෙන පාර්ශව වලයි ගාම්භීර කතා මඩ ප්‍රහාර විවේචචන වලින් මාධ්‍ය පිරී ඇත. මෙදා සැරේ මේ ජනාධිපතිවරනයටනම් පොඩි විශේෂත්වයකුත් තියෙනවා. විශේෂ කාරනා එකක් නෙවෙයි කීපයක්ම තිබුණත් විශේෂිතම සිද්ධිය තමයි මේ ජනාධිපතිවරනයට මහින්ද රාජපක්ෂ මහත්තය තරඟ කරන්නේ තුන්වන වතාවට වීම. මීට කලින් මෙහෙම දෙයක් වෙලා නෑ. මේකේ තියෙන සාධාරන බව නීත්‍යානුකූල මව සදාචාරාත්මක බව ගැන මැතිවරනය නිල වශයෙන් ප්‍රකාශ කරන්න කලින් ඉඳලා එක එක කතා තිබුනා. මේක වැඩිපුරම විවේචනය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් විධායක් ජනාධිපති ක්‍රමයට තදින්ම විරුද්ධ වීමත් ඊට හේතු වෙන්න ඇති. ජනාධිපතිවරනය ගැන කතා එළිබැහැපු මුල් කාලෙනම් මහින්ද මහත්තයාගේ ප්‍රචාරය විතරයි කැපිල පේඅන්න තිබුණේ. ඇයි ඉතින් විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකය කවුද කියලවත් දැනගෙන හිටපු එකක්යෑ.
                              ඔන්න ඒ කාලේ එක එක කටකතා ගියා ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව චන්ද සටනට එන අපේක්ෂකය කවුද කියලා. කටකතා ගිය එක නමක්වත් නෙවෙයි අන්තිමට කියවුනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම. දැන් එතුමා මේ ජනාධිපතිවරනයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධාන විරුද්ධවාදියා වන පොදු අපේක්ෂකයායි. පොදු අපේක්ෂක තුමාගේ චන්ද වැඩපිළිවෙල පටන්ගත්තට පස්සේ දැන් එතුමාගේ ප්‍රචාරක කටයුතු මාධ්‍ය පුරාවට යනවා. පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන සටන් පාඨය හා තේමාව වෙන්නේ ඒකාධිපති පාලනයයි ව්ංචා දූෂණයි වලක්වන මෛත්‍රී පාලනයක් කියන එක. බැලූ බැල්මට කිසි වරදකුත් නෑ. ඒත් එතුමා වටා එක් රොක් වී සිටින අනෙකුත් දේශපාලන කණ්ඩායම් ඇතුලු විවිධ පාර්ශව සමග එක්ව කටයුතු කිරීමේදී එතුමාට කටයුතු කරන්නට වෙන්නේ කොහොමද කියන එකයි අනුග්මනය කරන්න වෙන ප්‍රතිපත්ති ගැනයි නම් ප්‍රශ්න ටිකක් මතුවෙනවා. එලෙස මතුවන ගැටළු ටිකක් මෙසේ ඉදිරිපත් කරන්න පුළුවන්.

1) දින 100ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කෙසේද? ඒ සඳහා කෙරෙන සංශෝධන මොනවාද? ඊට පාර්ලිමෙන්තු අනුමැතිය ගන්නේ කෙසේද?

2) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇත්ත වශයෙන්ම මෙරට බහුතර ජනතාවකට අවශ්‍යද කියා පොදු අපේක්ෂකයා සොයා බලා ඇත්ද? ඇත්තෙන්ම මේ රටේ වැඩි දෙනෙකුට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යද?

3)විධායක ජනාධිපති සතු බලතල වලින් කොපමණ පාර්ලිමෙන්තුවට හා අගමැතිට පවරාගන්නේද?

4)පොදු අපේක්ෂකයා ජනාධිපති වී පත්කරන අගමැතිවරයාට ජනාධිපතිවරයාටත් වඩා බලතල පවරනවාද?

5)විධායක බලතල අහෝසි කිරීම හෝ අඩු කිරීමෙන් පසු පොදු අපේක්ෂකයා තවදුරටත් එම තනතුරේ රැඳී සිටිනවාද?

6)එසේ රැඳී සිටියොත් අගමැතිවරයාට වැඩි බලතල දී ඔහු යටතේ සිටීමට පොදු අපේක්ෂකයා කැමතිද? ජනාධිපති සතුව අගමැතිට වඩා යම් මට්ටමකට බලතල තබාගතහොත් ඔහු යටතේ සිටීමට  පොදු අපේක්ෂකයා විසින් පත්කරන අගමැති කැමති වෙයිද?

7)විධායක ජනාධිපති සතුව පලාත්සභා විසිරුවීමේ බලය ඇතුළුව පාලන බලතල තිබෙන බැවින් එම බලතල පොදු අපේක්ෂකයා ජයගත් පසු ඒ ආකාරයෙන් තබාගන්නවාද? නැත්නම් පැවරීමක් හෝ අහෝසි කිරීමක් කරනවාද?

8)පලාත්සභා විසිරුවීම ඇතුලු පාලන බලතල අහෝසි කරන්නේනම් පලාත්සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ අරිනවාද? නැත්නම් පලාත් සභා පාලන බලතල පාර්ලිමෙන්තුවට හෝ අගමැති වෙත පවරනවාද?

9)දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසයට වැඩි බරක් තිබෙන උතුර නැගෙනහිර පලාත් සභා වල බෙදුම්වාදී අරගලකාරී තත්වයක් ඇතිවී අන්තවාදී කණ්ඩායම් ස්වයංපාලන අයිතීන් ඉල්ලා සිටිමින් වෙන් වීමට තැත් කළහොත් ඊට ඉඩ දී සිටිනවාද? නැත්නම් එම තත්වය පාලනය කරනවාද? පාලනය කරන්නේනම් ඒ කෙසේද?

10)පොදු අපේක්ෂකයා වටා එක් වී සිටින විවිධ වූ දේශපාලන කණ්ඩායම් හා සහය කණ්ඩායම් ඇතුළු ඔවුන්ට සහය දෙන කණ්ඩායම් සමග මෛත්‍රිපාල මහතා ඇතිකරගෙන තිබෙන පොදු එකඟතාවයන් මොනවාද? පොදු අපේක්ෂකයාට මේ සියළු දෙනාගේ ප්‍රතිපත්ති සමග එකට ක්‍රියාකළ හැකිද?

11)පොදු අපේක්ෂකයා සමග සිටින දෙමළ සන්ධානය හෙළ උරුමය වැනි කණ්ඩායම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත වල සිටිති. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග සමාජවාදී කොටස් වල ප්‍රතිපත්ති නොගැලපෙයි. මෛත්‍රීපාල මහතාට සහය දෙන ජාත්‍යන්තර සංවිධාන සමග ඒ මහතාගේ කණ්ඩායමේ ජාතික මතධාරීන්ගේ මතවාද ගැටෙයි. මෙවැනි පරස්පරතා සමග නිරවුල් දේශපාලන ගමනක් යන්නේ කෙසේද?

12)මේ වනවිට පොදු අපේක්ෂකයාට විදේශ තානාපතිවරුන් ජාත්‍යන්තරය හා රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් ඔවුන්ගේ උවමනා එපාකම් ඉටුකිරීමට කවර හෝ මට්ටමක බලපෑමක් කර තිබෙනවාද? එසේ කර නැද්ද?

13)පොදු අපේක්ෂකයා ජයගත් පසු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ජාත්‍යන්තරයෙන් එල්ලවන යුධ අපරාධ චෝදනා හමුවේ ක්‍රියා කරන්නේ කෙසේද?

14)පොදු අපේක්ෂකයා උතුරේ දෙමළ සංධානය අනුගමනය කරන ඊලාම් වාදයත් නැගෙනහිර මුස්ලිම් කොංග්‍රසය අනුගමනය කරන බෙදුම්වාදයත් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද? ඔවුන්ට එලෙස ඉදිරියට ක්‍රියාකරමින් බෙදුම්වාදය ඉදිරියට ගෙනයෑමට ඉඩ දෙනවාද? නැත්නම් බෙදුම්වාදයන් දේශපාලනිකව ප්‍රතික්ෂේප කරනවාද?

15)උතුරේ මේ වන විටත් දෙමළ ජනයාට තිබෙන්නේ යැයි දෙමළ සන්ධානය ඇතුළු බෙදුම්වාදීන් කියන ප්‍රශ්නවලට විසඳුම් ලෙස කවර හෝ දේශපාලන විසඳුමක් ඔවුන් වෙත ලබාදෙනවාද? එසේ නොකරනවාද? ලබාදෙන්නේනම් ඒ කවරාකාර විසඳුමක්ද?

16)රටේ සිංහල බෞද්ධ ජාතික චින්තන කණ්ඩායම් සමග පොදු අපේක්ෂකයා කටයුතු කරන්නේ කෙසේද?

17)ඊලාම්වාදී බෙදුම්වාදයත් මුස්ලිම් කොන්ග්‍රසය අනුගමනය කරන ස්වයං පාලන බෙදුම්වාදයත් ගැන පොදු අපේක්ෂකයා දරන මතය කුමක්ද?

18) මේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් ඉදිරියට කරන්නේ කුමක්ද? විපක්ෂ නායකත්වය ගැනීමට කටයුතු කරනවාද? දේශපාලනයෙන් සමුගන්නවාද? නැත්නම් වෙනත් දේශපාලන ක්‍රියාමාර්ගයක් ගන්නවාද?

මේ ප්‍රශ්න මාලාවේ නොකියවුනු තවත් බොහෝ ප්‍රශ්න තවත් බොහෝ දෙනෙකුට තිබිය හැක. මෙලෙස ඉදිරිපත් කළේ පොදුවේ කාට කාටත් පැන නැගියහැකි ගැටළු කිහිපයකි. මෙය කිසිවෙකුට පක්ෂග්‍රාහීව ඉදිරිපත් කරන දෙයක්ද නොවන බව අවධාරනය කරමි.

14 comments:

  1. හොඳ ප්‍රශ්න ටිකක්! ඔය ටික ඊමේලක් දාල හරි පැහැදිලි කරගන්න තියෙනවානම් හොඳයි ඡන්දෙට කලින්..:D

    ReplyDelete
    Replies
    1. කාටද ඊමේලක් දාන්න වෙන්නේ පොදු අපේක්ෂකයටද?

      Delete
    2. නැතුව නැතුව...අපි මේවා එයාගෙන් අහලා දැනගන්ට එපැයි :D

      Delete
  2. සෑහෙන්න වැදගත් තර්කානුකූල ප්‍රශ්න පෙළක්. මෛත්‍රි මහත්මයා දැක්කනම්ම තමයි මරු.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ටිකට උත්තර තියෙයිද කියන එක තමයි ප්‍රශ්නේ

      Delete
  3. ඔබ මෙවැනි පෝස්ට් දමනු ඇතැයි මා සිතුවේ නැහැ.ඇත්තටම අපූරු ප්‍රශ්න ටිකක්.මට නම් හිතෙන්නෙ මේවට එයාට උත්තර නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ප්‍රශ්න අහන්නත් ඕනේ

      Delete
  4. මෙයාට දිනන්න ලැබෙන්නේ නෑ කොහොමත්. ඔබ අන්තිමට අසා තිබෙන ප්‍රශ්නයනම් අනිවාර්‍යෙන්ම අසන්න වෙයි මේ පොදු අපේක්ෂකයගෙන් ජනවාරි 9 දාට.

    ReplyDelete
  5. මගේ අදහස නං නරින් ගෙන් අං බලාපොරොත්තු වීම අනුවණ කමක් බවයි...

    ReplyDelete
    Replies
    1. එහෙම බලාපොරොත්තු වෙන අයත් ඉන්නව දැන දැනම

      Delete
  6. මචං පකිස්........................


    සුභම සුභ නව වසරක් වේවා........................

    කුගැගීප

    ReplyDelete
  7. ඈත්තට නිදාගෙන ඉන්න උන් අවදි කිරීම කොච්චර ලේසි උනත් හොරට බුදියාගෙන ඉන්න උන් අවදි කරන්න බෑ නේ.
    2005අපිම කඩේ ගිය මේ ආන්ඩුව ලකාව කුඩු කාරයන්ගේ හොරුන්ගේ සෙල්ලම් පිට්ටනියක් බවට අවාසනාවාන්ත විදියට පත්කරලා තියන බව පෑහෑදිලීයි.මේවායින් විනාශවෙන්නේ ඔබේ අපේ දරුවන් මිසක් මහින්දාලාගේ ළමයි නෙවෙයි.
    අනාගත් පර්පුර මේ පිලිකාවෙන් ගලවගන්න අණිවාර්යෙන්ම වෙනසක් කලයුතුමයි.
    ඵජාපයෙන් ජවිපෙන් නොවන ශ්‍රීලනිපයේම මනුස්සයෙක් ඵකට ඉදිරිපත්වෙලා ඉන්න ඵක ගෑන සතුටුයි.(ජිවිත තර්ජන තියාගෙන,ඊට අමතරව ඔහුගේ සහයට සිටින සෝලගාරච්චි වගේ තරුනයන් පවා ආණ්ඩුවේ මරණ තර්ජන මෑද සටන් කරන්නේ )
    වෙලාවක් තියනවානම් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලන්න.
    චම්පික මහත්තයාගේ ජෙනරාල් තුමාගේ උත්තර යූ ටියුබ් ඵකේ තියනවා.අහන්න.
    ඔවා හොරට නිදාගෙන ඉන්න උන්ට ප්‍රශ්න උනාට මහජනතාවට ප්‍රශ්න නෙවෙයි.
    රෙජීමයේ වියරුව දෙපිටකාට්ටුකම තමා ලොකුම ප්‍රශ්නය.
    වතුර වෙනුවට වෙඩි තියන වියරුව තම කෙනෙක්ට ප්‍රශ්නයක් නොවේ නම් ඵක තමා ප්‍රශ්නය.

    ප්‍රබාකරන්ගෙන් පස්සෙ කොටි නායකයා උන අවුරුදු 30ක් අපේ රටේ මිනිසුන් මරන්න උන්ඩයේ සිට කාලතුවක්කුව දක්වා සෑපයු KP වත්මන් ආණ්ඩුව යටතේ සුඛිත මුදිතව ඉන්න ඵක........
    කරුනා වගේම රාම් නගුලන් ඉතුරු උන හෑම කොටියම ආන්ඩුවේ රෙද්ද අස්සේ ඉන්න ඵක.......මේවා ප්‍රශ්න නෙවෙයිද?

    රටේ ඉන්න ලොකුම කුඩුකාරයෝඅ ආණ්ඩුවේ ඈමතිලා මන්ත්‍රීලා උන ඵක ප්‍රශ්නයක් නෙවෙයිද?

    මොකද්ද මේ විහිලුව?

    ඈත්තම කතාව විපක්ශෙට ඵන්න කොටි තියා පූස් පෑටියෙක් වත් නෑ, මොකද හෑම කොටියම ආණ්ඩුවේ .

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල මහත්තය මනුස්සයෙක් විදිහට ගත්තොත් හොඳ චරිතයක් නමුත් එයා වටේ ඉන්න අය විශ්වාස කරන්න බැරි දූෂිතයන් පිරිසක් වගේම ටී එන් ඒ පැහැදිලිව කොටින්ගේ මතය ගෙනයනවා. අනෙක් අතට මහින්ද මහත්තයාත් මනුස්සයෙක් විදිහට වගේම නායකයෙක් විදිහටත් හොඳයි නමුත් එයා වටේත් අන්ත දූෂිත දේශපාලකයන් පිරිසක් හා කේ පී වගේ අය ඉන්නවා. නමුත් මහින්ද මහත්තයා බය නෑ, බෙදුම්වාදය ඉස්සරහ නැමෙන්නේ නෑ කේපීලාට කරුනලාට බටහිර රටවල තානාපතිලට මහින්ද කියන හැටියට ඉන්න වෙනවා මිසක් මහින්ද ඒ අයට ඕන හැටියට ඉන්නේ නෑ. නමුත් මෛත්‍රීපාල මහත්තයා එහෙම නෑ. එයා රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා වගේම බටහිර රටවල තානාපතිල ටී එන් ඒ කට්ටිය ඇතුලු සියල්ලගේ රූකඩය බවට පත්වෙලා ඉවරයි. එයාට බේ අන්න ඒ පිරිස පාලනය කරන්න. අන්න එතනයි ඇත්තටම වෙනස තියෙන්නේ

      Delete