1)අපේ අය යහ පාලනයට චන්දේ දෙද්දී උතුරේත් නැගෙනහිරත්
දෙමළ මුස්ලිම් චන්දදායක බහුතරයක් ස්වයංපාලන සිහිනය සැබෑ කරගැනීමට
මෛත්‍රීපාල මහත්තයට චන්දේ දුන්න කාරනාව ඇත්ත වගේ නේද?
2)චීනය හා රුසියාව සමග සමීපව කටයුතු කිරීමත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් තම හිතවත් ගෝලබාලයන් වූ TNA එකට ඒ තරම් හොඳින් නොසැලකීමත් ගැන හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ගැන උදහස් ව සිටි බටහිර රටවල් දැන් යහපාලනය සමග එක්ව එතුමාට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් පලිගන්නට හෙමින් සීරුවේ උත්සහ කරන පාටකුත් පේනව නේද?
3)මින් පෙර උතුරට යැවීමට තහනම් කර තිබූ භාණ්ඩ ගනනාවක තහනම ඉවත් කිරීම, අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට සැලසුම් කිරීම, මාන්කුලම් පොලීසිය ඉවත් කිරීම රායප්පු ජෝසප්ලාගේ උතුරේ පෙලපාලි හා චාවාක්ච්චේරි පිපිරීම අඳුරු යුගයක් නැවත ඇති වීමේ නරක පෙරනිමිත්තක්ද?
4)යහපාලනය වෛරයෙන් තොර බවට තව දුරටත් සහතික විය හැකිද? මතුගම සිද්ධිය ජෝන් අමරතුංග උන්නැහේගේත් ගෝලබාලයන්ගේත් හැසිරීම යහපාලනයට එකඟද?
5)පෙට්‍රල් මිල මහා පරිමාණයෙන් අඩු වී ඩීසල් මිළ සුළුවෙන් පහත හෙලීම මෙරට සාමාන්‍ය ජනතාවට ඇති කරන්නේ කවර සහනයක්ද? බස් ගාස්තු හා බඩු මිල කෙරෙහි වැඩිපුර බලපාන්නේ ඩීසල් මිල බැවින් ඩීසල් මිල සුළුවෙන් පහත දමා පෙට්‍රල් මිල උපරිම ලෙස අඩු කිරීමෙන් රටේ බහුතරයකට සහනයක් ලැබෙනවාද?
6)කහ කුඩු උඳු පිටි කොත්තමල්ලි පාන් පිටි උම්බලකඩ මිල අඩු වී හාල් පරිප්පු වැනි ප්‍රධාන පෙලේ ආහාර වල මිල අඩු නොවීමේ තේරුම මොකක්ද?
7)පැවති රජයේ මහා පරිමාණ ලෙස වංචා කළ දුෂිත දේෂපාලකයින්ට දඬුවම් කිරීම ගැන සෑහීමකට පත්විය හැකිද? බැසිල් රාජපක්ෂ, සජින් වාස් වැන්නන පමණක් නොව රාජිත සේනාරත්න ඇමතිවරයාද පැවති රජයේ දූෂිත් වංචනික ක්‍රියා ගණනාවකට සම්බන්ධ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඔවුන් ගැන නිසි පියවර ගැනීම ප්‍රමාද ඇයි?
8)පසුගිය රජයේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ පුද්ගලයන් මෛත්‍රිපාල මහතාගේ යහපාලනයටත් දින 100 වැඩ පිළිවෙලටත් සහය දෙන්නේනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරනවාද? බැසිල් සජින් වැන්නන් ගැන සෙවීමට එතරම් උනන්දුවක් නොදක්වා විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ වයස හා වංචනික ලියකියවිලි ගැන හෙවීමට දක්වන උනන්දුව කුමන අරමුණක් වෙනුවෙන්ද? පසුගිය රජය සමයේ සිදු වූ රටට හානිකරම දේ කූඨ ලේඛන සැකසීමද? සමස්ථයක් ලෙස රටේ දූෂණ වංචා සියල්ල සිදු වීතිබෙන්නේ 2005 සිට රාජපක්ෂ පාලන සමයේ පමණද? ඉන් පෙර වැරදි සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද?
9)වෙලේ සුදාට මොකක් වෙයිද? දුමින්ද සිල්වා මර්වින් සිල්වා යන හිටපු ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?
10)අපේ රටේ මින් පෙර පැවති රජයන් හා බලයේ සිටි පක්ෂද වංචාකාරී දූෂිත බැවින් සෑම කල්හිම ආණ්ඩු කළ දේශපාලකයින් පිල් වලට බෙදී එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට දඬුවම් කරන්නට පොර කද්දී සුළු ජනකොටස් ස්වයංපාලන අරමුණු කරා හිමින් බඩගා යෑම රටේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් නොවන්නේද? මහා පරිමණ දූෂණ වංචා යුධ ගැටුම් පවතින වාතාවරනයක් තුල පහසුවෙන් කර හැකිව තිබියදී කෙටි කළකින් යුද්ධය අවසන් කරමින් යුද්ධයෙන් වවාගෙන කෑම නතර කළ මහින්ද හිටපු ජනපතිට දඬුවම් කිරීම ඊලාම් බෙදුම්වාදය හිස එසවීමේ ගැටළුවටත් වඩා වැදගත්ද?

මේ ප්‍රශ්න ඔක්කොම අස්සේ අපි අපි පිල්වලට බෙදිල පක්ෂ වල එල්ලිලා ආණ්ඩු පෙරලෙන දිහා බලලා ආතල් ගනිද්දී TNA කාරයයො ටිකයි හකීම් උන්නැහේගේ මුස්ලිම් කොන්ග්‍රස් එකයි ස්වයං පාලන පිස්සුව තද වෙලා රටේ කෑලි තමන්ගේ වරිගේ අයට ලියවගන්න එලිපිට ගේම් ගහන විදිහ දකිනකොටනම් කමින් කලර් නෝ ගුඩ් කියල හිටං තමයි අපිටනම් හිතෙන්නේ.