Pages

Monday, July 6, 2015

NGO කාරයා දුටු සිහිනය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවට බටහිර රටවල් වල මහා අනුකම්පාව හා ආදරය හිමි වෙලාය. අසල්වැසි ඉන්දියාවද ශ්‍රී ලංකාව ගැන පුදුම විදිහට පැහැදිලා.මොකද අප්පේ ඒ? ඇයි යහපාලනයනේ දැන් තියෙන්නේ මෛත්‍රිය පතුරුවන.

මෛත්‍රිය පිරි යහපාලනයේ නියමුවාට රනිල් වික්‍රමසිංහ නම් ජාතික වීරයා අගමැති කරවන පොරොන්දුව නොදුන්නානම් දිනන්නට බැරි වෙන්න තිබුනා නොවැ. එහෙනං, ඒකනේ ඒ වීරයව අගමැති කළේ හිටං.

ඔන්න ඉතිං බටහිර රටවලයි ඉන්දියාවෙයි ශ්‍රී ලංකාවට තියෙන ආදරේ වැඩි කමට දෙන වටිනා ගුරු හරු කම් මැද්දේ මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව සාර්ථක දින 100 පහු කරනකොට ජනතාව ආන්ඩුව විසුරුවන්න එපා කියමින් මෛත්‍රී රනිල් නායක දෙපල ලඟ දනින් වැටෙයි. වන් මෝ.... වන් මෝ..... කියමින් දින ගනන වැඩි කරගන්න ජනතාව බල කරයි. 


යහ පාලනය හෙනට නැගල ගිහිල්ලාය. ජනතාවට හෙන ආතල්ය. එහෙන් ජාතික විරු රන්ජා හිටපු දේශද්‍රෝහී මහ රජාගේ හොරකම් හිටු කිආ අල්ලනවාය. අල්ලාගත් හොර බඩු බැංකු ගිනුම් වල සල්ලි එහෙම රටටම කන්ඩ දෙන්න පුළුවන් සයිස් එකට ගොඩ ගහගතු ඒවලු. ජනතා ඇසිපිය නොහෙලා බලාහිටියි.

යහපාලනේට බාධාකරන විපක්ෂය ගැන තීන්දුවක් ගන්න වෙලාය. ඔන්න අපේ යහපාලන ලොක්කා කවදත් රටට උදවු උපකාර කරන ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුවත් කරලා එහෙම රනිල් ලොක්කගෙනුත් අහලා ආන්ඩුව විසිරුවා හැරලා. දැන් ජනතා ඉස්පාසුවක් නැතුව බලා ඉන්නව රනිල් ලොක්කව අගමැති කරන්න.


යහපාලනයේ දුෂ්ඨයා මහින්ද නම් හිටපු මහරජායි. මහරජා බංකොලොත්ය. මහරජාට ඇත්තේ පන්සල් යෑම පමණකි. ඔහුට කර කියාගත හැකි වෙනත් දෙයක් නැත. මහරජා වටේ සිංහ කොඩි අතින් ගත්තු ජාතිවාදියෝ ටික දෙනෙක් ඉන්නවාය. උන්ට මහින්ද අගමැති ඕනෑය. ජාතිවාදීනටනම් මෙදාපොටේ ඉඩක් නැත.

චන්ද සටන ඇරඹිලාය. රට පුරාම ඇත්තේ කොළ පාට කොඩි වැල් පමණකි. ජනතාව එක හඬින් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ ජාතික වීරයායි. රනිල්ගේ රැස්වීම් වලට යන්නට ඔහු කියන වටිනා වදන් වැකි අසන්නට ජනතාව රෑ නිදි මරමින් ලකලෑස්ති වෙති.

රනිල් වික්‍රමසිංහ වීරයා පැරකුම්බා නිරිඳුන් මෙන් මහත් තේජසින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවට අවතීර්ණ වේ. එසැනින් ජනතාව ඔල්වරසන් දෙනු ලැබේ. රනිල්ගේ කතාව අසාගන්නට ජනතාවට ඉස්පාසුවක් නැත. ජාතික වීරයා කතාව පටන් ගනියි. අත්පුඩි ජය ඝෝෂා එකයි.කොළ කොඩි වැනේ ඒ අතර තැනින් තැන මහා පරිමාණයෙන් දේදුණු වර්ණ කොඩිත් ලෙළදෙයි.

දුෂ්ඨ මහින්දගේ රැස්වීම වලට සෙනග නැත. මහින්ද වේදිකාවට නගින විටත් ජනතාව හූ කියයි. හොරා හොරා කියමින් මින්සුන් මහින්ද හිටපු මහ රජාට විරෝධය දක්වති. සිංහ කොඩි ගත් ජාතිවාදීන් පමණක් මහින්ද වටේ ඇත. ඒ ඉතා සුළු පිරිසකි. මහජනතාව ජාතිවාදයට විරුද්ධය.

මේ අතර සිංහල බෞද්ධ මහජනතාව ජාතිවාදය ගැනත් සිංහල ඉතිහාසය ගැනත් කලකිරී ඇත. ඔවුන් කොපමණ කලකිරී ඇත්දැයි කීවොත් මහා වංශය ගිනි තැබියයුතුයැයි කියති. බහුතර සිංහල බෞද්ධයන් ජාතිවාදය අත්හැර බහුවාර්ගික වීම සඳහා වික්‍රමබාහු කරුනාරත්න පඬිවරයාගේ සති අන්ත වැඩමුළු වලට සහභාගී වෙති. වැඩමුළුව අවසානයේ ජාතික කොඩියේ සිංහයාටත් මිනිස්සු බණිති.

රටේ මහජනතාව ඇමරිකාවේ සියළු ප්‍රාන්ත වල සමලිංගික විවාහයන් පිළිගැනීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පසුවෙති. ශ්‍රී ලංකාවේද එසේ වියයුතුයැයි බහුතරයක් කියති. සියළු දෙනා පවතින ජාතික කොඩිය වෙනස් කළයුතුයැයි කියති. ඒ එහි සිංහයෙකු සිටීම නිසා උතුරේ සහෝදර දෙමළ ජනයාගේ හිත රිදෙයි කියාය.

බහුතරයක් සිංහල බෞද්ධයන් දැන් මහින්දට බනින්නේ ප්‍රභාකරන් ඇතුළු කොටි විමුක්තිකාමීන් මරා අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ ද්‍රෝහිකම සිහි කරමිනි. ඒ දවස් වල චන්ද්‍රිකා කියපු විදිහට පැකෙජය දී ෆෙඩරල් විසඳුමක් දී තිබුණානම් අද වන විට ඊලම හදාගන්න අපේ සහෝදර මිස්ටර් ප්‍රභාකරන්ට ඉඩ නොදීම ගැන සින්හලයෝ කනස්සලු වෙති. ඒ වීසා පාස්පෝට් නැතුව දැන් වගේ උතුරට නොයා වීසා පාස්පෝට් පෙන්නා කොටි කොඩියට ගරු කර යාපනේ සංචාරය කිරීමේ අවස්ථාව අහිමි වන නිසාලු.

ඔන්න ඉතින් චන්ද පොරයත් පටන්ගෙන පක්ෂ ගනනාවක්ම වේදිකා උඩ තමන්ගේ කියුම් වනනවලු හතර වටේ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එක්සත් ජාතික පක්ෂයට තරම් ප්‍රසාධයක් වෙන කාටවත් නෑ. එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට මිනිස්සු කිරිඇල්ල මහත්තය ගාව දනින් වැටෙනවලු. ඒ තරමට හිටපු ජාතිවාදීන්ගේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා.

මහින්ද මහත්තය දිනවන්න කියලා චන්ද සටන ගෙනයන කිසිම කෙනෙකුට ජනතා ප්‍රසාදය නෑ. විමල්ට මිනිස්සු ගල් මුල් වලින් ගසති. ගම්මන්පිල හැංගිලාය මහින්දට හූ කියති. යන යන තැන මහින්ද චකබ්ලාස්ය. ජනතාව ප්‍රවුර්ති දැනගන්නේද රාජ්‍ය නොවන සංවිධාන මගිනි. ඒ ඔවුන් ජාතිවාදයට පක්ෂ නැති නිසා ඇත්ත කියන හින්දලු. සිරසත් ගජරාමෙට වැඩය. ඒ රනිල් දිනවන්නට ඒකපාක්ෂිකවය. එය ඇත්තෙන්ම සාධාරනයි කියා මහජනතාවත් හිතාගෙන ඉන්නේ රනිල් වගේ හොරකම් නොකරන ජාතිවාදී නැති කාන්තාවන්ට අතවර නොකරන කෙනෙක් ගැන ඇති පැහැදීම නිසාළු ඕං

ඔන්න ඉතින් අගෝස්තු 17 උදා වෙනවා. මිනිස්සු  දැඩි උද්‍යෝගයකිනුයි චන්දය දෙන්නේ.අහන අහන කෙනා යූඇන්පී. මාර ආතල්. ඔන්න රෑ වෙනකොට චන්ද ප්‍රතිඵල දෙන්න පටන් ගත්තා.පළමු තැපැල් චන්දයම එ.ජා.පය උඩින් දිනුම් ආයේ නෑ මහින්දගේ පිලට චන්ද 10යි.මුළු ලංකාවෙම ප්‍රතිඵලය එනකොට එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනල. යූ.ඇන්.පී ආසන 150යි දෙමළ සන්ධානය දෙවනියට ඉන්නේ ආසන30යි සිරිසේනගේ අත ලකුනට ආසන 20යි මහින්ද මහත්තයගේ පක්ෂෙට ආසන10යි ඉතිරිය මුස්ලිම් කොන්ග්‍රස් ජේ.වී.පී ආදී කුඩා පක්ෂ වලට.

ඔන්න ඉතින් රනිල් අගමැතිවරයාගේ යටතේ අළුත් යූ.ඇන්.පී ආණ්ඩුව පත් උනා. හකීම් මහත්තයත් ආණ්ඩුවට මුක්කුවක් ගහලා. රිෂාඩ් බදුර්ඩීන් උන්නැහෙත් එහෙමයි. අළුත් ආණ්ඩුවේ ප්‍රභලම ඇමතිකම් හම්බ වෙලාතියෙන්නේ මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන මහ්ත්වරුන්ටයි. ඊට අමතරව රන්ජන් රාමනායක රාජිත සේනාරත්න රෝසි සේනානායක යන අයත් ලොකු පුටු වල. සිරිසේන ජනාධිපති තුමා යහපාලන මොළය මෙහෙයවලා උප අගමැති තනතුරක් හදලා ඕං ඒක දෙනව චන්ද්‍රිකා නෝනට. ජාතික විධායක කමිටුව පත්කරලා ඒකේ ඔක්කොම් ඉන්නේ විදේශ තානාපතිවරු නම්කරන පුද්ගලයන්. 

අළුත් ආන්ඩුව ගැන ලෝකයම පැහැදිලාය. ලොව හතර දෙසින් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ එ.ජා.ප ආන්ඩුවට සුබපැතුම් ගලා එයි. විරමසිංහයන් මංගලද කැටුව බටහිර රටවල් ගනනාවකම සංචාරය කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවද වික්‍රමසිංහයන් සාදරයෙන් පිළිගනියි. ගුරුහරුකම් ලබා දෙයි. ජාත්‍යන්තර විචාරකයන් ජනමාධ්‍ය මේ අළුත් ප්‍රවණතාවය ගැන දැඩි උද්දාමයකින් කතා කරති. වික්‍රමසිංහයන් ඉන්දියාවේද සංචාරයක් කරයි. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා බැහැදකී. වටිනා ගුරුහරුකම් ලබාගනී. රුසියාව හා චීනය සමග තිබෙන සම්බන්ධතා ඇනහිටී. බටහිර රටවල් සතුටින් පිනා යයි.

දැන් සිරිසේන ජනාධිපතිත් රනිල්ට යටය. බටහිරට පොරොන්දු වූ පරිදි සිරිසේන විධායක බලතල අත්හැර රනිල් වික්‍රමසිංහයන්ට පවරා ඇත. මහින්දට යන එන මං නැත. වැඩ බලන අගමැති චන්ද්‍රිකාය. ජාතික විධායක සභාවට සිංහලයන් එකෙක්වත් නැත.

මහින්දයි සන්ධාන ආන්ඩුවයි හොරාකාපුවා වංචා කරපුවා සොයන්නට බාරදී තිබෙන්නේ අතිගරු රන්ජාටයි. ඔහු හම්බන්තොටින් ගෙයක් අරන් එහි පදිංචි වී රාජපක්ෂ පවුලේ තොරතුරු හොයයි. ඔහුට දිනපතා රත්තරන් හමුවේ. රාජපක්ෂලා හංගපු සල්ලි මැදමුලන ගස් යටිනුත් හමු වෙයි. මේ පුවත් අසා ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් මහින්දට දඬුවම් කිරීමට බල කරයි. ලැම්බෝගිනි අශ්වයෝ හෙලිකොප්ටර් බෙලිඅත්තෙන් මතුවෙයි. රන්ජා දැන්නම් චිත්‍රපටියක මෙන් වීරයා වී ඇත.

මංගල සම්මරවීර ඇමතිගේ ආරාධනයෙන් ලොවපුරා සිටින කොටි ඩයස්පෝරා සාමාජිකයින් කොළඹ පැමිණ සිංහලයන් සමග අත්වැල් බැඳගනිමින් ඩයස්පෝරා සැනකෙලිය පවත්වති. සියළු දෙනා මහින්ද යුධ අධිකරණයට යැවිය යුතු බව කියති. ඉක්මනින්ම පාර්ලිමෙන්තුව කැඳවා උතුරට දේශපාලන විසඳුම ලබා දීම කඩිනම් කෙරේ. 13වන සංශෝධනයෙන් එහා ගොස් පොලිස් ඉඩම් සියළුම බලතල සහිත ෆෙඩරල් විසඳුම වැඩි චන්දයෙන් සම්මත වේ. දැන් දෙමළ සන්ධානය උතුරේ පාලනය ගෙනයයි.

ලංකාව තුල සමලිංගිකත්වයට ඇති තහනම ඉවත් කිරීමට සියළු කටයුතු සූදානම් කෙරේ. බටහිර රටවල් වලින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව වික්‍රමසිංහයන් කියයි. නොබෝ දිනකින්ම සමලිංගික තහනම ඉවත් වේ. සමලිංගික විවාහයන්ද ශ්‍රී ලංකාව තුල පිළිගෙන ඇත. දැන් සමලිංගිකයන් සිත් සේ පවුල් කති. දරුවන් දරුකමට හදාගනිමින් තවත් සමලිංගික පරපුරක් හදති. දැන් නීති ඉතා තදය. සියළුම නීති ක්‍රියාත්මක වන්නේ සමලිංගිකයන් හා සුළුජන කොටස් වල්ල අයිතීන් වෙනුවෙනි. සිංහල ජාතිවාදීන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවයි. අධිකරණ විනිසුරුවරුන්ද සමලිංගිකයන් හා සිංහල නොවන අය වෙති.

සිංහලයන් ජාතිවාදය අතහරිමින් සිංහල ඉතිහාසය වලදමා නැවත වරක් එංගලන්තයට රට පවරා දෙන ලෙස වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලති. උතුරේ ඊලම පිහිටුවිය යුතුයැයි සිංහලයෝම කියති. වික්‍රමසිංහයන් බටහිර සංචාරයක් ගොස් උපදෙස් රැගෙන උතුරට සම්පූර්ණ ස්වයංපාලනය සමග ඊලම ලබා දේ. ඊලම පිහිටුවීමේ නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වන්නේ රනිල් සහ චන්ද්‍රිකා ඇතුළු බටහිර හා ඉන්දීය නායකයන්ය. ඊලාම් කොඩිය උතුරේ දැන් ලෙළදෙයි. හමුදාව මුළුමනින් ඉවත් කර ඇත.

රනිල් වික්‍රමසිංහයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා නාමමාත්‍රික විධායකයා වන සිරිසේන ජනපති එක්ව ශ්‍රී ලංකාව නැවතත් බ්‍රිතාන්‍යට භාර දෙති. දැන් රටේ ජාතික කොඩියේ සිංහයාද නැත. කොඩිය එංගලන්ත කොඩියයි. සියල්ල සිදුවන්නේ එංගලන්තයට අවශ්‍ය පරිද්දෙනි. දැන් තරුණ තරුණියන්ට ටයි කෝට් අඳින උසස් රැකියා ලැබී ඇත. ඉන්ටර්නෙට් වයිෆයි ගැන මොන කතාද? සියල්ල නොමිලේ අධිවේගයෙනි. දැන් වැවයි දාගැබයි ගමයි පංසලයි කතා නැත. තරුණ පිරිස කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. හාමුදුරුවරු කියන කිසිවක් කිසිවෙකුත් තුට්ටුවට ගනන් නොගනිති. වැඩිදෙනා දැන් බටහිර මෙන් නිරාගමිකය.


ඊලාම් රාජ්‍යයේ හා බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් ඉන්දියාවේත් උපදෙස් මත කොටි විමුක්තිකාමීන් මරා දැමූ මිනීමරු හමුදාව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන්වා දඬුවම් කිරීමටද දැන් සියල්ල සූදානම්ය. මුල් පියවර යටතේ හමුදා නිලධාරීන් විෂාල පිරිසක් මරා දැමේ. ගෝඨාද යුධ අධිකරණයෙන් මරණ දඬුවම ලබා විදුලි පුටුවට යයි. බ්‍රිතාන්‍යට බාරදුන් ලංකාවේ ජාතිවාදී නොවන දැහැමි වැසියන් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙති. දැන් මහින්දගේ වාරයයි.ජාත්‍යන්තර අධිකරණය මරණ දඬුවම ප්‍රකාශයට පත් කරයි. දැන් මහින්ද විදුලි පුටුවේ ගැටගසා ඇත. දඬුවම ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවා පැමිණ විදුලි බොත්තම තදකරන්න සැරසෙයි..............

දඩ බඩාස්... දොහ්... අපේ  NGO සාමාජිකයා නින්දෙන් ඇහැරුනේ ඇඳ පල්ලේ වැටෙන විටය. ඒ වෙනකල් හීනය දැක්කේ හෙන ආතල් එකේය ආතල් එක වැඩිකමටදෝ ඇඳෙන් වැටෙනතෙක් ගානක් ගියේ නෑ. නින්දෙන් ඇහැරුනු NGO ක්‍රියාකාරී මානව හිතවාදියා දුක පහ කරගැනීමට දිගු සුසුමක් හෙලා මුහුණකට හෝදාගෙන ඇඳ පැලඳ තම ආයතනයේ රාජකාරියකට අනුව තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකුට එරෙහි මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධ සාක්ෂි සෙවීමට පිටත්ව ගියේය........

24 comments:

  1. මාර ලස්සනට ලියල තියෙනව පකිස්. NGO කාරයන්ගේ මානසිකත්වය මේකමයි

    ReplyDelete
    Replies
    1. NGO කාරයො අනියම් ආකාරයකට යටත් විජිතවාදය ක්‍රියාත්මක කරන බලවේගයක්

      Delete
  2. යකා කියන තරම් කලු නැහැ පකිසෝ...................

    ReplyDelete
    Replies
    1. උඹල වගේ එවුන් යකාගේ පාට අඳුරගන්නකොට රටට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. හැබැයි වාසනාවට යකාට නැගිටින්න චාන්ස් එක අඩුයි.

      Delete
  3. එන පාටනම් හොඳ නෑ තමයි. හැබැයි එකක දෙයක්නම් විශ්වාසයි ඔය රාජ්‍ය නොවන සංවිධාන ජාලයට හිතන තරම් දෙයක් කරන්න බෑ. නමුත් උන් එසත් ජාතික පක්ෂය වටේ මේ වෙලාවේ සෙට් වෙලා ඉන්නේ. අන්න ඒක භයානකයි. ඔය මොන වෙස් මූනක් හැංගි හැංගි බැඳගත්තත් නටන්න වෙන්නේ එළියේ. මෙදා පාර රාජ්‍ය නොවන තක්කඩින්ටයි එක්සත් අවජාතක පක්ෂයටයි ඇපත් නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. එක්සත් ජාතික පක්ෂයේ රනිල් උන්නැහේ හොර චන්ද දාල හරි දිනන තමයි හිතන් ඉන්නේ. හැබැයි ඒවට මෙදා ඉඩ නෑ.

      Delete
    2. එක්සත් ජාතික පක්ෂය මේ පාර කොහොම හරි දිනනවා. ජාතිවාදය මාකට් කරන්න බෑ දැන්?

      Delete
  4. මේ ජරා යක්කු මොන හීන දැක්කත් කවදාවත් හීන හැබෑ වෙන්නේ නෑ නෑමයි. හීන හැබෑ කරගන්න අපි ඉඩ තියන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. විජාතික කුමන්ත්‍රණකරුවන්ට ජයගන්න ඉඩක් නොතැබිය යුතුමයි.

      Delete
  5. රනිල් මංගල අකිල සාගල පොන්සි ගැන්සිය ගල් කෝස් කාරයො පුක් කෝස් කාරයොන්ට පොන්සියොන්ට ආප්ප නෝනලට එහෙම සමලිංගික විවාහ අනුමත කරල දෙන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවලු.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි. උන්ගේ ඔය යටි ප්ලෑන් එක කවදාවත් එළිපිට කියන්නේ නෑ. හැබැයි මේව දවල් හීන විතරයි.

      Delete
  6. සුපිරියි, පකිස් සුපිරියි!!
    හුඟක් එන් ජි ඕ ගැත්තෝ ජීවත්වෙන්නේ ඔය මානසිකත්වයේම තමයි.මහින්ද හොරා හොරා කියලා කුලියට කෑ ගහන්න ගත්තෙත් මුන්ම තමයි.දැන් ආයෙත් මහින්ද එනවා කිව්වම කාලා ඉන්න බැරිකමට පජාත පෝස්ට් හද හද ආයෙත් හොරා කියන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා..මොළේ ඇති උන් ඇත්ත තේරුම් අරන් ඉන්නවා..1600ට වල්ලා පට්ට දීම කරන උන් තාම කරනවා..

    ReplyDelete
    Replies
    1. උන්ගේ පජාත පෝස්ට් වලින් වෙන්නේ උන්ගෙම රෙදි ගැලවෙන එක. උන්ට ඒක තේරුම්ගන්න බැරි තරමට කුරුවල් වෙච්ච මොළ ටිකක් තියෙන එක එක්තරා විදිහක අපේ වාසනාවක්.

      Delete
  7. නියමයි පකිස් සහෝදරයා. ඉතිහාසයේම නොවූ විරූ සටනක් දැන් උදා වෙලා ජාතික් හා විජාතික බලවේග අතර. එන් ජී ඕ නරි රැලට ජාතික බලවේග පරද්දන්න බෑ සිංහල බහුතරයක් ඔළුව පාවිච්චි කරල වැඩ කළොත්.

    ReplyDelete
  8. කුරුණෑගල පැත්තේ මේ වෙනකොටත් එන් ජී ඕ කාරයෝ බැහැල වැඩ. මහින්දට මඩ ගහන්න ගෙවල් ගානෙත් යනව. මෙවයින් වෙන්නෙ මහින්දගෙ ජනප්‍රියකම තව වැඩි වෙන එක.

    ReplyDelete
    Replies
    1. NGO නරි රැල මහින්දට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනියන්න ගෙව්ල් ගානේ එනවලු ආවොත් උන්ට හොඳ සබ්බුවක් දීල අමතක නොවෙන පාඩමක් උගන්නන්න දැන්ම ලෑස්ති වෙන්න ඕනේ කුරුණෑගල දිනූ දේශය රැකගන්න අවංකව උවමනා කරන රටට දැයට හිතැති ජනතාව.

      Delete
  9. පිට රටවල් වලින් කෝටි ගනනක් සල්ලිත් උන්ට දීල තියෙනව මඩ ප්‍රචාර වලට. මෙදාපාර හැබැයි ඔය සක්කිලි සේරම හොඳ පාඩමක් ඉගෙනගන්නවා

    ReplyDelete
  10. //ලංකාව තුල සමලිංගිකත්වයට ඇති තහනම ඉවත් කිරීමට සියළු කටයුතු සූදානම් කෙරේ. නොබෝ දිනකින්ම සමලිංගික තහනම ඉවත් වේ. සමලිංගික විවාහයන්ද ශ්‍රී ලංකාව තුල පිළිගෙන ඇත. දැන් සමලිංගිකයන් සිත් සේ පවුල් කති. දරුවන් දරුකමට හදාගනිමින් තවත් සමලිංගික පරපුරක් හදති. දැන් නීති ඉතා තදය. සියළුම නීති ක්‍රියාත්මක වන්නේ සමලිංගිකයන් හා සුළුජන කොටස් වල්ල අයිතීන් වෙනුවෙනි. සිංහල ජාතිවාදීන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවයි. අධිකරණ විනිසුරුවරුන්ද සමලිංගිකයන් හා සිංහල නොවන අය වෙති.//


    සමලිංගිකයන් මනුෂයෝය අයිතිවාසිකම් ලබා දීම කල යුතුය. මහින්ද වේවා මෛත්‍රී වේවා හෝ රනිල් වේවා එයට කම් නැත.
    මානව හිතවාදීන් නම් ඒ අයිතියත් පිලිගත යුතුමය

    ReplyDelete
    Replies
    1. හරියට හරි සමලිංගිකයො කියන්නෙත් මනුසයෝ තමයි මහින්ද හෝ මෛත්‍රී හෝ කවුරු උනත් සමලිංගිකයන්ට නිදහසේ ජීවත් වෙන්න ඔවුන්ගේ ලිංගික හැසිරීම් වල නිරත වෙන්න තියෙන අයිතිය තහවරු කරන්න ඕනේ. මේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී න්ට අනුව සමලිංගිකත්වය වැරදි උනාට නූතන ලෝකේ ඒක පිළිගන්නව විතරක් නෙවෙයි ඉදිරියට පවත්වගෙන යන්නත් සහයෝගය දෙනව.

      Delete
    2. @Dulan A
      \\සමලිංගිකයන් මනුෂයෝය අයිතිවාසිකම් ලබා දීම කල යුතුය. මහින්ද වේවා මෛත්‍රී වේවා හෝ රනිල් වේවා එයට කම් නැත.මානව හිතවාදීන් නම් ඒ අයිතියත් පිලිගත යුතුමය\\

      සමලිංගිකයන්ට අයිතිය දෙන්න ඔයා කතා කරන්නේ සහෝදරයා ඔයා ඔය බටහිර රටවල් වල වෙන දේවල් බලාගෙන. ඒව අපට වලංඋ නෑ. ලෙකේ ඉදිරියට යන්නේ වෙනස් වෙන්නේ බටහිර රටවල් වලට ඕන විදිහට නෙවෙයි. බටහිර රටවල් ගිය පාරෙම් අපිත් යන්න ඕන කියන මතේ ඉන්නේ හිතන්න මොළයක් තිබ්බත් මොළේ අක්‍රිය අඩපන මිනිස්සු. මේ රටේ එහෙම අය ටිකදෙනෙක් හිටියට ඒ අය කියන විදිහට අනෙක් සේරම තමන්ගේ මොළේ අඩපන කරගන්නේ නෑ. බටහිර රටවල් කාපු වැඩකට නැති බංකොලොත් මත අපි කරේ දාගන්න ඕනනෑ කොහොමත්. සමලිංගිකයන්ගේ අයිතිය දෙන එක ගැන නෙවෙයි කතා කරන්න ඕනේ කෙනෙක් සමලිංගිකයෙක් වෙන්න ඉස්සර වෙලා ඒ ප්‍රවනතාවය නැති කරන එක ගැන.

      Delete
    3. සමලිංගිකත්වයට දක්වන අනුග්‍රහයෙන් නූතන ලෝකය ගැන අදහසක් ඇති කරගන්න විදිහ ගැන වනිතා ඇන්ටිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
  11. මේ සිංහල ජාතිවාදීන්ට පුදුම NGOභීතිකාවක්නේ තියෙන්නේ. ඇයිNGOවලින් මේ රටේ ජනතාවට සේවයක් වෙන්නෙම නැද්ද?NGO වලට ඔච්ච්‍ර බය ඇයි? ඔයාලගේ සිංහල බෞද්ධ කියල කියාගන්න ජාතිවාදී බඩකඩුත්තුවට සහය නොදන නිසා නේද?

    ReplyDelete
    Replies
    1. එන්ජීඕ කාරයන්ගේ හැටි අපි දන්නව වනිතා ඇන්ටි. හැබැයි ඔයාට එකක් මතක්කරන්නම් සිංහල ජාතිවාදය කියල එකක් මේ රටේ නෑ. තියෙන්නේ තමන්ගේ රටට තමන්ගේ අයිතිය හරියට කියාගන්න බැරි නිවට කම. අනික සිංහලයන්ට එන්ජීඕ සක්කිලින්ගේ සහය ඕන නෑ. තව එකක් මතක තියා ගන්න එන්ජීඕ කාරයන්ට ඕන විදිහට රට ගැන තීරන ගන්න පුළුවන් වෙයි කියල හිතන්න එපා. වනිතා ඇන්ටිට එන්ජීඕ කාරයන්ට බනිනකොට ඌරු ජුවල් යන්නේ ඇයි කියලත් අපි දන්නව හොඳේ. ඔයාට එන්ජීඕ සල්ලි හම්බවෙනවනේ කාන්තා විමුක්තිය අපේ රටේ එවුන්ට ගිල්ලවන්න නේද?

      Delete