Wednesday, February 3, 2016
එන්සිනාට නිවන් සුව අත්වේවා...!
පහුගිය දවසක ශ්‍රී ලාංකික රූපවානී ප්‍රේක්ෂකයාගේ හද කම්පා කරමින් අප අතරින් වෙන් වූයේ කෝපිකඩේ අබිලිංගේ චරිතයට පන පෙවූ චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවායි. ඒ සිද්ධියේ උනුසුම මැකී යන්නටත් පෙර කෝපි කඩේ එන්සිනාගේ චරිතයට පන දුන් සුසිලා කූරගම කලාකාරිනියද අප අතරින් වෙන් වූවාය. කෝපි කඩේ එන්සිනා යැයි කියූ විට ඒ කවුදැයි නොහඳුනන කෙනෙක් නැත. මහා ලොකු සම්මාන ලාභී නිලියක් නොවුවත් ඇය අපේ රටේ අප අතර ජීවත් වන චරිතයක් නිරූපනය කරමින් කෝපි කඩේ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ හදවත් දිනගෙන සිටියේ සැබවින් සම්මානයකටත් වඩා ජනාදරයක් දිනා ගනිමිනි. මොකක් උනත් දැන් එන්සිනානම් නැවත අප අතරට කෝපි කඩෙන් තියා එදිනෙදා ජීවිතයේවත් නෝයි. ඒ ඇය අප අතරින් සදහට සමුගෙන ඇති නිසා. ඇයට නිවන් සුව අත් වේවා.
Labels:
තොරතුරු,
ශ්‍රී ලංකාව,
සමාජය
Subscribe to:
Post Comments (Atom)
අහනකොටත් පට්ට දුකක් ඇති වුනේ.. දැන් කෝපි කඩෙත් ඉස්සර වගේ හරි නෑ.. ඉස්සර මං පට්ට ආසාවෙන් ඒ නාට්‍ය බැලුවේ..
ReplyDeleteඑන්සිනාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
කෝපිකඩේ ඉස්සර තිබුන රසය ඒ කාලේ නළු නිලියන්ගේ අභාවයත් එක්ක අඩුවේගෙන යනව. කෝපිකඩේ රසිකයෙක් හැටියට මටත් කනගාටුයි ඒ ගැන.
Deleteඇයට නිවන් සුව අත්වේවා
ReplyDeleteදැන් කෝපි කඩේ ගතියක් නෑ තමා. හැබැයි දන් ඔය කියන කෝපි කඩ ඇත්තටම ගම්වල නැති නිසාද මන්ද.
ReplyDeleteකෝපි කඩේ කියන ගූ ගොඩටත් නිවන් සුව අත්වේවා
ReplyDeleteme comment eka dapu eka apekama andunanne nathi NGO kanahilek wenna one
Deleteකෝපි කඩේ කියන්නේ අදට ගැලපෙන්නේ නැති අපේ සමාජයේ කොහෙවත් නැති විකාර ගමක් ගැන කියන අභව්‍ය ගූ නාට්ටි කෑල්ලක්. මේකේ රඟපානවා කියා පෙනීහිටින උදවිය තම බඩ වියත රැකගන්න කරන ගොන්පාට් රඟපෑම් නෙවෙයි.
Deleteමැරුණ අයට කරන අපාහාසයක් නෙවෙයි. කවුරුත් මැරෙනවා. මමත් මැරෙනවා. නමුත් ඇත්ත කියන්න ඕනේ
අද ඒ වගෙ කෝපි කඩ අඩුයි. නෑම කියන්න බෑ. නමුත් එහෙම නිර්මානයක් කලා කියල ඒකට අපහාස කරන ඔබතුමාට පිස්සුද මන්ද .ඔවුන්ගෙ රගපෑම් වල වරදක් නෑ. බඩවියත රැකගන්න වෙර දරන්නෙ නැත්තෙ කවුද. මොකක්ද කෝපිකඩේ එක්ක තියන ඇරියස් එක
Deleteඅැයට නිවන් සුව පතමු............. කෝපි කඩේට අපල කාලයක්....
ReplyDelete