Pages

Friday, June 17, 2016

සාලා පද පේලි


දඩබඩ චට පට හතර වටේටම සාලාවේ වෙඩි        පත්තු උනා
හිටි අඩියෙම උන මේ වින්නැහියට සාලාවම ගිනි   පත්තු උනා
අවි ගබඩාවක් සාලාවේ ඇති බව කාටත්               සිහියට ආවා
යුධ පිටියේ පය නොගහපු අයටත් මොහොතින් යුධ අසිරිය දැනුනා

උනේ මොකද්දැයි තේරුම් බේරුම් නැතිව රටම       තබ්බීරි උනා
සුපුරුදු විදිහට මාජ්ජ කපුටෝ සාලාවම වට             කොර ගත්තා
විපත්තියේ අල මුල වැල ගිය තැන් හාර          අවුස්සන්නට ගත්තා
හානිය ගැන මිස හේතුව ගැන නම් හොයන්න කාටත්   බැරිම උනා

පත්තර බලන්න බැරුවද කොහෙදෝ ලොක්කත් නෑ දැන්   කතා හිටං
පත්තර මල්ලිට රජවාසල පැත්තට යන්නට බැරි              වෙලා හිටං
කට ඇරියොත් පච වෙන එක නියතයි ලොක්කා කට වහ  ගත්ත හිටං
ලොක්කගෙ දෙවනිය ඉස්සරහට පැන වැඩේට කට       දැම්මාය හිටං

හරි හරි දැන් හරි ඔක්කොම දැන් හරි පරිස්සනේ              අපි පවත්තනෝ
පවත්තලා අපි මේ ගැන තොරතුරු මාජ්ජෙට දෙන්න          පොරොන්දු වෙනෝ
මගේ පොලීසිය මට විස්සාසයි හමුදා බුද්ධිය                       අපට එපෝ

ලොක්කගෙ දෙවනිය කොටිඒජන්තයො වෙනුවෙන් දැන්      උත්තර බැන්දෝ

කවුරුත් මේ ගැන අහන්නෙපා දැන් තාම පචේ අපි       ගොතල නැතෝ
කැමරනයයි මොඩියයි ගෙනුත් අහගෙනම බොරුව දැන්  අපි ගොතනෝ
පච ටික ගොතාන අහවර වෙනකල් මාජ්ජ           පොඩ්ඩක් ඉවසන්නෝ
අපේ කතාවට විරුද්ධ සේරම ජාතිවාදියොයි                  
   අපි කියනෝ

පයිප්ප බාසත් මොකක් හරි දෙයක් කියන්න දැන්       මැද්දට පැන්නේ
හමුදා පුහුනුව රුයිතෙට ගියාලු ඒකලු හේතුව                    ඌ දන්නේ
ලෝකෙම අපිලගෙ ආයුධ ශක්තිය දැක්කලු බොල     දැන් සතුටුයි නේ
මෙහෙම කිවුව අපෙ ඩිජිටල් ඇමතිය පුල් රැස්පොට්   එක පෙන්නන්නේ

සම්බන්ධන් කැමරන් මොඩිය සේරම දැන් සතුට    බේදා ගත්තේ
ජහපාලුවො ටික නියමෙට කරනව උන්ටම උන්ම    කියා ගත්තේ
ප්‍රභාගෙ අවතාරෙත් ආවළු බොල කිරිබත් කන්නට     මේ අස්සේ
ජහපාලනේට මගේ සුබ පැතුම් කියාන ඌ           යන්නටයි ගියේ

12 comments:

  1. Replies
    1. තව ඉස්සරහට රටට මොනව වෙන්න තියෙනවද මන්දා

      Delete
  2. ලස්සන හීනයක් දැකලා..

    සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. හීන දකින්නේ අපි නෙවෙයි බොසා උඹලම තමයි. අපිනම් සිරා චන්දෙ ඉල්ලපු කාලේ ඌ දිනුවොත් වෙන්නේ මොකද්ද කියල හිතපු එකක්වත් දැන් වැරදිලා නෑ. හැබැයි උඹල හිතාගෙන හිටපු දේවල්නම් එකක්වත් උනේ නෑ කියල ශුවර්. උඹල දැකපු හීනනම් හීනම තමයි.

      Delete
  3. මේ වහ පාලනේ මහින්ද එක්ක තියෙන වෛරය පිරිමහන්නේ රටම වනසලා

    ReplyDelete
    Replies
    1. ඒත් ඒකත් හොඳයි කියන එවුන් ඉන්නව. උනුත් මහින්ද විරෝධයෙන් පිස්සු වැටිච්ච උන්.

      Delete
  4. they have not still made guns which fire in only one direction.

    ReplyDelete
    Replies
    1. The gun user have the chance to choose the direction.

      Delete