Saturday, July 16, 2016
විරුවෙකු සිහිකරමු
හසලක ගාමිණි කියන්නේ කවුද කියලා මේ රටේ වැඩිම පිරිසකට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒත් තමන්ගේ පුද්ගලික වාසියක් වෙනුවෙන් රටම පාවදෙන කාලකන්නින්ටනම් හසලක ගාමිණි චරිතය වැඩක් නැති වෙයි. කුලියට ලියන යහපාළු බ්ලොග් කාරයන්ටත් හසලක ගාමිණිට වඩා දෙමළ ජාතිවාදීන් සතුටු කරන දේසපාලන තක්කඩි වැඩගත් කියලත් අමුතුවෙන්න් කියන්න ඕන නෑ. ඒත් මේරටේ ඉතිහාසය දන්න ජාතික වගකීම දන්න ජාතිකත්වයට ලැදි අති විශාල බහුතරයට හසලක ගාමිණි කියන්නේ විරුවෙක්. ඒ කොටි ත්රස්තයන්ගෙන් හමුදා කඳවුරක් බේරගත්තු ඔහු ඒ වෙනුවෙන්ම කොටි බුල්ඩෝසරය විනාශ කරමින් ජීවිතයත් අහිමි කරගත්තු නිසා. කොටින්ට අවි බලයෙන් ගන්න බැරි උන දේ උන්ගේ වර්තමාන නියෝජිත දෙමළ සන්ධාන වසලයන්ට හොර පාරෙන් බලය බෙදා දීම හරහා යහපාළු තක්කඩි රැල කටයුතු කරද්දී අපට රටට ආදරය කරන බඩගෝසතරවාදයෙන් තොර මිනිසුන් හැටියට ඒ සියළු උත්සහයන් ව්‍යර්ථ කිරීමේ වගකීමත් තියෙනවා කියල මතක් කරන්නත් කැමතියි. මේ කෙටි සටහන තබන්නේ පහුගිය 14 වෙනිදට රට වෙනුවෙන් හසලක ගාමිණි විරුවා දිවි පුදා වසර 25 සපිරීම නිමිති කොට ගෙනයි.
Labels:
ජාතිකත්වය,
තොරතුරු,
විජාතික බලය,
ශ්‍රී ලංකාව
Subscribe to:
Post Comments (Atom)
මේ මිනිස්සුන්ගෙ පරිත්‍යාගය ගැන රටේ බහුතරයකට හැගීමක් තියනවද කියන එක ප්‍රශ්ණයක්
ReplyDeleteයහපාලක මොන්ගල් මල මූසලයන්ට දැන් උවමනා වෙලා තියෙන්නේ සුළු ජනකොටස් වල චන්ද කුට්ටි පිටින් අරන් ඒ අය අතරෙ ඉන්න අන්ත බෙදුම්වාදී කල්ලි සතුටු කරන්න. එහෙම එකේ හසලක ගාමිනි විතරක් නෙවෙයි කොටි ත්‍රස්තවාදය විනාශ කරපු අපේ හමුදාවේ කිසි කෙනෙක් මුන්ට වැඩක් නෑ.
ReplyDeleteයුද්ධ කර මියයන්නේ වීරයන් නොවේ.....ඔවුන්ට අවශ්‍ය නම් "නිභීත" යන වචනය පාවිච්චි කළ හැක.
ReplyDeleteuba oya tika uthurata gihin kiyala ube oya nihina wachane satan karala maruna kotinta dapanko wenne mokada balanna. sanhidiyawa apata balagannath puluwan
Delete