Pages

Saturday, January 21, 2017

ජයවේවා ට්‍රම්ප්


මේ අවුරුද්දේ ජනවාරි 20 එක් පැත්තකින් ඇමරිකාවට වැදගත් වගේම අනෙක් පැත්තෙන් ලංකාවට වැදගත්. ඒ ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරදවා ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් කොන්සවේටිව් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ඇමරිකාවේ නව ජනපති ලෙස දිවුරුම් දීම එදිනට යෙදී තිබුන නිසා. හිලරිගේ පරාජය හා ට්‍රම්ප්ගේ ජයග්‍රහනය ඇමරිකාවට වැදගත් උනේ හිලරිගේ ජාත්‍යන්තරවාදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති වලට වඩා ට්‍රම්ප්ගේ ජාතිකත්වවාදී ප්‍රතිපත්ති ඒ රටේ ජනතා සුබසිද්ධියට හා ජාතික ආරක්ෂාවට තීරනාත්මක වූ නිසයි. මේ බව තේරුම්ගත් ඇමරිකාවේ බුද්ධිමත් සැවොම ඩොනල්ඩ් ට්‍රම්ප් වටා රොක් වෙමින් ඔහුව ජනපති පුටුවට ඔසවා තැබුවා.
                     මේ සිද්ධියත් එක්ක යන එන මං නැති වෙච්ච තවත් කට්ටියක් ඉන්නව. අපේ ලංකාවට මේක බලපාන්නෙත් අන්න ඒ හේතුව උඩ. කෙටියෙන් කියනවනම් ජාත්‍යන්තරවාදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති කරපින්නාගත් හිලරි ලවා අපේ රටට බලපෑම් කරවන ගමන් ඊලාම් ගමන යන්න සූදානමින් හිටපු දෙමළ ජාතිවාදී සැට් එකට යන එන මං නැති වෙලා බලාපොරොත්තු සුන් උනා. යුරෝපා සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායම වගේ හිලරිට පෑහෙන හැමෝම හිටියෙත් දෙමළ ජාතිවාදියාගේ පැත්තේ. අපරාදේ සිවාජිලිංගම් උන්නැහේ ගහපු පොල් ටික. අපේ හිටං හුටං වගේම රනිල් ගොයීය බලාපොරොත්තු උනෙත් හිලරි දිනයි කියලා. මේ ජෝඩුවගේ බලාපොරොත්තුත් සුන්. කොහොම උනත් අවසානයේ එකක්නම් පැහැදිලි උනා. ඒ තමයි රටේ ජාතිකත්වයට එරෙහි ජාතික හතුරු කණ්ඩායම් වල හැසිරීම අමතක වෙන තරමට දේසපාළුවන්ගේ බොරු ආටෝප කතා විශ්වාස කරන අපේ මෝඩ මහ ජනතාවට වඩා ලෝකෙ පුරා බොරුව රජ කරවන්න ගිය මාෆියා ජාත්‍යන්තර මාධ්‍ය ජාලයටම තදින් අතුල් පහරක් දීල ට්‍රම්ප් සමග ජාතිකත්වය ජයග්‍රහනය කරවපු බුද්ධිමත් ඇමරිකානුවන් අති විශිෂ්ඨයි කියන එක.

                       

2 comments:

  1. එහේ වගේම එංගලන්තේ උනෙත් ඒකම තමයි. ලංකාවේ නම් හිටිය රජ්ජුරුවොන්ටයි දැන් ඉන්න ජඩපාලන අවුන්ටයි ගල් යුගයේ ආගම ඔලුවේ තියන් ඉන්න මහජනතාවටයි මේ ටික තේරෙන්න තව අවුරුදු 2000ක් වත් යයි හිටං 👍🏽

    ReplyDelete
  2. හ්ම්ම් බලමු අපි ට්‍රම්ගෙ කැරැට්ටුවත්

    ReplyDelete