Pages

Saturday, July 22, 2017

බා බා බා කතා වස්තුව


බා බා බා...........

මම වගේ මොන්ටිසෝරි පොඩි එකෙකුට එදා ජනාධිපති කෙනෙක් බය උනා.

බා බා බා..........

අපේ මොන්ටිසෝරියෙන් තංගල්ලෙ ට්‍රිප් එකක් ගිහිල්ලා එක තැනක බුල්ටො 17ක් කාලා, තව තැනක බුල්ටො 11ක් කෑවා. මගෙ වැඩ දන්නෑ එකෙක්.

බා බා බා............

තව තැනකදි නැන්දල මාමල මට අඬගහ ගහ වන්ඩු ආප්ප දුන්නා. එක තැනක වන්ඩු 7 යි තව තැනක ලොසින්ජර 13 කාල බුල්ටො 187කුත් කාලා කුකුල් පාලනේ උන්ඩුකපුච්චය මට තියෙනව හරිය?

බා බා බා..............

මතක තියා ගන්නලා, මම ඉස්සෙල්ලාම බොම්බයි මොටයි කෑවේ 1986 විජේකුමාරතුංග මාමයි කොල්වින් මාමයි එක්ක පෙරහැර බලන්න ගිහිල්ලා.

බා බා බා.............

මාත් එක්ක කුකුල් පාලනේ කරන්න බොලා හිතුව මදි බා බා බා...........

7 comments:

  1. ගගාරිම්July 22, 2017 at 11:10 PM

    බා බා බා......
    මම තමයි ලංකාවේන් මුලින්ම සැටලයිට් එකක් යැව්වේ.ලංකාවෙන් මුලින්ම හඳට යන්නෙත් මම.

    පකිස්ට,රොකට් රෝහිත කියපු බා බා බා ..සැටලයිට් බයිලා ගැන අමතක ඇයි?
    බලන්න-
    https://www.youtube.com/watch?v=S3Nsva9MwD8

    ReplyDelete
    Replies
    1. රොකට් රෝහිත මේ චතුරය තරම් ආතල් එකක් දුන්නෙ නෑ බන්. චතුර තමයි මේ අංශෙන් අද වෙනකොට කප් එක ගහල ඉන්නෙ.

      Delete
    2. රොකට් රෝහිත ටිකක් හරි තමන් කරන කියන දේ ගැන දැනගෙන හිටියනේ. ඒත් මූ කරන්නේ කියන්නේ මොනවද කියල මූවත් දන්නේ නෑ.

      Delete