පකිස් පෙට්ටියට මේ වගේ දෙයක් ලියලා දාන්න හිතුනේ අපි නිතර යන එන බ්ලොග් එකක
පලවෙච්ච ලිපියක් කියෙවුවට පස්සේ ඕං. මේකට මුල් වෙලා තිබුණේ දිවයින පත්තරේ
පලවුන කතුවැකියකින් ප්‍රකාශ වුන දෙයක්. එය සැබවින්ම ආන්දෝලනාත්මක හා කතා
කළ යුතුම් මට්ටමේ සිද්ධියක් ලෙස හැඟී ගිය නිසා පකිස් පෙට්ටියටත් මේ ගැන
යමක් දැම්මොත් හොඳයි කියලා මටත් හිතුනා. ලිපියෙන් මගේ අදහස ඉදිරිපත් කිරීමට
පෙර අමාවක බ්ලොග් පේජ් එකේ පලවුන ලිපියෙන් උපුටාගත් කොටසක් ඉදිරිපත්
කරන්නම්. එවිට කාට කාටත් කාරනාව පැහැදිලි වෙයි කියලා හිතනවා. උපුටා ගැනීම
පහත දැක්වේ.
"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී
ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස
වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්‌ත්‍රී දූෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ
දණ්‌ඩනය දෙන්නේ ද නැත. ඒ නිසා ආයුධ බැලීමට යැමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ
දණ්‌ඩනය හිමිවිය යුතු බවට මතයක් සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. ඒ
නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්‌ක යැමට මග වියදම් හෝ යාන වාහන
පොලිසියට නැත්නම් ඒවා තම සාක්‌කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ
විශ්වාසය ය.
එහෙත් දේශපාලනය බලවත් වන තැන සහ පොලිස් නිල බලය මතුවන තැන පෙර කී "ආයුධ ටි්‍රප් එක" යැමට පොලිසියට ද බැරි වෙයි. තරුණ කොල්ලන් දෙදෙනකුට දස වධ දී වෙඩි තබා මැරවූ අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ව සිටි කාකි කෝට්‌කාරයාට ආයුධ පෙන්වීමට යැමට පොලිසියට බැරි විය. එසේම විදේශික කාන්තාවක් දූෂණය කළ කිහිපදෙනෙක්‌ම ආයුධ ටි්‍රප් එක 'මිස්‌වීමෙන්' දැනට 'ඇතුළේ' හෙවත් හිරගෙදර සිටිති. මුන්ට බත් ගිල්ලවීමට සිදුවී ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. කුඩුකාරයන් වැඩි දෙනකුට ද ආයුධ බැලීමට යැමට බැරි විය. මේ අය එක්‌කෝ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. නැත්නම් මාංචු පිටින් ගඟට පැන පිහිනීමේ මහා තරගයට සහභාගි කරවිය යුතු ය. ප්‍රාණඝාතය පව් තමයි. එහෙත් සමාජය හදන්නට නරක උන් දෙතුන් දෙනකු යම ලොවට යෑවිය යුතුම නම් කුමක් කරන්නද?"
http://bitternight.blogspot.com/2014/05/blog-post_22.html

\\"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත.\\
ඉහත වාක්‍ය ඛණ්ඩයෙන් පුවත්පත් කතුවරයා කියා ඇත්තේ කුඩු කාරයන්ට හා ස්ත්‍රී දූෂකයන් වැනි අයට මරන දඬුවම දියයුතු බවත් එය මුලු සමාජයම ඉල්ලා සිටින බව හා එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන නිසා එවැනි වැරදි වලට සැකපිට අතඩංගුවට පත්වන්නන් ආයුද පෙන්වීමට යැයි කියා ගෙනගොස් මරා දැමීම සාධාරන බවයි. දිවයින කතුවරයා කුඩු මුදලාලිලාට දෙන දඬුවම ගැන කතා නොකර කුඩුකාරයන් ගැන කතාකිරීම එක ප්‍රෙහෙලිකාවක්. ඇතැම් විට කුඩු කාරයන් යන්නෙන් සියලු දෙනා ඇඟෙවුවද දන්නෙත් නෑ. අනෙක ස්ත්‍රී දූෂකයන් ගැන කතා කරනකොටනම් ඔය දූෂණය මනින්නට යන ක්‍රමවේදය ගැන බරපතල ගැටළු තියෙනවා. ඒ වගේම බොරු චෝදනා එල්ල වීමේ අවධානම ත් ලිංගික කරුණු සම්බන්ධයෙන් කෙනෙකුට කෙනෙක් අවංක නොවීමත් කියන සිද්ධි එක්ක බලනකොට ස්ත්‍රී දූෂණ ඔප්පු කරන එක ලේසි පහසු කටයුත්තක් වෙයි කියලනම් කොහොමත් හිතන්නට බෑ.