Pages

Showing posts with label මාධ්‍ය මාෆියාව. Show all posts
Showing posts with label මාධ්‍ය මාෆියාව. Show all posts

Sunday, April 24, 2016

අධෝමුඛයක් කථා කරයි



පුක් පුක් පුක් පුක්............

එදා මම FCID එක ගැන දැනගත්තේ පත්තරෙන් හිටං.....
මගේ අගමැතියයි අර සිංගප්පූරු කාරයයි මහ බැංකුවට කෙලිය එක මම දන්නේ නෑ හිටං........
හැබැයි මම රාජපක්ෂගේ කාලේ දූෂණ වලටයි වංචාවටයි විතරක් විරුද්ධයි හිටං.....
සතොස හොරාකාපු එකා මුදල් ඇමතු උනාටත් කමක් නෑ හිටං....

පුක් පුක් පුක් පුක්...........

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කළා හිටං.............
සංහිඳියාව ඇතිකරන්න ජාතික ගීයත් දෙමලෙන් කියන්න අවසර දුන්න හිටං..........
උතුරේ ස්වයං පාලනේ ඉල්ලන දෙමළ ජනතාවයි අසරන දෙමළ සන්ධානෙයි පවු හිටං.............
අහින්සක කොටින්ට උදවූ කරපු අහින්සක සිවිල් වැසියො ඝාතනය කරයි කියල හමුදා සාමාජිකයො අතඩංගුවට ගත්ත එකත් හරි හිටං................
ඇරත් හමුදා බුද්ධි අංශ සාමාජිකයො අත්ඩංගුවට ගන්න එක මම දැනගෙන හිටියෙත් නෑ හිටං........

පුක් පුක් පුක් පුක්............

අපේ රටේ දෙමළ මිනිස්සු පවු හින්ද හිටං කොටි උන් වෙනුවෙන් සටන් කරපු එකත් සාධාරන හින්ද හිටං අහින්සක කොටි සුදු කොඩි දාගෙන එද්දි උන්ව මරපු අපේ හමුදාවට දඬුවම් දෙන්න සුද්දන්ට මෙහෙ එන්න කියනව හිටං.....
ජිනීව කොන්දේසි ක්‍රියාත්මක කරන්න සහය දෙනව හිටං.......
ජාත්‍යන්තර යුධ අධිකරන පිහිටවලා අපේ හමුදාවට දඬුවම් කරන්න ඉඩ දෙන්න ඕන හිටං.........
ජිනීව යෝජනා වලට එකඟ උනාට පස්සේ බටහිර රටවල් අපිත් එක්ක යාළුයි හිටං...
ඒක හින්ද දැන් ජිනීව කතාව නැවතිලා හිටං.................
හමුදාවේ ගෞරවෙත් රැක්කෙ එහෙමයි හිටං..........

පුක් පුක් පුක් පුක්.......

මම දන්නේ නැති උනාට මටත් හොරෙන් මගේ පිං අගමැති රටේ ආර්ථිකය දියුණු කරනව සිකුරුයි හිටං..............
අගමැතිය මටත් හොරෙන් ඉන්දියාව එක්ක එට්කා ගහල මටත් නොකියම රට දියුනු කරනව විශ්වාසයි හිටං...........
අපේ ජහපාලනෙන් තාම වැඩ පෙන්නන්න පටං ගත්තේ නෑ හිටං......
තාමත් පරන ආන්ඩුවෙන් හදපු ගොඩනැගිලි විවුර්ත කර කර ගියාට අපට වැඩ බැරුව නෙවෙයි හිටං............
අපිට වැඩ කරන්න බැරිවෙලා තියෙන්නේ මහින්දයා රට කාල ණය බර වැඩි කරපු නිසා මිස අපිට වැඩ බැරි නිසා නෙවෙයි හිටං.........

පුක් පුක් පුක් පුක්........

ඔය ඉඳල හිටල ගෑනියෙකුගේ බෙසියර් එකක් උඩ යනකොට සිංහල බෞද්ධකම මතක් උනාට හිටං මට බදුඩීන් සම්බන්ධන් හකීම්ව එහෙම පේන්නෙම නෑ හිටං.........
විගායි සම්බන්ධනයයි ෆෙඩරල් ඉල්ලලා ගෝරි දැම්මට උතුරෙන් දකුනෙන් කොටි ආයුධත් එක්ක අහු උනත් එන් ජී ඕ කාරයෝ හමුදා කඳවුරු වලට පැන්නත් මට කමක් නෑ හිටං............
හමුදාවට දඬුවම් කරල හමුදාව ප්‍රතිසංවිධානය කරන්න අගමැතිය ලවුව එංගලන්තෙට බාර දීල ෆෙඩරල් උන තියෙන එවුන්ට ඕන මගුලක් කරන්න ඉඩ දීල මම රට බෙදන එකත් වලක්වලයි තියෙන්නේ හිටං............
බය වෙන්න දෙයක් නෑ හිටං..........

පුක් පුක් පුක් පුක්..........

ඔය මහින්දය කියන්නේ බොරු හිටං, මහින්දයට බලයක් නෑ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ සේරම කැමති මටයි හිටං ........
මම සම්බන්ධන් හකීම් බදුඩීන් එක්ක රට ආරක්ෂා කරන විදිහටම ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයත් ආරක්ෂා කරනව හිටං..............
ඔය බඩු මිල ඉහල ගියාට ගනන් ගන්න එපා හිටං, මහින්දය ගහපු ගැහිල්ලට තමයි ඔක්කොම උනේ හිටං.......
හූ ඇම් පී එකත් එක්ක එකතුවෙලා මහජනයාට ආතල් ගත්තැහැකි කිටං.............
අපි වැඩ පටන් ගත්තහම බලාගන්න පුළුවන් හිටං, ආ ඒක නෙවෙයි අර වැට් බදු වැඩි කරපු එක ගැනත් මම දැනගත්තේ පත්තරෙන් හිටං.........
ඔය මහින්දයට වගේ නෙවෙයි මට පස්චාත්භාගය හොඳට හසුරවන්න වගේම ඒ පැත්තෙන් කතා කරන්නත් හොඳට පුළුවන් හිටං...........
එහෙනම් ඔබ සියළුදෙනාට ජහපාලන සරනයි හිටං................

පුක් පුක් පුක් පුක්............

ආයුබෝවන්............
මීට ජාතික රූපවාහිනිය නයි ටී එන් සමග සිරස ඇතුළු ජහපාලන මාජ්ජ ජාලය......


Friday, October 2, 2015

මෝඩයාට ආශ්චර්ය ගෙන දෙන එල්ලුම් ගස

කාලයෙන් කාලයට ලංකාවේ එක එක ප්‍රදේශ මහත් ප්‍රසිද්ධියට පත් වේ. මෝදර කාක දූපත රත්නපුරේ කොට කෙතන මීට උදාහරන වේ. දැන් මහත් ප්‍රසිද්ධියට පත්ව කාගේත් කතා බහට ලක් වී ඇත්තේ මිනුවන්ගොඩ කොටදෙනියාවයි. හේතුව කොටදෙනියාවේ සේයා සදෙවුමි නම් 5 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක්ව අමානුෂික ලෙස මිය යෑමයි. සිද්ධිය ගැන බොහොමයක් තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය උනේ කාගේ කාගේත් හදවත් කම්පා කරවමිනි. මේ හෙන ගහන අපරාධය හයක් හතරක් නොතේරෙන කුඩා දැරියකට කිරීමෙන් එය කළ තැනැත්තා බලාපොරොත්තු වූයේ කුමක්ද? එයින් ඒ පාපතරයා යම් සතුටක් ලැබුවේද? මේවා මිනිස් හැඟීම් ඇති කිසිවෙකුට හිතාගන්නටවත් බැරි දේවල් වේ. අපරාධකාරයා ගැන තොරතුරු තවමත් එන්නේ වටින් ගොඩින්ය. දැන් මෙහි ප්‍රධාන සැකකරු වන දුනේෂ් නොහොත් කොණ්ඩයා ඔහු එම අපරාධය කළ ආකාරය කියමින් පාපෝච්චාරනය කළ බව සැලයි. දුනේෂ් නොහොත් කොණ්ඩයා මේ සැකකරුවන් කණ්ඩායමේ අන්තිමයායි. මීට පෙර එම දැරිවියගේ පියා සීයා මෙන්ම අසල්වැසි පාසල් සිසුවෙකු දෙදරු පියෙකු හා තවත් ප්‍රදේශයෙන් පලා ගිය කෙනෙකුද සැකකාර ලයිස්තුවේ වූහ. නමුත් ඔවුන් ගැන ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා දෝ පොලීසිය ඔවුන් ගැන සෙවීම අතහැර තිබුණි. මේ සිද්ධිය ගැන රටම කම්පා උනා පමණක් නෙවෙයි අපරාධකාරයාට දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන මතයේද සිටියා. අපි කියන්නේත් මේ සිද්ධියට වරදකරු වන පුද්ගලයාට තරාතිරම් නොබලා දඬුවම් කළයුතුය කියන කාරනය විතරක් නෙවෙයි මෙවැනි අපරාධ මින් ඉදිරියට සිදු නොවීමටද වගබලා ගත යුතු බවයි.
                  


මේ අතර දැන් හරි අපූරු දෙයක් මේ සිදුවීම ඇසුරෙහි නිර්මාණය වෙමින් පවතී. ඒ මෙම අපරධය කළ පුද්ගලයා එසේ කළේ ඇයි, මෙවැනි පුද්ගලයන් රටට සමාජයට බිහි උනේ කාගේ වරදින් මොන කරුමයකටද, මෙවැනි කරුමක්කාරයින් රටට සමාජයට නැවත බිහි නොවන්නට ක්‍රියා කිරීමේදී අප කාට කාටත් තිබෙන වගකීම් මොනවාද යන දේවල් සොයා බලනවාට වඩා වැරදිකාරයාට දෙන දඬුවම විස්තර කරමින් පිරිසක් යම් ආශ්වාදයක් ලැබීමයි. මේ අය බොහෝ දෙනා නැවතුනේ එල්ලුම් ගස ක්‍රියාත්මක කර අපරාධකරු එල්ලා මරා එම දර්ශනයද රටට ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් සමාජය බිය වද්දා මෙවන් අපරාධ මැඩ පැවැත්විය යුතුයි යන තැනය. එසේ සිතා එල්ලුම් ගස ඉල්ලමින් උද්ඝෝෂණය කළවුන් දැඩි උද්දාමයකින් එසේ කළේ එක් අතකට සමාජයේ වීරයන් ලෙස කැපී පෙනෙන්න උත්සහ කරන අතර ඒ තුලින් අපරාධ අඩු වී ප්‍රශ්න විසඳෙනවා කියා ප්‍රභල විශ්වාසයක්ද ඇති කරගෙනයි. ඇතම් පිරිස් එල්ලුම් ගස වෙනුවෙන් දැඩි උද්‍යෝගයකින් එකට එක්ව උද්ඝෝෂණ කරන අයුරුත් රූපවාහිනියේ හා පත්තර වල මෙන්ම අන්තර්ජාලයේ වෙබ් අඩවි වලද පළවිය.
                              දැන්නම් මේ සිද්ධිය හරහා පිරිසක් අතරින් මතු වූ එල්ලුම් ගස් උමතුව සමාජයම අන්ධ භාවයට පත් කරමින් තිබෙන බව බොහොම පැහැදිලිය. මීට තල්ලුව ලැබෙන්නේ චාරයක් නැති ජනමාධ්‍ය යැයි කියාගන්නා ජඩ මාධ්‍ය වලිනි. එල්ලුම් ගස වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් උද්ඝෝෂණ මෙහෙයවන පිරිස දෙස බැලීමේදී මේ අය අතර යම් අධ්‍යාපන මට්ටමක් සහිත උගත් බුද්ධිමත් කිසිවෙකුත් නොසිටින බව ඉතා පැහැදිලිව පෙනේ. මේ අය ගෙනෙන එකම හා ප්‍රධාන තර්කය වන්නේ එල්ලුම් ගසට බිය වැද්දා රටේ අපරාධකරුවන් අපරාධ කිරීමට මැලි වී අපරාධ වලින් තොර නීතිගරුක පිරිසිදු සමාජයක් හැදිය හැකි බවයි. මේ එල්ලුම්ගස්වාදීන් ඉතා දරදඬු ලෙස තම මතයේ එල්බ ගන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්නට ගිය කළ පොලීසියේත් නීති රීති වලත් අධිකරණවලත් දුර්වල පැත්තක් නැත යන උපකල්පනයේ සිටයි. මෙහි එල්බගන්නා ඇතැම් අන්තවාදීන් කුමන දුර්වලතාවයක් තිබුණත් හරි හෝ වැරදි හෝ මොකෙක් හෝ සැකකරුවෙකු වරදකරු කර එල්ලුවද එය හරි කියන තැනට මොළේ කුරුවල් කරගෙන ඇත. එවැන්නන් සමග එල්ලුම් ගහේ අනිසි ඵල විපාක ගැන කතා කිරීමටත් බැරිය. එසේ වන්නේ එක් අතකට එල්ලුම් ගස ඇසුරෙන් මොවුන් යම් වින්දනයක් ලබන බැවිනි. එතරම් බුද්ධි මට්ටමක් නැති මේ පිරිස එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න්ට බල කිරීම වීර ක්‍රියාවක් ලෙසද සලකයි. 
                                 

අවංකවම මේ එල්ලුම් ගස පන ගන්වන්නට වෙර දරන මිනිසුන් ගැහැනුන් දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන්ද අපරාධකාරයෙකු එල්ලුම් ගසේ එල්ලන්නට බල කරන්නේ අපරාධවල පසුබිම හෝ නොතකා ඒවායේ වග උත්තර කරුවන් කෙරෙහි දැඩි ද්වේශයකින් බවයි. මේ අය මනුස්සයෙකු එල්ලා මරන ආකාරය දෙස බලා සියුම් වින්දනයක් ලබති. ඇතැම් විට අපරාධය කළ තැනැත්තා සමාජයේම වරදින් ඒ තත්වයට පත් උනා වන්නට පුළුවන. නමුත් තමන් මහ ලොකු වීරයන් යැයි සිතන නූගත් රස්තියාදුකාර මෝඩයන් වැරදි කිරීමට කෙනෙකුට අනුබල දෙන තම තමන්ගේම ඇතැම් කෙරුවාවල්  වසන් කර ගනිමින් යම් චිත්ත පීඩනයක් මුදාහැරීමට වරදක් කළ කෙනෙකුට දඬුවම් කරන හැටි රටට ඇසෙන්නට කියා කෑමොර දෙති. පොඩි උදාහරනයක් ලෙස ගතහොත් කෙනෙකු තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතා තවෙකෙකුගේ සියළු දේපලත් තමන් වෙත වංචාවෙන් පවරාගෙන ඔහුට සිය යැපුම් මාර්ගයද අහිමි කරමින් ඒ සියල්ල හොඳින් දැනගෙන ඔහුව තලා පෙලා දමයි නම් මෙලෙස පීඩාවට පත්වන කෙනා පීඩකයාගෙන් පලි ගැනීමට ක්‍රියාකිරීම සඳහා යම් කිසි සම්භාවිතාවයක් තිබේ. එවැනි සිද්ධියක් මිනී මැරුමකින් කෙළවර වන්නටද හැකියාව ඇත. එසේ වුවහොත් බොහෝ දුරට සිදුවන්නේ මිනීමරුවා ඔහුව ඒ තත්වයට පත් කළ පීඩකයාගේ සියළු කුපාඩිකම් පසෙකින් තිබියදී අපරාධකරුවෙක් වීමයි. නීතියේ ඇති අඩුපාඩුව අපට මගහරින්නට බැරිය. කෙනෙකුගෙන් තව කෙනෙකුට පීඩාවක් නොවන සමාජ තත්වයක් පැවතීමට ඉවහල් වන වැදගත් සදාචාරාත්මක සම්මුතීන් ආරක්ෂා කිරීමට නීතිය බොහෝ විට බැඳී නොසිටියි. නමුත් එලෙස සදාචාරයන් බිඳ වැටීම තුල අපරාධයකට යොමු වන තැනැත්තාට දඬුවම් කිරීමට නීතිය බැඳී ඇත. මෙය ගැටළුවකි.

                                                  නීතියේ පොලීසියේ උසාවියේ අඩුපාඩු ගැනනම් කතා නොකර ඉන්නට කොහොමත් බැරිය. මීට කලිනුත් කී ලෙසටම මිනිසුන්ට මිනිසුන් ලෙස සමාජගත වී එකිනෙකාට ගරු කරමින් ජීවත් වීමට හුරු කරන වටිනා සාරධර්මයන් රකින්නට නීතිය ඉදිරිපත් නොවන අතරම තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතමින් එකෙකුට එකෙක් නැති තන්හාවෙන් මසුරුකමෙන් ආත්මාර්ථකාමීත්වයෙන් අසීමිත ධනය හා සැප සම්පත් පසුපස හඹා යෑමට එක් එක් කෙනාට ඇති පුද්ගලික අයිතිය වෙනුවෙන් නීතිය පෙනී හිටී. අපරාධය හා අපරාධකරුවා නිර්මාණය වීමට මේ කාරනයම විවිධ මට්ටම් වලින් හේතු වේ. ලංකාවේ පොලීසිය ගැනනම් කියලා වැඩක් නැත. අපරාධ ගැන මූලික විමර්ශන කරන ආකාරය සැකකරුවන් තීන්දු කරන ආකාරය සැකය හා සාක්ෂි තහවරු කිරීම මරේ මරුය. මිනී මැරුමක් ගැන හරි ළමා අපචාරයක් ගැන හරි විමසුම් බුද්ධියෙන් සාක්ෂි හොයනවා වෙනුවට පවුලේ අය සැක කිරීම අසල්වාසීන් සැක කිරීම ආදී වැඩ කටයුතු සිනා පහලවන සුළුය. පොලීසි වල සිදුවන දූෂිත වැඩ කටයුතු දෙස බලන විටනම් සාධාරන පරීක්ෂණ ගැන විශ්වාසය තැබිය හැකිද යන්නත් ප්‍රශ්නාර්ථයකි. රිය අනතුරක් සම්බන්ධ සාක්ෂි වෙනස් කර වරද කරු බේරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට තැත් කර පොලිස් නිලධාරීන් ගැන පහු ගිය කාලයේ අසන්නට ලැබුණි. මිනී මැරුමක සාක්ෂි අනික් පැත්ත හරවන්න මෙවැනි දූෂිත නිලධාරීන් කීයක් විතර අය කරනු ඇත්දැයි අප දන්නේ නැත. යම් යම් වැරදි වලට පොලීසිය විසින් දුප්පත් අහින්සකයන් සැක පිට අත්ඩංගුවට ගෙන වද දී බලෙන් වරද පටවා ඇත්තම වරද කාරයා නිදැල්ලේ යැවීම වැනි දේවල් වලටද යම් කිසි ඉඩකඩක් පැහැදිලිව ඇත. වඩාත්ම කතාබහ කළයුතු කාරනේ මෙතැන කෙනෙකු තවෙකෙකුගෙන් අසාධාරණයට හා පීඩාවට පත් වීම වලක්වන පොදු සදාචාරාත්මක වටිනාකම් වනසන්නට ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කරලියට එද්දී නීතියද ඒ වෙනුවෙන්ම ක්‍රියා කිරීමයි. මෙය සමාජ පීඩකයන් හා පීඩිතයන් නිර්මාණය කිරීමට ඉවහල් වන අතරම පීඩකයාට රිසි සේ පීඩිතයන් තලා පෙලීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමකි. පීඩකයා වත් පොහොසත් අයෙකු වී පීඩිතයා දුප්පත් කෙනෙක් වන විට පීඩිතයා නීතිය ඉදිරියේද අනාරක්ෂිතය. ඒ අසාධාරණය රජ කරන කාලකන්ණි සමාජයේ හැටිය. අද බොහෝ දෙනෙක් කට්ට කා ඉගෙනගන්නේත් අනාගතයේ පීඩිතයන්ගේ ගොඩට නොවැටී පීඩකයන්ගේ ගොඩට එක් වීමටයි. එය හිතා මතා නොවන්නට පුළුවන් උනත් වත්මන් තුච්ච කාලකන්ණි සමාජ ක්‍රමය තුල ස්වභාවයෙන් සිදු වන්නේ එයයි.
                               

කොටදෙනියාවේ ඛේදවාචකය අභිමුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක උන ආකාරය අන්ත අප්‍රසන්න එකක් වූවා පමණක් නොව සිද්ධිය හමුවේ ජනමාධ්‍ය පිස්සු බල්ලන කුනු ගොඩක් අවුස්සා පලාතම ගඳ ගස්සවන ආකාරයට වැරදි නැති මිනිස්සුන්ගේ පවා ආත්ම ගරුත්වය වනසමින් කරුනු නොදැන පොලීසිය ආවට ගියාට කරන ප්‍රකාශ රටට බෙදමින් හැසිරුනු ආකාරයත් ඉතා අශික්ෂිතය. පොලීසිය සිද්ධියට සැකපිට පාසල් සිසුවෙක් අත්ඩංගුවට ගත්තේ කිසිදු සාධාරණ සාක්ෂියක් නැතුවයි. පසුව පොලීසිය බේරුමට කීවේ ඔහුගේ ලැප්ටොප් එකේ අසභ්‍ය දෑ තිබූ බවකි. මෙය සිනා උපදවන කාරනයක් වේ. මේ තර්කය මත පිහිටා සැක කළොත් එක් පැත්තකින් අසභ්‍ය දේ නැති ලැප්ටොප් සොයාගන්නට තරමක් අමාරුවනවා පමණක් නොව අසභ්‍ය දේ ඇති ලැප්ටොප් හිමි කරුවන් සියල්ලන් ලිංගික අතවර කාරයන් වේ. එවිට පොලිස් කාරයන් කීයක් ඔය ගොඩේ ඉඳීවිද කියන එකත් හොයන්නම වෙන අපූරු සිද්ධියක් වනවා නොඅනුමානයි. මේ සිද්ධියටම ප්‍රදේෂයේ තවත් දෙදරු පියෙකු සැක පිට අතඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ හදිසි කොණ්ඩය හා රැවුල කැපීමේ උවමනාවත් සේයාගේ අවමගුලට සහභාගී නොවී තම සහෝදරියගේ නිවසට ගොස් එහි නතර වීමත් කියන කාරනා සැලකිල්ලට ගෙනයි. මෙයත් මහ අපබ්‍රංශයකි. මේ අනුව අහල පහල අපරාධයක් වූ විට කොණ්ඩය රැවුල කැපීමද අනතුරු දායකය. දැන් දැන් දැනගන්නට ලැබෙන කරුනු වලට අනුව මෙලෙස සැකපිට අත් අඩංගුවට ගත් මේ අයට නිරුවත් කර පහර දෙමින් පොලීසිය ඔවුන්ගේ මානුෂීය අයිතීන් බරපතල ලෙස උල්ලංගනය කර ඇත. අවසානයට තමන් වරද කළා යැයි පාපෝච්චාරණය කළ දුනේෂ් නොහොත් කොණ්ඩයාට උනේත් මේ ටිකද කියා සැකයක් දැන් කාටත් ඇතිවේ. කොණ්ඩයාගේ කැරැට්ටුවේ හැටියට සැකකාර ලිස්ට් එකේ අවසානයට හිටි ඔහුට පොලීසියේ සංග්‍රහය සමග අවාසනාවේ ටිකට් එකත් ඇදුනාද? වෙච්ච දේවල් වල හැටියට අපිට මේ ප්‍රශ්නනම් පැනනගින එක නොවැලැක්විය හැකියි.

                          අපි කවුරු කවුරුත් මොහොතකට දැන් සිතා බැලිය යුත්තේ අපරාධ වලට පුද්ගලයන් පොළඹවන අවලම් සමාජ තත්වයක් එක් පැත්තකින් තිබෙද්දී අනික් පැත්තෙන් පොලිස් පරීක්ෂණ වල ජඩ කමත් තිබෙන විට එල්ලුම් ගසත් ක්‍රියාත්මක උනොත් වෙන්නේ කුමක්ද කියන එකයි. කොටදෙනියාවේ ඛේදවාචකයට පසුව හදිසියේ වීරයන් වී එල්ලුම් ගස ඕනෑ බව කියමින් කෑ ගැසූ අයගේ එල්ලුම් ගසට ඇති අවංක ලවු එක මල ඉලවුවක් වෙන්නේ අසාධාරන චෝදනාවකට ලක්වී පොලිස් ආදරවන්තයන්ගෙන් සංග්‍රහ ලබා තමන්ගේම බෙල්ලට තොන්ඩුව වැටුන දාටයි. අප කවුරු කවුරුත් එනිසා නොපමාව කළ යුත්තේ මේ අපරාධ වලට මෙන්ම අසාධාරන පොලිස් පරීක්ෂණ වලටද එරෙහිව සංවිදානය වෙන අතරතුර අපරාධ වලට අනුබල දෙනු ලබන දූෂිත විෂම සමාජයෙන් ගැලවී කෙනෙක් තවත් කෙනෙකුගේ සතුරෙකු නොවන පීඩකයන් හා පීඩිතයන් අතර ගැටුම් නිර්මාණය නොවන්නා වූ සාධාරණ සමාජයක් ඇතිකරගනිමින් ප්‍රශ්න නිරාකරනය කර ගැනීමය. ඒ ටික නොකර අසාධාරනය අයුක්තිය රජකරවා දූෂිත සමාජයක් බිහි කර ඒ තුලම තෙම්පරාදු වී පුද්ගලයන්ට වැරදි කිරීමට අනුබල දෙමින් කෙනෙක් අපරාධකරුවකු වෙන තෙක් බලා ඉඳ ඔහුව එල්ලා මරන ආකාරය දෙස බලමින් සතුටු වීමද හෙන වදින අපරාධයක් බව කාටත් සිහි ගැන්විය යුතුයි.


Sunday, March 1, 2015

කමින් කලර් නෝ ගුඩ්

2015 අවුරුද්ද පටන්ගත්තේ රටේ ලොකු දේශපාලන පෙරලියකුත් ඇතිකරමින්. පරාජය කරන්නට නොහැකි මට්ටමේ ප්‍රභල ප්‍රතිරූපයකුත් විශාල ජනාදරයකුත් තිබුන මහින්ද රාජපක්ෂ ජනපති පරාජයට පත් වුනි. චන්ද ප්‍රතිඵල වල හැටියටනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරන කොට්ඨාශ බහුතරයක් ජයගෙන ඇත. එහෙත් උතුරු පලාතේ හා නැගෙනහිර පලාතේ චන්ද අතිමහත් බහුතරයක් මහින්ද රාජපක්ෂ ජනපතිට නොලැබීමෙන් හෙතෙම සෙසු පලාත්වලින් ලබාගත් වැඩි චන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් ජය ගැනීමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපති සමත් විය. මේ සිදුවීම් සමූහයත් ජනපතිවරනයේ චන්ද පොරොන්දු හා ප්‍රසිද්ධියේ නොකියවුනු තිරය පිටුපස සිදුවීමුත් ගැන යමක් කීවොත් හොඳයි කියලා පකිස් පෙට්ටිය තීරනය කළා ඕං.
                              

  ඔක්කොමත් හරි චන්ද ප්‍රතිඵලේ ආවට පස්සේ රටම දැකපු පට්ටම ජෝක් එක තමයි රනිල් උන්නැහේ එයාගේ එක්සත් ජාතික පක්ෂෙයි එයයි දිනපු  චන්දෙයක් කියල හිතාගෙන හිටං හැසිරෙන විදිහ. චන්දෙට කලින් ඉඳලම පොදු අපේක්ෂකතුමාගේ ජනප්‍රිය සටන්පාඨය උනේ දූෂණය නැති යහපාලනය කියන එක. අනෙක් ප්‍රධාන පොරොන්දු ඒකරාශී කරල දින 100 වැඩපිළිවෙළ කියල හිටං එකකුත් නැගල ගියා ඔය අතරේ. මහින්ද උන්නැහේනම් දිගින් දිගටම ක්වුවේ යුද්ධය දිනලා රට සංවර්ධනය කරා ගෙනියන ගමන යනවයි කියලා. මේ සේරමත් හරි චන්ද හුටපට අස්සේ සම්බන්ධන්ලා හකීම්ලා තිරය පිටිපස්සේ ඉඳන් ගෙනියපු වැඩසටහන් ටිකකුත් තියෙනව කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ හිටං. ඒකටනම් පිටරට තානාපතිල වගේ උදවියත් සහභාගි වෙලයි ඉඳල තියෙන්නේ. ජනාධිපතිවරනයට පෙර පොදු අපේක්ෂකයාගේ වැඩපිළිවෙල ගැන පැනනගින සාධාරන ගැටළු කිහිපයක් ඉදිරිපත් කළා. දැන් ඒ ප්‍රශ්න හැබෑවටම ඇතිවෙන පාටකුයි පේන්නේ. ඒ වගේම දැන් තවත් ප්‍රශ්න ටිකක් අළුත පත් උන ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන ආයෙමත් ඇතිවෙන්න පටන් අරන්. ඒ ටික පහතින් දැක්වෙනවා.

 
1)අපේ අය යහ පාලනයට චන්දේ දෙද්දී උතුරේත් නැගෙනහිරත් දෙමළ මුස්ලිම් චන්දදායක බහුතරයක් ස්වයංපාලන සිහිනය සැබෑ කරගැනීමට මෛත්‍රීපාල මහත්තයට චන්දේ දුන්න කාරනාව ඇත්ත වගේ නේද?

2)චීනය හා රුසියාව සමග සමීපව කටයුතු කිරීමත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් තම හිතවත් ගෝලබාලයන් වූ  TNA එකට ඒ තරම් හොඳින් නොසැලකීමත් ගැන හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ගැන උදහස් ව සිටි බටහිර රටවල් දැන් යහපාලනය සමග එක්ව එතුමාට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් පලිගන්නට හෙමින් සීරුවේ උත්සහ කරන පාටකුත් පේනව නේද?

3)මින් පෙර උතුරට යැවීමට තහනම් කර තිබූ භාණ්ඩ ගනනාවක තහනම ඉවත් කිරීම, අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට සැලසුම් කිරීම, මාන්කුලම් පොලීසිය ඉවත් කිරීම රායප්පු ජෝසප්ලාගේ උතුරේ පෙලපාලි හා චාවාක්ච්චේරි පිපිරීම අඳුරු යුගයක් නැවත ඇති වීමේ නරක පෙරනිමිත්තක්ද?

4)යහපාලනය වෛරයෙන් තොර බවට තව දුරටත් සහතික විය හැකිද? මතුගම සිද්ධිය ජෝන් අමරතුංග උන්නැහේගේත් ගෝලබාලයන්ගේත් හැසිරීම යහපාලනයට එකඟද?

5)පෙට්‍රල් මිල මහා පරිමාණයෙන් අඩු වී ඩීසල් මිළ සුළුවෙන් පහත හෙලීම මෙරට සාමාන්‍ය ජනතාවට ඇති කරන්නේ කවර සහනයක්ද? බස් ගාස්තු හා බඩු මිල කෙරෙහි වැඩිපුර බලපාන්නේ ඩීසල් මිල බැවින් ඩීසල් මිල සුළුවෙන් පහත දමා පෙට්‍රල් මිල උපරිම ලෙස අඩු කිරීමෙන් රටේ බහුතරයකට සහනයක් ලැබෙනවාද?

6)කහ කුඩු උඳු පිටි කොත්තමල්ලි පාන් පිටි උම්බලකඩ මිල අඩු වී හාල් පරිප්පු වැනි ප්‍රධාන පෙලේ ආහාර වල මිල අඩු නොවීමේ තේරුම මොකක්ද?

7)පැවති රජයේ මහා පරිමාණ ලෙස වංචා කළ දුෂිත දේෂපාලකයින්ට දඬුවම් කිරීම ගැන සෑහීමකට පත්විය හැකිද? බැසිල් රාජපක්ෂ, සජින් වාස් වැන්නන පමණක් නොව රාජිත සේනාරත්න ඇමතිවරයාද පැවති රජයේ දූෂිත් වංචනික ක්‍රියා ගණනාවකට සම්බන්ධ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඔවුන් ගැන නිසි පියවර ගැනීම ප්‍රමාද ඇයි?

8)පසුගිය රජයේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ පුද්ගලයන් මෛත්‍රිපාල මහතාගේ යහපාලනයටත් දින 100 වැඩ පිළිවෙලටත් සහය දෙන්නේනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරනවාද? බැසිල් සජින් වැන්නන් ගැන සෙවීමට එතරම් උනන්දුවක් නොදක්වා විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ වයස හා වංචනික ලියකියවිලි ගැන හෙවීමට දක්වන උනන්දුව කුමන අරමුණක් වෙනුවෙන්ද? පසුගිය රජය සමයේ සිදු වූ රටට හානිකරම දේ කූඨ ලේඛන සැකසීමද? සමස්ථයක් ලෙස රටේ දූෂණ වංචා සියල්ල සිදු වීතිබෙන්නේ 2005 සිට රාජපක්ෂ පාලන සමයේ පමණද? ඉන් පෙර වැරදි සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද?

9)වෙලේ සුදාට මොකක් වෙයිද? දුමින්ද සිල්වා මර්වින් සිල්වා යන හිටපු ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

10)අපේ රටේ මින් පෙර පැවති රජයන් හා බලයේ සිටි පක්ෂද වංචාකාරී දූෂිත බැවින් සෑම කල්හිම ආණ්ඩු කළ දේශපාලකයින් පිල් වලට බෙදී එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට දඬුවම් කරන්නට පොර කද්දී සුළු ජනකොටස් ස්වයංපාලන අරමුණු කරා හිමින් බඩගා යෑම රටේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් නොවන්නේද? මහා පරිමණ දූෂණ වංචා යුධ ගැටුම් පවතින වාතාවරනයක් තුල පහසුවෙන් කර හැකිව තිබියදී කෙටි කළකින් යුද්ධය අවසන් කරමින් යුද්ධයෙන් වවාගෙන කෑම නතර කළ මහින්ද හිටපු ජනපතිට දඬුවම් කිරීම ඊලාම් බෙදුම්වාදය හිස එසවීමේ ගැටළුවටත් වඩා වැදගත්ද?



මේ ප්‍රශ්න ඔක්කොම අස්සේ අපි අපි පිල්වලට බෙදිල පක්ෂ වල එල්ලිලා ආණ්ඩු පෙරලෙන දිහා බලලා ආතල් ගනිද්දී TNA කාරයයො ටිකයි හකීම් උන්නැහේගේ මුස්ලිම් කොන්ග්‍රස් එකයි ස්වයං පාලන පිස්සුව තද වෙලා රටේ කෑලි තමන්ගේ වරිගේ අයට ලියවගන්න එලිපිට ගේම් ගහන විදිහ දකිනකොටනම්  කමින් කලර් නෝ ගුඩ් කියල හිටං තමයි අපිටනම් හිතෙන්නේ.

Sunday, June 15, 2014

ජඩ මාධ්‍ය මාෆියාවේ ප්‍රතිමූර්තිය

  
පකිස් පෙට්ටියට මේ වගේ දෙයක් ලියලා දාන්න හිතුනේ අපි නිතර යන එන බ්ලොග් එකක පලවෙච්ච ලිපියක් කියෙවුවට පස්සේ ඕං. මේකට මුල් වෙලා තිබුණේ දිවයින පත්තරේ පලවුන කතුවැකියකින්  ප්‍රකාශ වුන දෙයක්. එය සැබවින්ම ආන්දෝලනාත්මක හා කතා කළ යුතුම් මට්ටමේ සිද්ධියක් ලෙස හැඟී ගිය නිසා පකිස් පෙට්ටියටත් මේ ගැන යමක් දැම්මොත් හොඳයි කියලා මටත් හිතුනා. ලිපියෙන් මගේ අදහස ඉදිරිපත් කිරීමට පෙර අමාවක බ්ලොග් පේජ් එකේ පලවුන ලිපියෙන්  උපුටාගත් කොටසක් ඉදිරිපත් කරන්නම්. එවිට කාට කාටත් කාරනාව පැහැදිලි වෙයි කියලා හිතනවා. උපුටා ගැනීම  පහත දැක්වේ.
  
"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්‌ත්‍රී දූෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ දණ්‌ඩනය දෙන්නේ ද නැත. ඒ නිසා ආයුධ බැලීමට යැමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ දණ්‌ඩනය හිමිවිය යුතු බවට මතයක්‌ සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. ඒ නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්‌ක යැමට මග වියදම් හෝ යාන වාහන පොලිසියට නැත්නම් ඒවා තම සාක්‌කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ විශ්වාසය ය.
එහෙත් දේශපාලනය බලවත් වන තැන සහ පොලිස්‌ නිල බලය මතුවන තැන පෙර කී "ආයුධ ටි්‍රප් එක" යැමට පොලිසියට ද බැරි වෙයි. තරුණ කොල්ලන් දෙදෙනකුට දස වධ දී වෙඩි තබා මැරවූ අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ව සිටි කාකි කෝට්‌කාරයාට ආයුධ පෙන්වීමට යැමට පොලිසියට බැරි විය. එසේම විදේශික කාන්තාවක්‌ දූෂණය කළ කිහිපදෙනෙක්‌ම ආයුධ ටි්‍රප් එක 'මිස්‌වීමෙන්' දැනට 'ඇතුළේ' හෙවත් හිරගෙදර සිටිති. මුන්ට බත් ගිල්ලවීමට සිදුවී ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. කුඩුකාරයන් වැඩි දෙනකුට ද ආයුධ බැලීමට යැමට බැරි විය. මේ අය එක්‌කෝ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. නැත්නම් මාංචු පිටින් ගඟට පැන පිහිනීමේ මහා තරගයට සහභාගි කරවිය යුතු ය. ප්‍රාණඝාතය පව් තමයි. එහෙත් සමාජය හදන්නට නරක උන් දෙතුන් දෙනකු යම ලොවට යෑවිය යුතුම නම් කුමක්‌ කරන්නද?"
                    
http://bitternight.blogspot.com/2014/05/blog-post_22.html

\\"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත.\\

ඉහත වාක්‍ය ඛණ්ඩයෙන් පුවත්පත් කතුවරයා කියා ඇත්තේ කුඩු කාරයන්ට හා ස්ත්‍රී දූෂකයන් වැනි අයට මරන දඬුවම දියයුතු බවත් එය මුලු සමාජයම ඉල්ලා සිටින බව හා එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන නිසා එවැනි වැරදි වලට සැකපිට අතඩංගුවට පත්වන්නන් ආයුද පෙන්වීමට යැයි කියා ගෙනගොස් මරා දැමීම සාධාරන බවයි. දිවයින කතුවරයා කුඩු මුදලාලිලාට දෙන දඬුවම ගැන කතා නොකර කුඩුකාරයන් ගැන කතාකිරීම එක ප්‍රෙහෙලිකාවක්. ඇතැම් විට කුඩු කාරයන් යන්නෙන් සියලු දෙනා ඇඟෙවුවද දන්නෙත් නෑ. අනෙක ස්ත්‍රී දූෂකයන් ගැන කතා කරනකොටනම් ඔය දූෂණය මනින්නට යන ක්‍රමවේදය ගැන බරපතල ගැටළු තියෙනවා. ඒ වගේම බොරු චෝදනා එල්ල වීමේ අවධානම ත් ලිංගික කරුණු සම්බන්ධයෙන් කෙනෙකුට කෙනෙක් අවංක නොවීමත් කියන සිද්ධි එක්ක බලනකොට ස්ත්‍රී දූෂණ ඔප්පු කරන එක ලේසි පහසු කටයුත්තක් වෙයි කියලනම් කොහොමත් හිතන්නට බෑ.
                              
   දිවයිනට විතරක් නොව ලංකාවේ බොහෝ පත්තර වලට මරන දඬුවම් උමතුවක් කලක සිට ඇත. මොවුන්ට මරන දඬුවම් උමතුව තිබුණත් එයින් පමණක් ප්‍රශ්න විසඳන්නේ කෙසේදැයි ඔවුන් විග්‍රහ කරන්නේත් නැති බව පැහැදිලියි. සේරටම වඩා භයානක දේ මේ ජඩ මාධ්‍යකරුවන් නීතියේ ඇති අඩුපාඩු නොකියන එක. අපි කවුරුත් දන්නවා සාමන්‍ය වශයෙන් පොලීසියත් නීතියත් දුප්පත් පොහොසත් කම අනුව වෙනස් ආකාරයකට ක්‍රියා කරනව කියලා.ඒ වගේ තත්වයක මරන දඬුවම් දෙන්න ගියොත් සල්ලි කාරයෝ වැරදි කරලා බේරෙයි දුප්පත් අහිංසකයෝ ගස් යයි නැති වැරදි වලටත්. මේව දිවයින වගේ පත්තර කතුවරුන්ට නොතේරෙනව නෙවෙයි. ඔවුන්ට මේ දේවල් තේරුනත් හිතුවක්කාරකමකින් හා උඩඟුකමකින් ඔවුන් කියාසිටින්නේ වැරදි ඇතිව හෝ නැතිව මිනිසුන් එල්ලුම් ගස් යවා මරා දමන ආකාරය දැකීමෙන් බියට පත්ව වෙනත් අය වැරදි නොකරනු ඇත යන කතාවයි.
                              
        මිනිසුන් එල්ලුම්ගස් යවා මරා දමන ආකාරය දැකීමෙන් දිවයින පත්තර භාශාවෙන්ම දිවයිනේ කතෘවරයා කාලකන්ණි සන්තෝශයක් ලබන්නේදැයි අප දන්නේ නැත. එහෙත් මේ කාලකන්ණි කතුවැකිය පුරාවට අඟවා තිබෙන ජඩ මාධ්‍ය ප්‍රතිපත්තිය හා දිවයින කතුවරයාගේ මානසිකත්වය මේ රටේ සුදුවන අපරාධ වලටත් වඩා භයානක බවනම් කිවයුතුයි. එසේ කියන්නේ මේ තුට්ටු දෙකේ පත්තර කාරයා නීතියේ හා පොලීසියේ අඩුපාඩු ගැන කතා නොකර තම හිතුවක්කාර මිනුම් දඬුවට අනුව මරන දඬුවම ක්‍රියාත්මක කළයුතු බවටත් එසේ බැරිනම් සැකකරුවන් වරදකරුවන් බව ඔප්පු නොකර ආයුද බලන්නට යැයි කියා රැගෙනගොස් පොලිස් වෙඩි පහරින් මරා දැමියයුතු බවටත් පාරම්බාන හින්දාය.
                              
   පොලීසිය ජරාවකන බව මේ රටේ කිසිවෙකුටත් අමුත්තක් නොවේ. එලෙසම සල්ලිකාරයන් හමුවේ එක් විදිහකටත් දුප්පතුන් හමුවේ තව විදිහකටත් පොලීසිය ක්‍රියා කරයි. නීතිය ගැන කියන්නට ඇත්තේත් මීට වෙනස් දෙයක් නොවේ. පෙරකදෝරුවන් නඩු කතා කරන්නේ පිනටද? ඔවුන් තමන්ට වැඩි වාසියක් අත්කරදෙන පාර්ශවය වෙනුවෙන් පෙනීසිටීමට වගබලාගන්නේ විත්ති පාර්ශවය ඇත්තෙන්ම වරද කර තිබුණත් කෙසේ හෝ නිදොස් කර නිදහස් කරගැනීමේ අරමුණින්. ඒ වගේම වරදක් නොකර සැක පිට අත්ඩංගුවට ගන්නා පුද්ගලයන්ට බලෙන් වරද පැටවීමට ඇති ඉඩකඩක්ද තිබේ. කිසියම් වරදකට සැකපිට අතඩංගුවට ගත් පුද්ගලයෙකු දුප්පතෙකුනම් ඔහු වෙනුවෙන් පෙරකදෝරුවන් පෙනීහිටීමට ඉදිරිපත් වන්නේ නැත. අනෙක් අතට එවැන්නෙකුට ඇපදීමටවත් ඒ පුද්ගලයාගේ නෑහිතවතුන්ට හැකියාවක් නොතිබෙන්නටද පුලුවන. යම් වරදකට සැකපිට යම් වත්පොහොසත්කමක් ඇත්තෙකු හා දුප්පත් කෙනෙකු සැකපිට අතඩංගුවට පත්වුවොත් පොහොසත් කෙනා ඇත්ත වරදකරුවා වුවත් ඒ බව වසන් කර දුප්පත් කෙනාට වරද පැටවීමේ යම් ප්‍රවනතාවයක්ද මේ අනුව ඇතිවේ. දිවයින පත්තරේ බකපණ්ඩිත කතුවරයාට අප කියන්නේ එල්ලුම්ගස් ගැනයි මරන දඬුවමයි ගැන කතා කරන්න ඉස්සර වෙලා මේ අඩුපාඩු ගැන කතාකරොත්  හොඳයි කියන එක. ඒ ටික කරන්නේ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ සරල භාශාවෙන් නිකම් ගොන් කතා නොකියා හිටපන් කියන එක මිස වෙන මොකක්ද?