කොහොම උනත් වැඩේ පත්තු වෙච්ච හැටි තමයි මෙතන තියෙන රසවත් සිද්ධිය. මේ මනුස්සයාගේ පවුල හැමදාම පුරුද්දක් විදිහට මෙයාගේ රෙදි ටික හෝදනවලු. ඕං ඉතිං දවසක් පුරුදු විදිහටම පවුල මේ මනුස්සයාගේ රෙදි ටිකත් අරගෙන හෝදන්න ලෑස්ති වෙනකොට සැකකටයුතු යමක් රෙදි ගොඩේ තිබිලා අහුවෙලා. ඒතමයි ගෑණු උදවිය අඳින මල් මෝස්තර දාපු ජංගියක්. මේක තමුන්ගේ එකකුත් නොවන වග වහා තේරුම්ගත් අර නෝනා මේක මෙයාගේ මනුස්සයාගේ රෙදි ගොඩට ආවේ කොහොමද කියලා සැක කරා. ගෑනි කිවුවත් වගේ සැක කරේම අර මනුස්සයා වෙනත් ගෑනියෙක් ආශ්‍රය කරනවා කියලා. මේක මෙතනට ආපු විදිහනම් ප්‍රෙහෙලිකාවක් තමයි. නමුත් ගෑණිගේ සැකයනම් එන්න එන්නම වැඩි වෙලා. අන්තිමට මෙයා අර ජංගියත් කෝටුවක ගහගෙන පොලීසියට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා.
ඔන්න ඉතින් පොලීසියේ සුලු පැමිණිලි අංශය දක්වාම වැඩේ දුරදිග ගියාට පස්සේ තමයි අර මිනිහට එලොව පොල් පෙනුනේ. මිනිහා දැනගත්තා වැඩේ අතේ පත්තු උනයි කියලා. දැන් මිනිහට ප්‍රෙහෙලිකාව කොහොමද අර අනියම් භාර්යාවගේ ජංගි පොඩ්ඩ පොරගේ ගෙදරට ආවේ කියලා. බැලින්නම් වෙලා තියෙන්නේ මනුස්සයා කලින් දවසේ රෑ අර අනියම් බිරිඳගේ ගෙදර නිදාගෙන පාන්දර එලිවෙන ජාමෙට ඇවිල්ල තියෙන්නේ. ඉතින් පොඩි සෙල්ලමක් දාන්න ඇඳුම් ටික ගලවලා දෙන්නගේම ඇඳුම් තියල තියෙන්නේ එක තැන. එලිවෙන ජාමේ මද අඳුරේ අර මනුස්සයා ආපහු ඇඳුම් ටික අඳිද්දී පොරගේ ජොකා කියලා ඇඳගෙන තියෙන්නේ අර ජංගිය. වැඩේ තේරෙනකොට ප්‍රමාද වැඩියි.
කොහොම වෙතත් ප්‍රශ්නේ ගොඩක් දුර ගිහිල්ලා නෑ. මිනිහගේ වාසනාවට මේක ගොඩින් බේරගන්න පුලුවන් වෙලා. මේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇතිය කියලා. මෙහෙම වැඩ හරිමයි කියලා මම කියන්නෙත් නෑ. කරා කියලා කරන එකා ගැන අමනාපෙකුත් නෑ. ඒත් ඉතින් පරෙස්සමෙන්. සිද්ධිය රසවත් නිසයි බ්ලොග් එකට දැම්මෙ ඕං.
බ්ලොග් කරණයට සුහද ව පිළිගන්නා අතර බ්ලොගය දියුණු කරගනිමින් සාර්ථක ව කරගෙන යන්න ලැබේවා යැයි සුභ පතන්නෙමු..............................
ReplyDeleteබොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.
Deleteඉඳලා ඉඳලා පටං ගත්ත ගමං දීලා තියෙන්නෙ හොඳම කතාවක්. හෙහ් හෙහ්.
ReplyDelete(පිලි ගන්න තරම් දෙයක් නෑ ඉතිං, මමත් අලුත් ඈ)
ආයුබෝවන් ඔබට, ඇත්තම කිවුවොත් මමත් අලුත් මේ බ්ලොග් ලෝකයට.
Deleteහප්පේ!! ආයුබෝවන් ආයුබෝවන්!!!!!
Deleteඕක මටත් වුනා බං දවසක්....නමුත් ඩෙනිම අදිද්දී වෙනසක් දැනිල ගැලෙව්ව .....පාන්දර ජාමෙක.....හැබැයි බදින්න පෙර......
ReplyDeleteඅප්පේ මම හිතුවේ අත්දැකීම් සහිත අය මෙතන නැතුව ඇති කියලා.
Deleteයකෝ උට ජංගියයි ජොකයි අදුර ගන්න බැරි තරං මැට්ටෙක්ද,,,????
ReplyDeleteපිස්සු යකෙක් නෙ
උදේ පාන්දර අඩ අඳුරේම පොර ඇඳුම් ඇඳගෙන මාරු වෙලා කලබලේට.
Deleteගෑනු පස්සෙ යන මෙහෙම එවුන්ට දෙන්න හොඳ බේතක් හැලපෙගෙ බ්ලොග් එකේ තියනව.නයි මිරිස් සාත්තුව දුන්නනම් පංකාදු පහයි.අමතක වෙන ලෙඩේ නිට්ටාවට හොඳ වෙනව
ReplyDeleteඔයා ඔච්චර නපුරු ඇයි?
Deleteමේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇතිය කියලා.
ReplyDeleteසැටිපිකෙට් ඇත්ත මේකෙ ඉන්නෙ කෙලෙස් නසපු උතුමෝනෙ.. වැඩියෙන් හිට් ලැබෙන ලිපි මොන වර්ගයේද කියල පරීක්ෂණයක් කරමුද ?
මට බය පරික්ෂණේ කරන්න ගිහිල්ල කීයකගේ රෙදි ගැලවෙයිද කියලා
Deleteමේ ආව පළමු වතාව. ආකර්ශනීය පකිස් පෙට්ටියක්. නියමයි.
ReplyDeleteබ්ලොග් රෝලත් දාගන්න.
දිගු ගමනකට සුබ පතනවා. ඔන්න දැන් මාත් ෆලෝවර් කෙනෙක්. ඔයාව රෝලටත් දාගත්තා.
බොහොම ස්තුතියි. බ්ලොග් රෝලකුත් දන්නම්.
Deleteඅපි දන්න එකෙක් ලංකාවේ කොටුවක් පැනලා. ටිකක්වෙලා යනකොට හස්බන්ඩ් ඇවිත් . මූ ඇඳ යටට රිංගලා. අප්සට් එකක් නැහැ. ගෑණියි, මිනිහයි ඇඳට වෙලා ඉන්නකොට ,අපේ එකාගෙ මොබයිල් එක රින්ග්වෙලා. බඩු මාට්ටු. හැබැයි අපේ එකේ කියනවා ඌට කරදරයක් කලේ නැහැ...ෆ්‍රිජ් එකෙන් බියර් එකකුත් කඩලා දුන්නාලු. මොන බොරුද...නෙලලා අම්බානක.
ReplyDeleteකොටු පනින්න යනකොට මොබයිල් ඕෆ් කර තබාගන්න!!
වටින උපදෙසක් මචන්
Deleteහොර කොටුන් පනින්න පෙර සිතා බැලියයුතුයි. තමන්ගේ අවශ්‍යතා වලට හරියට හරියන ගෑණියෙක් හොයාගෙන කොටු පනින්නේ නැටුව ඉන්න බැරි කමකුත් නෑ. මෙහෙම දේවල් උනා කියලා ඒවට ඕනවට වඩා කලබල වෙලත් බෑ. මොක උනත් අවසානයේ මනුස්ස ස්වභාවයන් තේරුම්ගෙන ජීවත් වෙන්න වෙනවා.
ReplyDeleteඅන්න හරි මිත්‍රයා
Deleteජොකාගෙයි / ජංගියෙයි වෙනස නොදැන දෙකක් බැලන්ස් කලේ කෝමද මූ?
ReplyDeleteමූට වෙනස හොයාගන්න බැරිවෙලාතියෙන්නේ උදේ පාන්දර කළුවරේ කලබලේට ඇඳුම් ටික ඇඳගන්න ගිහිල්ලා.
ReplyDeleteමේක ගොඩින් බේරපු එක වැරදියි. අර මිනිහටයි හොර ගෑණිටයි දෙන්නටම දඬුවම් කළානම් තමයි හරි.
ReplyDeleteඇයි එහෙම කියන්නේ. මේ ප්‍රශ්නේ දුරදිග නොයා බේරුන එක වැරදිද?
Deleteඉස්සට ඔය වගේ සීන් මාට්ටු වෙන්නේ සිගරට් බඩ් වලින්, ලිප්ස්ටික් පාරවල් වලින්. සැවන්දරා සුවඳින් එහෙම. ඒත් දැන් නම් මාට්ටු වෙන්නේ ඇස් ඇම් ඇස් වලින් වගේම අරූ කිව්වා වගේ ෆෝන් එකෙන්. ඒ නිසා පෝන් කරන්න යන කොට ෆෝන් එක ගැන සැලිකිලිමත් වෙන්න මතක තියා ගන්නේ.
ReplyDeleteබ්ලොග් අවකාශයේ කොටු පනින අය ඇතෙයි කියලා සැකයක්වත් තියා ගන්න එපා. මේකේ ඉන්නෙ ඔක්කෝම නිවන් යන අයයි, ස්වර්ගෙට යන අයයි විතරයි.
ඇත්ත තමයි මචෝ කතාව. දැන්නම් ෆේස්බූක් වගේ ඒවත් පරිස්සමෙන් තමයි කරගෙන යන්න ඕනේ.
Delete