රත්නපුරේ බට්ටි දැන් ප්‍රසිද්ධ චරිතයක් වෙලා හැමෝම ඇය ගැන කතාකරනවාය. කොටසක් පොලිස් කාරයාගේ වැරදි කියමින් ඔහුට දොස් පවරති. තවත් කොටසක් බට්ටිට දෙස් දෙවොල් දෙති. පොලිස්කාරයාට බනින එවුන්ගෙන් සමහරු බට්ටිට ගුටි කන්න වෙච්චි එකේ වරද කිවුවත් බට්ටිගේ ජීවන වුර්තියට හොඳක් කියන අය නෙවෙයි. බට්ටි ගණිකා වුර්තියේ නියැලෙන කෙනෙක් උනා. ඒක ගැන ඒ තරම් යහපත් මතයක් අපේ රටේ නෑ. බට්ටි ගැන සමාජ විද්‍යා විශ්ළේෂණ කරන්න යන්න ඕන නෑ. මේ සිද්ධිය ගැන ඇඟට පතට දැනෙන දේ කෙලින් කතා කරමු.
ගණිකා වුර්තිය හරි කියන්න බැරි සදාචාරාත්මක හේතු අනුව. නමුත් මනුස්සයෝ උනහම ලිංගික ආශාව ගෑනු පිරිමි හැමට ස්වභාවධර්මයෙන්ම ලැබෙනවා. බට්ටිලා වගේ අය නැති කරන්න කවදාවත් බැරි වෙයි. ඒත් එහෙම අය නොසිටියයුතුයි කියලා කෙනෙක් හිතනවනම් ගෑනු පිරිමි හැම කෙනාම පිළිගත් ක්‍රමයකට විවාහ ජීවිත ගතකර ඒ තුල ලිංගික හැසිරීම පවත්වගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ නොයෙකුත් හේතු නිසා දැන් ඉස්සර වගේ ස්ථිර විවාහ ජීවිත වලට ඇතුල් වෙන්න බැරි ඒ වගේම ඊට උනන්දුවක් නොදක්වන පිරිසකුත් ඉන්නවා. එහෙම වෙනකොට සල්ලි වලට උනත් තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගන්න කැමති අය කොටසක් හැදෙන්නේ ඉබේටමයි. බට්ටිලා වගේ අයගේ වුර්තියට පදනමක් වැටෙන්නෙත් එහෙමයි. කෙටියෙන් කිවුවොත් බට්ටිලා වගේ අයගෙන් කම් සැප බලාපොරොත්තු වන අය නොහිටියානම් බට්ටිලා වගේ අය ඉන්න හේතුවකුත් නැතිවෙනවා.
ඒත් ඒ වටපිටාව සේරම අමතක කරලා බට්ටි පොලිස්කාරයාගෙන් ගුටි කාපු එක හරි කියන්නයි බට්ටිට ගරහන්නයිනම් ගොඩදෙනෙක් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා.මේ අයට මතක්කරන්න තියෙන්නේ බට්ටිලා වගේ අයට ඔය තත්වය අත්කරල දෙන්න බලපාන සමාජ තත්වය ඇතිකරන්න බට්ටිට ප්‍රහාර එල්ල කරන අයත් එක් අතකින් වගකියන්න ඕනේ කියන එක. එහෙම කියන්නේ ඔය බොරු උපාසක සිල්වත්තු මනුස්සයන්ගේ ගෑනු පිරිමි ලිංගික සම්බන්ධතා වල හරි වැරැද්ද මොක උනත් පුරුද්දක් හැටියට ඒව ඕනවටත් වැඩිය පිළිකුල් කරන අතරෙම එකාට එකා ආත්ම වන්චාවෙන් කටයුතු කර ලිංගික පීඩනයකුත් ඇතිකරදෙන නිසා. මේ බොරු සිල් අරගත්තු උපාසකයන්ට බට්ටිලාගේ සමාජ තත්වය තේරෙන්නේ නෑ. සමහර විට ඔය වගේ අය තමන්ගේ නෝනලා එක්ක රන්ඩු වෙලා ලිංගික අහේනියෙන් ඉන්න වෙලාවට බට්ටි වගේ අයගෙන්හරි තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න පසුබට වෙන එකක් නෑ. මොක උනත් වෙන දේ තමයි හොර උපාසකයො ගෑනියෙක් ලවා තමන්ගේ ලිංගික කටයුත්ත කරගත්තට පස්සේ ඒකේ තෘප්තිය අවසන් උනහම ආයෙමත් ඒ ගෑනුන්ටම ගරහන්නතරම් මානසික පෙරලියක් වෙන එක.
බට්ටිට ගහපු පොලිස්කාරයාටනම් තද වෙන්න ඇත්තේ මිනිහ සල්ලි නොදී බට්ටිව ඇඳට ගෙනියන්න ගිහිල්ල වැඩේ වැරදුන තැන කියලනම් හොඳටම විශ්වාසයි. ඒත් සල්ලිත් නොදී වැඩේ කරන්නනම් ඒකටත් විසඳුමක් නැත්තේ නෑ. දැන් කැශුවල් සෙක්ස් වලට කැමති ගෑනුත් ඕන හැටියට ඉන්නව. පොලිස් සාජන් උන්නැහේට සමහර විට පොලිස් සේවයේම ඉන්න එහෙම එක්කෙනෙක් හොයාගන්න පුලුවන් වෙන්නත් තිබුණා උත්සහ කරල බැලුවනම්. එහෙම උනානම් බට්ටිලා පස්සේ යන්න ඕනත් නෑ බට්ටිලාට ගුටි අනින්න ගිහිල්ලා චාටර් වෙන්න ඕනත් නෑ. ගණිකා වුර්තිය පිළිගන්නම ඕනේ කියලා කියන්න හදිස්සි නොවුනත් එක දෙයක් කියන්න තියෙනව. ඒ මේ ලෝකේ ජීවය කියන දේ පවතින තාක් ගෑනු පිරිමි ලිංගික සම්බන්ධතා කියන එකත් ඒ ආකාරයෙන් පවතිනව කියන එකයි. ඒ නිසා අපි දෙයක් අසම්මතයි කියනවනම් ලිංගික සම්බන්ධතා වල සම්මතය කියන්නේ මොකක්ද කියලත් කියන්නම ඕනේ. ලිංගිකත්වය කියන වචනෙත් අරහං වෙච්චි සිල්වතුන් සම්මතේටත් ගරහන හැටි අපි දැකලා තියෙනවා. ඒකෙන් ලබන මානසික තෘප්තිය මොකක්ද කියන එකත් ලිංගිකත්වය ගැන පැහැදිලි දැක්මක් ඇති කාටත් ප්‍රශ්නයක්.
ඔය ඔක්කොම පලහිලවු අස්සේ බට්ටිව මාකට් කරන කණ්ඩායමකුත් සිටින බව පෙනෙන්නට ඉන්නවා. ඒ අතර සමාජවාදී දේශපාලනේ කරන අයත් සිටිති. මේ අය බට්ටිව වට කරගෙන ඉන්නේ බට්ටිට ඇති ආදරේකට වඩා සිද්ධියේදී තමන්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන් මේ සිදුවීම මොන විදිහට පාවිච්චි කළොත්ද කියල විමසිල්ලෙන්. යම් විදිහකින් ගණිකා වුර්තිය නීතිමය වශයෙන් පිළිගන්න කටයුතු සිද්ධ උනොත් බට්ටිව මාකට් කරන සමාජවාදියෝම සදාචාරය අල්ලගෙන ඒකට විරුද්ධ වෙන්නත් බැරි නෑ. දේශපාලනේ කියන්නේ ඒ තරමට අවස්ථාවාදී ලැජ්ජාවක් නැති එකක්. බට්ටි ගැන සැබවින්ම මානුශික විදිහට හිතල මේ සිද්ධිය දිහා බලන පිරිසකුත් නැතුව නෙවෙයි. නමුත් බොහොමයක් දෙනා තම තමන්ගේ සුපුරුදු ගතිය පෙන්වමින් ගණිකා වුර්තියේ වරදත් බට්ටිගේ චරිතයේ වරදත් පෙන්වමින් පොලිස් සාජන්වරයාගේ ක්‍රියාකලාපය සාධාරණ යැයි කිවුහ. ගණිකාවන්ගේ වැරදි කතාකරන විට ගණිකාවන් ආශ්‍රයට යොමුවී සිටින පිරිමින් කොටසක් ඉන්න බවත් සිහිතබාගතයුතුමයි. ඕනාවට වඩා සදාචාරසම්පන්න සමාජ පසුතලයන්හි ඇති අප්‍රසිද්ධ ලිංගික දුරාචාරයන් ගැන කතාකරන්නට ගියොත් පොත් ගනන් ලිවියහැකිවේ. ලිංගිකත්වයට සදාචාරයක් කියා දෙයක් අවශ්‍ය වේ. ඒත් එය ඕනාවට වඩා වැඩි වූ කළ ඇතිවන ලිංගික පීඩනයද සමාජය මොහොතින් වැනසියහැකි භයානක දෙයකි. ලංකාවේ අනගි සදාචාරයේ ඇතුල් පැත්තත් අන්ත අමිහිරි බව පමණක් මතක්කරන්නට දෙමින් ලිපිය අවසන් කරමි.
බොරදියේ මාලුබාන අයනම් ඉන්නවා තමයි..රටේ තව මාකට් කලහැකි සිද්ධියක් වෙනකන් විතරයි ඔය උනුසුම ඊට පස්සේ කට්ටිය එතනට දුවනවා.
ReplyDeleteහරියට හරි......
Deleteගද ගහන ලාංකික සදාචාරය හා අවස්ථාවාදය......තූ විතරක්
අවස්ථාවාදය් සේරටම උඩින් තියෙන්නේ
Deleteඋත්තරේ උඹේ පොස්ට් එක ඇතුලෙම තියනව බං...
ReplyDeleteඅවස්තාවාදය සහ ලිංගික කුහක කම....
උඹ කිවුවා හරි
Deleteඔක්කොටම මුල අපේ මිනිස්සුගෙ කාළකණ්නි කුහක කම.
ReplyDeleteඒකටම තමයි අපේ හොර උපාසකයෝ වැඩි තැනක් දෙන්නෙත්
Deleteපකිස්................ හරි වැදගත් රචනාවක්.. අගෙයි උත්සහය.............. ඒ වගේ ම සාර්ථකයි..
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට
Deleteගොඩක් අය කතා නොකරපු කාරනා ටිකක් මතක් කරදුන්නට පකිස්ට ස්තුතියි
ReplyDeleteමේ කාරනා ටික කියන්නම වෙනව සිද්ධිය ගැන මිනිස්සු කතාකරපු දේවල් දැක්කහම
Deleteබට්ටිලාගේ ජීවන වෘත්තිය හා සම්බන්ධ ගැටළු සදාතනික ප්‍රශ්නයක් පකිස්. බුදුන්ගේ කාලේ ඉඳන් පැවතගෙන එන වැඩක්නේ. අති ලිබරල් යැයි කියනා සමාජයන්ගේ සිට ඉතා සීමිත නිදහසක් ඇති සවුදියේ පවා මේ දේ කෙසේ හෝ පවතිනවා. ඔවුන්ට ගැටළු මතුවන්නේ ගණිකාවක් වීම නිසාම කියන කාරණයේදීනම් ඇතිවෙන්නේ හරි කේන්තියක්. අපේ බොහෝමයක් කාටහරි ගරහන්නමනේ බලන් ඉන්නේ.
ReplyDeleteබට්ටිලාට ගරහන මිනිස්සුන්ගෙන් ගොඩදෙනෙකුට තියෙන්නෙත් බොරු සදාචාරයක්
Delete