Pages

Monday, May 19, 2014

කරනවනම් පරිස්සමෙන් ඕං


මේකත් පොඩි රසකතාවක් තමයි. රස කතාවක් වගේම මේ වගේ වැඩ වලදි සුලු අතපසු වීම් කොහෙන් කෙළවර වෙනවද කියල හිතන්න පැත්තකුත් තියෙන එකක්. මේ අපූරු අකරතැබ්බ වෙලා තියෙන්නේ මීට කලකට ඉහත. ඒ කොටු පනින්න ගිය මනුස්සයෙකුට වෙච්ච පොඩි වැරදීමක් දුරදිග ගිහින් වැඩ සේරම පොරගේ ගෑනිට මාට්ටු වෙච්ච සිද්ධියක්.
                              
                          ඕං ඉතින් මෙහෙමයි සිද්ධිය වෙලා තියෙන්නේ. මේ කතාවට මුල් වෙච්ච මනුස්සයා විවාහක කෙනෙක්. ඒ උනාට මිනිහාට ටිකක් විතර කුකුල් වැඩ කරන්න හිත තිබුණා. ඒ නිසාම මේ මනුස්සයා වෙනත් ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වගෙන ගිහිල්ලයි තිබුණේ. ඔන්න ඉතින් කාලයක් යනකල් මේ ගැන මිනිහගේ කසාද ගෑනි දැනගෙන ඉඳලත් නෑ. ඒ කියන්නේ බොහොම පරෙස්සමෙන් කරල තියෙනව වැඩේ කාටත් නොදැනෙන්න. වැඩේ කියන්නේ මේ මනුස්සයා ගෑනු දෙන්නවම හොඳට මැනේජ් කරගෙනත් ගිහිල්ලා. අනියම් එක්කෙනා ගාවට හොර රහසේ ගිහිල්ලා එයාගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරලා සද්ද නැතුව ගෙදර එනවා. සමහර විට මිනිහගේ පවුල මිනිහා යන එන තැන් ගැන වැඩිය හොයන්නත් නැතුව ඇති.
                            කොහොම උනත් වැඩේ පත්තු වෙච්ච හැටි තමයි මෙතන තියෙන රසවත් සිද්ධිය. මේ මනුස්සයාගේ පවුල හැමදාම පුරුද්දක් විදිහට මෙයාගේ රෙදි ටික හෝදනවලු. ඕං ඉතිං දවසක් පුරුදු විදිහටම පවුල මේ මනුස්සයාගේ රෙදි ටිකත් අරගෙන හෝදන්න ලෑස්ති වෙනකොට සැකකටයුතු යමක් රෙදි ගොඩේ තිබිලා අහුවෙලා. ඒතමයි ගෑණු උදවිය අඳින මල් මෝස්තර දාපු ජංගියක්. මේක තමුන්ගේ එකකුත් නොවන වග වහා තේරුම්ගත් අර නෝනා මේක මෙයාගේ මනුස්සයාගේ රෙදි ගොඩට ආවේ කොහොමද කියලා සැක කරා. ගෑනි කිවුවත් වගේ සැක කරේම අර මනුස්සයා වෙනත් ගෑනියෙක් ආශ්‍රය කරනවා කියලා. මේක මෙතනට ආපු විදිහනම් ප්‍රෙහෙලිකාවක් තමයි. නමුත් ගෑණිගේ සැකයනම් එන්න එන්නම වැඩි වෙලා. අන්තිමට මෙයා අර ජංගියත් කෝටුවක ගහගෙන පොලීසියට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා.
               ඔන්න ඉතින් පොලීසියේ සුලු පැමිණිලි අංශය දක්වාම වැඩේ දුරදිග ගියාට පස්සේ තමයි අර මිනිහට එලොව පොල් පෙනුනේ. මිනිහා දැනගත්තා වැඩේ අතේ පත්තු උනයි කියලා. දැන් මිනිහට ප්‍රෙහෙලිකාව කොහොමද අර අනියම් භාර්‍යාවගේ ජංගි පොඩ්ඩ පොරගේ ගෙදරට ආවේ කියලා. බැලින්නම් වෙලා තියෙන්නේ මනුස්සයා කලින් දවසේ රෑ අර අනියම් බිරිඳගේ ගෙදර නිදාගෙන පාන්දර එලිවෙන ජාමෙට ඇවිල්ල තියෙන්නේ. ඉතින් පොඩි සෙල්ලමක් දාන්න ඇඳුම් ටික ගලවලා දෙන්නගේම ඇඳුම් තියල තියෙන්නේ එක තැන. එලිවෙන ජාමේ මද අඳුරේ අර මනුස්සයා ආපහු ඇඳුම් ටික අඳිද්දී පොරගේ ජොකා කියලා ඇඳගෙන තියෙන්නේ අර ජංගිය. වැඩේ තේරෙනකොට ප්‍රමාද වැඩියි.
                           කොහොම වෙතත් ප්‍රශ්නේ ගොඩක් දුර ගිහිල්ලා නෑ. මිනිහගේ වාසනාවට මේක ගොඩින් බේරගන්න පුලුවන් වෙලා. මේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇතිය කියලා. මෙහෙම වැඩ හරිමයි කියලා මම කියන්නෙත් නෑ. කරා කියලා කරන එකා ගැන අමනාපෙකුත් නෑ. ඒත් ඉතින් පරෙස්සමෙන්. සිද්ධිය රසවත් නිසයි බ්ලොග් එකට දැම්මෙ ඕං.

25 comments:

  1. බ්ලොග් කරණයට සුහද ව පිළිගන්නා අතර බ්ලොගය දියුණු කරගනිමින් සාර්ථක ව කරගෙන යන්න ලැබේවා යැයි සුභ පතන්නෙමු..............................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.

      Delete
  2. ඉඳලා ඉඳලා පටං ගත්ත ගමං දීලා තියෙන්නෙ හොඳම කතාවක්. හෙහ් හෙහ්.
    (පිලි ගන්න තරම් දෙයක් නෑ ඉතිං, මමත් අලුත් ඈ)

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ඔබට, ඇත්තම කිවුවොත් මමත් අලුත් මේ බ්ලොග් ලෝකයට.

      Delete
    2. හප්පේ!! ආයුබෝවන් ආයුබෝවන්!!!!!

      Delete
  3. ඕක මටත් වුනා බං දවසක්....නමුත් ඩෙනිම අදිද්දී වෙනසක් දැනිල ගැලෙව්ව .....පාන්දර ජාමෙක.....හැබැයි බදින්න පෙර......

    ReplyDelete
    Replies
    1. අප්පේ මම හිතුවේ අත්දැකීම් සහිත අය මෙතන නැතුව ඇති කියලා.

      Delete
  4. යකෝ උට ජංගියයි ජොකයි අදුර ගන්න බැරි තරං මැට්ටෙක්ද,,,????
    පිස්සු යකෙක් නෙ

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර අඩ අඳුරේම පොර ඇඳුම් ඇඳගෙන මාරු වෙලා කලබලේට.

      Delete
  5. ගෑනු පස්සෙ යන මෙහෙම එවුන්ට දෙන්න හොඳ බේතක් හැලපෙගෙ බ්ලොග් එකේ තියනව.නයි මිරිස් සාත්තුව දුන්නනම් පංකාදු පහයි.අමතක වෙන ලෙඩේ නිට්ටාවට හොඳ වෙනව

    ReplyDelete
    Replies
    1. ඔයා ඔච්චර නපුරු ඇයි?

      Delete
  6. මේ බ්ලොග් අවකාශයේනම් මම හිතන්නේ නෑ කොටු පනින අය ඇතිය කියලා.
    සැටිපිකෙට් ඇත්ත මේකෙ ඉන්නෙ කෙලෙස් නසපු උතුමෝනෙ.. වැඩියෙන් හිට් ලැබෙන ලිපි මොන වර්ගයේද කියල පරීක්ෂණයක් කරමුද ?

    ReplyDelete
    Replies
    1. මට බය පරික්ෂණේ කරන්න ගිහිල්ල කීයකගේ රෙදි ගැලවෙයිද කියලා

      Delete
  7. මේ ආව පළමු වතාව. ආකර්ශනීය පකිස් පෙට්ටියක්. නියමයි.

    බ්ලොග් රෝලත් දාගන්න.

    දිගු ගමනකට සුබ පතනවා. ඔන්න දැන් මාත් ෆලෝවර් කෙනෙක්. ඔයාව රෝලටත් දාගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. බ්ලොග් රෝලකුත් දන්නම්.

      Delete
  8. අපි දන්න එකෙක් ලංකාවේ කොටුවක් පැනලා. ටිකක්වෙලා යනකොට හස්බන්ඩ් ඇවිත් . මූ ඇඳ යටට රිංගලා. අප්සට් එකක් නැහැ. ගෑණියි, මිනිහයි ඇඳට වෙලා ඉන්නකොට ,අපේ එකාගෙ මොබයිල් එක රින්ග්වෙලා. බඩු මාට්ටු. හැබැයි අපේ එකේ කියනවා ඌට කරදරයක් කලේ නැහැ...ෆ්‍රිජ් එකෙන් බියර් එකකුත් කඩලා දුන්නාලු. මොන බොරුද...නෙලලා අම්බානක.

    කොටු පනින්න යනකොට මොබයිල් ඕෆ් කර තබාගන්න!!

    ReplyDelete
    Replies
    1. වටින උපදෙසක් මචන්

      Delete
  9. හොර කොටුන් පනින්න පෙර සිතා බැලියයුතුයි. තමන්ගේ අවශ්‍යතා වලට හරියට හරියන ගෑණියෙක් හොයාගෙන කොටු පනින්නේ නැටුව ඉන්න බැරි කමකුත් නෑ. මෙහෙම දේවල් උනා කියලා ඒවට ඕනවට වඩා කලබල වෙලත් බෑ. මොක උනත් අවසානයේ මනුස්ස ස්වභාවයන් තේරුම්ගෙන ජීවත් වෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න හරි මිත්‍රයා

      Delete
  10. ජොකාගෙයි / ජංගියෙයි වෙනස නොදැන දෙකක් බැලන්ස් කලේ කෝමද මූ?

    ReplyDelete
  11. මූට වෙනස හොයාගන්න බැරිවෙලාතියෙන්නේ උදේ පාන්දර කළුවරේ කලබලේට ඇඳුම් ටික ඇඳගන්න ගිහිල්ලා.

    ReplyDelete
  12. මේක ගොඩින් බේරපු එක වැරදියි. අර මිනිහටයි හොර ගෑණිටයි දෙන්නටම දඬුවම් කළානම් තමයි හරි.

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ. මේ ප්‍රශ්නේ දුරදිග නොයා බේරුන එක වැරදිද?

      Delete
  13. ඉස්සට ඔය වගේ සීන් මාට්ටු වෙන්නේ සිගරට් බඩ් වලින්, ලිප්ස්ටික් පාරවල් වලින්. සැවන්දරා සුවඳින් එහෙම. ඒත් දැන් නම් මාට්ටු වෙන්නේ ඇස් ඇම් ඇස් වලින් වගේම අරූ කිව්වා වගේ ෆෝන් එකෙන්. ඒ නිසා පෝන් කරන්න යන කොට ෆෝන් එක ගැන සැලිකිලිමත් වෙන්න මතක තියා ගන්නේ.

    බ්ලොග් අවකාශයේ කොටු පනින අය ඇතෙයි කියලා සැකයක්වත් තියා ගන්න එපා. මේකේ ඉන්නෙ ඔක්කෝම නිවන් යන අයයි, ස්වර්ගෙට යන අයයි විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මචෝ කතාව. දැන්නම් ෆේස්බූක් වගේ ඒවත් පරිස්සමෙන් තමයි කරගෙන යන්න ඕනේ.

      Delete