Pages

Sunday, March 1, 2015

කමින් කලර් නෝ ගුඩ්

2015 අවුරුද්ද පටන්ගත්තේ රටේ ලොකු දේශපාලන පෙරලියකුත් ඇතිකරමින්. පරාජය කරන්නට නොහැකි මට්ටමේ ප්‍රභල ප්‍රතිරූපයකුත් විශාල ජනාදරයකුත් තිබුන මහින්ද රාජපක්ෂ ජනපති පරාජයට පත් වුනි. චන්ද ප්‍රතිඵල වල හැටියටනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරන කොට්ඨාශ බහුතරයක් ජයගෙන ඇත. එහෙත් උතුරු පලාතේ හා නැගෙනහිර පලාතේ චන්ද අතිමහත් බහුතරයක් මහින්ද රාජපක්ෂ ජනපතිට නොලැබීමෙන් හෙතෙම සෙසු පලාත්වලින් ලබාගත් වැඩි චන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් ජය ගැනීමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපති සමත් විය. මේ සිදුවීම් සමූහයත් ජනපතිවරනයේ චන්ද පොරොන්දු හා ප්‍රසිද්ධියේ නොකියවුනු තිරය පිටුපස සිදුවීමුත් ගැන යමක් කීවොත් හොඳයි කියලා පකිස් පෙට්ටිය තීරනය කළා ඕං.
                              

  ඔක්කොමත් හරි චන්ද ප්‍රතිඵලේ ආවට පස්සේ රටම දැකපු පට්ටම ජෝක් එක තමයි රනිල් උන්නැහේ එයාගේ එක්සත් ජාතික පක්ෂෙයි එයයි දිනපු  චන්දෙයක් කියල හිතාගෙන හිටං හැසිරෙන විදිහ. චන්දෙට කලින් ඉඳලම පොදු අපේක්ෂකතුමාගේ ජනප්‍රිය සටන්පාඨය උනේ දූෂණය නැති යහපාලනය කියන එක. අනෙක් ප්‍රධාන පොරොන්දු ඒකරාශී කරල දින 100 වැඩපිළිවෙළ කියල හිටං එකකුත් නැගල ගියා ඔය අතරේ. මහින්ද උන්නැහේනම් දිගින් දිගටම ක්වුවේ යුද්ධය දිනලා රට සංවර්ධනය කරා ගෙනියන ගමන යනවයි කියලා. මේ සේරමත් හරි චන්ද හුටපට අස්සේ සම්බන්ධන්ලා හකීම්ලා තිරය පිටිපස්සේ ඉඳන් ගෙනියපු වැඩසටහන් ටිකකුත් තියෙනව කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ හිටං. ඒකටනම් පිටරට තානාපතිල වගේ උදවියත් සහභාගි වෙලයි ඉඳල තියෙන්නේ. ජනාධිපතිවරනයට පෙර පොදු අපේක්ෂකයාගේ වැඩපිළිවෙල ගැන පැනනගින සාධාරන ගැටළු කිහිපයක් ඉදිරිපත් කළා. දැන් ඒ ප්‍රශ්න හැබෑවටම ඇතිවෙන පාටකුයි පේන්නේ. ඒ වගේම දැන් තවත් ප්‍රශ්න ටිකක් අළුත පත් උන ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන ආයෙමත් ඇතිවෙන්න පටන් අරන්. ඒ ටික පහතින් දැක්වෙනවා.

 
1)අපේ අය යහ පාලනයට චන්දේ දෙද්දී උතුරේත් නැගෙනහිරත් දෙමළ මුස්ලිම් චන්දදායක බහුතරයක් ස්වයංපාලන සිහිනය සැබෑ කරගැනීමට මෛත්‍රීපාල මහත්තයට චන්දේ දුන්න කාරනාව ඇත්ත වගේ නේද?

2)චීනය හා රුසියාව සමග සමීපව කටයුතු කිරීමත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් තම හිතවත් ගෝලබාලයන් වූ  TNA එකට ඒ තරම් හොඳින් නොසැලකීමත් ගැන හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ගැන උදහස් ව සිටි බටහිර රටවල් දැන් යහපාලනය සමග එක්ව එතුමාට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් පලිගන්නට හෙමින් සීරුවේ උත්සහ කරන පාටකුත් පේනව නේද?

3)මින් පෙර උතුරට යැවීමට තහනම් කර තිබූ භාණ්ඩ ගනනාවක තහනම ඉවත් කිරීම, අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට සැලසුම් කිරීම, මාන්කුලම් පොලීසිය ඉවත් කිරීම රායප්පු ජෝසප්ලාගේ උතුරේ පෙලපාලි හා චාවාක්ච්චේරි පිපිරීම අඳුරු යුගයක් නැවත ඇති වීමේ නරක පෙරනිමිත්තක්ද?

4)යහපාලනය වෛරයෙන් තොර බවට තව දුරටත් සහතික විය හැකිද? මතුගම සිද්ධිය ජෝන් අමරතුංග උන්නැහේගේත් ගෝලබාලයන්ගේත් හැසිරීම යහපාලනයට එකඟද?

5)පෙට්‍රල් මිල මහා පරිමාණයෙන් අඩු වී ඩීසල් මිළ සුළුවෙන් පහත හෙලීම මෙරට සාමාන්‍ය ජනතාවට ඇති කරන්නේ කවර සහනයක්ද? බස් ගාස්තු හා බඩු මිල කෙරෙහි වැඩිපුර බලපාන්නේ ඩීසල් මිල බැවින් ඩීසල් මිල සුළුවෙන් පහත දමා පෙට්‍රල් මිල උපරිම ලෙස අඩු කිරීමෙන් රටේ බහුතරයකට සහනයක් ලැබෙනවාද?

6)කහ කුඩු උඳු පිටි කොත්තමල්ලි පාන් පිටි උම්බලකඩ මිල අඩු වී හාල් පරිප්පු වැනි ප්‍රධාන පෙලේ ආහාර වල මිල අඩු නොවීමේ තේරුම මොකක්ද?

7)පැවති රජයේ මහා පරිමාණ ලෙස වංචා කළ දුෂිත දේෂපාලකයින්ට දඬුවම් කිරීම ගැන සෑහීමකට පත්විය හැකිද? බැසිල් රාජපක්ෂ, සජින් වාස් වැන්නන පමණක් නොව රාජිත සේනාරත්න ඇමතිවරයාද පැවති රජයේ දූෂිත් වංචනික ක්‍රියා ගණනාවකට සම්බන්ධ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඔවුන් ගැන නිසි පියවර ගැනීම ප්‍රමාද ඇයි?

8)පසුගිය රජයේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වලට සම්බන්ධ පුද්ගලයන් මෛත්‍රිපාල මහතාගේ යහපාලනයටත් දින 100 වැඩ පිළිවෙලටත් සහය දෙන්නේනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරනවාද? බැසිල් සජින් වැන්නන් ගැන සෙවීමට එතරම් උනන්දුවක් නොදක්වා විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ වයස හා වංචනික ලියකියවිලි ගැන හෙවීමට දක්වන උනන්දුව කුමන අරමුණක් වෙනුවෙන්ද? පසුගිය රජය සමයේ සිදු වූ රටට හානිකරම දේ කූඨ ලේඛන සැකසීමද? සමස්ථයක් ලෙස රටේ දූෂණ වංචා සියල්ල සිදු වීතිබෙන්නේ 2005 සිට රාජපක්ෂ පාලන සමයේ පමණද? ඉන් පෙර වැරදි සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද?

9)වෙලේ සුදාට මොකක් වෙයිද? දුමින්ද සිල්වා මර්වින් සිල්වා යන හිටපු ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

10)අපේ රටේ මින් පෙර පැවති රජයන් හා බලයේ සිටි පක්ෂද වංචාකාරී දූෂිත බැවින් සෑම කල්හිම ආණ්ඩු කළ දේශපාලකයින් පිල් වලට බෙදී එකිනෙකාට චෝදනා කරමින් එකිනෙකාට දඬුවම් කරන්නට පොර කද්දී සුළු ජනකොටස් ස්වයංපාලන අරමුණු කරා හිමින් බඩගා යෑම රටේ ඊට වඩා බරපතල ප්‍රශ්නයක් නොවන්නේද? මහා පරිමණ දූෂණ වංචා යුධ ගැටුම් පවතින වාතාවරනයක් තුල පහසුවෙන් කර හැකිව තිබියදී කෙටි කළකින් යුද්ධය අවසන් කරමින් යුද්ධයෙන් වවාගෙන කෑම නතර කළ මහින්ද හිටපු ජනපතිට දඬුවම් කිරීම ඊලාම් බෙදුම්වාදය හිස එසවීමේ ගැටළුවටත් වඩා වැදගත්ද?



මේ ප්‍රශ්න ඔක්කොම අස්සේ අපි අපි පිල්වලට බෙදිල පක්ෂ වල එල්ලිලා ආණ්ඩු පෙරලෙන දිහා බලලා ආතල් ගනිද්දී TNA කාරයයො ටිකයි හකීම් උන්නැහේගේ මුස්ලිම් කොන්ග්‍රස් එකයි ස්වයං පාලන පිස්සුව තද වෙලා රටේ කෑලි තමන්ගේ වරිගේ අයට ලියවගන්න එලිපිට ගේම් ගහන විදිහ දකිනකොටනම්  කමින් කලර් නෝ ගුඩ් කියල හිටං තමයි අපිටනම් හිතෙන්නේ.

20 comments:

  1. අපිනම් චන්දෙට කලින්ම දැනගත්තා ඔය සිරිසේන කියන පඟර නැට්ටා ජනාධිපති උනොත් ඔය ටික වෙනව කියලා. ඔය පෝස්ට් එකේ ප්‍රශ්න ටික දැන් මුළු රටටම දැනෙනව.

    ReplyDelete
  2. තත්වේ තවත් භයානක වෙයිද කියල සැකයි අනාගතේදි.

    ReplyDelete
    Replies
    1. තත්වේ භයානක අතට හැරෙන ගතියක් තමා පෙන්නුම් කරන්නේ

      Delete
  3. පකිස් මල්ලි මතුපිටින් බලලා ගොඩක් නිගමන අරන් වගේ.. යූ ඇන්පී නැතුව මයිත්‍රී චන්දෙ ඉල්ලුවානම් දිනයිද ? ගම්පහ පැත්තෙ මහින්ද පැරදුනේ දෙමල චන්දවලින්ද ? රෙද්ද අස්සෙ කලිසම පෙනේ !

    ReplyDelete
    Replies
    1. ඔය ගොබ්බ තර්කය යහපාලන සෙට් එක නිතර ගේනව. මතක තියාගනින් යූ ඇන් පී එක මෛත්‍රී දිනවන්න පෙරට ආවේ මෛත්‍රීට තිබුන ආදරේකට නෙවෙයි. අනෙක ඔතන යූ ඇන් පී චන්ද මහ ගොඩක් නෑ. වැඩිපුර තිබුණේ පාවෙන චන්ද. ගම්පහ පැත්තේ මහින්ද පැරදුනේ සුළු ගනනකින්. අනෙක ගම්පහ ක්‍රිස්තියානි බහුතරයක් ඉන්න පැති වලිනුයි මහින්ද පැරදුනේ. ගම්පහ මහින්ද පැරදුනත් මෛත්‍රීට චන්දේ දීපු ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම දෙනෙක් ඊලාම් රාජ්‍යට පාර කපන කිසිම බෙදිවාදී වැඩපිළිවෙලකට කැමැත්තෙන් නෙමෙයි ඒ චන්දේ දුන්නේ. ඒ යහපාලනේ කියන වචනෙට රැවටිලා. ගම්පහයි යාපනේ හා මඩකළපු දිස්ත්‍රික්ක වලයි චන්ද පරතරේ බලපුවහම ගම්පහ ට වඩා යාපනේ හා මඩකළපු දිස්ත්‍රික්ක වල මහින්ද හා මෛත්‍රී චන්ද පරතරේ වැඩියි. ඒකට මොක කියන්නේ? ගම්පහ මිනිස්සුන්ගෙන් කොටසක් මහින්දට විරුද්ධ උනා මිසක් මහින්ද විරෝධී උණ වැලඳිලා ඊලාම්වාදයට පක්ෂ උනා නෙවෙයි. රනිල් මෛත්‍රී ඊලාම්වාදය සතුටු කරන්න ගියොත් මින් ඉදිරියට චන්ද දිනන එක බොරු.

      Delete
    2. ඕක ඉතින් චන්දෙට පස්සේ ඉඳල යහපාලන සෙට් එක ගෙනාපු පොයින්ට් එකනේ. නිකම් බොරු තර්ක එපා සිංහල බහුතරයක් ඉන්න චන්ද කොට්ඨාශයක මහින්දට 45000 ක් චන්දෙ ලැබෙද්දී මෛත්‍රීට 35000ක් ලැබෙන්නයි උතුරේ චන්ද කොට්ඨාශයකින් මෛත්‍රීට 25000ක් ලැබෙද්දී මහින්දට 5000ක් ලැබෙන්නයි නැගෙනහිර මුස්ලිම් බහුතරයක් ඉන්න පැස්තිවල චන්ද කොට්ඨාශයකින් මෛත්‍රීට 80000ක් ලැබෙනකොට මහින්දට 20000ක් ලැබෙන්නයි හේතුව රටෙන් වසන් කරන්න බෑ. දැන් බොරු නොදා ඉන්න. දෙමළ මුස්ලිම් අන්තවාදී කොටස් ස්වයංපාලන පිස්සුව තද වෙලා චන්දේ දුන්නා එක්සත් ජාතික පක්ෂයට කවදත් ලැදි මෝඩ රැලයි A\L කරල ගෙදර ඉඳන් පිස්සු ආතල් එකක් ගන්න වෙනසක් හොයපු ටවුන් වල පිම්පි සෙට් එකයි බඩ ගැන හිතල රට අමතක කළා.

      Delete
    3. පහල ඇනෝට ස්තුතියි තේරුමක් ඇති උත්තරයක් දුන්නට

      Delete
  4. // මේ ප්‍රශ්න ඔක්කොම අස්සේ අපි අපි පිල්වලට බෙදිල පක්ෂ වල එල්ලිලා ආණ්ඩු පෙරලෙන දිහා බලලා ආතල් ගනිද්දී TNA කාරයයො ටිකයි හකීම් උන්නැහේගේ මුස්ලිම් කොන්ග්‍රස් එකයි ස්වයං පාලන පිස්සුව තද වෙලා රටේ කෑලි තමන්ගේ වරිගේ අයට ලියවගන්න එලිපිට ගේම් ගහන විදිහ දකිනකොටනම් කමින් කලර් නෝ ගුඩ් කියල හිටං තමයි අපිටනම් හිතෙන්නේ. //

    ඔබ 100% හරි!

    රටට 100% සොරි!

    ReplyDelete
  5. 100%ක් එකඟයි..
    ඔය ටික ජනාධිපතිවරණයට කලින් අපි කියද්දි බොහෝ දෙනෙක් හිතුවේ අපට මහින්දගෙන් තොර ලොවක් නැහැ කියලා..අපි මහින්දට කඩේ යනවා කියලා..පවතින් තත්වය විස්තර කරලා තියෙන හොඳම විසඳුම මහින්ද කිව්වම යහපාලන සෙට් එක මොනවද නොකිව්වේ?රැවටුණ බව අඳුනගන්න තරම් ඥානයක් සහ ඒ බව පිළිගන්න තරම් කශේරුකාවක් තිබෙන උදවියට මගේ ප්‍රණාමය!
    දැන්මම ක්‍රියාත්මක නොවුණොත් ලොකු අනතුරක් නම් එන එක නියතයි..

    ReplyDelete
    Replies
    1. අජිත් : හුඟක් දුරට...!

      Delete
    2. අනතුර ලඟමයි කතා දෙකක් නෑ.

      Delete
  6. මං අහගෙන කියනවා අභ්‍යන්තර පරීක්ෂණය ඒක්සත් ජාතීන්ට විශ්වාසය කියලා.. ඒ ගමන් දෙමළ සංධානයට ඒක විශ්වාස නැතිලු.. යකෝ යූඒන් ඒක ලංකාවේ දේශපාලන පක්ෂයක්ද කියලත් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. දැන් ආපහු අර කොටි හිටපු කාලේ වගේ ජාත්‍යන්තර සංවිධාන අපේ රට උන්ගේ බූදලයක් කොලනියක් කියල හිතාගෙන පරන අඩවු අල්ලන්න පටන් අරන්.

      Delete
    2. මේ ඔක්කොම කොටි පරාද උන නිසා

      Delete
  7. කාලෙකට පස්සෙ බ්ලොග් ලෝකයට එබිල බලන්න ඉඩක් ලැබුන. මටනම් ඔය දේශපාලනේ ටිකක් අප්පිරිය දෙයක්. කොහොම උනත් අපේ පකිස්තුමාගේ ලිපියෙ ප්‍රශ්න ටිකත් එක්කනම් මාත් එකඟයි. ප්‍රශ්න ටික සුළුපටු නෑ කියල තමයි මටත් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete