Sunday, September 7, 2014
Wednesday, September 3, 2014
ජෝන් කොතලාවල ගැන අහපු නැති කතාවක්.
සර් ජෝන් කොතලාවල් කියපුවහම මේ රටේ නොදන්න කවුරුවත් හොයාගන්න හරි අමාරුයි. ඒ ඔහුගේ චරිතයේ තියෙන විශේෂත්වය නිසා. ජෝන් කොතලාවල කියන්නේ මේ රටේ හිටපු අගමැතිවරයෙකුත් වෙනවා. ජෝන් කොතලාවල චරිතය ගොඩ දෙනෙකුට මතක තියෙන්නේ නෙයිනගේ සූදුපොල වටලපු ඉතිහාසගත සිදුවීමත් එක්කයි.
මේ කියන්න යන්නෙ උන්නැහේ කරපු වීරකමක් ගැනනම් නෙවෙයි. තේරෙන බාසාවෙන්ම කිවුවොත් සිරාම වැඩක් ගැන. ඔන්න මෙතුමා අගමැති වෙලා හිටපු කාලේ එංගලන්තේ රජ පවුලේ කුමාරිකාවක් ලංකාව බලන්න ආවලු පොඩි සංචාරයක් දාන්න. ඉතින් මේ කුමාරිය රටේ වැදගත් සුන්දර ස්ථාන බලන්න එක්ක යන එකයි එයාට අවශ්‍ය පහසුකම් සපයන වැඩෙයි කළේ කොතලාවල උන්නැහේ. අපරාදෙ කියන්න බෑ මනුස්සයා ඒක හොඳට වගකීමෙන් කරලා. ඔන්න ඉතින් මේ කුමාරිකාව රටේ සිත්ගත් ලස්සන තැන් වලට එක්ක යනකොට මතකසටහන් හැටියට පින්තූර ටිකක් ගන්න කැමරාකරුවෙකුත් එක්ක යන්න අමතක කළේ නෑ. කැමරාකාරයත් අපේ රටේම මනුස්සයෙක්. ඉතින් ඕන් දවසක් කොතලාවල උන්නැහේ අපේ රටේ විශ්මිත පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙච්ච සීගිරිය බලන්න මේ කුමාරිකාව එක්කරගෙන ගියා අර කැමරාකාරයත් එක්ක. මෙහෙම ගිහිල්ල ඔන්න දැන් කට්ටියම සීගිරි ගල නගිනවලු බිතුසිතුවම් බලන්න හිතාගෙන. ඔය අස්සේ තමයි මාර වැඩේ උනේ. මෙන්න බොලේ එක පාරටම හෙන හයියෙන් හුලං පාරක් ඇවිල්ලා අර කුමාරියගේ ගවුම උඩ ගියාලු. මේක දැක්ක කොතලාවල උන්නැහේ කැමරා කාරයට කෑගහල කිවුවලු "ගනින් යකෝ පින්තූරයක්" කියලා. ඔන්න ඕකයි සිද්ධිය. මේක ගොඩක් අය දන්නෙ නැති හින්දා ටිකක් හිනා වෙන්නත් එක්ක බ්ලොග් එකෙත් දැම්ම ඔන්න.
Saturday, August 30, 2014
යෝධ පිඹුරෙක් කිඹුලෙකු ගිල දමන ආකාරය
වන සතුන්ගේ රාජධානිය තුල ආහාර දාමයන් එකිනෙක් සම්බන්ධ වෙන්නේ හරිම සංකීර්ණ විදිහට. එතනදි එක් සතෙක් තවත් සතෙකුගේ ගොදුරක් බවට පත් වීම සාමාන්‍ය දෙයක්. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ පිඹුරෙකුට ගොදුරුවන කිඹුලෙක්.
Saturday, August 23, 2014
ත්‍රිමාණ මුද්‍රණශිල්පය හෙවත් 3D ප්‍රින්ටින් ගැන දැනගන්න.
අප සාමාන්‍ය මුද්‍රණ කටයුතු වලදී කරන්නේ ත්‍රිමාණ දේ පැතලි තලයකට මුද්‍රණය කරන එක. ඒ කියන්නේ මුද්‍රණ කඩදාසි වලට වගේ පසුතලයකට ගන්න එක. නමුත් ත්‍රිමාණ මුද්‍රණ ශිල්ප ක්‍රමයේදී ත්‍රිමාණ ආකෘතිය ඒ ආකාරයෙන් ත්‍රිමාණ වස්තුවක් ලෙස නිර්මාණය කරගන්න පුළුවන්.මේ වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ ත්‍රිමාණ මුද්‍රණශිල්පක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයයි.මේ ආකාරයට ලෝහ උපකරන වුවත් නිර්මාණය කිරීමේ හැකියාව ඇත.
Saturday, August 16, 2014
මොනවද මේ වොලෝකොප්ටර් ? මෙන්න දැනගන්න
සාමාන්‍ය හෙලිකොප්ටර් ගැනනම් අපි කවුරුත් අහලා ඇති. මේ හෙලික්ප්ටර් වලට බොහෝවිට තියෙන්නේ බඹර එකක් හෝ දෙකක්. නමුත් වොලෝකොප්ටර් වලට බඹර වැඩි සංඛ්‍යාවක් තියෙනවා. වොලෝකොප්ටර් වල අන්තර්ගත තාක්ෂණය ගැන මේ වීඩියෝවෙන් වැඩි විස්තර බලාගන්න.
Sunday, August 10, 2014
රජ්ජුරුවන්ට අමතකයි
ගමක වෙච්ච තවත් රසවත් සිද්ධියක් මතක් වෙච්ච වෙලාවේ බ්ලොගේට දාන්න හිතුනා. වැඩි විස්තර ඕන නෑ මෙන්න මේකයි කතාව. දන්නවනේ වෙසක් කාලෙට වෙසක් කූඩු වෙසක් තොරන් වගේ වෙසක් නාට්ටිත් පෙන්නනවනේ. මේ කතාව ගමක වෙසක් කාලේ පෙන්නපු වෙසක් නාටියක් ගැන.
මේ වෙසක් නාට්ටියට අදාල කතා වස්තුවනම් මට මතකයක් නෑ. ඒත් කතාව කියවල විනෝද වෙන්න ඒක එච්චර බාධාවක් නෙවෙයි. ඉතින් මේ නාට්ටියට අනුව ඒකේ එකජවනිකාවක් තියෙනවලු කතාවේ රජතුමාට සන්නසකින් පණිවිඩයක් ලැබෙන. මේ කතාවේ හැටියට රජතුමා සන්නස බලලා සිහිය නැතුව ඇදගෙන වැටෙන්න ඕනලු. නාට්ටියේ රජ්ජුරුවන්ට රඟපාන නළුවට හැම දෙයක්ම ඉක්මනින් අමතක වෙන ගතියක් තිබිල තියෙනවා. ඒ නිසා අර ජවනිකාවේ හැටියට සන්නස කියවපුගමන් සිහිය නැතුව වැටෙන්න මේ රජ නළුවට අමතක වෙයිද කියල ගැටළුවකුත් නාට්ටියේ සංවිධායක මඩුල්ලට ආවා. එක් සංවිධායකයෙක් මේ ගැටළුවට විසඳුමක් හොයාගත්තලු. ඒ තමයි රජ්ජුරුවන්ට යවන සන්නසේ "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා වාක්‍යක් ලියලම යවන එක. එතකොට සන්නස දිගඇරපු ගමන් ඒකේ ලියල තියෙන එක දැකලා කරන්න තියෙන පාට් එක මතක් වෙනවනේ.
ඔන්න වෙසක් දවසේ නියමිත වෙලාවට නාටිය පටන්ගත්තා. දැන් ඉතින් අර සන්නස ගේන කොටසටත් ආවලු. ඔන්න පණිවිඩ කාරයා සන්නස ගෙනැත් රජ්ජුරුවන්ට භාරදුන්නා. සංවිධායක් මණ්ඩලේත් දැන් මේක දිහා බලාගෙන ඉන්නේ. රජ්ජුරුවෝ සන්නස දිගඇරියා. ලියලා තිබුණ එක දැකපු රජතුමා "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා මහ හඬින් කියාගෙනම වේදිකාව උඩ ඇදගෙන වැටුනලු. නාට්ටිය බලන්න ඇවිත් හිටපු කට්ටියට සේරම අමතක වෙලා බක බක ගා හිනායන්න ගත්තලු වෙච්ච වැඩේට.
Monday, August 4, 2014
මහාචාර්යවරයාගේ අපූරු විහිළුව
ඔන්න මේ කතාවනම් අපේ රටේ වෙච්ච දෙයක් ගැන නෙවෙයි පිට රට විශ්ව විද්‍යාලයක වුන අපූරු සිද්ධියක් ගැන. ඔය රට මොකක්ද කියලනම් මටත් එච්චර මතකයක් නෑ. කොහොම උනත් කතාව මේකයි. ඔන්න මේ කතාවට අදාල විශ්වවිද්‍යාල මහාචාර්යවරයා ශිෂ්‍යයන් අමතා දේශන පවත්වන හැම විටම මොකක් නමුත් අසභ්‍ය විහිළුවක් දේශනය අතරතුර විෂයට අදාලව කරන්නත් අමතක කළේ නැහැලු. මහාචාර්යවරයාගේ මේ ක්‍රියාකලාපය පිරිමි සිසුන්ට මහත් විනෝදජනක එකක් උනත් අදාල විශයට මේ මහාචාර්යවරයාගේ දේශන වලට සහභාගී වන සිසුවියන්ටනම් මේක ඒ තරම් ඇල්ලුවේ නෑලු. මේ සිසුවියන්ගෙන් ගොඩදෙනෙකුට මේක තරමක් අප්‍රසන්න දෙයක් උනා. සුපුරුදු විදිහට කාලය ගතවෙද්දී ඔන්න එක දවසක් අර මහාචාර්යවරයාගේ අසභ්‍ය විහිළු තහළු හිසරදයක් වෙච්ච සිසුවියන් පිරිස එකතුවෙලා මහාචාර්යවරයාට පාඩමක් උගන්වන්න තීරනය කළාලු. මේ අයගේ සැලැස්ම උනේ ඊලඟ වතාවේ මහාචාර්යවරයා පුරුදු විදිහට අසභ්‍ය කතාවක් පටන්ගත්තොත් සිසුවියන් සියළුදෙනා නැගිට පන්තියෙන් පිටවී යෑමයි.
හැබැයි මේ සිසුවියන්ගේ සැලැස්ම ගැන මහාචාර්යවරයාට රහසින් ආරන්චි වෙලා තියෙනවා. කොහොමෙන් කොහොහොමෙන් හරි ඔන්න ඊලඟ දවසේ මහාචාර්යවරයා පුරුදු විදිහටම දේශනය පටන්ගෙන ටිකදුරක් කරගෙන ගියා. ඔන්න ඉතින් මනුස්සයා හැමදාම කරන වැඩේ එදත් කරන්න හිතාගෙන මෙන්න මෙහෙම කිවුවලු. ඔය ළමයි දන්නවද ස්වීඩනයේ ගණිකාවන්ගේ එක දවසක ආදායම ඩොලර් 3000ක් කියලා. මේක අහපු ගමන් අර සිසුවියන් සේරම මහාචාර්යවරයා තවත් අසභ්‍ය කතා කියන්න ඉස්සර වෙලා නැගිටලා පන්තියෙන් එලියට යන්න ලෑස්ති උනාලු. මේක දැකපු මහාචාර්යවරයා එකවරම අර සිසුවියන් අමතා මෙහෙම කිවුවා. "ඔයගොල්ලෝ දැන්ම මේ කලබලෙන් කොහෙද යන්න හදන්නේ, ස්වීඩනයට යන්න හෙට රෑ 10 වෙනකල් ප්ලේන් එකක් නෑ" කියලා.
Subscribe to:
Posts (Atom)


