Pages

Saturday, August 30, 2014

යෝධ පිඹුරෙක් කිඹුලෙකු ගිල දමන ආකාරය

වන සතුන්ගේ රාජධානිය තුල ආහාර දාමයන් එකිනෙක් සම්බන්ධ වෙන්නේ හරිම සංකීර්ණ විදිහට. එතනදි එක් සතෙක් තවත් සතෙකුගේ ගොදුරක් බවට පත් වීම සාමාන්‍ය දෙයක්. මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ පිඹුරෙකුට ගොදුරුවන කිඹුලෙක්.


Saturday, August 23, 2014

ත්‍රිමාණ මුද්‍රණශිල්පය හෙවත් 3D ප්‍රින්ටින් ගැන දැනගන්න.


අප සාමාන්‍ය මුද්‍රණ කටයුතු වලදී කරන්නේ ත්‍රිමාණ දේ පැතලි තලයකට මුද්‍රණය කරන එක. ඒ කියන්නේ මුද්‍රණ කඩදාසි වලට වගේ පසුතලයකට ගන්න එක. නමුත් ත්‍රිමාණ මුද්‍රණ ශිල්ප ක්‍රමයේදී ත්‍රිමාණ ආකෘතිය ඒ ආකාරයෙන් ත්‍රිමාණ වස්තුවක් ලෙස නිර්මාණය කරගන්න පුළුවන්.මේ වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ ත්‍රිමාණ මුද්‍රණශිල්පක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයයි.මේ ආකාරයට ලෝහ උපකරන වුවත් නිර්මාණය කිරීමේ හැකියාව ඇත.

Saturday, August 16, 2014

මොනවද මේ වොලෝකොප්ටර් ? මෙන්න දැනගන්න


සාමාන්‍ය හෙලිකොප්ටර් ගැනනම් අපි කවුරුත් අහලා ඇති. මේ හෙලික්ප්ටර් වලට බොහෝවිට තියෙන්නේ බඹර එකක් හෝ දෙකක්. නමුත් වොලෝකොප්ටර් වලට බඹර වැඩි සංඛ්‍යාවක් තියෙනවා. වොලෝකොප්ටර් වල අන්තර්ගත තාක්ෂණය ගැන මේ වීඩියෝවෙන් වැඩි විස්තර බලාගන්න.

Sunday, August 10, 2014

රජ්ජුරුවන්ට අමතකයි



ගමක වෙච්ච තවත් රසවත් සිද්ධියක් මතක් වෙච්ච වෙලාවේ බ්ලොගේට දාන්න හිතුනා. වැඩි විස්තර ඕන නෑ මෙන්න මේකයි කතාව. දන්නවනේ වෙසක් කාලෙට වෙසක් කූඩු වෙසක් තොරන් වගේ වෙසක් නාට්ටිත් පෙන්නනවනේ. මේ කතාව ගමක වෙසක් කාලේ පෙන්නපු වෙසක් නාටියක් ගැන. 
                                      මේ වෙසක් නාට්ටියට අදාල කතා වස්තුවනම් මට මතකයක් නෑ. ඒත් කතාව කියවල විනෝද වෙන්න ඒක එච්චර බාධාවක් නෙවෙයි. ඉතින් මේ නාට්ටියට අනුව ඒකේ එකජවනිකාවක් තියෙනවලු කතාවේ රජතුමාට සන්නසකින් පණිවිඩයක් ලැබෙන. මේ කතාවේ හැටියට රජතුමා සන්නස බලලා සිහිය නැතුව ඇදගෙන වැටෙන්න ඕනලු. නාට්ටියේ රජ්ජුරුවන්ට රඟපාන නළුවට හැම දෙයක්ම ඉක්මනින් අමතක වෙන ගතියක් තිබිල තියෙනවා. ඒ නිසා අර ජවනිකාවේ හැටියට සන්නස කියවපුගමන් සිහිය නැතුව වැටෙන්න මේ රජ නළුවට අමතක වෙයිද කියල ගැටළුවකුත් නාට්ටියේ සංවිධායක මඩුල්ලට ආවා. එක් සංවිධායකයෙක් මේ ගැටළුවට විසඳුමක් හොයාගත්තලු. ඒ තමයි රජ්ජුරුවන්ට යවන සන්නසේ  "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා වාක්‍යක් ලියලම යවන එක. එතකොට සන්නස දිගඇරපු ගමන් ඒකේ ලියල තියෙන එක දැකලා කරන්න තියෙන පාට් එක මතක් වෙනවනේ.
                                         ඔන්න වෙසක් දවසේ නියමිත වෙලාවට නාටිය පටන්ගත්තා. දැන් ඉතින් අර සන්නස ගේන කොටසටත් ආවලු. ඔන්න පණිවිඩ කාරයා සන්නස ගෙනැත් රජ්ජුරුවන්ට භාරදුන්නා. සංවිධායක් මණ්ඩලේත් දැන් මේක දිහා බලාගෙන ඉන්නේ. රජ්ජුරුවෝ සන්නස දිගඇරියා. ලියලා තිබුණ එක දැකපු රජතුමා "මේක බලලා සිහිය නැතුව වැටෙන්න" කියලා මහ හඬින් කියාගෙනම වේදිකාව උඩ ඇදගෙන වැටුනලු. නාට්ටිය බලන්න ඇවිත් හිටපු කට්ටියට සේරම අමතක වෙලා බක බක ගා හිනායන්න ගත්තලු වෙච්ච වැඩේට.

Monday, August 4, 2014

මහාචාර්යවරයාගේ අපූරු විහිළුව


ඔන්න මේ කතාවනම් අපේ රටේ වෙච්ච දෙයක් ගැන නෙවෙයි පිට රට විශ්ව විද්‍යාලයක වුන අපූරු සිද්ධියක් ගැන. ඔය රට මොකක්ද කියලනම් මටත් එච්චර මතකයක් නෑ. කොහොම උනත් කතාව මේකයි. ඔන්න මේ කතාවට අදාල විශ්වවිද්‍යාල මහාචාර්යවරයා ශිෂ්‍යයන් අමතා දේශන පවත්වන හැම විටම මොකක් නමුත් අසභ්‍ය විහිළුවක් දේශනය අතරතුර විෂයට අදාලව කරන්නත් අමතක කළේ නැහැලු. මහාචාර්යවරයාගේ මේ ක්‍රියාකලාපය පිරිමි සිසුන්ට මහත් විනෝදජනක එකක් උනත් අදාල විශයට මේ මහාචාර්යවරයාගේ දේශන වලට සහභාගී වන සිසුවියන්ටනම් මේක ඒ තරම් ඇල්ලුවේ නෑලු. මේ සිසුවියන්ගෙන් ගොඩදෙනෙකුට මේක තරමක් අප්‍රසන්න දෙයක් උනා. සුපුරුදු විදිහට කාලය ගතවෙද්දී ඔන්න එක දවසක් අර මහාචාර්යවරයාගේ අසභ්‍ය විහිළු තහළු හිසරදයක් වෙච්ච සිසුවියන් පිරිස එකතුවෙලා මහාචාර්යවරයාට පාඩමක් උගන්වන්න තීරනය කළාලු. මේ අයගේ සැලැස්ම උනේ ඊලඟ වතාවේ මහාචාර්යවරයා පුරුදු විදිහට අසභ්‍ය කතාවක් පටන්ගත්තොත් සිසුවියන් සියළුදෙනා නැගිට පන්තියෙන් පිටවී යෑමයි.
                                                හැබැයි මේ සිසුවියන්ගේ සැලැස්ම ගැන මහාචාර්යවරයාට රහසින් ආරන්චි වෙලා තියෙනවා. කොහොමෙන් කොහොහොමෙන් හරි ඔන්න ඊලඟ දවසේ මහාචාර්යවරයා පුරුදු විදිහටම දේශනය පටන්ගෙන ටිකදුරක් කරගෙන ගියා. ඔන්න ඉතින් මනුස්සයා හැමදාම කරන වැඩේ එදත් කරන්න හිතාගෙන මෙන්න මෙහෙම කිවුවලු. ඔය ළමයි දන්නවද ස්වීඩනයේ ගණිකාවන්ගේ එක දවසක ආදායම ඩොලර් 3000ක් කියලා. මේක අහපු ගමන් අර සිසුවියන් සේරම මහාචාර්යවරයා තවත් අසභ්‍ය කතා කියන්න ඉස්සර වෙලා නැගිටලා පන්තියෙන් එලියට යන්න ලෑස්ති උනාලු. මේක දැකපු මහාචාර්යවරයා එකවරම අර සිසුවියන් අමතා මෙහෙම කිවුවා. "ඔයගොල්ලෝ දැන්ම මේ කලබලෙන් කොහෙද යන්න හදන්නේ, ස්වීඩනයට යන්න හෙට රෑ 10 වෙනකල් ප්ලේන් එකක් නෑ" කියලා.

Wednesday, July 30, 2014

අපූරු ලැට් එක


                      ඔන්න එක ගමක  වන්දනා නඩයක් අටමස්ථානේ වැඳපුදාගන්න ගියාලු. කට්ටිය වන්දනාවේ ගිහිල්ලා එලිමහනේ කූඩාරම් ගහගෙන තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ. ඔන්න ඔය අතරේ රෑ දෙගොඩහරියේ මේ නඩේ හිටපු එකෙකුට බොග සෙට් උනාලු. දැන් ඉතින් මේ වෙලාවේ ලැට් හොයන්නේ කොහෙන්ද? පොර නඩේ හිටපු තව දෙතුන්දෙනෙකුට එයාගේ උවම්නාව කියලා බොගේ දාගන්න දිහාවක් හොයන්න ගියාලු කට්ටියත් එක්ක. ගෙනාපු බාල්දියකට අහල පහල වැවකින් වතුර ටිකකුත් අරන් ඒ ලඟම තිබුන කැලේ ටිකක් ඇතුලට ඇතුලට ගිහිල්ල තරමක් එලිමහන් තැනකට කට්ටිය ඇවිත් අර බොග සෙට් වෙච්ච යාළුවට වතුර බාල්දියත් දීල අනෙක් කට්ටිය ටිකක් ඈතට වෙලා මුර කරනවලු කවුරුත් ඒ පැත්තට එනවද කියලා බලන්න.
                    අර යාළුව වැඩේ කරගෙන ඇවිල්ල අනෙක් සගයෝ ටිකට කිවුවලු අපරාදේ කියන්න බෑ ගෙදර ලැට් එකේ වගේ බොග දාන්න තැනක් සෙට් උනා කියලා. කට්ටියට දැන් මේක ප්‍රෙහෙලිකාවක්ලු කොහොමද මේ කැලෙයක් ලඟ කක්කුස්සියක්  තියෙන්නේ කියලා. වැඩේ තේරුනේ උදේ පාන්දර අහල පහල වෙනත් වන්දනා නඩයක ගෑනු කෙනෙක් මහා සද්දෙන් කාටදෝ බනිනව ඇහෙද්දි. එයා බැනල තියෙන්නේ බොග දාපු එකෙකුට. බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි. අර බොග සෙට් වෙච්ච එකා කලින් දවසේ රෑ යාළුවෝටිකත් එක්ක බොග දාන්න ගිහින් ගෙදර ලැට් එකේ වගේ බොග දැම්මා කියලා කියලා තියෙන්නේ අර ගෑනු කෙනා උදේට උයන්න ලෑස්ති කරල ගඩොල් කැට කීපයක් තියල හදපු ලිපකට බොගේ පාත් කරලා. ඇයි ඉතින් ලැට් එකේ වගේ කකුල් දෙක තියන්න ගල් දෙකත් තිබිලනේ. කොහොමෙන් කොහොමෙන් හරි අර බොග දාපු එකයි යාළුවෝ සෙට් එකයි මොනවත් කතා නොකර ඉඳලා නඩේ පිටින්ම හෙමීට එතනින් මාරු වෙලා ගියාළු.

Tuesday, July 22, 2014

ගහපන් බුදු හුලඟේ




මේ කතාවනම් ඔන්න සමහර විට ගොඩ දෙනෙක් අහපු එකක් වෙන්නත් පුළුවන්. ගමක වෙච්ච ඇත්ත සිද්ධියක් නිසාත් හාස්‍යජනක  බව නිසාත් බ්ලොගේ දාන්න හිතුවා. වැඩිය විස්තර ඕන නෑ මෙන්න මේකයි සිද්ධිය. 
           එක ගමක හිටියලු මනුස්සයෙක් බණ්ඩා කියලා. පොරට හොස්ස අගින් මැස්ස යන්න බැරි පොඩි දේට කිපෙනසුළු ගතියක් තිබුණලු. ඉතින් මිනිහට ගමම කියන්නේ කුලප්පු බණ්ඩා කියලාලු. ඔන්න කුලප්පු බණ්ඩා දවසක් හේනට ගිහිල්ලා අමු බඩ ඉරිඟු කරලක් කාලා එන ගමන් බඩේ අමාරුවක් හැදිලා බොග සෙට් උනා. මිනිහට තිබුණ හදිස්සිය නිසාම අවශ්‍යතාවය කොහොම හරි ඉෂ්ඨ කරගන්න ඕන නිසා ගහක් යටට ගිහින් බොග දැම්මලු. දැන් තියෙන ප්‍රශ්නේ තමයි හෝදගන්න වතුර ටිකක් නැති එක. මනුස්සය හෙමීට ගෙදර පිලිකන්න පැත්තෙන් එනකොට  වතුර මුට්ටියක් එලියේ තියනවා දැකලා. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ හොයපු දේ හම්බ උනානේ වතුර මුට්ටිය හලාගෙන මිනිහා පුක හේදුවාලු. ටික වෙලාවකින් පවුල ඇවිල්ලා අර වතුර මුට්ටිය අරන් කිවුවලු මම මේ කොච්චි මිරිස් ටිකක් තම්බලා මුට්ටිය එලියේ තියල තිබ්බ වතුර පිටින් ඒක ගන්නත් අමතක උනා කියලා. කුලප්පු බණ්ඩට එලොව පොල් පෙනුනේ එතකොට. ඒ වෙනකොටත් යන්තමට වගේ පුක දැවිල්ල අල්ලලයි තිබුණේ. ටික වෙලාවක් යනකොට තව වැඩි උනාලු. ඉවසගන්න බැරි තැන මිනිහා දිවුවා ඇලට ගිහින් විනාඩි 10ක් 15ක් විතර ඇලේ බැහැලා හිටියා. ගොඩට ඇවිත් බැලුවා ඒත් වැඩක් උනේ නෑ දැවිල්ල ආයෙමත් ආවා. බැරි තැන මිනිහා ගලක් උඩට නැගලා පුක එලියට එන්න සරම උස්සගෙන ගහපන් බුදු හුලඟේ කියලා කිවුවලු හුලං පාරක් බලාපොරොත්තුවෙන්.