Pages

Monday, June 30, 2014

වචන පෙරලියක් කළ හරිය




මේ සිද්ධිය වෙලා තිබුණේ මීට ගොඩක් කාලෙකට ඉස්සර තලවකැලේ පැත්තේ තේ වත්තක් ආශ්‍රිතව. ඉතින් මේ කියන්න යන කතාවේ තේවත්ත අයිති කෙනා සුද්දෙක්ලු. මිනිහට ඕන උනා වත්ත තුබුණ ඉඩමේ පැත්තකින් වෙන්න බංගලාවක් හදාගන්න. එහෙම හිතලා ඒ පලාතේ හොඳට මේසන් වැඩයි වඩු වැඩයි දෙකම දන්න සුපිරි බාස් කෙනෙකුට වැඩේ බාර දුන්නලු ඔන්න. ඉතින් මේ බාස් සිංහල මනුස්සයෙක් මිනිහට ඉංග්‍රීසි මෙලෝ හසරක් බෑ. ඒ වගේම සුද්දට සිංහලත් බෑ. මේ දෙන්න අදහස් හුවමාරු කරගත්තේ වත්තේ වැඩ බලන මහත්තයෙකුගේ මාර්ගයෙන්.
                                   ප්‍රශ්න මොක උනත් ඉතින් අර බාස් උන්නැහේ අපරාදේ කියන්න බෑ වැඩේ සුපිරියටම කරා. ලස්සනට බංගලාව හදල තිබුණා. දැන් ඉතින් ඔන්න අළුත හදපු බංගලාව බලන්න සුද්දා හදිසියේම ආව. ඇවිත් බැලුවා බංගලාව දිහා. මිනිහටත් අදහගන්න බෑ වැඩේ. ඒ තරමට සුපිරි. ඉතින් ඔන්න අර සුද්දට මේක ගැන ප්‍රශංසා කරන්න ඕන උනාලු. ඒත් මිනිහා සිංහල දන්නෙත් නෑ හරියකට. කරුමෙට එදා අර වත්තේ වැඩ බලන මහත්තයා ඉඳලත් නෑ. ඉතින් සුද්දා බාස් දිහා බලලා ඉංග්‍රිසියෙන් පොඩි යමක් කියලා මිනිහා එහෙන් මෙහෙන් අල්ලගත්ත සිංහල කෑල්ලකුත් දාලා මෙන්න මෙහෙම කිවුවලු "ඕල් බිල්ඩින් ලෙවල් මට්ටම්" කියලා. අර බාස්ට මේක හරියට තේරුනේ නෑ. මිනිහට මේක තේරුම් ගියේ වැඩේ සවුත්තුයි කියලා බංගලාව කඩලා බිමට ප්ලැට් කරන්න කිවුවා වගේ. එහෙම හිතල බාස් උන්නැහේ ගෝලයෝ ටිකත් එක්ක එකතු වෙලා අර බංගලාව පහුවදා එලි වෙනකොට කඩලා බිමට සමතලා කරලා තිබුණලු. ඇයි ඉතින් ලෙවල් මට්ටම් කියල සිංහලෙන්ම කියලනේ.

8 comments:

  1. පට්ට කතාව ඒක නං..
    අපරාදෙ සල්ලි

    ReplyDelete
  2. ආයේ......... අපේ මිනිස්සු එහෙමයි හදන්න කාලයක් ගියාට මොකද රැයක් එළිවෙන කොට චීන මහා ප්‍රාකාරය වුණත් මට්ටම් කරලා දානවා ෂුවර්.............

    ReplyDelete
  3. මරේ මරු

    ReplyDelete
  4. අයියෝ සල්ලි...

    ReplyDelete
  5. අපරාදේ බංගලාව හදපු එවුන්ගේ මහන්සිය.

    ReplyDelete
  6. සිකේ දන්න ඉංග්‍රිසියෙන් කිවුවනම් එකක් !

    ReplyDelete
  7. අපරාදේ කට වහන් හිටියනම් එකක්..

    ReplyDelete