Pages

Saturday, November 7, 2015

කිසිම සතුටකුත් නෑ කිසිම කනගාටුවකුත් නෑ.

                   

රටේ තවත් ජනප්‍රියම චරිතයක් වූ පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමියන් අපවත් වී ඇත. මේ ප්‍රවුර්තිය අසන්නට ලැබුණේ අද උදෑසනයි. සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය. එහෙත් පසකාලීනව මෑතක් දක්වා සෝභිත හිමියන්ගේ දේශපාලන කටයුතු ආදිය ජනතාවට ඒ තරම් රට ජාතිය පැත්තෙන් හිතකර නොවීය. එබැවින් උන්වහන්සේ මෑතක සිට ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ පෙර මෙන් රටට ජාතියට ආගමට ඒ තරම් වැඩදායක හිමි නමක් ලෙස නොවේ. ඊට හේතුව උන් වහන්සේට රටටත් ජාතියටත් බුද්ධ ශාසනයටත් වඩා තමන් සහය දැක්වූ දේශපාලන කණ්ඩායමට තිබූ ඇල්මදෝයි විටෙක සිතේ. කෙසේ කුමක් සිදු වූවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙර කල රටට සමාජයට කළ ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නට කිසිවෙකුටත් පුළුවන් කමක් නැත. උන්වහන්සේ බොහෝ ජාතික ගැටළු වලදී රටේ ජාතිකත්වය පැත්තේ සිටියේය. සෝභිත හිමියන් රටේ සමාජය බෞද්ධ සදාචාරාත්මක ගුනයන්ගෙන් පෝෂණය කරන්නට මනා කාර්යභාරයක් කළේය. දහම් අධ්‍යාපනයයේ උන්නතිය වෙනුවෙන්ද උන් වහන්සේ ඇප කැප වී ක්‍රියා කර ඇත. මේ සියල්ල සලකා බලන විටනම් උන් වහන්සේගේ අපවත් වීම රටටත් සමාජයටත් පාඩුවක් මෙන්ම ශෝකජනක සිද්ධියකි.
                                           පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කියනට තවත් පැත්තකින් වෙනත් කරුනු කීපයක්ද ඇත. ඒවා පෙර කී කාරනා වලට හාත් පසින් වෙනස් හා ප්‍රතිවිරුද්ධ දේවල් වේ. ඒ වැඩි හරිය උන්වහන්සේගේ එතරම් ප්‍රසිද්ධ නොවූ දේශපාලන ක්‍රියාකාරකම්ය. එකක්නම් රටට හෙන වැද්දූ අන්ත විජාතික ගැති කොටි ත්‍රස්තවාදයටත් ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුන් චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය ජනාධිපතිනිය බවට පත් කිරීමට එකළ කැප වී වැඩ කටයුතු කිරීමයි. කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ පැකේජ් නාඩගමටත් විජාතික ගැතිකමටත් එරෙහිව උන්වහන්සේ පසුව හඬක් නැගුවේය. එහෙත් එහි අර්ථය උන් වහන්සේ චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට දැක්වූ සහය අනුව කුමක්දැයි සාධාරන ප්‍රශ්නයක් විය. මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ එක්සත් ජාතික පක්ෂයද සමස්ථයක් ලෙස දැක්වූ විජාතික ගැතිකම නිසයි. සෝභිත හිමියන් පහුගිය කාලයේ යහපාලනය වෙනුවෙන් කැප වෙමින් නැවතත් පෙර චන්ද්‍රිකා කුමාරතුන්ග මහත්මිය ජනපති කිරීමට ක්‍රියා කළ ලෙසම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහනය කරවීමටද කැප වුනි. උන්වහන්සේ වරක් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටද සූදානමක් තිබුනු බව කවුරුත් දනී. අද මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරගනිමින් විජාතික ගැති දේශපාලන ගමනක් යන ආකාරය පැහැදිලිය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යහපාලනය ගැන පසුව කලකිරුනද ඒ එහි විජාතික ගැතිකම නිසා නොවීය. අවසන් කාලයේ සෝභිත හිමියන් රටේ ජාතික ගැටළු වලදි පෙර මෙන් ජාතිකත්වය පැත්තේ සිට ජාතික මෙහෙවරද නොකළේය. ඒ අනුව බලන කළනම් උන්වහන්සේගේ අපවත් වීම ගැන ජාතිකත්වය පැත්තෙන් බලන කළ විශේෂ කනගාතුවක්ද නැත.
                                          එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වුන කල්හි මෙරට අති විශාල ජනකායක් උන්වහන්සේගේ අපවත් වීම ගැන ශෝක වූයේ උන්වහන්සේ රටට ජාතියට බුද්ධ ශාසනයට ඇති අභියෝග ගැන නිතර ජනතාව අවධි කරමින් නොවෙනස් ජාතික ආගමික මෙහෙවරක් සිදු කළ නිසාය. එහෙත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුලදී සද්භාවයෙන් ජාතික ආගමික මෙහෙයක් කළ පසුව වැරදි දේශපාලනයක් අප්‍රකට ලෙස කරමින් විජාතික ගැති බලවේග සමග එක්ව කටයුතු කළේය. උන්වහන්සේ අපවත් වී ඇති මේ මොහොත වන විට ජනතාවගෙන් වැඩි හරියකට ඇත්තේ මේ ගැන දුක් වනවාද නැත්නම් සතුටු වනවාද කියන ගැටළුවයි. ඇත්තටමනම් වැඩි දෙනෙකුට ඇතිවන්නේ කිසිම දුකක්වත් කිසිම සතුටක්වත් නැති මධ්‍යස්ථ හැඟීමකි. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් කළ කී දෑ අනුවයි. කොහොම උනත් උන්වහන්සේට නිවන් නිවන් සුව අත් වේවායී ප්‍රාර්ථනා කරමි.

5 comments:

  1. සෝභිත හිමියන් යහපාලනේට කඩේ යන්න ගිහින් තමන්ගේ තිබුන යහපත් ප්‍රතිරූපයම බිමට සමතලා කරගත්තා තමයි , ඒත් උන්වහන්සේට වෛර කරන්න අපට බෑ. සෝභිත හිමිට නිවන් සුව අත් වේවා...!

    ReplyDelete
  2. සාසනික සහ සමාජමය වගකීම සම්පූර්ණ කොට නිවන් මග තවත් සන්ධිස්ථානයක් පසු කරා ඔබ හිමියනේ.....

    ReplyDelete
  3. බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
    ඊළඟ මාකටින් බයිට් එක .....
    නාගවිහාරේ සොබිත හිමියි.....
    අඬාපන් . සතුටුවෙන් ... ලියාපන් ......

    ReplyDelete
  4. මාදුලුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අපි කනගාටු උනත් උන්වහන්සේ යහපාලනය කියන නමින් ආපු හෙනේ රටට වද්දන්න සම්බන්ධ වීම වරදක් බව කියන්න අවශ්‍යයි.

    ReplyDelete
  5. ....//සෝභිත හිමියන් වරෙක අපේ ලංකාවෙ ජාතිමාමක භික්ෂූන් වහන්සේනමක් ලෙස නම් දරා සිටියේය. උන් වහන්සේගෙ ශාසනික ආගමික හා රට ජාතිය වෙනුවෙන් කළ සේවාවන් හමුවේ වරෙක උන් වහන්සේ ජනතාව අතර ජාතික වීරයෙක් බඳු විය//.....

    ....//මාදුළුවාවේ සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට දැක්වූ අසාමාන්‍ය හිතවත්කමත් මෙරට බහුතර දෑහිතකාමී ජනයා අතර ඇති කළේ එතරම් යහපත් ආකල්පයක් නොවේ//....

    මේ ගැන මගේ අදහස මේ කොමන්ටු දෙකේ තියනවා.පසුව මධ්‍යස්ථව කටයුතු කරනු වෙනුවට පක්ෂග්‍රාහි බවක් පෙනෙන්න ගත්තා.කොහොම උනත් අවසානයේදි උන්වහන්සේ තේරුම්ගත්තා හොරුන්ගේ නායකයා වෙනස් වුනත් හොරු විවිධ වෙස් අරගෙන නැවතත් පෙර පරිදීම බලයේ රැදෙමින් කටයුතු කරගෙන යනවා කියන එක.

    ReplyDelete