මීට කලින් අහපු දැකපු නැති ගැජමැටික් ටිකක් ඔන්න බලාගන්න
Showing posts with label තොරතුරු තාක්ෂණ. Show all posts
Showing posts with label තොරතුරු තාක්ෂණ. Show all posts
Saturday, August 8, 2015
Sunday, June 21, 2015
පරිගණකයක ප්‍රොසෙසරය හැදෙන ආකාරය දැක තිබේද?
පරිගණක භාවිතා කරන බෝහෝ දෙනා එහි ප්‍රොසෙසරය යනු කුමක්ද යන්න දැන සිටිනවාට කිසිම සැකයක් නෑ. ප්‍රොසෙසරය ගැන දැන සිටියත් ගොඩ දෙනෙක් මෙය කෙසේ නිර්මාණය කරනවාද යන්න දැක නැතිව ඇති. සිලිකන් තඹ ආදී අමුද්‍රව්‍ය එක්කාසු කරමින් ට්‍රාන්සිස්ටර බිලියන සිය ගනනක් අඩංගු වල ආකාරයට ඉතා සියුම්ව මේ ප්‍රොසෙසර් හෙවත් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කර්මාන්තශාලාවක් තුල හැදෙන්නේ මේ ආකාරයෙන්. වීඩියෝ එකේ සියළු විස්තර ඇත.
Monday, April 6, 2015
i phone 7 අළුත්ම ගැජමැටික් එක
මේ වීඩියෝ දෙකෙන් පෙන්වන්නේ අළුත්ම ඇපල් i phone 7 වර්ෂන් එකේ තියෙන විශේෂාංග. නැනෝ තාක්ෂණය සමග මොබයිල් තාක්ෂණය වේගයෙන් ඉදිරියට යන ආකාරය මේ වීඩියෝ තුලින් මනාව දැකබලාගන්න පුළුවන්.
Thursday, December 11, 2014
අන්තර්ජාලයේ සිංහල භාවිතා කරන්නන්ට ඔන්න සුභ ආරංචියක්
මේ තොරතුර වැදගත් වෙන්නේ ගොඩක්ම අන්තර්ජාලය තුල සිංහල භාවිතා කරන අයටයි.මේක සිංහල බ්ලොග් ලියන අයටත් ගොඩක් වැදගත් දෙයක් වෙයි. ඒ නිසාම බ්ලොග් එකේ පලකරන්නයි හිතුවේ. මේක ගූගල් භාශා පරිවර්තන සේවයට අළුතෙන් එක් වී ඇති සිංහල භාශා පරිවර්තන සේවාව ගැනයි. ගූගල් භාශා පරිවර්තන වෙබ් ලින්ක් එකට පිවිසෙන ඔබට "Detect Language " යන ටැබ් එකට ගොස් ඒ තුල " Sinhala" යනුවෙන් සිංහල භාශාව සඳහන් වනවා පහසුවෙන් සොයාගන්න පුලුවන්. එය " Click " කළ විට මුලින් ඇති "Text box " එකට "සි" ලෙස පහතින් අකුරක් එක් වේ. එය ලඟින්ම ඇති ඊ හිස ක්ලික් කළ විට සිංහල යතුරු පුවරුව සොයාගන්න පුලුවන්. මේ මගින් අපට පහසුවෙන් සිංහල වචන ටයිප් කර අනෙක් "Text box " එකේ පරිවර්තනය බලාගන්න පුළුවන්. ලින්ක් එක බලන්න.
https://translate.google.lk/
Subscribe to:
Posts (Atom)
