ඔන්න දුම් රිය ගැන දුම් රිය තාක්ෂණය ගැන උනන්දු වෙන අයට දැනගන්න වටිනා තොරතුරු ටිකක් අන්තර්ගත වීඩියෝවක්.
Saturday, November 1, 2014
දුම් රිය තාක්ෂණය ගැන තොරතුරු ටිකක්.
ඔන්න දුම් රිය ගැන දුම් රිය තාක්ෂණය ගැන උනන්දු වෙන අයට දැනගන්න වටිනා තොරතුරු ටිකක් අන්තර්ගත වීඩියෝවක්.
Sunday, October 19, 2014
ලොව උසම දිය ඇල්ල "ඒන්ජල්"
ඒන්ජල් දියඇල්ල ගැන අහපු නැති කෙනෙක් නැතුව ඇති.මේක තියෙන්නේ ලතින් ඇමරිකානු රටක් වන වෙනිසුවේලා කියන රටේ.දිය ඇල්ලේ උස මීටර් 979ක් ඒ කියන්නේ අඩි 3212ක්.එහි සීඝ්‍රම බෑවුම හරහා දිය කඩා හැලෙන උස මීටර් 807ක් එනම් අඩි 2648ක්. මේ දියඇල්ලේ උඩ ඉඳන් වැටෙන වතුර කොටසක් පොලවට වැටෙන්නත් ඉස්සර වෙලා ජල වාෂ්ප බිඳු බවට පත්වෙනවා. ජිමී ඒන්ජල් කියන ඇමරිකානු ගුවන් නියමුවා මුල් වරට මේ දියඇල්ල පිහිටි ප්‍රදේශය ඉහලින් පියාසර කරලා තියෙනවා. දිය ඇල්ලට ඒන්ජල් කියන නම ලැබිලා තියෙන්නේ ඉන් පසුව කියලයි බොහෝ දෙනා කියන්නේ. වීඩියෝව බලන්න.
https://www.youtube.com/watch?v=28se8ZM8vcI
Monday, October 13, 2014
බට්ටිට ගරහන උපාසකයෝ හා බට්ටිව මාකට් කරන්නෝ
රත්නපුරේ බට්ටි දැන් ප්‍රසිද්ධ චරිතයක් වෙලා හැමෝම ඇය ගැන කතාකරනවාය. කොටසක් පොලිස් කාරයාගේ වැරදි කියමින් ඔහුට දොස් පවරති. තවත් කොටසක් බට්ටිට දෙස් දෙවොල් දෙති. පොලිස්කාරයාට බනින එවුන්ගෙන් සමහරු බට්ටිට ගුටි කන්න වෙච්චි එකේ වරද කිවුවත් බට්ටිගේ ජීවන වුර්තියට හොඳක් කියන අය නෙවෙයි. බට්ටි ගණිකා වුර්තියේ නියැලෙන කෙනෙක් උනා. ඒක ගැන ඒ තරම් යහපත් මතයක් අපේ රටේ නෑ. බට්ටි ගැන සමාජ විද්‍යා විශ්ළේෂණ කරන්න යන්න ඕන නෑ. මේ සිද්ධිය ගැන ඇඟට පතට දැනෙන දේ කෙලින් කතා කරමු.
ගණිකා වුර්තිය හරි කියන්න බැරි සදාචාරාත්මක හේතු අනුව. නමුත් මනුස්සයෝ උනහම ලිංගික ආශාව ගෑනු පිරිමි හැමට ස්වභාවධර්මයෙන්ම ලැබෙනවා. බට්ටිලා වගේ අය නැති කරන්න කවදාවත් බැරි වෙයි. ඒත් එහෙම අය නොසිටියයුතුයි කියලා කෙනෙක් හිතනවනම් ගෑනු පිරිමි හැම කෙනාම පිළිගත් ක්‍රමයකට විවාහ ජීවිත ගතකර ඒ තුල ලිංගික හැසිරීම පවත්වගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ නොයෙකුත් හේතු නිසා දැන් ඉස්සර වගේ ස්ථිර විවාහ ජීවිත වලට ඇතුල් වෙන්න බැරි ඒ වගේම ඊට උනන්දුවක් නොදක්වන පිරිසකුත් ඉන්නවා. එහෙම වෙනකොට සල්ලි වලට උනත් තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගන්න කැමති අය කොටසක් හැදෙන්නේ ඉබේටමයි. බට්ටිලා වගේ අයගේ වුර්තියට පදනමක් වැටෙන්නෙත් එහෙමයි. කෙටියෙන් කිවුවොත් බට්ටිලා වගේ අයගෙන් කම් සැප බලාපොරොත්තු වන අය නොහිටියානම් බට්ටිලා වගේ අය ඉන්න හේතුවකුත් නැතිවෙනවා.
ඒත් ඒ වටපිටාව සේරම අමතක කරලා බට්ටි පොලිස්කාරයාගෙන් ගුටි කාපු එක හරි කියන්නයි බට්ටිට ගරහන්නයිනම් ගොඩදෙනෙක් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා.මේ අයට මතක්කරන්න තියෙන්නේ බට්ටිලා වගේ අයට ඔය තත්වය අත්කරල දෙන්න බලපාන සමාජ තත්වය ඇතිකරන්න බට්ටිට ප්‍රහාර එල්ල කරන අයත් එක් අතකින් වගකියන්න ඕනේ කියන එක. එහෙම කියන්නේ ඔය බොරු උපාසක සිල්වත්තු මනුස්සයන්ගේ ගෑනු පිරිමි ලිංගික සම්බන්ධතා වල හරි වැරැද්ද මොක උනත් පුරුද්දක් හැටියට ඒව ඕනවටත් වැඩිය පිළිකුල් කරන අතරෙම එකාට එකා ආත්ම වන්චාවෙන් කටයුතු කර ලිංගික පීඩනයකුත් ඇතිකරදෙන නිසා. මේ බොරු සිල් අරගත්තු උපාසකයන්ට බට්ටිලාගේ සමාජ තත්වය තේරෙන්නේ නෑ. සමහර විට ඔය වගේ අය තමන්ගේ නෝනලා එක්ක රන්ඩු වෙලා ලිංගික අහේනියෙන් ඉන්න වෙලාවට බට්ටි වගේ අයගෙන්හරි තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න පසුබට වෙන එකක් නෑ. මොක උනත් වෙන දේ තමයි හොර උපාසකයො ගෑනියෙක් ලවා තමන්ගේ ලිංගික කටයුත්ත කරගත්තට පස්සේ ඒකේ තෘප්තිය අවසන් උනහම ආයෙමත් ඒ ගෑනුන්ටම ගරහන්නතරම් මානසික පෙරලියක් වෙන එක.
බට්ටිට ගහපු පොලිස්කාරයාටනම් තද වෙන්න ඇත්තේ මිනිහ සල්ලි නොදී බට්ටිව ඇඳට ගෙනියන්න ගිහිල්ල වැඩේ වැරදුන තැන කියලනම් හොඳටම විශ්වාසයි. ඒත් සල්ලිත් නොදී වැඩේ කරන්නනම් ඒකටත් විසඳුමක් නැත්තේ නෑ. දැන් කැශුවල් සෙක්ස් වලට කැමති ගෑනුත් ඕන හැටියට ඉන්නව. පොලිස් සාජන් උන්නැහේට සමහර විට පොලිස් සේවයේම ඉන්න එහෙම එක්කෙනෙක් හොයාගන්න පුලුවන් වෙන්නත් තිබුණා උත්සහ කරල බැලුවනම්. එහෙම උනානම් බට්ටිලා පස්සේ යන්න ඕනත් නෑ බට්ටිලාට ගුටි අනින්න ගිහිල්ලා චාටර් වෙන්න ඕනත් නෑ. ගණිකා වුර්තිය පිළිගන්නම ඕනේ කියලා කියන්න හදිස්සි නොවුනත් එක දෙයක් කියන්න තියෙනව. ඒ මේ ලෝකේ ජීවය කියන දේ පවතින තාක් ගෑනු පිරිමි ලිංගික සම්බන්ධතා කියන එකත් ඒ ආකාරයෙන් පවතිනව කියන එකයි. ඒ නිසා අපි දෙයක් අසම්මතයි කියනවනම් ලිංගික සම්බන්ධතා වල සම්මතය කියන්නේ මොකක්ද කියලත් කියන්නම ඕනේ. ලිංගිකත්වය කියන වචනෙත් අරහං වෙච්චි සිල්වතුන් සම්මතේටත් ගරහන හැටි අපි දැකලා තියෙනවා. ඒකෙන් ලබන මානසික තෘප්තිය මොකක්ද කියන එකත් ලිංගිකත්වය ගැන පැහැදිලි දැක්මක් ඇති කාටත් ප්‍රශ්නයක්.
ඔය ඔක්කොම පලහිලවු අස්සේ බට්ටිව මාකට් කරන කණ්ඩායමකුත් සිටින බව පෙනෙන්නට ඉන්නවා. ඒ අතර සමාජවාදී දේශපාලනේ කරන අයත් සිටිති. මේ අය බට්ටිව වට කරගෙන ඉන්නේ බට්ටිට ඇති ආදරේකට වඩා සිද්ධියේදී තමන්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන් මේ සිදුවීම මොන විදිහට පාවිච්චි කළොත්ද කියල විමසිල්ලෙන්. යම් විදිහකින් ගණිකා වුර්තිය නීතිමය වශයෙන් පිළිගන්න කටයුතු සිද්ධ උනොත් බට්ටිව මාකට් කරන සමාජවාදියෝම සදාචාරය අල්ලගෙන ඒකට විරුද්ධ වෙන්නත් බැරි නෑ. දේශපාලනේ කියන්නේ ඒ තරමට අවස්ථාවාදී ලැජ්ජාවක් නැති එකක්. බට්ටි ගැන සැබවින්ම මානුශික විදිහට හිතල මේ සිද්ධිය දිහා බලන පිරිසකුත් නැතුව නෙවෙයි. නමුත් බොහොමයක් දෙනා තම තමන්ගේ සුපුරුදු ගතිය පෙන්වමින් ගණිකා වුර්තියේ වරදත් බට්ටිගේ චරිතයේ වරදත් පෙන්වමින් පොලිස් සාජන්වරයාගේ ක්‍රියාකලාපය සාධාරණ යැයි කිවුහ. ගණිකාවන්ගේ වැරදි කතාකරන විට ගණිකාවන් ආශ්‍රයට යොමුවී සිටින පිරිමින් කොටසක් ඉන්න බවත් සිහිතබාගතයුතුමයි. ඕනාවට වඩා සදාචාරසම්පන්න සමාජ පසුතලයන්හි ඇති අප්‍රසිද්ධ ලිංගික දුරාචාරයන් ගැන කතාකරන්නට ගියොත් පොත් ගනන් ලිවියහැකිවේ. ලිංගිකත්වයට සදාචාරයක් කියා දෙයක් අවශ්‍ය වේ. ඒත් එය ඕනාවට වඩා වැඩි වූ කළ ඇතිවන ලිංගික පීඩනයද සමාජය මොහොතින් වැනසියහැකි භයානක දෙයකි. ලංකාවේ අනගි සදාචාරයේ ඇතුල් පැත්තත් අන්ත අමිහිරි බව පමණක් මතක්කරන්නට දෙමින් ලිපිය අවසන් කරමි.

Saturday, October 4, 2014
අනාගතේ ඉගිලෙන කාර් එකක්
Thursday, September 25, 2014
දොස්තරගේ යෝජනාව
ඔන්න ඉතින් මේ කතාවනම් හිනාවෙනවටත් වඩා හිතන්න යමක් තියෙන එකක්. මේක සමහර විට අපේ යාළුවෝ කට්ටිය අහලත් ඇති. වැල්වටාරම් මොකටද? ඔන්න මේකයි සිද්ධිය. එක්තරා දොස්තර කෙනෙක් ලඟට ළමයෙක් වඩාගත්තු කාන්තාවක් ඇවිත් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවලු. ඩොක්ට මම තව පාරක් ගැබ්ගෙනයි තියෙන්නේ, මට තවත් පොඩි දරුවෙක් ඉන්න නිසා එකලඟ ළමයි හදන්න බෑ ඒක කරදරයිනේ. බැරිද ඇබෝශන් එකක් කරලා දෙන්න? දොස්තර කල්පනා කරලා කිවුවලු මම කිසි කරදරයක් නැති ලේසි වැඩක් කියන්නම් කැමතිනම් කරන්න කියලා. අර කාන්තාව බොහොම සතුටින් ඇහුවලු අනේ ඩොක්ට මොකක්ද ඒ වැඩේ කියලා. දොස්තර මහත්තයා මෙහෙම කිවුවලු. ඇබෝශන් කරන්න ගියහම අමාරුයි කරදරයිනේ ඒක නිසා අපි ඔය අතේ ඉන්න ළමය මරමු ඇයි ඉතින් බඩේ ඉන්න ළමය කියල මොකද ඒ ළමයටත් තියෙන්නේ පනනේ කියලා. අර කාන්තාව විශ්මයට පත්වෙලා ඇහුවලු ඩොක්ට ඇයි එහෙම කියන්නේ ළමයෙක් මරන එක මොන අපරාදයක්ද කියලා. එතකොට දොස්තර මහත්තයා අහනවලු ඇයි දැන් නෝන ආවේ ඒ වැඩේ කරන්න කැමැත්තෙන් ඒකට හිත හදාගෙන නේද කියලා. අර කාන්තාව එතනින් එහා මොනවත් කියන්නේ නැතුව ළමයා හදාගන්න හිතාගෙන පිටවෙලා ගියා. මේකෙන් විහිලුව වගේම යම් වරදක් තමන්ට අවශ්‍ය තැනදි අවස්ථාවාදීව හරි කියලා ගන්න බෑ කියන එකත් හිතන්න අවස්ථාවක් සලසලා තියෙනවා.
Saturday, September 20, 2014
මී පැටවු කා දැමියහැකි ලොව විශාලතම මකුළු විශේෂයක්
දකුණු ඇමරිකානු රටවල මේ මකුළු විශේෂය වැඩිවශයෙන් දැකියහැකි බව වාර්තා වේ.
Friday, September 12, 2014
Subscribe to:
Posts (Atom)