Monday, June 30, 2014
වචන පෙරලියක් කළ හරිය
මේ සිද්ධිය වෙලා තිබුණේ මීට ගොඩක් කාලෙකට ඉස්සර තලවකැලේ පැත්තේ තේ වත්තක් ආශ්‍රිතව. ඉතින් මේ කියන්න යන කතාවේ තේවත්ත අයිති කෙනා සුද්දෙක්ලු. මිනිහට ඕන උනා වත්ත තුබුණ ඉඩමේ පැත්තකින් වෙන්න බංගලාවක් හදාගන්න. එහෙම හිතලා ඒ පලාතේ හොඳට මේසන් වැඩයි වඩු වැඩයි දෙකම දන්න සුපිරි බාස් කෙනෙකුට වැඩේ බාර දුන්නලු ඔන්න. ඉතින් මේ බාස් සිංහල මනුස්සයෙක් මිනිහට ඉංග්‍රීසි මෙලෝ හසරක් බෑ. ඒ වගේම සුද්දට සිංහලත් බෑ. මේ දෙන්න අදහස් හුවමාරු කරගත්තේ වත්තේ වැඩ බලන මහත්තයෙකුගේ මාර්ගයෙන්.
ප්‍රශ්න මොක උනත් ඉතින් අර බාස් උන්නැහේ අපරාදේ කියන්න බෑ වැඩේ සුපිරියටම කරා. ලස්සනට බංගලාව හදල තිබුණා. දැන් ඉතින් ඔන්න අළුත හදපු බංගලාව බලන්න සුද්දා හදිසියේම ආව. ඇවිත් බැලුවා බංගලාව දිහා. මිනිහටත් අදහගන්න බෑ වැඩේ. ඒ තරමට සුපිරි. ඉතින් ඔන්න අර සුද්දට මේක ගැන ප්‍රශංසා කරන්න ඕන උනාලු. ඒත් මිනිහා සිංහල දන්නෙත් නෑ හරියකට. කරුමෙට එදා අර වත්තේ වැඩ බලන මහත්තයා ඉඳලත් නෑ. ඉතින් සුද්දා බාස් දිහා බලලා ඉංග්‍රිසියෙන් පොඩි යමක් කියලා මිනිහා එහෙන් මෙහෙන් අල්ලගත්ත සිංහල කෑල්ලකුත් දාලා මෙන්න මෙහෙම කිවුවලු "ඕල් බිල්ඩින් ලෙවල් මට්ටම්" කියලා. අර බාස්ට මේක හරියට තේරුනේ නෑ. මිනිහට මේක තේරුම් ගියේ වැඩේ සවුත්තුයි කියලා බංගලාව කඩලා බිමට ප්ලැට් කරන්න කිවුවා වගේ. එහෙම හිතල බාස් උන්නැහේ ගෝලයෝ ටිකත් එක්ක එකතු වෙලා අර බංගලාව පහුවදා එලි වෙනකොට කඩලා බිමට සමතලා කරලා තිබුණලු. ඇයි ඉතින් ලෙවල් මට්ටම් කියල සිංහලෙන්ම කියලනේ.
Saturday, June 28, 2014
මේක විශ්වාස කරන්න පුලුවන්ද?
ඩේවිඩ් කොපෆීල්ඩ් දෙකට කැඩෙයි.
Friday, June 27, 2014
Tuesday, June 24, 2014
මොළේ පාවිච්චි කරලා උත්තරේ හොයමු බලන්න.
Sunday, June 22, 2014
නානා ලිඳේ
ඔන්න එක ගමක හිටියලු මනුස්සයෙක් නානා කියල. දවසක් මේ නානා ළිඳකට ගියාලු වතුරටිකක් ගන්න. ඉතින් බොලේ වෙච්ච ඇබැද්දියක මහත කියන්නේ මේ යෝදය පය ලිස්සලා ළිඳට වැටිලා. ඉතින් මිනිහා ළිඳ ඇතුලේ ජබ ගහ ගහ ඉන්නකොට ඒ අහලින් ගිය මනුස්සයෙකුට අහම්බෙන් වගේ මේ සද්දේ ඇහිලා තියෙනවා. මිනිහා නිකමට වගේ ඇහුවලු කවුද ළිඳේ කියලා. නානා එක පාරටම උත්තර දුන්නලු මම නානා කියලා. අර මනුස්ස්යත් කියපි එහෙනම් නාගෙනම වරෙන් කියලා. බැලින්නම් මිනිහට ඒක ඇහිල තියෙන්නේ මම නානවා කියන්න වගේ. ඇයි ඉති නානා ළිඳ ඇතුලෙනේ. කොහොමෙන් කොහොමෙන් හරි නානා මුලු දවසම ළිඳේ ඉඳල බොහොම අමාරුවෙන් ගොඩ ආවේ ළිඳට ආපු තව මනුස්සයෙකුගේ උදවුවෙන්.
Thursday, June 19, 2014
දේශපාලකයෙකුගේ රසකතාවක්
ඔන්න මේකතාව අපේ රටේ දේශපාලකයෙකුට වෙච්චි වැඩක් ගැන. කවුරු කවුරුත් දන්නවනේ ඉතින් අපේ දේශපාලනේ හැටි. දේශපාලකයෝ ඉතින් තමන්ගේ දේශපාලන චරිතේ පුම්බගන්න පුලුවන් හැම උත්සහයක්ම ගන්නවනේ. මේ අයට සාමාන්‍ය වශයෙන් මළ ගෙවල්, මගුල් ගෙවල්, පිරිත් ගෙවල් ඕන එකක් ඔට්ටුයි. එහෙම තැන් වලට ටිකක් හොට දාලා තමන්ගේ ප්‍රදේශයේ චන්ද දායකයෙක්නම් මනුස්සයා ගැන වර්ණනා කරලා පොඩි කතාවක් එහෙම කරලා යන්න මේ අය හරි දක්ෂයි.
ඉතින් මේ සිද්දියත් ඒ වගේම එකක් ඕං. දවසක් එකතරා දේශපාලකයෙක් තමන්ගේ චන්ද බල ප්‍රදේශයේ පොඩි සංචාරයක් දානා ගියාලු. ඒ යන අතරමගදී එක්තරා නිවසක මරනයක් සිදුවෙලා තියෙන බවක් මේ මනුස්සයා දැක්කා. ඒ වෙනකොට අහල පහල අයයි මැරුන කෙනාගේ නෑ හිතමිතුරු කට්ටියයි සෑහෙන පිරිසක් මළ ගෙදරට එක් රැස්වෙලා තමයි හිටියේ. ඔන්න ඉතින් අර දේශපාලකතුමාත් මේ අවස්ථාවෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න කියලා හිතාගෙන මළගෙදරට රිංගුවා මිනිහගේ ගෝලබාලයොත් එක්ක. ඔන්න ඉතින් මිනිහා ගෙදර අයට පුලුවන් හැටියට උදවු පදවු ටිකක් කරලා යන්න ඉස්සර වෙලා රැස්ව හිටපු පිරිස අමතලා වචන ස්වල්පයක් කතා කරන්න හිතුවා.
ඔන්න මනුස්සයා ඉතින් පුරුදු විදිහට කතාව පටන්ගෙන මියගිය කෙනාගේ ඥාතීන්ට තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරලා එහෙම ගුණ කථනය පටන්ගත්තා. ඒ වෙනකොට අපේ දේශපාලකතුමාට එහෙන් මෙහෙන් කනට වැටිල තිබුණේ මැරිච්ච කෙනා දොස්තර කෙනෙක් කියලා. ඉතින් ඒ අනුව තමන්ගේ ගුණකථනය මෙයා ඉදිරියට කරගෙන ගියා. එහෙම කරගෙන යද්දී වැඩි ලකුණු දාගන්න බොරුවට කිවුවලු අනේ අපේ තාත්තත් ලෙඩවෙලා හිටපු දවසක මේ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් අරන් තමයි සුව උනේ කියලා. මේක අහගෙන හිටපු මළ ගෙදර මිනිස්සුන්ට ශෝකය ටිකකට අමතක වෙලා හිනා පහල උනාලු. හැමෝම මූනෙන් මූන බලාගෙන සිනාසෙන ගමන් අර මනුස්සයගේ කතාව අහගෙන හිටියා. බැලින්නම් සිද්ධිය මේකයි, මැරිලා තියෙන්නේ දොස්තර කෙනෙක් උනාට එයා පශුවෛද්‍යවරයෙක්ලු. ඉතින් අර දේශපාලකතුමාගේ මොළේ තරම ගැන රැස්වෙලා උන්නු කාට කාටත් හොඳ වැටහීමක් එදා ලැබිල තියෙනවා.
Tuesday, June 17, 2014
අලුත් වාහනේට ආශිර්වාදය ලබාගත්ත හැටි
ඔන්න දවසක් සිංහල මනුස්සයෙකුයි දෙමළ මනුස්සයෙකුයි මුස්ලිම්
මනුස්සයෙකුයි සල්ලි දාලා හවුලේ වාහනයක් ගන්න අදහස් කළාලු. ගත්තේ බස් එකක් පාරේ දාලා දුවල කීයක් හරි හම්බ කරගන්න. ඉතින් මේ තුන්දෙනා කතා කරගත්ත විදිහටම තීරනයකට ඇවිල්ලා තුන්දෙනාගෙම සල්ලි වලින් බස් එක ගත්තා. දැන් ඉතින් ඉස්සරෝම සුභ කටයුත්තකට අත ගහනකොට ආගමේ ආශිර්වාදයත් ගන්න එපායෑ. එහෙම හිතලා සිංහල මනුස්සයා මුලින්ම වාහනේ අරන් පංසලට ගිහිල්ල පිරිත් කියලා සුක්කානම වටේ පිරිත් නූලක් ගැටගහගත්තලු. දෙමල මනුස්සයා වාහනේ කෝවිලට ගෙනියලා සුක්කානමේ පඬුරක් ගැටගැහුවලු. එහෙම කරලා ඒ දෙන්නා ඇවිත් අර මුස්ලිම් මනුස්සයාට කිවුවලු අපිනම් ආගමේ විදිහට ආශිර්වාදෙ ගත්තා දැන් උඹත් ආගමේ විදිහට කැමති දෙයක් කරපන් කියලා. මුස්ලිම් මනුස්සයා වැඩිය බල බල හිටියේ නෑ වාහනේ ගරාජ් එකකට ගෙනියලා බාස් කෙනෙකුගෙන් යකඩ කපන කතුරක් ඉල්ලගත්තලු. එහෙම ඉල්ලගෙන මිනිහ වාහනේ දුම් බටෙන් අඟලක විතර කෑල්ලක් කපලා දැම්මලූ. ඔන්න ඉතින් බ්ලොගේට දැම්ම කතාව මතක් උන වෙලාවේ.
Subscribe to:
Posts (Atom)




