බලන්න යොදන උප්පරවැට්ටිය
Saturday, July 25, 2015
Monday, July 6, 2015
NGO කාරයා දුටු සිහිනය
මෛත්‍රිය පිරි යහපාලනයේ නියමුවාට රනිල් වික්‍රමසිංහ නම් ජාතික වීරයා අගමැති කරවන පොරොන්දුව නොදුන්නානම් දිනන්නට බැරි වෙන්න තිබුනා නොවැ. එහෙනං, ඒකනේ ඒ වීරයව අගමැති කළේ හිටං.
ඔන්න ඉතිං බටහිර රටවලයි ඉන්දියාවෙයි ශ්‍රී ලංකාවට තියෙන ආදරේ වැඩි කමට දෙන වටිනා ගුරු හරු කම් මැද්දේ මෛත්‍රී රනිල් යහපාලන ආණ්ඩුව සාර්ථක දින 100 පහු කරනකොට ජනතාව ආන්ඩුව විසුරුවන්න එපා කියමින් මෛත්‍රී රනිල් නායක දෙපල ලඟ දනින් වැටෙයි. වන් මෝ.... වන් මෝ..... කියමින් දින ගනන වැඩි කරගන්න ජනතාව බල කරයි.
යහ පාලනය හෙනට නැගල ගිහිල්ලාය. ජනතාවට හෙන ආතල්ය. එහෙන් ජාතික විරු රන්ජා හිටපු දේශද්‍රෝහී මහ රජාගේ හොරකම් හිටු කිආ අල්ලනවාය. අල්ලාගත් හොර බඩු බැංකු ගිනුම් වල සල්ලි එහෙම රටටම කන්ඩ දෙන්න පුළුවන් සයිස් එකට ගොඩ ගහගතු ඒවලු. ජනතා ඇසිපිය නොහෙලා බලාහිටියි.
යහපාලනේට බාධාකරන විපක්ෂය ගැන තීන්දුවක් ගන්න වෙලාය. ඔන්න අපේ යහපාලන ලොක්කා කවදත් රටට උදවු උපකාර කරන ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුවත් කරලා එහෙම රනිල් ලොක්කගෙනුත් අහලා ආන්ඩුව විසිරුවා හැරලා. දැන් ජනතා ඉස්පාසුවක් නැතුව බලා ඉන්නව රනිල් ලොක්කව අගමැති කරන්න.
යහපාලනයේ දුෂ්ඨයා මහින්ද නම් හිටපු මහරජායි. මහරජා බංකොලොත්ය. මහරජාට ඇත්තේ පන්සල් යෑම පමණකි. ඔහුට කර කියාගත හැකි වෙනත් දෙයක් නැත. මහරජා වටේ සිංහ කොඩි අතින් ගත්තු ජාතිවාදියෝ ටික දෙනෙක් ඉන්නවාය. උන්ට මහින්ද අගමැති ඕනෑය. ජාතිවාදීනටනම් මෙදාපොටේ ඉඩක් නැත.
චන්ද සටන ඇරඹිලාය. රට පුරාම ඇත්තේ කොළ පාට කොඩි වැල් පමණකි. ජනතාව එක හඬින් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ ජාතික වීරයායි. රනිල්ගේ රැස්වීම් වලට යන්නට ඔහු කියන වටිනා වදන් වැකි අසන්නට ජනතාව රෑ නිදි මරමින් ලකලෑස්ති වෙති.
රනිල් වික්‍රමසිංහ වීරයා පැරකුම්බා නිරිඳුන් මෙන් මහත් තේජසින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවට අවතීර්ණ වේ. එසැනින් ජනතාව ඔල්වරසන් දෙනු ලැබේ. රනිල්ගේ කතාව අසාගන්නට ජනතාවට ඉස්පාසුවක් නැත. ජාතික වීරයා කතාව පටන් ගනියි. අත්පුඩි ජය ඝෝෂා එකයි.කොළ කොඩි වැනේ ඒ අතර තැනින් තැන මහා පරිමාණයෙන් දේදුණු වර්ණ කොඩිත් ලෙළදෙයි.
දුෂ්ඨ මහින්දගේ රැස්වීම වලට සෙනග නැත. මහින්ද වේදිකාවට නගින විටත් ජනතාව හූ කියයි. හොරා හොරා කියමින් මින්සුන් මහින්ද හිටපු මහ රජාට විරෝධය දක්වති. සිංහ කොඩි ගත් ජාතිවාදීන් පමණක් මහින්ද වටේ ඇත. ඒ ඉතා සුළු පිරිසකි. මහජනතාව ජාතිවාදයට විරුද්ධය.
මේ අතර සිංහල බෞද්ධ මහජනතාව ජාතිවාදය ගැනත් සිංහල ඉතිහාසය ගැනත් කලකිරී ඇත. ඔවුන් කොපමණ කලකිරී ඇත්දැයි කීවොත් මහා වංශය ගිනි තැබියයුතුයැයි කියති. බහුතර සිංහල බෞද්ධයන් ජාතිවාදය අත්හැර බහුවාර්ගික වීම සඳහා වික්‍රමබාහු කරුනාරත්න පඬිවරයාගේ සති අන්ත වැඩමුළු වලට සහභාගී වෙති. වැඩමුළුව අවසානයේ ජාතික කොඩියේ සිංහයාටත් මිනිස්සු බණිති.
රටේ මහජනතාව ඇමරිකාවේ සියළු ප්‍රාන්ත වල සමලිංගික විවාහයන් පිළිගැනීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පසුවෙති. ශ්‍රී ලංකාවේද එසේ වියයුතුයැයි බහුතරයක් කියති. සියළු දෙනා පවතින ජාතික කොඩිය වෙනස් කළයුතුයැයි කියති. ඒ එහි සිංහයෙකු සිටීම නිසා උතුරේ සහෝදර දෙමළ ජනයාගේ හිත රිදෙයි කියාය.
බහුතරයක් සිංහල බෞද්ධයන් දැන් මහින්දට බනින්නේ ප්‍රභාකරන් ඇතුළු කොටි විමුක්තිකාමීන් මරා අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ ද්‍රෝහිකම සිහි කරමිනි. ඒ දවස් වල චන්ද්‍රිකා කියපු විදිහට පැකෙජය දී ෆෙඩරල් විසඳුමක් දී තිබුණානම් අද වන විට ඊලම හදාගන්න අපේ සහෝදර මිස්ටර් ප්‍රභාකරන්ට ඉඩ නොදීම ගැන සින්හලයෝ කනස්සලු වෙති. ඒ වීසා පාස්පෝට් නැතුව දැන් වගේ උතුරට නොයා වීසා පාස්පෝට් පෙන්නා කොටි කොඩියට ගරු කර යාපනේ සංචාරය කිරීමේ අවස්ථාව අහිමි වන නිසාලු.
ඔන්න ඉතින් චන්ද පොරයත් පටන්ගෙන පක්ෂ ගනනාවක්ම වේදිකා උඩ තමන්ගේ කියුම් වනනවලු හතර වටේ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ එක්සත් ජාතික පක්ෂයට තරම් ප්‍රසාධයක් වෙන කාටවත් නෑ. එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට මිනිස්සු කිරිඇල්ල මහත්තය ගාව දනින් වැටෙනවලු. ඒ තරමට හිටපු ජාතිවාදීන්ගේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා.
මහින්ද මහත්තය දිනවන්න කියලා චන්ද සටන ගෙනයන කිසිම කෙනෙකුට ජනතා ප්‍රසාදය නෑ. විමල්ට මිනිස්සු ගල් මුල් වලින් ගසති. ගම්මන්පිල හැංගිලාය මහින්දට හූ කියති. යන යන තැන මහින්ද චකබ්ලාස්ය. ජනතාව ප්‍රවුර්ති දැනගන්නේද රාජ්‍ය නොවන සංවිධාන මගිනි. ඒ ඔවුන් ජාතිවාදයට පක්ෂ නැති නිසා ඇත්ත කියන හින්දලු. සිරසත් ගජරාමෙට වැඩය. ඒ රනිල් දිනවන්නට ඒකපාක්ෂිකවය. එය ඇත්තෙන්ම සාධාරනයි කියා මහජනතාවත් හිතාගෙන ඉන්නේ රනිල් වගේ හොරකම් නොකරන ජාතිවාදී නැති කාන්තාවන්ට අතවර නොකරන කෙනෙක් ගැන ඇති පැහැදීම නිසාළු ඕං
ඔන්න ඉතින් අගෝස්තු 17 උදා වෙනවා. මිනිස්සු දැඩි උද්‍යෝගයකිනුයි චන්දය දෙන්නේ.අහන අහන කෙනා යූඇන්පී. මාර ආතල්. ඔන්න රෑ වෙනකොට චන්ද ප්‍රතිඵල දෙන්න පටන් ගත්තා.පළමු තැපැල් චන්දයම එ.ජා.පය උඩින් දිනුම් ආයේ නෑ මහින්දගේ පිලට චන්ද 10යි.මුළු ලංකාවෙම ප්‍රතිඵලය එනකොට එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනල. යූ.ඇන්.පී ආසන 150යි දෙමළ සන්ධානය දෙවනියට ඉන්නේ ආසන30යි සිරිසේනගේ අත ලකුනට ආසන 20යි මහින්ද මහත්තයගේ පක්ෂෙට ආසන10යි ඉතිරිය මුස්ලිම් කොන්ග්‍රස් ජේ.වී.පී ආදී කුඩා පක්ෂ වලට.
ඔන්න ඉතින් රනිල් අගමැතිවරයාගේ යටතේ අළුත් යූ.ඇන්.පී ආණ්ඩුව පත් උනා. හකීම් මහත්තයත් ආණ්ඩුවට මුක්කුවක් ගහලා. රිෂාඩ් බදුර්ඩීන් උන්නැහෙත් එහෙමයි. අළුත් ආණ්ඩුවේ ප්‍රභලම ඇමතිකම් හම්බ වෙලාතියෙන්නේ මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන මහ්ත්වරුන්ටයි. ඊට අමතරව රන්ජන් රාමනායක රාජිත සේනාරත්න රෝසි සේනානායක යන අයත් ලොකු පුටු වල. සිරිසේන ජනාධිපති තුමා යහපාලන මොළය මෙහෙයවලා උප අගමැති තනතුරක් හදලා ඕං ඒක දෙනව චන්ද්‍රිකා නෝනට. ජාතික විධායක කමිටුව පත්කරලා ඒකේ ඔක්කොම් ඉන්නේ විදේශ තානාපතිවරු නම්කරන පුද්ගලයන්.
අළුත් ආන්ඩුව ගැන ලෝකයම පැහැදිලාය. ලොව හතර දෙසින් රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ එ.ජා.ප ආන්ඩුවට සුබපැතුම් ගලා එයි. විරමසිංහයන් මංගලද කැටුව බටහිර රටවල් ගනනාවකම සංචාරය කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුවද වික්‍රමසිංහයන් සාදරයෙන් පිළිගනියි. ගුරුහරුකම් ලබා දෙයි. ජාත්‍යන්තර විචාරකයන් ජනමාධ්‍ය මේ අළුත් ප්‍රවණතාවය ගැන දැඩි උද්දාමයකින් කතා කරති. වික්‍රමසිංහයන් ඉන්දියාවේද සංචාරයක් කරයි. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා බැහැදකී. වටිනා ගුරුහරුකම් ලබාගනී. රුසියාව හා චීනය සමග තිබෙන සම්බන්ධතා ඇනහිටී. බටහිර රටවල් සතුටින් පිනා යයි.
දැන් සිරිසේන ජනාධිපතිත් රනිල්ට යටය. බටහිරට පොරොන්දු වූ පරිදි සිරිසේන විධායක බලතල අත්හැර රනිල් වික්‍රමසිංහයන්ට පවරා ඇත. මහින්දට යන එන මං නැත. වැඩ බලන අගමැති චන්ද්‍රිකාය. ජාතික විධායක සභාවට සිංහලයන් එකෙක්වත් නැත.
මහින්දයි සන්ධාන ආන්ඩුවයි හොරාකාපුවා වංචා කරපුවා සොයන්නට බාරදී තිබෙන්නේ අතිගරු රන්ජාටයි. ඔහු හම්බන්තොටින් ගෙයක් අරන් එහි පදිංචි වී රාජපක්ෂ පවුලේ තොරතුරු හොයයි. ඔහුට දිනපතා රත්තරන් හමුවේ. රාජපක්ෂලා හංගපු සල්ලි මැදමුලන ගස් යටිනුත් හමු වෙයි. මේ පුවත් අසා ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් මහින්දට දඬුවම් කිරීමට බල කරයි. ලැම්බෝගිනි අශ්වයෝ හෙලිකොප්ටර් බෙලිඅත්තෙන් මතුවෙයි. රන්ජා දැන්නම් චිත්‍රපටියක මෙන් වීරයා වී ඇත.
මංගල සම්මරවීර ඇමතිගේ ආරාධනයෙන් ලොවපුරා සිටින කොටි ඩයස්පෝරා සාමාජිකයින් කොළඹ පැමිණ සිංහලයන් සමග අත්වැල් බැඳගනිමින් ඩයස්පෝරා සැනකෙලිය පවත්වති. සියළු දෙනා මහින්ද යුධ අධිකරණයට යැවිය යුතු බව කියති. ඉක්මනින්ම පාර්ලිමෙන්තුව කැඳවා උතුරට දේශපාලන විසඳුම ලබා දීම කඩිනම් කෙරේ. 13වන සංශෝධනයෙන් එහා ගොස් පොලිස් ඉඩම් සියළුම බලතල සහිත ෆෙඩරල් විසඳුම වැඩි චන්දයෙන් සම්මත වේ. දැන් දෙමළ සන්ධානය උතුරේ පාලනය ගෙනයයි.
ලංකාව තුල සමලිංගිකත්වයට ඇති තහනම ඉවත් කිරීමට සියළු කටයුතු සූදානම් කෙරේ. බටහිර රටවල් වලින් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගන්නා බව වික්‍රමසිංහයන් කියයි. නොබෝ දිනකින්ම සමලිංගික තහනම ඉවත් වේ. සමලිංගික විවාහයන්ද ශ්‍රී ලංකාව තුල පිළිගෙන ඇත. දැන් සමලිංගිකයන් සිත් සේ පවුල් කති. දරුවන් දරුකමට හදාගනිමින් තවත් සමලිංගික පරපුරක් හදති. දැන් නීති ඉතා තදය. සියළුම නීති ක්‍රියාත්මක වන්නේ සමලිංගිකයන් හා සුළුජන කොටස් වල්ල අයිතීන් වෙනුවෙනි. සිංහල ජාතිවාදීන්ට නීති මගින් දැඩි දඬුවම් පමුණුවයි. අධිකරණ විනිසුරුවරුන්ද සමලිංගිකයන් හා සිංහල නොවන අය වෙති.
සිංහලයන් ජාතිවාදය අතහරිමින් සිංහල ඉතිහාසය වලදමා නැවත වරක් එංගලන්තයට රට පවරා දෙන ලෙස වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලති. උතුරේ ඊලම පිහිටුවිය යුතුයැයි සිංහලයෝම කියති. වික්‍රමසිංහයන් බටහිර සංචාරයක් ගොස් උපදෙස් රැගෙන උතුරට සම්පූර්ණ ස්වයංපාලනය සමග ඊලම ලබා දේ. ඊලම පිහිටුවීමේ නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වන්නේ රනිල් සහ චන්ද්‍රිකා ඇතුළු බටහිර හා ඉන්දීය නායකයන්ය. ඊලාම් කොඩිය උතුරේ දැන් ලෙළදෙයි. හමුදාව මුළුමනින් ඉවත් කර ඇත.
රනිල් වික්‍රමසිංහයන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා නාමමාත්‍රික විධායකයා වන සිරිසේන ජනපති එක්ව ශ්‍රී ලංකාව නැවතත් බ්‍රිතාන්‍යට භාර දෙති. දැන් රටේ ජාතික කොඩියේ සිංහයාද නැත. කොඩිය එංගලන්ත කොඩියයි. සියල්ල සිදුවන්නේ එංගලන්තයට අවශ්‍ය පරිද්දෙනි. දැන් තරුණ තරුණියන්ට ටයි කෝට් අඳින උසස් රැකියා ලැබී ඇත. ඉන්ටර්නෙට් වයිෆයි ගැන මොන කතාද? සියල්ල නොමිලේ අධිවේගයෙනි. දැන් වැවයි දාගැබයි ගමයි පංසලයි කතා නැත. තරුණ පිරිස කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. හාමුදුරුවරු කියන කිසිවක් කිසිවෙකුත් තුට්ටුවට ගනන් නොගනිති. වැඩිදෙනා දැන් බටහිර මෙන් නිරාගමිකය.
ඊලාම් රාජ්‍යයේ හා බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලත් ඉන්දියාවේත් උපදෙස් මත කොටි විමුක්තිකාමීන් මරා දැමූ මිනීමරු හමුදාව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන්වා දඬුවම් කිරීමටද දැන් සියල්ල සූදානම්ය. මුල් පියවර යටතේ හමුදා නිලධාරීන් විෂාල පිරිසක් මරා දැමේ. ගෝඨාද යුධ අධිකරණයෙන් මරණ දඬුවම ලබා විදුලි පුටුවට යයි. බ්‍රිතාන්‍යට බාරදුන් ලංකාවේ ජාතිවාදී නොවන දැහැමි වැසියන් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙති. දැන් මහින්දගේ වාරයයි.ජාත්‍යන්තර අධිකරණය මරණ දඬුවම ප්‍රකාශයට පත් කරයි. දැන් මහින්ද විදුලි පුටුවේ ගැටගසා ඇත. දඬුවම ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවා පැමිණ විදුලි බොත්තම තදකරන්න සැරසෙයි..............
දඩ බඩාස්... දොහ්... අපේ NGO සාමාජිකයා නින්දෙන් ඇහැරුනේ ඇඳ පල්ලේ වැටෙන විටය. ඒ වෙනකල් හීනය දැක්කේ හෙන ආතල් එකේය ආතල් එක වැඩිකමටදෝ ඇඳෙන් වැටෙනතෙක් ගානක් ගියේ නෑ. නින්දෙන් ඇහැරුනු NGO ක්‍රියාකාරී මානව හිතවාදියා දුක පහ කරගැනීමට දිගු සුසුමක් හෙලා මුහුණකට හෝදාගෙන ඇඳ පැලඳ තම ආයතනයේ රාජකාරියකට අනුව තවත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කීප දෙනෙකුට එරෙහි මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධ සාක්ෂි සෙවීමට පිටත්ව ගියේය........
Labels:
ජාතිකත්වය,
දේශපාලන,
විජාතික බලය,
විහිලු,
ශ්‍රී ලංකාව,
සමාජය
Sunday, June 21, 2015
පරිගණකයක ප්‍රොසෙසරය හැදෙන ආකාරය දැක තිබේද?
පරිගණක භාවිතා කරන බෝහෝ දෙනා එහි ප්‍රොසෙසරය යනු කුමක්ද යන්න දැන සිටිනවාට කිසිම සැකයක් නෑ. ප්‍රොසෙසරය ගැන දැන සිටියත් ගොඩ දෙනෙක් මෙය කෙසේ නිර්මාණය කරනවාද යන්න දැක නැතිව ඇති. සිලිකන් තඹ ආදී අමුද්‍රව්‍ය එක්කාසු කරමින් ට්‍රාන්සිස්ටර බිලියන සිය ගනනක් අඩංගු වල ආකාරයට ඉතා සියුම්ව මේ ප්‍රොසෙසර් හෙවත් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කර්මාන්තශාලාවක් තුල හැදෙන්නේ මේ ආකාරයෙන්. වීඩියෝ එකේ සියළු විස්තර ඇත.
Monday, June 1, 2015
මෛත්‍රී රනිල්ට උඩින්ද රනිල් මෛත්‍රීට උඩින්ද?
මේ ලියන්න පටන්ගන්නේ දේශපාලන පලහිලවුවක් ගැන උනත් මෙහි ඊටත් වඩා රටේ ජනතාව පැත්තෙන් හා ජනයාගේ සෞඛ්‍ය පැත්තෙන් වැදගත්කමක් ඇත. මේ කතාව පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් ග්ලයිපොසේට් නම් විෂ රසායනය අඩංගු වල් පැල නාශක තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධවයි. මේ ගැන කසුකුසුව පටන්ගත් මුල් අවස්ථාවේ කියවුනේ ජනාධිපතිතුමා විසින් මේ විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම අත්හිටවූ බවකි. නමුත් පසුව දැනගන්නට ලැබුණේ එම කන්ටේනර් තොගය අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයන් මාර්ගයෙන් රට තුලට මුදා හැරීමට සමත් වූ බවයි.
ග්ලයිපොසේට් නමින් හඳුන්වන රසායනිකය හා එහි විෂ සහිත බව ගැන කෙටි කාරනා ටිකක් කියන්නත් වෙනවා. ග්ලයිපොසේට් කියා හඳුන්වන කෘෂි රසායනය බොහෝ විට එන්නේ රවුන්ඩ් අප් කියන වෙළඳ නාමයෙන්. මෙය ඇත්තෙන්ම රසායනික කාරකයන් කීපයක මිශ්‍රණයක්. ග්ලයිපොසේට් වල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වෙන්නේ අයිසොප්‍රොපිලැමින් ( isopropylamine ) කියන එක. ඊට අමතරව තවත් රසායනික කාරකයන් සුළු පරිමාණ වලින් අන්තර්ගතයි. මේවා පෙන නැගීම වලක්වන ද්‍රව්‍ය, වර්ණක, ජීවානුහරන කාරක හා පී එච් අගය පාලනය කරන අකාබනික අයන වර්ග ආදියයි. ග්ලයිපොසේට් වල විෂවීම සලකාබැලීමේදී මේ රසායනික කාරක වලින් කුමක් කවර ආකාරයෙන් විෂ වන්නේද යන්න පරීක්ෂකයන්ටත් ගැටළුවක් වුවත් බොහෝ දුරට මේවා විවිධාකාරයෙන් එක්ව ක්‍රියාකරමින් විෂ වීම සිදුවන බව සොයාගෙන තිබෙනවා. ආහාර මාර්ගයේ මුඛය හා බඩවැල් ආශ්‍රිත ආබාධ, ආමාශය උගුර ආශ්‍රිතව ඇතිවන ආබාධ, වකුගඩු හා මූත්‍රා ආබාධ,පෙනහළු ශ්වසන ආබාධ, ග්ලයිපොසේට් වල බලපෑමෙන් සිදුවන අතර මීට අමතරව දරුවන් අතර උපන් ආබාධ ලෙස හිස්කබල තුල වතුර එකතුවීමද ග්ලයිපොසේට් වල බලපෑමෙන් වීමට යම් ඉඩකඩක් ඇතිබව වාර්තා වේ.
මුලින් වාර්තා වුන ආකාරයට ජනාධිපතිවරයා ග්ලයිපොසේට් අඩංගු කන්ටේනර් 15 මුදාහැරීම වලක්වන්න නියෝග කර බව කියවුනි. එයද එසේ වූවාදැයි සැකය. මේ විෂ රසායනික ද්‍රව්‍ය රටට ඇතුල් නොකර විනාශ කිරීමට මුලින් සැලසුම් කර තිබුණු බවත් කියවේ. එහෙත් අවසානයට අනාවරනය වී ඇත්තේ අගමැතිවරයාගේ බලපෑමෙන් මේ විෂ කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රේගුවෙන් මුදාහල බවයි. ඊට එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයින් කීපදෙනෙක්ද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී ඇත. රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා හදිසියේ ඉල්ලා අස්වීම පසුපස ඇත්තේද මේ හුටපටය බව දැන් පැහැදිලි වී තිබේ. මෙතන ඇති ගැටළුව මෙයයි. ජනාධිපතිවරයාගේ නියෝගයකින් ග්ලයිපොසේට කන්ටේනර් තොගය මුදාහැරීම තහනම් කළේනම් ජනාධිපතිට වඩා බලතල අඩු අගමැතිවරයා හා ඔහුගේ පක්ෂයේ ගෝලයන් ඊට පිටින් ගොස් කන්ටේනර් තොගය මුදාගත්තේ කෙසේද යන්න ඒ ගැටළුවයි. එක්කෝ ජනාධිපතිවරයා මුලින් කියවුනු ආකාරයේ තහනම් නියෝගයක් දී නොතිබුණා වියයුතුය. නැත්නම් අගමැතිවරයා ජනාධිපතිවරයාටත් වඩා බලවත්ව ඔහුතද බලපෑම් කරන තත්වයේ සිටින නිල නොවන මට්ටමේ බලගතු පුද්ගලයෙක් වියයුතුය. මේ දෙකෙන් කුමක් වියහැකිද?
ජනාධිපතිවරයා විෂ රසායනික කන්ටේනර් මුදාහැරීම තහනම් කිරීමට නියෝග කළ බව මාධ්‍ය වලින්ද තහවරු වී තිබූ බැවින් එය අසත්‍ය යැයි දැන් කීමට බැරිය. එසේනම් සිදුවී ඇත්තේ අනිවාර්යයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අනට කීකරු කරගනිමින් ඔහුගේ බලතල වලටත් පිටින් ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුගේ පක්ෂ ප්‍රබලයන් විෂ ග්ලයිපොසේට් තොගය රටට ඇතුල් කරගැනීමයි. එක්සත් ජාතික පක්ෂ නායකයා හා ඔහුගේ ගෝලබාලයන් එසේ කිරීම පුදුමයක් නොවේ. ඒ රටට වින කරන කූඨ වෙළඳ ප්‍රජාවක් පෝෂණය කර ඔවුන්ට වාසි සහගත ලෙස ක්‍රියා කිරීම ගැන ප්‍රසිද්ධ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන නිසාය. එය එසේ වුවත් අපට අසන්නට ප්‍රශනයක් වේ. එනම් පසුගිය ජනාධිපතිවරනයේදී මහින්දගේ නොයෙක් වැරදි කියමින් රටට යහපත කරන යහපාලනයක් ඇතිකරන බවට දුන් පොරොන්දුව සමග මෙවැනි දේ කොතෙක් දුරට ගැලපේද යන්නයි. යහ පාලනයට මෙය අයත් නොවීමටද ඉඩ ඇත. නමුත් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට චන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර ඔහු ලවා මෙවැනි රටේ ජනයා බලාපොරොත්තු නොවන විනාශකාරී දේ කරගැනීමට නොවන බව නොකියාම බැරිය. ජනතාව චන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන පොරොන්දුවට විය හැක. නමුත් එය දැන් චන්දය දුන් පිරිසටම පාරා වලල්ලක් වී ඇත්තේ සිරිසේන මහතා කර තිබෙන්නේ යහපාලනය පිටට පෙන්වා මහින්ද ප්‍රමුඛ රටේ ජාතිකත්වයට එරෙහිව විජාතික කොන්ත්‍රාත් එකක් කිරීමත් රනිල් අගමැති කර ඔහුගේ පදයට නැටීම මේ කොන්ත්‍රාත්තුවේ කොටසක් වීමත් නිසයි. යහපාලනයට චන්දය දුන් මෝඩ තකතීරුවන් තවත් එය තේරුම්ගත් ආකාරයක් පෙනෙන්නට නැත. තෙරුනත් දැන කාටත් මුහුනදිය නොහැකිව තමන් යහපාලනේට චන්දය නොදුන් බව ඇතමුන් කියති. යහපාලනයේ රඟ තවත් ඉස්සරහට තව තවත් හොඳින් බලාගන්නට පුළුවන. ඊට පෙර එන චන්දයේදිවත් මොළේ පාවිච්චි කර චන්දය භාවිතා කිරීමට යහපාලන මුලාවේ පැටලුන එවුන්ට හැකි වේවා කියා රටේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා.
Sunday, May 24, 2015
විල්පත්තු සංහාරය හා ඊනියා ජාතිවාදය
අපේ රටේ මෑතක සිට කතාබහට ලක්වන මාතෘකාවක් බවට දැන් පත් වී තිබෙන්නේ විල්පත්තු අභයභූමි සංහාරයයි. විල්පත්තු අභය භූමිය ඇතුළු වන රක්ෂිතයට මේ අවාසනාවන්ත තත්වය ඇති වූයේ මීට කලකට ඉහතය. දැන් එය දරුණු අතකට හැරී තිබේ. වඩාත්ම මතභේදකාරි හා සංවාදයට තුඩු දෙන කාරනය වී තිබෙන්නේ විල්පත්තු සංහාරයට හේතුව වී ඇත්තේ ඒ තුල කැලෑ හෙලි කරමින් දැවැන්ත වන විනාශයක් කිරීමට මුල් වී තිබෙන්නේ ඒ තුල මුස්ලිම් ජනාවාස පිහිටුවීම හා ඊට මූලික වී කටයුතු කරන්නේ මෙරට ප්‍රසිද්ධ මුස්ලිම් මූලධර්මවාදියෙකු වූ කපටි දේශපාලනය හරහා හැමදාමත් ඇමතිකම් කරන රිෂාඩ් බදියුදීන් වීමයි.
උක්ත සංසිද්ධිය ගැන කරුනු කීමට පෙරාතුව අපට මතක් කරගැනීමට එක් ව්ශේෂ දෙයක් ඇත. ඒ විල්පත්තු කැලෑවේ මේ වන විටත් ගහ කොළ වනසමින් ඉඩම් මැන අළුතින් ජනාවාස ඇතිකර තිබෙන්නේ තනිකරම මුස්ලිම් ජනයා පමණක් පදිංචි කරවීම සඳහා වීමත් ඊට මුල් වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වීමහා ඔහුට ඒ සඳහා කටාර් රාජ්‍යයේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයකින් සියළු ප්‍රතිපාදන ලැබීමත්ය. මෙය මුස්ලිම් මූලධර්මවාදී ආක්‍රමණය පිළිබිඹු කරන්නක් නොවේ යැයි කිව හැක්කේ මුස්ලිම් අන්තවාදයේම ජරාව ගිලින පිංගුත්තර දේශපාලනයට හෝ සියල්ල උඩු යටිකුරු කරගෙන ජාතික සමගිය ගැන වැරදි චිත්‍රයක් මවාගත්තවුන්ට පමණය.
කුරා කූඹියෙකුටවත් හිරිහැරයක් නොකරන ශාන්තුවරයන් බඳු වූ මෙරටේ ජාතික සමගිය වෙනුවෙන් ඇප කැප වන අති උත්තමයන් මේ සිද්ධිය හමුවේද ජාතිවාදීන් යැයි කියන්නේ විල්පත්තු වන සංහාරය ගැන නිවැරදි තොරතුරු රටට හෙලි කරන අයට හා මේ මහා විනාශයට එරෙහි වන පිරිසටය. ඒ එම පිරිසට සිංහල බෞද්ධ සංවිධානද අයත් වීම නිසාත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මෙරට සුළු ජන කොටසක් වන මුස්ලිම් වර්ගයට අයත් වීම නිසාත්ය. අති උත්තම ජාතික සමගි ඔස්තාර්ලාට අනුව සුළුතර ජන කොටසකට අයත් පිරිසක් රටේ පොදු ජාතික හර පද්ධතියට හෝ රටේ පොදු පිළිගැනීම් වලට එරෙහිව යමින් තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් පමණක් ක්‍රියා කරනවිට එම තත්වය රටේ පොදු ජාතිකත්වයට ඇතිකරන හානිය හඳුනාගැනීමේදී එය වඩා සංවේදීව හඳුනාගන්නේ සිංහලයන්නම් එතැන සිංහල ජාතිවාදයක් ඇත. එමෙන්ම රටේ ජාතික හරපද්ධතීන්ටත් පොදු පිළිගැනීම් වලටත් එරෙහිව ක්‍රියා කළ සුළුතර ජන කොටස් වල නියමුවන් එම ජනකොටස් වලට අමිල සේවයක් කළ වීරයන් වන්නේද මේ ජාතික සමගි ඔස්තාර්ලාට අනුවයි. ඒ ඔවුන් සිතන්නට පුරුදු වී ඇති ක්‍රමය වේ.
කලක් තිස්සේ රටේ කැම අන්ධ කළ ඊනියා ජාතික සමගියේ ප්‍රලාප වලට පයින් ගසා පියවි සිහියට පැමිණිය යුතු කාලය දැන් පැමිණ ඇත. මේ පසුගිය දිනක අනාවයනය උනේ විල්පත්තු කැලෑවේ අනවසරයෙන් පදිංචි කරවූවන් අතර මේ රටේ මෙතෙක් හඳුනා නොගත් අමුතු භාශවල් කතා කරන පිරිස් හඳුනාගෙන ඇත. මොවුන් නිසැක වශයෙන්ම වෙනත් රටකින් හොර රහසේ සංක්‍රමණය වූ පිරිසකි. ඔවුන්ට කටාර් දේශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ආධාර ලැබී තිබේ. මෑතකදී අනාවරනය වූ අනෙක් කාරනාව වුනේ බදියුදීන් මහතා දැනට පුත්තලමේ පදිංචි එකළ උතුරෙන් පළවා හැරි මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමක් ගැන කීවත් එහිදීද පුත්තලම ප්‍රදේශයේ ස්ථිර වාසස්ථාන ඇති පිරිස් එම ඉඩම් ගේදොර ආදිය තිබියදීම විල්පත්තු කැලෑවෙ ඉඩම්ද ලබාගෙන තිබීමයි. මේ එන්නේ මොකාටද කියා තේරුම් ගැනීමට ඊනියා ජාතික සමගි කන්නාඩිය ගලවා පියවි ඇසින් සිද්ධිය දැක පියවි සිහියෙන් මෙතන සිදුවන දේ තේරුම්ගතයුතුය. ඇත්තටම ජාතික සමගියක් අවශ්‍යනම් සාධාරන ලෙස සිදුවිය යුත්තේ මේ රටේ සුළුතර ජනකොටස් විසින් රටේ අනන්‍යතාවය ගොඩනගා රට රටක් ලෙස නිර්මාණය කර තිබෙන්නේ බහුතර සිංහල ජනතාව යන සත්‍ය කාරනාව අවංක වශයෙන්ම පිළිගෙන ඔවුන්ද රටේ බහුතරය හා ජාතික ප්‍රතිපත්ති පිළිගනිමින් ඒ සමග එකට කටයුතු කිරීමයි.
ජනමාධ්‍ය වලින්ද මේ ගැන නොබියව සත්‍ය කරුනු රටට කියන්නේ හිරු ටීවී ආයතනය පමණි. බොහෝ ජනමාධ්‍ය අදටත් සත්‍ය කරුණු වසන් කරන්නේ ඊනියා ජාතික සමගිය හා ව්‍යාජ සංහිඳියාව ඉදිරියට දමාගෙනය. වහාම මෙතන සිදුවන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය විසින් ලංකාව ආක්‍රමණය කිරීමේ සූක්ෂම සැලසුම් ක්‍රියාත්මක වීමක් බව තේරුම් ගත යුතුව ඇත. තවත් සංහිඳියාවේ බොරු අපට වැඩක් නැත. දැන් අවශ්‍ය මේ මුස්ලිම් ව්‍යාප්තිවාදී සුළු ජනවාර්ගික අන්තවාදය නිවැරදිව හඳුනාගෙන ඊට එරෙහිව නිසි ප්‍රතික්‍රියාව දක්වා රටත් රටේ පරිසරයත් ආරක්ෂා කිරීමයි. එසේ කිරීමෙන් මුස්ලිම් ජනයා හිත් අමනාපකමක් ඇතිකරගනීවි යැයි සිතා අන්තවාදීන්ට අනුකම්පා කිරීම අජරාමර ගොන් කමකි. රටේ ජාතික ප්‍රතිපත්ති වලට ගරු කරන අන්තවාදීන් නොවන මුස්ලිම් ජනයා රටේ බොහෝ ඇත. අප විසින් සැබෑ ලෙස සමගිසම්පන්න බවක් ඇති කරගත යුත්තේ ඔවුන් සමග මිස රිෂාඩ් බදියුදීන්ලා සමග නොවේ. මේ නිවට නියාඩු කම පැත්තකින් තියා රටේ සමස්ථ ජාතිකත්වයටම පිටින් යන සුළු ජනවාර්ගික අන්තවාදයන් සියල්ල පිටුදැකීම දුර දක්නා නුවණින් කළයුතුය. මෙය තවත් ප්‍රමාද වුවහොත් වන්නේ නියපොත්තෙන් කඩන්නට තිබූ දේය පොරවෙන්වත් කපාගන්නට බැරි තරමට වර්ධනය වී රටටම හෙනයක් වීමයි. ජාතික සමගි ඔස්තාර්ලාගේ සිත් පෑරුනානම් ඒගැන වගනොකියමි.
Saturday, May 16, 2015
පිස්සු නැත්තන් ශෝක්ද? නියම වැඩකාරයෝද?
අපි බොහෝ දෙනෙක් වාහන එලවල තියෙනවට සැකයක් නෑ. ඒත් මෙහෙම එලවිල්ලක් නම් එලවල තියෙයිද?
Tuesday, April 14, 2015
තොපිට මෝටාර්
ඔන්න කාලෙකට පස්සේ පොඩි කතාවක් මතක් උනා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1988/1989 ජේවීපී කෝලහල තිබුන භීෂණ සමයේ. ටිකක් රසවත් සිද්ධියක්. ඔන්න ඔය කාලේ පොලීසියට හරියට වැඩ රාජකාරි තිබුණා. විශේෂයෙන් ජේවීපී කාරයො අල්ලන්නයි ඒ අයගේ ක්‍රියාකාරකම් මර්ධනය කරන්නයි. ඉතින් පොලිස් නිලධාරීන් බැහැල මේ රාජකාරිය කරද්දී වෙච්ච හාස්‍යජනක සිදුවීමක් තමයි මේ. ඔන්න ඉතින් ඒ දවස් වල ජේවීපී ක්‍රියාකාරකම් ගැන ඉව අල්ල අල්ල හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අවධානයට ලක් උනේ එක්තරා පුද්ගලයෙක් අතේ තිබුණ පොතක්. ඒ ගැන සැක හිතපු පොලිස්කාරයෝ දෙන්නා අර පුද්ගලයාගේ අතේ තිබුණ පොත බලෙන්ම ඉල්ලගෙන එහි මුල් පිටුවේ තිබුන පොතේ නම බලලා තොපිට මෝටාර්ද යනුවෙන් අසමින් මිනිහවත් අල්ලගෙන පොතත් අතඩංගුවට ගත්තලු. බැලින්නම් මෙතන වෙලා තිබුණේ මේකයි. අර පොතේ ලොකු අකුරින් ගහල තිබිල තියෙන්නේ ඉංග්‍රිසි භාශාවෙන් MOTHER කියන එක. පොලිස් නිලධාරියා මේක "මෝටාර්" කියල වැරදියට උච්චාරනය කරලා වැරදි නිගමනයකට ඇවිත් තමයි අර මනුස්සයගේ පොත අතඩංගුවට අරන් තියෙන්නේ. මේ පොත කවුරුත් වගේ දන්න රුසියානු ලේඛක මක්සිම් ගෝර්කිගේ MOTHER නොහොත් අම්මා නවකතාවයි.
Subscribe to:
Posts (Atom)
























