Pages

Sunday, June 15, 2014

ජඩ මාධ්‍ය මාෆියාවේ ප්‍රතිමූර්තිය

  
පකිස් පෙට්ටියට මේ වගේ දෙයක් ලියලා දාන්න හිතුනේ අපි නිතර යන එන බ්ලොග් එකක පලවෙච්ච ලිපියක් කියෙවුවට පස්සේ ඕං. මේකට මුල් වෙලා තිබුණේ දිවයින පත්තරේ පලවුන කතුවැකියකින්  ප්‍රකාශ වුන දෙයක්. එය සැබවින්ම ආන්දෝලනාත්මක හා කතා කළ යුතුම් මට්ටමේ සිද්ධියක් ලෙස හැඟී ගිය නිසා පකිස් පෙට්ටියටත් මේ ගැන යමක් දැම්මොත් හොඳයි කියලා මටත් හිතුනා. ලිපියෙන් මගේ අදහස ඉදිරිපත් කිරීමට පෙර අමාවක බ්ලොග් පේජ් එකේ පලවුන ලිපියෙන්  උපුටාගත් කොටසක් ඉදිරිපත් කරන්නම්. එවිට කාට කාටත් කාරනාව පැහැදිලි වෙයි කියලා හිතනවා. උපුටා ගැනීම  පහත දැක්වේ.
  
"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්‌ත්‍රී දූෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ දණ්‌ඩනය දෙන්නේ ද නැත. ඒ නිසා ආයුධ බැලීමට යැමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ දණ්‌ඩනය හිමිවිය යුතු බවට මතයක්‌ සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. ඒ නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්‌ක යැමට මග වියදම් හෝ යාන වාහන පොලිසියට නැත්නම් ඒවා තම සාක්‌කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ විශ්වාසය ය.
එහෙත් දේශපාලනය බලවත් වන තැන සහ පොලිස්‌ නිල බලය මතුවන තැන පෙර කී "ආයුධ ටි්‍රප් එක" යැමට පොලිසියට ද බැරි වෙයි. තරුණ කොල්ලන් දෙදෙනකුට දස වධ දී වෙඩි තබා මැරවූ අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ව සිටි කාකි කෝට්‌කාරයාට ආයුධ පෙන්වීමට යැමට පොලිසියට බැරි විය. එසේම විදේශික කාන්තාවක්‌ දූෂණය කළ කිහිපදෙනෙක්‌ම ආයුධ ටි්‍රප් එක 'මිස්‌වීමෙන්' දැනට 'ඇතුළේ' හෙවත් හිරගෙදර සිටිති. මුන්ට බත් ගිල්ලවීමට සිදුවී ඇත්තේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. කුඩුකාරයන් වැඩි දෙනකුට ද ආයුධ බැලීමට යැමට බැරි විය. මේ අය එක්‌කෝ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. නැත්නම් මාංචු පිටින් ගඟට පැන පිහිනීමේ මහා තරගයට සහභාගි කරවිය යුතු ය. ප්‍රාණඝාතය පව් තමයි. එහෙත් සමාජය හදන්නට නරක උන් දෙතුන් දෙනකු යම ලොවට යෑවිය යුතුම නම් කුමක්‌ කරන්නද?"
                    
http://bitternight.blogspot.com/2014/05/blog-post_22.html

\\"එහෙත් ස්‌ත්‍රී දූෂකයන්, කුඩුකාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇතිවන හබවලින් මියයැම ගැන ජනයා මහත් සේ සතුටු ය. මන්ද, මේ රටේ එල්ලුම්ගස වැඩ කරන්නේ නැත.\\

ඉහත වාක්‍ය ඛණ්ඩයෙන් පුවත්පත් කතුවරයා කියා ඇත්තේ කුඩු කාරයන්ට හා ස්ත්‍රී දූෂකයන් වැනි අයට මරන දඬුවම දියයුතු බවත් එය මුලු සමාජයම ඉල්ලා සිටින බව හා එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන නිසා එවැනි වැරදි වලට සැකපිට අතඩංගුවට පත්වන්නන් ආයුද පෙන්වීමට යැයි කියා ගෙනගොස් මරා දැමීම සාධාරන බවයි. දිවයින කතුවරයා කුඩු මුදලාලිලාට දෙන දඬුවම ගැන කතා නොකර කුඩුකාරයන් ගැන කතාකිරීම එක ප්‍රෙහෙලිකාවක්. ඇතැම් විට කුඩු කාරයන් යන්නෙන් සියලු දෙනා ඇඟෙවුවද දන්නෙත් නෑ. අනෙක ස්ත්‍රී දූෂකයන් ගැන කතා කරනකොටනම් ඔය දූෂණය මනින්නට යන ක්‍රමවේදය ගැන බරපතල ගැටළු තියෙනවා. ඒ වගේම බොරු චෝදනා එල්ල වීමේ අවධානම ත් ලිංගික කරුණු සම්බන්ධයෙන් කෙනෙකුට කෙනෙක් අවංක නොවීමත් කියන සිද්ධි එක්ක බලනකොට ස්ත්‍රී දූෂණ ඔප්පු කරන එක ලේසි පහසු කටයුත්තක් වෙයි කියලනම් කොහොමත් හිතන්නට බෑ.
                              
   දිවයිනට විතරක් නොව ලංකාවේ බොහෝ පත්තර වලට මරන දඬුවම් උමතුවක් කලක සිට ඇත. මොවුන්ට මරන දඬුවම් උමතුව තිබුණත් එයින් පමණක් ප්‍රශ්න විසඳන්නේ කෙසේදැයි ඔවුන් විග්‍රහ කරන්නේත් නැති බව පැහැදිලියි. සේරටම වඩා භයානක දේ මේ ජඩ මාධ්‍යකරුවන් නීතියේ ඇති අඩුපාඩු නොකියන එක. අපි කවුරුත් දන්නවා සාමන්‍ය වශයෙන් පොලීසියත් නීතියත් දුප්පත් පොහොසත් කම අනුව වෙනස් ආකාරයකට ක්‍රියා කරනව කියලා.ඒ වගේ තත්වයක මරන දඬුවම් දෙන්න ගියොත් සල්ලි කාරයෝ වැරදි කරලා බේරෙයි දුප්පත් අහිංසකයෝ ගස් යයි නැති වැරදි වලටත්. මේව දිවයින වගේ පත්තර කතුවරුන්ට නොතේරෙනව නෙවෙයි. ඔවුන්ට මේ දේවල් තේරුනත් හිතුවක්කාරකමකින් හා උඩඟුකමකින් ඔවුන් කියාසිටින්නේ වැරදි ඇතිව හෝ නැතිව මිනිසුන් එල්ලුම් ගස් යවා මරා දමන ආකාරය දැකීමෙන් බියට පත්ව වෙනත් අය වැරදි නොකරනු ඇත යන කතාවයි.
                              
        මිනිසුන් එල්ලුම්ගස් යවා මරා දමන ආකාරය දැකීමෙන් දිවයින පත්තර භාශාවෙන්ම දිවයිනේ කතෘවරයා කාලකන්ණි සන්තෝශයක් ලබන්නේදැයි අප දන්නේ නැත. එහෙත් මේ කාලකන්ණි කතුවැකිය පුරාවට අඟවා තිබෙන ජඩ මාධ්‍ය ප්‍රතිපත්තිය හා දිවයින කතුවරයාගේ මානසිකත්වය මේ රටේ සුදුවන අපරාධ වලටත් වඩා භයානක බවනම් කිවයුතුයි. එසේ කියන්නේ මේ තුට්ටු දෙකේ පත්තර කාරයා නීතියේ හා පොලීසියේ අඩුපාඩු ගැන කතා නොකර තම හිතුවක්කාර මිනුම් දඬුවට අනුව මරන දඬුවම ක්‍රියාත්මක කළයුතු බවටත් එසේ බැරිනම් සැකකරුවන් වරදකරුවන් බව ඔප්පු නොකර ආයුද බලන්නට යැයි කියා රැගෙනගොස් පොලිස් වෙඩි පහරින් මරා දැමියයුතු බවටත් පාරම්බාන හින්දාය.
                              
   පොලීසිය ජරාවකන බව මේ රටේ කිසිවෙකුටත් අමුත්තක් නොවේ. එලෙසම සල්ලිකාරයන් හමුවේ එක් විදිහකටත් දුප්පතුන් හමුවේ තව විදිහකටත් පොලීසිය ක්‍රියා කරයි. නීතිය ගැන කියන්නට ඇත්තේත් මීට වෙනස් දෙයක් නොවේ. පෙරකදෝරුවන් නඩු කතා කරන්නේ පිනටද? ඔවුන් තමන්ට වැඩි වාසියක් අත්කරදෙන පාර්ශවය වෙනුවෙන් පෙනීසිටීමට වගබලාගන්නේ විත්ති පාර්ශවය ඇත්තෙන්ම වරද කර තිබුණත් කෙසේ හෝ නිදොස් කර නිදහස් කරගැනීමේ අරමුණින්. ඒ වගේම වරදක් නොකර සැක පිට අත්ඩංගුවට ගන්නා පුද්ගලයන්ට බලෙන් වරද පැටවීමට ඇති ඉඩකඩක්ද තිබේ. කිසියම් වරදකට සැකපිට අතඩංගුවට ගත් පුද්ගලයෙකු දුප්පතෙකුනම් ඔහු වෙනුවෙන් පෙරකදෝරුවන් පෙනීහිටීමට ඉදිරිපත් වන්නේ නැත. අනෙක් අතට එවැන්නෙකුට ඇපදීමටවත් ඒ පුද්ගලයාගේ නෑහිතවතුන්ට හැකියාවක් නොතිබෙන්නටද පුලුවන. යම් වරදකට සැකපිට යම් වත්පොහොසත්කමක් ඇත්තෙකු හා දුප්පත් කෙනෙකු සැකපිට අතඩංගුවට පත්වුවොත් පොහොසත් කෙනා ඇත්ත වරදකරුවා වුවත් ඒ බව වසන් කර දුප්පත් කෙනාට වරද පැටවීමේ යම් ප්‍රවනතාවයක්ද මේ අනුව ඇතිවේ. දිවයින පත්තරේ බකපණ්ඩිත කතුවරයාට අප කියන්නේ එල්ලුම්ගස් ගැනයි මරන දඬුවමයි ගැන කතා කරන්න ඉස්සර වෙලා මේ අඩුපාඩු ගැන කතාකරොත්  හොඳයි කියන එක. ඒ ටික කරන්නේ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ සරල භාශාවෙන් නිකම් ගොන් කතා නොකියා හිටපන් කියන එක මිස වෙන මොකක්ද?

10 comments:

  1. දිවයින පුක (පුවත්පත් කතුවරයා යන්න කෙටි කර දැක්වීමකි ) ට මෙහි පැටලිල්ලක් වී ඇත.පුක හිතන්නේ නඩු තීන්දු දීමට සාමාන්‍ය පෙළ සමත් පොලිස් කාරයෙකුට දීම නිවැරදිම ක්‍රමය බවයි.එහෙත් දිවයින පුක අගුලානේ පොලිස්කාරයන්ද ආයුධ පෙන්වීමට ගෙන යා යුතු බව කියයි.දිවයින පුකට අනුව අගුලානේ ඕ අයි සී ද නඩු තීන්දු දීමට සමතෙකි.ඔහු දුන් තීන්දුවක් අනුවයි අර තරුණයන් දෙදෙනා මරා දමා ඇත්තේ.එහෙත් වැඩේ වැරදුනි.රටේ අනෙක් මාධ්‍ය දිවයින පුක වැනි බෝතල් පත්තර නොවේ.ඔවුන්ට පොඩ්ඩක් හරි සංයමයක් ඇත.ඔවුන් හෙළිදරවු නොකළානම් අගුලානේ තරුණාය්න්ද පාතාලයන් හෝ කුඩුකාරයන් ගොඩට වැටේ.දිවයින පුකට අනුව වාහනයක යන කෙනෙකු ට්‍රැෆිc පොලිස්කාරයෙක් එක්ක රන්ඩු වීමත් මරණ දඩුවම ලැබීමට හේතුවකි.බැබිලෝනියාවේ හමුරාබිද දිවයින පුකට වඩා ඉදිරියෙනි.පොලිස්කාරයෙකුට හිතෙන හිතෙන අය මැරීමට ඉඩ දීමට දිවයින පුක යෝජනා කරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පුවත්පත් කතුවරයාට කියන කෙටි යෙදුම හඳුන්වල දුන්නට. දිවයින කතුවරයා ගැන හඳුන්වන්න මේ යෙදීම යස අපූරුයි.

      Delete
  2. පකින් ඇත්ත කතාව අපිට සීයට සීයක් ඔබ සමග එකගයි...

    මාධ්‍ය විසින් ලංකාව විනාශ කරමින් සිටින කාලයක මෙවැනි දේ ඉදිරියේ අප විරුද්ධ ව නැගී සිටිය යුතු බව අපගේ ද අදහසයි. මොවුන්ගේ පත්තර ටික විකුණා ගැනීමට සහ චැනල් ටික පෙන්නා ගැනීමට මාධ්‍ය කරුවන් නොකරනා දෙයක් නැත. මේ මරණ දඩුවම නැවත ගෙන ඒමට අර අදින කට්ටිය අතර මාධ්‍ය ඉදිරියෙන් ම සිටී. ඒ වගේ ම මිනී මැරුම්, මැරකම්, පාතාල කතා මොවුන් රස කරමින් පත්තර පිටු පුරවමින් ලියා තම පත්තර විකුනා ගනියි. එයින් සමාජයට වන හානිය තඹ සතයකටවත් මායිම් නොකරයි. දැන් දැන් සිදුවන මිනීමැරුම් වලදී ප්‍රවෘත්ති අතර තුර මිනී පෙන්නීමට තරම් මාධ්‍ය ජඩ තත්වයකට පත්ව ඇත. සමාජය තුළ ප්‍රචණ්ඩත්වය වපුරමින් මොවුන් කරන්නා වූ සමාජ විරෝධී ක්‍රියාවන් හෙළා දැකිය යුතුය.

    නමුත් මෙමගින් රට හෝ ආණ්ඩුව ඉතා බව නොකියවෙන බව ද කරුණාවෙන් සලකන්න. රටක් මේ තත්වයට පහත වැටීමට පළමුවෙන් ම වගකිවයුතු වන්නේ රටක ආණ්ඩුවයි. මෙවැනි තත්වයන් වලක්වාගැනීමට ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බැලුවහොත් එය මනාවට වැටහී යනු ඇත. මෙම මානසිකත්වය තමයි මහමග බයිසිකලයක ගිය කොල්ලෙක් නවතා පපුවට වෙඩි තබා මරා දැමීම තැනට රට තල්ලු කරන්නේ..................

    ReplyDelete
  3. චන්ද්‍රිකා යුගයේ එල්ලුම් ගහ බලාත්මක කරන ලදී.ඊට හේතුව ප්‍රසිද්ධ පුද්ගලයෙකු පාතාලයෙන් මරා දැමීමයි.පාතාලය මේ මට්ටමට එන්නේ දේශපාලනය විසින් පමනක් නොව සෙසු සමාජය විසින්ද පාතාලය පෝෂනය කරන බැවිනි.මේ කාලයේ දිවයින පුකේ හැම පිටුවකම එල්ලුම් ගහ ගැන ඒක පාක්ෂික ලිපි පළ විය.සාමාන්‍යයෙන් වෙනස් මතයකට ඉඩ දීම බොරුවට හෝ අනෙක් මාධ්‍ය වලින් කෙරේ.දිවයින පුකට ඒ සදාචාරයද නැත.
    දිවයිනේ කතුවැකි ලියන්නා මානසික රෝගියෙකි.ඔහු බස හසුරුවන දෙස බලන ඕනම කෙනෙකුට එය පැහැදිලි වේ.පුකයා ආනමඩු පාසල් ගුරුවරියක දනගැස්වීමට යෝජනා කළේද මරණ දඩුවමය.මේ පිස්සා කවුදැයි අසමින් පැරකුම්ගේ අඩවියේ කොමෙන්ට් රැසක් පළවිය.දියවින පිස්සු පුකයාට අනුව පාසල් ගුරුවරුන් විසින් කරන ළමා හිංසනය සාධාරණය.එහෙත් ගුරුවරයෙකු ළමයෙකුට ගැහුවත් පිස්සු පුක ගෙ න්‍යායට අනුව දිය යුත්තේ මරණ දඩුවමයි.දිවයින පිස්සු පුක විසින් අත පය කඩන්නට ,මෝචරියට යවන්නට ,පෙති ගහන්නට යෝජනා නොකරන දවසක් නැත.මේ පිස්සා ඉතාම පහත් පවුල් පසුබිමකින් එන්නෙක් විය හැක.මාලු මුඩුක්කුවක සක්කිලියෙක් විය හැක.සාමාන්‍ය පෙළ සමත්ව ලියන්නෙක් වී ඇත. උගෙ ජරා ජාන මතුවෙන්නේ කතුවැකියේය.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වගේ දේවල් නිසාම තමයි ඇනෝ මමත් යෝජනා කරන්නේ අන්තර්ජාලය හරහා සන්නිවේදනය පුළුල් කළයුතුයි කියන එක. එතකොට අපට ඕනෑම දෙයක් ගැන හොඳ සාර්ථක විචාරයන් කරන්න පුලුවන්. මෙතනත් පුවත්පතේ හිතුවක්කාර කතුවැකිය විවේචනය කරන්න අන්තර්ජාලය තුලින් හැකියාව ලැබුණා මේ විවේචනය මේ රටේ ටික දෙනෙක් හරි ග්‍රහනය කරගත්තනම් ඒක ලොකු දෙයක්. ලිපිය ලිවීම ගැන නැවතත් බ්ලොග් කතුතුමාට ස්තුතිවන්ත වෙනවා.

      Delete
    2. පත්තර කාරයන්ට එල්ලුම්ගස් පිස්සුව තිබුනට රටේ විචාරයක් ඇති බහුතරයට එල්ලුම් ගස් මානසිකත්වයක් නෑ.

      Delete
  4. දිවයින ගද ගහන පුකට වරක මදුල වී ඇති එල්ලුම් ගහ ගැනද යමක් පවසමි.එල්ලුම් ගහ ගැන මා දැනගත්තේ ප්‍රවීණ මානව හිතවදී මාධ්‍යවේදියෙකු වූ ධර්මසිරි ගමගේ මහතාගේ ලිපි පෙළකිනි.එවකට සිළුමින කතු තුමා එම ලිපි වලට ඉඩක් මෙන්ම ප්‍රමුඛත්වයක්ද දුන්නේය.දිවයින පුක කියන්නේ එල්ලුම් ගහ යනු ටොයිස් වැඩක් බවයි.එහෙත් මරණ දඩුවම දෙන ආකාර වලින් ම්ලේච්ඡම ක්‍රමය එල්ලුම් ගහය.දැනට මාසයකට පෙර මව්බිමට පුවත්පත් සාකච්ඡාවක් දුන් හිටපු බන්ධනාගාර නිළධාරියෙක් පැවසුවේ සිරකරු එල්ලීමෙන් පසු කිසිදා අලුගෝසුවා පිටතට නොයන බවයි.පැයක් දෙකක් කඹයේ එල්ලී දගලන සිරකරු දෙස බලා සිටින්නට බැරි නිසා කඹය දිගේ පහලට බැස කකුල් දෙකෙන් බෙල්ල සිරකරන බව ඔහු පැවසීය.පැයක් දෙකක් විදවා මිනිහෙක් මරණ තිරිසන් ක්‍රමයකි මෙය.
    එසේම එල්ලීමට පෙර මහා අධිරංගනයක් කෙරේ.සිරකරු විශේෂ කුටියකට දමා මරන බව නිතර සිහිකරවමින් බර මනිමින් දිග මනිමින් කරන ක්‍රියාවන් ලියන අප්පුලාට රහ කර කර ලියන්නටත් පරපීඩක කාමුකත්වය උපරිමයට නැංවෙන ලෙසත් සැකසී ඇත.එල්ලුම් ගහට ගෙන යාමට පෙර සිරකරු බාගෙට මරන බව ලංකාදීපයේ සම්මුඛ සාකච්ඡාවකදී මම කියෙව්වෙමි.
    ලංකාදීපයේ මෙම සම්මුඛ සාකච්ඡා පැවැත්වූ මාධ්‍යවේදිනියද මෙවැනි සම්මුඛ සාකච්ඡාවලට අමුතු ලැදියාවක් දක්වන්නියක් බව පෙනී ගොස් ඇත.ඇය මරන හැටි රහ කර කර කීප වතාවක්ම විවිධ ලිපි ලියා ඇති බැවිනි.
    මේ කිසිවක් නොව පරපීඩක කාමුකත්වයයි.
    දිවයින ගදගහන පුකයා ගැන ලිපියක් ලිවීම ගැන පකිස්ට තුති පුදමි.

    ReplyDelete
  5. දිවයින පිස්සු පුක ගැන ලියන විට මෙයට අදාල නැතත් මට හමුවූ වෙනත් සංවේදී පුවතක්ද පළකරන්නට සිතුවෙමි.මේ 1971 කැරැල්ල කාලයේ කැරළිකරුවන්ගේ අපරාධයකි.මනුස්සකම ගැන අදෝනා තබන පන්ඩිත කතා කියන මොවුන් මේ ලිපියේ හදුන්වා ඇත්තේද පන ඇති දෙවිවරු කියාය.මේ පරපීඩා කාමුකයන් කර ඇති අපරාධයක් බලන්න.පැපොල රෝගියෙක් ලවා වලක් කප්පවාගෙන උදුලු බන්දකින් ගසා ඌ මරා බල්ලෙකු සේ වලලා ඇත.වරද ජේවීපී අණදෙන්නාගේ කසිප්පු පොලීසියට අලලා දීමයි.සෝමේ නම්වූ ජේවීපී කරු ජේවීපී කරන්නට පෙර කසිප්පු වුකුනා ඇත.
    "භීෂන සමයේ ජවිපෙ පැපොල රෝගියෙක් ලෙඩ ඇදෙන් ඇදගෙන ගොස් මැරූ හැටි.ජවිපෙ ම්ලේච්ඡත්වය අමතක කර පොලිස් හමුදා ම්ලේච්ඡත්වය ගැන කතා නොකළ යුතුය.

    http://www.pathula.com/index.php/archives/1381

    ජයතිලක එක් උදෑසනක ප‍්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත‍්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප‍්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම."

    ReplyDelete
  6. ප්‍රචන්ඩත්වය ගැන පර්යේශන පවත්වන්නට හේතුවුනේ දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මනියේ නාසීන් කළ අපරාධය.මේවා කර ඇත්තේ දිවයින වැනි පත්තරවලට හැමදාම එන කසිකබලුන් නොව කීර්තිමත් විශේෂඥයන්ය.එදිවයිනට හැමදාම එන්නෙ දෙන්නෙක් හෝ තුන්දෙනෙකි.පුකට රස්සාව අරන් දුන් නාට්‍ය ලියූ මහාචාර්යවරයෙකු කාලයක් තිස්සෙ දේවත්වයට නංවා තිබුනි.ඔහු සාමාන්‍ය මිනිහෙක් නොවන බව පුක පුන පුනා කීවේය.
    අයික්මාන්,ජෝෂප් මෙන්ගෙල් වැනි අපරාධකරුවන් ,ප්‍රචන්ඩත්වය වරක මදුල වූ දිවයින පුක වැන්නන් ,පැපොල රෝගියෙකුට උදැල්ලෙන් ගහල මරන අය බිහිවන්නේ මන්ද කියා විද්‍යාත්මක පර්යේශනයක් කළ යුතුය.බටහිර විද්‍යාව බොරු යැයි දිවයින පුක කීමට ඉඩ ඇත.
    මෙය මාද සුළුවෙන් හෝ සම්බන්ධ වූ දත්ත රැස්කිරීමක තොරතුරකි.මෙහි දත්ත රැස්කල මගෙ මිතුරකු කීවේ අපරාධ හා ජාන අතර සම්බන්ධයක් ඇති බවයි.ඔහුගේ පර්යේශනයට බදුන් වුනේ ඔහුගේම පවුලයි.ඔහුගේ මහගෙදරට කියන්නෙ මරුගෙදර කියාලු.ඔහුගෙ මුත්තකු මිනී දෙකක් මරා එල්ලුම් ගහට නියම විය.ඔහුගේ පුත්‍රයා එම පුත්‍රයාගේ පුත්‍රයා අතින් මැරුම් කෑවේය (ඔහුගේ බිරිද දූෂනයට යාමේදී ) .මෙවැනි අපරාධ ගනනාවකට එම පවුලේ සාමාජිකයන් සමබන්ධ වී ඇත.
    මහත් ආන්දෝලනයට තුඩු දුන් පවුලක් එහෙම පිටින්ම ඝාතන සිද්ධියක සැකකරුවන් වුනේද මෙම පවුලේ සාමාජිකයන්ය.
    මෙම දත්ත දැකීමෙන් මම විමතියට පත්වීමි.ඇත්තෙන්ම සමාජ විද්‍යාත්මක කරුණු වලට වඩා අපරාධ හා ජාන අතර පුදුමාකාර සම්බන්ධයක් ඇත.
    වෙරලබඩ තීරයේ ඇතැම් ගම්වල මිනිසුන් අපරාධවලට නැබුරුවක් දක්වති.
    ප්‍රකට අපරාධකරුවන්ගේ විස්තර දෙස බලන විට ඔවුන් විවිධ සමාජ කුලකයන්ට අයත් බව පෙනී ගොස් ඇත.මේ අය මෙරටට ගෙන ආවේ ආරක්ෂක කර්තව්‍යයන් සදහා ඉන්දියාවේ ප්‍රචන්ඩ ගෝත්‍රයන්ගෙනි.මේ අය අප සමාජයට ස්වීකරනය වී ඇත.විවිධ හේතු නිසා මේ ගැණ කතා කරන්නට බොහෝ දෙනා මැලි වෙති.මමද මේ කරුණු කොමෙන්ට් එකක් ලෙස දමන්නට කිහිපවරක්ම උත්සාහ කළත් මෙහි ඇති නුසුදුසුකම නිසා නොදා සිටියෙමි.එහෙත් පකිස් ගේ ලිපිය කියවනවිට මට නොදැනීම එය සිදුවිය.
    අපරාධකරුවනෙගි පෙළපත් නාම දෙස බලන මෙන් කියනවාම නොවේ.එහෙත් ඇතැම් ප්‍රදේශ වල ජනයා සාමකාමී බවත් සමහර පළාත් වල යන විට වාහන වල වේග සීමා පවා අඩුකරගන්නා බවත් ඔබ අසා ඇත.(මේව එම පළාත්වාසීන්ගේ වීරත්වයන් හෝ ලේ රත්වෙන සුලු බව හෝ අයුක්තිය නො ඉවසන බව ආදී බයිලා කියවේ )
    මේ ගැන කවුරු හෝ සංවාදෙකට ආවොත් තව තව දේ කියමි.

    ReplyDelete
  7. අගේ ඇති ලිපියක් කියෙවුවා කියලා මටත් හිතෙනවා පකිස්.

    ReplyDelete