Pages

Thursday, June 19, 2014

දේශපාලකයෙකුගේ රසකතාවක්


ඔන්න මේකතාව අපේ රටේ දේශපාලකයෙකුට වෙච්චි වැඩක් ගැන. කවුරු කවුරුත් දන්නවනේ ඉතින් අපේ දේශපාලනේ හැටි. දේශපාලකයෝ ඉතින් තමන්ගේ දේශපාලන චරිතේ පුම්බගන්න පුලුවන් හැම උත්සහයක්ම ගන්නවනේ. මේ අයට සාමාන්‍ය වශයෙන් මළ ගෙවල්, මගුල් ගෙවල්, පිරිත් ගෙවල් ඕන එකක් ඔට්ටුයි. එහෙම තැන් වලට ටිකක් හොට දාලා තමන්ගේ ප්‍රදේශයේ චන්ද දායකයෙක්නම් මනුස්සයා ගැන වර්ණනා කරලා පොඩි කතාවක් එහෙම කරලා යන්න මේ අය හරි දක්ෂයි.
                                      ඉතින් මේ සිද්දියත් ඒ වගේම එකක් ඕං. දවසක් එකතරා දේශපාලකයෙක් තමන්ගේ චන්ද බල ප්‍රදේශයේ පොඩි සංචාරයක් දානා ගියාලු. ඒ යන අතරමගදී එක්තරා නිවසක මරනයක් සිදුවෙලා තියෙන බවක් මේ මනුස්සයා දැක්කා. ඒ වෙනකොට අහල පහල අයයි මැරුන කෙනාගේ නෑ හිතමිතුරු කට්ටියයි සෑහෙන පිරිසක් මළ ගෙදරට එක් රැස්වෙලා තමයි හිටියේ. ඔන්න ඉතින් අර දේශපාලකතුමාත් මේ අවස්ථාවෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න කියලා හිතාගෙන මළගෙදරට රිංගුවා මිනිහගේ ගෝලබාලයොත් එක්ක. ඔන්න ඉතින් මිනිහා ගෙදර අයට පුලුවන් හැටියට උදවු පදවු ටිකක් කරලා යන්න ඉස්සර වෙලා රැස්ව හිටපු පිරිස අමතලා වචන ස්වල්පයක් කතා කරන්න හිතුවා.
                                         ඔන්න මනුස්සයා ඉතින් පුරුදු විදිහට කතාව පටන්ගෙන මියගිය කෙනාගේ ඥාතීන්ට තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරලා එහෙම ගුණ කථනය පටන්ගත්තා. ඒ වෙනකොට අපේ දේශපාලකතුමාට එහෙන් මෙහෙන් කනට වැටිල තිබුණේ මැරිච්ච කෙනා දොස්තර කෙනෙක් කියලා. ඉතින් ඒ අනුව තමන්ගේ ගුණකථනය මෙයා ඉදිරියට කරගෙන ගියා. එහෙම කරගෙන යද්දී වැඩි ලකුණු දාගන්න බොරුවට කිවුවලු අනේ අපේ තාත්තත් ලෙඩවෙලා හිටපු දවසක මේ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් අරන් තමයි සුව උනේ කියලා. මේක අහගෙන හිටපු මළ ගෙදර මිනිස්සුන්ට ශෝකය ටිකකට අමතක වෙලා හිනා පහල උනාලු. හැමෝම මූනෙන් මූන බලාගෙන සිනාසෙන ගමන් අර මනුස්සයගේ කතාව අහගෙන හිටියා. බැලින්නම් සිද්ධිය මේකයි, මැරිලා තියෙන්නේ දොස්තර කෙනෙක් උනාට එයා පශුවෛද්‍යවරයෙක්ලු. ඉතින් අර දේශපාලකතුමාගේ මොළේ තරම ගැන රැස්වෙලා උන්නු කාට කාටත් හොඳ වැටහීමක් එදා ලැබිල තියෙනවා. 

6 comments:

  1. එයා කියල තියෙන්නෙ ඇත්තනෙ.. උන් යන්නෙ පශූ වෙදුන් ලඟට තමයි.. ඒකනෙ අපේ උන්ට මරාගන්න දීල තියෙන්නෙ.

    ReplyDelete
  2. දේශපාලුවෝ ගොඩක් එවුන්ට හැදෙන ලෙඩ වලට වෙදකම් කරන්න හරියන්නේ පශු වෛද්‍යලා තමයි.

    ReplyDelete
  3. එලස්............................ හැමදාම මෙන් අපිව හිනස්සනවා ඔබ............

    ReplyDelete
  4. ලංකාවේ දේශපාලනය මේ වගේ මෝඩයන්ටම ගිහිල්ල ඉවරයි බං

    ReplyDelete