Pages

Wednesday, February 18, 2015

ඩිෆරන්සලයක ක්‍රියාකාරිත්වය


                                        

\

වාහන ගැන උනදුවක් දක්වන කාටත් වැදගත් තාක්ෂණික තොරතුරක්. ඇක්සල් මගින් පසුපස රෝද වලට බලය සම්ප්‍රේශනය කරන වාහන වලට ඩිෆරන්සල් ක්‍රියාවලියක් අවශ්‍ය ඇයි. මේ වීඩියෝ එකෙන් එය පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් වෙයි.

Thursday, February 12, 2015

බිංදුවෙන් පළුවයි කැටපෝල කරුවයි


ඔන්න කාලෙකට පස්සෙ කතාවක් මතක් උනා. මේක මාර්ග නීති කඩ කරපු රියදුරෙක් ගැන පුංචි කතාවක්. ඉතින් මේ මනුස්සයා තමන්ගේ මෝටර් රථය පදවාගෙන යන වෙලාවක පාරේ තිබිලා තියෙනවා නවතින්න කියලා පණිවිඩයක් දෙන සඥ්ඥා පුවරුවක්. ඒක තිබිලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් "STOP" කියන වචනේ බෝඩ් ලෑල්ලක ගහලා. වැඩේ ඉතින් මිනිහට මේකේ ගානක් නැතුව ඔහේ යන්න ගියාලු නවත්තන්නෙම නැතුව. ඊට පස්සේ වෙලා තියෙන්නේ පොලීසියෙන් ලියලා මනුස්සයට උසාවි යන්න උන එකයි ඔන්න. දැන් නඩු කාරය ඇහුවලු අර මනුස්සයගෙන් පාරේ යද්දී අර "STOP" කියන බෝඩ් ලෑල්ල දැක්කේ නැද්ද කියලා. දැන් මිනිහ කල්පනා කළාලු මේකෙන් ගැලවෙන්න මොකද්ද කරන්නේ කියලා. ඔන්න එතකොටම ගණදෙවි නුවන පහල වෙච්ච මනුස්සය එක පාරට කිවුවලු ඔවු බෝඩ් ලෑල්ල දැක්කා කිඅයලා. එහෙනම් නැවැත්තුවේ නැත්තේ ඇයි කියලා දැන් නඩු කාරය ආපහු අහනවලු. අර මනුස්සය ඒකට දුන්න උත්තරේ තමයි තමන්ට මේකේ ලියලා තියෙන එක නොතේරෙන වග.ඒ කියන්නේ ඉංග්‍රීසි බෑ කියලා. නඩු කාරයා මේ මනුස්සය කියන්නේ ඇත්තද බොරුද කියලා පරික්ෂා කරන්න හිතාගෙන මිනිහගෙන් ඇහුවලු තමන්ගේ කාර් එකේ නම්බර් එක කියවන්න පුළුවන්ද කියලා. ඒකේ ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙන නිසා. දැන් අර මනුස්සය ඒකට උත්තරේ දුන්නේ "බිංදුවෙන් පළුවයි කැටපෝල කරුවයි ඉරක් අහවල් අංකය" කියලා බැලින්නම් වාහනේ නම්බර් ඒකේ මුල් අකුරු දෙක "CY". බිංදුවෙන් පළුව "C ". කැටපෝල කරුව " Y ". කොහොමද මොළේ?

Friday, January 23, 2015

හිම කඩන කෝච්චිය


අධික ලෙස හිම පථනය වන රටවල හිමෙන් වැසුනු දුම් රිය මාර්ග වල හිම කඩලා සුද්ද කරන්න යොදන උපක්‍රමයක් මේ.

Friday, January 9, 2015

යහපාලනය සැබෑවක්ම වේවා





පසිගිය පෝස්ට් එකෙන් අපි පොදු අපේක්ෂකයාට පැනනගින සාධාරන ප්‍රශ්න පෙලක් ඉදිරිපත් කළා. දැන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගෙන ඇති මේ මොහොතේ එම ප්‍රශ්න වලට සාර්ථකව විසඳුම් සොයාගනිමින් රට සුරක්ෂිත කර අවංකව හා එඩිතරව යහපාලනය ක්‍රියාවට නැගීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

Sunday, December 28, 2014

පොදු අපේක්ෂකයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැනනගින ගැටළු ටිකක් !


ඔන්න තවත් ජනාධිපතිවරණයක් අත ලඟය. දැන් ඉතින් චන්ද අපේක්ෂකයන්ගෙයි සහය දෙන පාර්ශව වලයි ගාම්භීර කතා මඩ ප්‍රහාර විවේචචන වලින් මාධ්‍ය පිරී ඇත. මෙදා සැරේ මේ ජනාධිපතිවරනයටනම් පොඩි විශේෂත්වයකුත් තියෙනවා. විශේෂ කාරනා එකක් නෙවෙයි කීපයක්ම තිබුණත් විශේෂිතම සිද්ධිය තමයි මේ ජනාධිපතිවරනයට මහින්ද රාජපක්ෂ මහත්තය තරඟ කරන්නේ තුන්වන වතාවට වීම. මීට කලින් මෙහෙම දෙයක් වෙලා නෑ. මේකේ තියෙන සාධාරන බව නීත්‍යානුකූල මව සදාචාරාත්මක බව ගැන මැතිවරනය නිල වශයෙන් ප්‍රකාශ කරන්න කලින් ඉඳලා එක එක කතා තිබුනා. මේක වැඩිපුරම විවේචනය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් විධායක් ජනාධිපති ක්‍රමයට තදින්ම විරුද්ධ වීමත් ඊට හේතු වෙන්න ඇති. ජනාධිපතිවරනය ගැන කතා එළිබැහැපු මුල් කාලෙනම් මහින්ද මහත්තයාගේ ප්‍රචාරය විතරයි කැපිල පේඅන්න තිබුණේ. ඇයි ඉතින් විරුද්ධ පාර්ශවයේ අපේක්ෂකය කවුද කියලවත් දැනගෙන හිටපු එකක්යෑ.
                              ඔන්න ඒ කාලේ එක එක කටකතා ගියා ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව චන්ද සටනට එන අපේක්ෂකය කවුද කියලා. කටකතා ගිය එක නමක්වත් නෙවෙයි අන්තිමට කියවුනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම. දැන් එතුමා මේ ජනාධිපතිවරනයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධාන විරුද්ධවාදියා වන පොදු අපේක්ෂකයායි. පොදු අපේක්ෂක තුමාගේ චන්ද වැඩපිළිවෙල පටන්ගත්තට පස්සේ දැන් එතුමාගේ ප්‍රචාරක කටයුතු මාධ්‍ය පුරාවට යනවා. පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන සටන් පාඨය හා තේමාව වෙන්නේ ඒකාධිපති පාලනයයි ව්ංචා දූෂණයි වලක්වන මෛත්‍රී පාලනයක් කියන එක. බැලූ බැල්මට කිසි වරදකුත් නෑ. ඒත් එතුමා වටා එක් රොක් වී සිටින අනෙකුත් දේශපාලන කණ්ඩායම් ඇතුලු විවිධ පාර්ශව සමග එක්ව කටයුතු කිරීමේදී එතුමාට කටයුතු කරන්නට වෙන්නේ කොහොමද කියන එකයි අනුග්මනය කරන්න වෙන ප්‍රතිපත්ති ගැනයි නම් ප්‍රශ්න ටිකක් මතුවෙනවා. එලෙස මතුවන ගැටළු ටිකක් මෙසේ ඉදිරිපත් කරන්න පුළුවන්.

1) දින 100ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කෙසේද? ඒ සඳහා කෙරෙන සංශෝධන මොනවාද? ඊට පාර්ලිමෙන්තු අනුමැතිය ගන්නේ කෙසේද?

2) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇත්ත වශයෙන්ම මෙරට බහුතර ජනතාවකට අවශ්‍යද කියා පොදු අපේක්ෂකයා සොයා බලා ඇත්ද? ඇත්තෙන්ම මේ රටේ වැඩි දෙනෙකුට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යද?

3)විධායක ජනාධිපති සතු බලතල වලින් කොපමණ පාර්ලිමෙන්තුවට හා අගමැතිට පවරාගන්නේද?

4)පොදු අපේක්ෂකයා ජනාධිපති වී පත්කරන අගමැතිවරයාට ජනාධිපතිවරයාටත් වඩා බලතල පවරනවාද?

5)විධායක බලතල අහෝසි කිරීම හෝ අඩු කිරීමෙන් පසු පොදු අපේක්ෂකයා තවදුරටත් එම තනතුරේ රැඳී සිටිනවාද?

6)එසේ රැඳී සිටියොත් අගමැතිවරයාට වැඩි බලතල දී ඔහු යටතේ සිටීමට පොදු අපේක්ෂකයා කැමතිද? ජනාධිපති සතුව අගමැතිට වඩා යම් මට්ටමකට බලතල තබාගතහොත් ඔහු යටතේ සිටීමට  පොදු අපේක්ෂකයා විසින් පත්කරන අගමැති කැමති වෙයිද?

7)විධායක ජනාධිපති සතුව පලාත්සභා විසිරුවීමේ බලය ඇතුළුව පාලන බලතල තිබෙන බැවින් එම බලතල පොදු අපේක්ෂකයා ජයගත් පසු ඒ ආකාරයෙන් තබාගන්නවාද? නැත්නම් පැවරීමක් හෝ අහෝසි කිරීමක් කරනවාද?

8)පලාත්සභා විසිරුවීම ඇතුලු පාලන බලතල අහෝසි කරන්නේනම් පලාත්සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ අරිනවාද? නැත්නම් පලාත් සභා පාලන බලතල පාර්ලිමෙන්තුවට හෝ අගමැති වෙත පවරනවාද?

9)දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසයට වැඩි බරක් තිබෙන උතුර නැගෙනහිර පලාත් සභා වල බෙදුම්වාදී අරගලකාරී තත්වයක් ඇතිවී අන්තවාදී කණ්ඩායම් ස්වයංපාලන අයිතීන් ඉල්ලා සිටිමින් වෙන් වීමට තැත් කළහොත් ඊට ඉඩ දී සිටිනවාද? නැත්නම් එම තත්වය පාලනය කරනවාද? පාලනය කරන්නේනම් ඒ කෙසේද?

10)පොදු අපේක්ෂකයා වටා එක් වී සිටින විවිධ වූ දේශපාලන කණ්ඩායම් හා සහය කණ්ඩායම් ඇතුළු ඔවුන්ට සහය දෙන කණ්ඩායම් සමග මෛත්‍රිපාල මහතා ඇතිකරගෙන තිබෙන පොදු එකඟතාවයන් මොනවාද? පොදු අපේක්ෂකයාට මේ සියළු දෙනාගේ ප්‍රතිපත්ති සමග එකට ක්‍රියාකළ හැකිද?

11)පොදු අපේක්ෂකයා සමග සිටින දෙමළ සන්ධානය හෙළ උරුමය වැනි කණ්ඩායම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත වල සිටිති. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග සමාජවාදී කොටස් වල ප්‍රතිපත්ති නොගැලපෙයි. මෛත්‍රීපාල මහතාට සහය දෙන ජාත්‍යන්තර සංවිධාන සමග ඒ මහතාගේ කණ්ඩායමේ ජාතික මතධාරීන්ගේ මතවාද ගැටෙයි. මෙවැනි පරස්පරතා සමග නිරවුල් දේශපාලන ගමනක් යන්නේ කෙසේද?

12)මේ වනවිට පොදු අපේක්ෂකයාට විදේශ තානාපතිවරුන් ජාත්‍යන්තරය හා රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් ඔවුන්ගේ උවමනා එපාකම් ඉටුකිරීමට කවර හෝ මට්ටමක බලපෑමක් කර තිබෙනවාද? එසේ කර නැද්ද?

13)පොදු අපේක්ෂකයා ජයගත් පසු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ජාත්‍යන්තරයෙන් එල්ලවන යුධ අපරාධ චෝදනා හමුවේ ක්‍රියා කරන්නේ කෙසේද?

14)පොදු අපේක්ෂකයා උතුරේ දෙමළ සංධානය අනුගමනය කරන ඊලාම් වාදයත් නැගෙනහිර මුස්ලිම් කොංග්‍රසය අනුගමනය කරන බෙදුම්වාදයත් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද? ඔවුන්ට එලෙස ඉදිරියට ක්‍රියාකරමින් බෙදුම්වාදය ඉදිරියට ගෙනයෑමට ඉඩ දෙනවාද? නැත්නම් බෙදුම්වාදයන් දේශපාලනිකව ප්‍රතික්ෂේප කරනවාද?

15)උතුරේ මේ වන විටත් දෙමළ ජනයාට තිබෙන්නේ යැයි දෙමළ සන්ධානය ඇතුළු බෙදුම්වාදීන් කියන ප්‍රශ්නවලට විසඳුම් ලෙස කවර හෝ දේශපාලන විසඳුමක් ඔවුන් වෙත ලබාදෙනවාද? එසේ නොකරනවාද? ලබාදෙන්නේනම් ඒ කවරාකාර විසඳුමක්ද?

16)රටේ සිංහල බෞද්ධ ජාතික චින්තන කණ්ඩායම් සමග පොදු අපේක්ෂකයා කටයුතු කරන්නේ කෙසේද?

17)ඊලාම්වාදී බෙදුම්වාදයත් මුස්ලිම් කොන්ග්‍රසය අනුගමනය කරන ස්වයං පාලන බෙදුම්වාදයත් ගැන පොදු අපේක්ෂකයා දරන මතය කුමක්ද?

18) මේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් ඉදිරියට කරන්නේ කුමක්ද? විපක්ෂ නායකත්වය ගැනීමට කටයුතු කරනවාද? දේශපාලනයෙන් සමුගන්නවාද? නැත්නම් වෙනත් දේශපාලන ක්‍රියාමාර්ගයක් ගන්නවාද?

මේ ප්‍රශ්න මාලාවේ නොකියවුනු තවත් බොහෝ ප්‍රශ්න තවත් බොහෝ දෙනෙකුට තිබිය හැක. මෙලෙස ඉදිරිපත් කළේ පොදුවේ කාට කාටත් පැන නැගියහැකි ගැටළු කිහිපයකි. මෙය කිසිවෙකුට පක්ෂග්‍රාහීව ඉදිරිපත් කරන දෙයක්ද නොවන බව අවධාරනය කරමි.

Sunday, December 21, 2014

බමියුඩා ත්‍රිකෝණය ගැන මෙහෙයවූ ත්‍රාසජනක පරීක්ෂණ මාලාවක්


බමියුඩා ත්‍රිකෝණය ගැන අහල නැති කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති. මේ බමියුඩා ත්‍රිකෝණය ලොව අභිරහස් වලින් ගහන ප්‍රදේශයක්.උතුරු ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ මියාමි ප්‍රදේශයත් දකුණු ඇමරිකා මහද්වීපයට ඉහල පූටෝ රිකෝ දූපතත් බමියුඩා දූපතත් යාවන ත්‍රිකෝණාකාර ප්‍රදේශය මීට අයත් වේ. මේ ප්‍රදේශය හරහා ගමන්ගත් නැවු හා ගුවන්යානා වල අනපේක්ෂිත අතුරුදන් වීම් ලොවම මවිත කරවන්නක් විය. මේ වීඩියො එකෙන් දැක්වෙන්නේ එම ප්‍රදේශය ගැන කළ ත්‍රාසජනක පරීක්ෂණ මාලාවක් සහ ඒ ඇසුරෙන් සොයාගත් වැදගත් තොරතුරු ටිකකි.

Thursday, December 11, 2014

අන්තර්ජාලයේ සිංහල භාවිතා කරන්නන්ට ඔන්න සුභ ආරංචියක්




මේ තොරතුර වැදගත් වෙන්නේ ගොඩක්ම අන්තර්ජාලය තුල සිංහල භාවිතා කරන අයටයි.මේක සිංහල බ්ලොග් ලියන අයටත් ගොඩක් වැදගත් දෙයක් වෙයි. ඒ නිසාම බ්ලොග් එකේ පලකරන්නයි හිතුවේ. මේක ගූගල් භාශා පරිවර්තන සේවයට අළුතෙන් එක් වී ඇති සිංහල භාශා පරිවර්තන සේවාව ගැනයි. ගූගල් භාශා පරිවර්තන වෙබ් ලින්ක් එකට පිවිසෙන ඔබට "Detect Language " යන ටැබ් එකට ගොස් ඒ තුල " Sinhala" යනුවෙන් සිංහල භාශාව සඳහන් වනවා පහසුවෙන් සොයාගන්න පුලුවන්. එය " Click " කළ විට මුලින් ඇති "Text box " එකට "සි" ලෙස පහතින් අකුරක් එක් වේ. එය ලඟින්ම ඇති ඊ හිස ක්ලික් කළ විට සිංහල යතුරු පුවරුව සොයාගන්න පුලුවන්. මේ මගින් අපට පහසුවෙන් සිංහල වචන ටයිප් කර අනෙක් "Text box " එකේ පරිවර්තනය බලාගන්න පුළුවන්. ලින්ක් එක බලන්න.

https://translate.google.lk/